මෑත කාලයේ අප රටේ ප්‍රසිද්ධ භාවිතයේ පැවැති සිංහල යෙදුම් විශේෂයක් වැඩිහිටි පරපුරට මතක ඇතැයි සිතමි. එයින් එක් යෙදුම් විශේෂයක් අයත් වූයේ කොළඹ ප්‍රසිද්ධ වැසිකිළි පද්ධතියටය. තවත් යෙදුම් විශේෂයක් දක්නට ලැබුණේ විදුලිබල පද්ධතියේය. අනික් ඒවා දුම්රිය පද්ධතිය භාවිත කළ යෙදුම් විශේෂයකි. මේවා ‘කක්කුක්සි’ සිංහල, ‘ලයිට් කණු’ සිංහල සහ ‘කෝච්චි’ සිංහල යන නමින් හැඳින්වුව කවර වරද ද?
එකල කොළඹ නගරයේ තැන තැන තනා තිබුණු ප්‍රසිද්ධ ‘වැසිකිළි’ මැද බිත්තියකින් වෙන්කොට, ගැහැනු හා පිරිමි සඳහා අංශ දෙකකට බෙදා තිබිණි. ගැහැනු කොටසට ඇතුළු වන දොරටුව උඩින් ‘ස්ත්‍රීන්ට පමණයි’ යන පුවරුව සවිකොට තිබුණු අතර පිරිමි සඳහා වෙන්කර තිබුණු අංශයට ඇතුළු වන දොරටුව ඉහළින් සවිකොට තිබුණු පුවරුවේ සටහන් වූයේ ‘පුර්ෂයන්ට පමණයි’ යන සිංහල යෙදුමය. ‘පිරිමියා’ යන අර්ථය දෙන ‘පුර්ෂ’ ශබ්දයක් පාලි සංස්කෘත යන මාතෘ භාෂාවන්හි අවිද්‍යමානය. එකී භාෂා ව්‍යවහාරයන්හි දී එම අර්ථය ප්‍රකාශ කිරීම සඳහා භාවිතයට ගැනෙන්නේ ‘පුර්ෂ’ ශබ්දය මිස ‘පුර්ෂ’ යන්න නොවේ. එය සිංහලට බිඳෙන්නේ ‘පුරිස්’ යනුවෙනි. එසේ නම් ‘පුර්ෂ’ යන්නක් කෙසේ පැමිණියේ ද? නිසැකවම මෙම භාවිතය භාෂා අඥයෙකුගේ සාවද්‍ය උපදේශයක ප්‍රතිඵලයක් විය යුතුය. ‘වර්ෂය’, ‘වර්ෂාව’ වැනි සමරූප ශබ්ද සිහියට නැගීම කරණකොට ගෙන මෙම සාවද්‍ය භාවිතය සිදුවිය හැකිය. එහෙත් භාෂාව නොදන්නා අතිපණ්ඩිතයන් අතින් මිස මැනවින් භාෂාව ප්‍රගුණ කළ භාෂා විඥයන්ගෙන් මෙවැන්නක් කිසිසේත් සිදුවිය නොහැකිය. කෙසේ වුවද කොළඹ නගරයෙන් පැරණි ප්‍රසිද්ධ වැසිකිළි පද්ධතිය අහෝසි වී යෑමත් සමගම ‘පුර්ෂයා’ ද අහෝසි වී ගියේය.
එකල විදුලි රැහැන් ඇදීම සඳහා මග දිගේ සිටුවා තිබුණේ අද මෙන් කොන්ක්‍රීට් කණු නොවේ. ඉණිමගක දෙපස ඇති දිග ලී දෙක මෙන් දෙපස දිග ඇලුමීනියම් පීලි කණු දෙකක් සහිත ලයිට් කණු විශේෂයකි.
