ඔසාමා බින්ලාඩන් 1957 වසරේ මාර්තු මස 10 දා රියාද්හි හත් දෙනකුගෙන් යුතු පවුලේ පස්වැනි දරුවා ලෙස උපත ලැබුවේය. ඔහුගේ පියා වූ මොහොමඞ් අවාඩි බින්ලාඩන් ගොඩනැගීම් ක්ෂේත‍්‍රයේ හිනිපෙත්තටම ගිය බිලියන පතියෙකි. ඔසාමාගේ මව ඔහුගේ පියාගේ දහවැනි බිරියයි. අලියා ගානෙම් නමැති ඇය පසුව ඔසාමාගේ පියාගෙන් දික්කසාද වූවාය. ඉන් පසු ඔසාමා ජීවත්වූයේ සිය මව සමගිනි.
අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් අල්ලා මරාදැමූ ඇමෙරිකානු මෙහෙයුම දීර්ඝ කාලයක් සූක්‍ෂම ලෙස ඔත්තු බලා කළ ක‍්‍රියාදාමයක ප‍්‍රතිඵලයක් විය.
රහසිගත චන්ද්‍රිකා මෙහෙයුම් ගණනාවක් ද මෙයට අයත් විය. ඇමෙරිකානුවන්ගේ එම මෙහෙයුමේ රහස් රාශියක් දැන් හෙළිදරව් වී තිබේ. මෙම ලිපිය එම රහසිගත මෙහෙයුම පිළිබඳ ලියැවෙන්නකි. මෙහි නම් සඳහන්වන සියලූ දෙනාම ඇමෙරිකානු මෙහෙයුම් කණ්ඩායමේ සාමාජිකයෝ වෙති.
හදිසි කැඳවීමකි. ඒ මෙහෙයුම් ඒකකය ලෙස ක‍්‍රියාත්මක වෙමින් තිබෙන සම්මන්ත‍්‍රණ ශාලාව වෙතය. ලැප්ටොප් යන්ත‍්‍ර හා මුද්‍රණ යන්ත‍්‍ර මේසය මත තැන තැන විසිරී පවතී. බොහෝ දෙනෙක් නොඉවසිලිමත්ව බලා සිටිති. බිත්තියේ තැන තැන පකිස්ථානයේ සිතියම් රාශියක් ඇත.
|
|
මාර්ක් ඕවන් නිසොල්මන්ය. ඔහු එහි යන විට සිටියේ සී.අයි.ඒ. ආයතනයේ කිහිපදෙනකු පමණි. ඔවුන් හැරුණු විට ශාලාව පාළු නිහ`ඩ බවක් උසුලයි. ශාලාවේ ඇති අඩ අඳුරු බව මේ පාළු හැඟීම තව තවත් තීව‍්‍ර කළේය. මාර්ක් එහි ඇති සිතියම් එකිනෙක බලමින් ටිකෙන් ටික අධ්‍යයනය කිරීමට උත්සාහ ගත්ත ද එහි ප‍්‍රතිඵලයක් නැත. ඇමරිකාව බියෙන් සලිත කරවමින් මෙතෙක් සැගවී සිටි ඔසාමා බින්ලාඩන් සොයාගත් පුවත අසන්නට ලැබුණ ද මාර්ක් හට එය විශ්වාස කළ නොහැකි දෙයකි. ඇදහිය නොහැකි දෙයකි. වසර ගණනාවක් ඇමෙරිකාවෙන් සැ`ගවී සිටි ලොව දරුණුතම ත‍්‍රස්තවාදියා යන විරුදාවලිය ලත් ඔහු සොයා ගැනීම ආස්වාදයට කරුණක් විය හැකි වුව ද මාර්ක් සිතන්නේ ඉන් ඉදිරියට කෙසේ කි‍්‍රයාකළ යුතු ද යන්නයි.
ඔහුගේ මානසික ඒකාඝ‍්‍රතාව ගිලිහෙමින් පවතින්නේ බින් ලාඩන් සොයා ගැනීමේ පුවත ඒ තරමටම පුදුමසහගත වීම හේතුවෙනි.