දෙපස පීලි කණු දෙක එකට සවි වී තිබුණේ ඇලුමීනියම් පීලි පොලු වලිනි. ලයිට් කණුවල මැද හරියට වන්නට ඉනැමල් දැන්වීම් පුවරුවක් සවිකොට තිබුණි. එහි සුදු පාට පසුබිමේ තද රතු පාට ලොකු අකුරින් සටහන් වී තිබුණේ ‘ආන්ත්‍රාවයි’ යන්නය. ‘ආන්ත්‍රාවයි’ යන්න එහි යොදන ලද්දේ ‘අන්තරායකර’ යන අර්ථය හඟවන්නා වූ ‘Danger’ යන ඉංග්‍රීසි යෙදුමේ සිංහල විකල්ප යෙදුම වශයෙනි. එම ඉංග්‍රීසි යෙදුම ද එකම පුවරුවේ වූ බැවිනි. කෙසේ වුවද ‘ආන්ත්‍රාව’ යන්නක් සංස්කෘත පාලි භාෂාවල නැත. සිංහල ජනයා මරණයක් සිදු වූ බව ප්‍රකාශ කිරීම සඳහා ‘ආන්තරා’ වුණා, ‘අන්තරා’ වුණා වැනි යෙදුම් භාවිත කරති. එසේම ‘අන්තරාව’, ‘අනතුර’, ‘අන්තරාදායක’, ‘අනතුරු අඟවනවා’, ‘අතුරු ආන්තරා’ යන යෙදුම් විපතක් හානියක් ඇඟවීමේ දී සිංහලයෝ ව්‍යවහාරයට ගනිති. එහෙත් ‘ආන්ත්‍රාව’ යන්නක් භාවිතයට ගැනීම කෙසේ වෙතත් දක්නට ලැබුණේද විදුලි කණුවල පමණි. ඒ අනුව එම යෙදුමද නිසැක වශයෙන්ම එකල වූ අතිපණ්ඩිතයෙකුගේ උපදෙසකින් උපන් ‘ලයිට් කණු’ සිංහලයක් විය යුතුය.
මෙහිදී වෙසෙසින් මතක් කර දිය යුතු කරුණක් ඇත. ‘විපත්’, ‘හානිය’ යන අරුත් දෙන ‘අන්තරාය’ යන්න ‘අතුරු’ යනුවෙන් සිටී. ඒ අනුව ‘න+අතුරු’ යනු ‘අනතුරු’ වෙයි. එවිට එහි අරුත වන්නේ අන්තරාය ‘රහිත’ බවයි. එහෙත් බහු ජන ව්‍යවහාරය අනුව ‘අනතුරු’ යන්නට දැන් අන්තරාය ‘සහිත’ යන අරුත පිවිස ඇත. ශබ්ද ධර්මය අනුව එය ව්‍යවහාර භාෂාවක අනිවාර්ය ලක්ෂණයකි. කෙසේ වුවද නිවැරැදි, නියම යෙදුම වනාහි ‘අන්තරාය’ යන්න බව දැන ගැනීම මැනවි.
එකල මහ පාර හරහා දුම්රිය පාරක් වැටී ඇති තැනකට නුදුරින් එක්තරා විසල් දැන්වීම් පුවරුවක් දක්නට ලැබුණි. සුදු ලෑල්ල මත කළු අකුරින් දිස්වූයේ මේ සිංහල යෙදුමය. ‘දුම්රිය හරහා පාර’. එය අපබ්‍රංසයක් වන්නේ දුම්රිය හරහා පාරවල් වැටී නැති බැවිනි. දුම්රිය පාරේ තැනින් තැනද තවත් විසල් දැන්වීම් පුවරුවක් ඇස ගැසුණි. එහි ලියා තිබුණේ ‘රේල් පාරේ ඇවිදින අයවලුන්ට දඩ ගසනු ලැබේ’ යන යෙදුමයි. ‘අයවලුන්’ යන්න වියත් සිංහල වහරක් ලෙස නොසැලකෙන්නකි. ඒ එදා කෝච්චි සිංහලයේ හැටිය. එහෙත් එදා වූ ‘කක්කුස්සි’ සිංහලය, ‘ලයිට් කණු’ සිංහලය හා ‘කෝච්චි’ සිංහලය අබිබවන අපබ්‍රංස සිංහලයක් බිහිකිරීමට අද ජන මාධ්‍ය සමත්ව ඇත.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපූරු ලිපිය. බොහොම ස්තුතියි.
අන්තිම වාක්‍යයේ කියා තියෙන 'ජන මාධ්‍ය' වල පමණක් නෙවෙය් ප්‍රධාන පුවත්පත්වල වාර්තාකරුවන්ද අලුතින් හදන 'අපබ්‍රංස සිංහල' හැදීමට බෙහෙවින් දායක වෙනව. කර්තෲ කාරක, කර්ම කාරක නැතහොත් කරණ විභක්තිය හඳුනන බවක් පෙනෙන්න නෑ, 'අධ්‍යාපණය හදාරා' යන යෙදුම නිතර හමුවෙනව. ව්‍යාකරණ විකෘත කිරීමෙන් වාක්‍යවල තේරුමත් ව්‍යාකුලය්.
භාෂාව කන එක නම් අමුඅමුවේ කරන්නේ. එ්කට මොකද මහා ලොකු ජාතික හැඟීම... තමන්ගේ භාෂාවෙන් ඉගෙන ගන්නත් ලැජ්ජයි..
මෙයට වසර හතලිහකට පමන පෙර අපි පාසැල් අධ්‍යාපනය ලබන කාලයේ ගුරුවරුන් අපිට කිව්වේ නිතර පුවත්පත් කියවන ලෙසත් එහි ඇති ආකාරයට ව්‍යාකරණ විධි අනුගමනය කරන ලෙසත්ය.නමුත් මැතකසිට කිසිම පුවත් පතක නිවැරද් ව්‍යාකරණයක් හෝ වාක්‍ය ගැලපීමක් ඇතිබවක් නම් නොපේනේ සිංහලට කුමක් සිදුවේද?
මම අහලා තියෙනවා ගොඩක් සාකච්චා වල අතීත කාලේ වෙච්ච දේවල් කියනකොට ඒවා වර්තමාන කාලෙන් කියන අවස්ථා. එක හරියට විලාසිතාවක් වගේ තමයි ඒ අය පාවිච්චි කරන්නේ
ඔබ තුමාගේ කරුණු දැක්වීමට ගරුකරන මුත් එම කරුණු දැක්වීමට එකඟ වීමට මා හට පුලුවන් කමක් නැත. මා සිංහල භාෂා විශේෂඥයෙකු නොවන නමුත් භාෂාවේ සංවර්ධනය පිළිබඳව සැලකීමේ දී ඒ කුමන හෝ ආකාරයෙන් සිංහල භාෂාවට එක්වන ලද වචන හේතුවෙන් ව්‍යාවහාරය පහසු වී ඇති අතර එම වදන් වලින් ඇඟවීමට උත්සහ කරන දෙය අන් අයට අවබෝද වීමේ ලා එහි බාදාවක් නොවූ පිලිනොගන්නේ ද? අපගේ භාෂාව කුරුණෑගල යුගයෙන් එහාට සංවර්ධනය විය යුතු නැද්ද? ජේ.බී. දිසානායකයන් වරෙකපැවසුවේ භාෂාවේ සමහර වදන් තවමත් කුරුණෑගල යුගයේ සිට භාවිතා වන වදන් භාෂා අත්පොතේ පවතියේ ද ව්‍යවහාරයේ දී භාවිතා කරන්නේ වෙනත් වදන් බවයි. මෙයා භාෂාව සංවර්ධනය වීමේ දී නිතැතින්ම සිදුවන කාරණයකි.
නොපවති. රසවින්දනය වර්ධනය කිරීම වෙනුවෙන් උසස් සිංහල භාෂාව රැකිය යුතු වුවද ව්‍යවහාරය පහසු කිරීම උදෙසා නව වදන් භාෂාවට එකතු වීම හා ඒ වදන් ව්‍යවහරගත වීම වරදක් ලෙස මා හට නොපෙනේ..