සමස්ත යුද්ධය පුරාවටම බින් ලාඩන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොවූ අතර ඔහු නරඹන්නකු මෙන් සටන නිරීක්ෂණය කරමින් මෙතෙක් සිටින්නට ඇතැයි යන්න මාර්ක් ගේ මතය විය.
මාර්ක් කිසිවකුට කිසිවක් නොකීව ද මෙසේ සිතුවේය.
‘‘ අප සැමගේ සිහිනය වූයේ මේ ත‍්‍රස්තවාදියා ඝාතනය කිරීමට හෝ අල්ලා ගැනීමේ මෙහෙයුමේ කොටස් කරයකු වීමයි. එය සැබැවින්ම ඉතිහාස ගතවන වීරකි‍්‍රයාවක් බව අප දැන සිටියා. මේ කි‍්‍රයාන්විතය සඳහා පවත්නා කණ්ඩායමක් යොදා ගන්නවා වෙනුවට අත්දැකීම් වලින් හා හැකියාවෙන් පිරිපුන් වඩාත් විශ්වාසදායීම කණ්ඩායමක් යොදා ගැනීමට තීරණයක් ගෙන තිබුණි. ’’
නිහ`ඩතාව බිඳිමින් මයික් පැමිණියේය. ඔහු අත වූයේ 28 දෙනකුගේ කණ්ඩායමකින් සමන්විත වූ ලේඛනයකි. ඒ පිරිස අතර පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ තාක්ෂණවේදියකු ද සිටියේය. එමෙන්ම මෙවැනි අවස්ථාවකට සුදුසු ලෙස පුරුදු පුහුණු කරවන ලද කයිරෝ නමැති බල්ලෙක් ද භාෂා පරිවර්තකයක් ද මෙහෙයුම් කණ්ඩායමට ඇතුළත් කැර තිබිණි. කණ්ඩායමේ යම් කෙනෙකුට අනතුරක් සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය අනුකාරක සෙබළු හතර දෙනෙක් ද වූහ.
සමස්ත මෙහෙයුම් පිරිස කණ්ඩායම් හතරකට වෙන් කැරිණි. ඉන් එක් කණ්ඩායමකට නායකත්වය දීමේ අවස්ථාව මාර්ක්ට හිමිවූ අතර ඔහුගේ හොඳම මිතුරා වූ ටොම් තවත් කණ්ඩායමක නායකයා වූවේය.
මෙහෙයුමට යොදා ගත්තේ හෙලිකොප්ටර් යානා දෙකකි. මින් පළමු අංකය හිමි හෙලිකොප්ටරය මාර්ක් ඇතුළු පිරිසට හිමිවිය. මාර්ක් ගේ කණ්ඩායම සී.1 යනුවෙන් නම් කැර ඇති ස්ථානයේ සිට දකුණු දිශාව පිළිබඳ වගකීම දැරිය යුතු බවට උපදෙස් ලැබිණි.
සි. 01 යනු තානායමකි. බින්ලාඩන් ජීවත් වන්නේ එම ස්ථානයේ බවට විශ්වාසයක් ද විය. මාර්ක්ගේ කණ්ඩායම යන හෙලිකොප්ටරයට චාලි සහ වෝල්ට් ද අයත් වූහ. එහෙත් ඒ දෙදෙනාම වෙනත් කණ්ඩායමක සාමාජිකයෝය
හෙලිකොප්ටර් යානා දෙකම එකිනෙකට සමාන වූ හැකියාවෙන් හා පහසුකම් වලින් සමන්විත විය. කි‍්‍රයාන්විතය ඉතාමත්ම හොඳින් සැළසුම් කර තිබේ. කිසිදු වරදක් සිදුවන්නට ඉඩක් නැත. සියල්ල සූක්ෂමව කි‍්‍රයාත්මක කළ යුතුය.
‘‘ මට තවමත් මේ ඉලක්කයේ සැකැස්ම එතරම් හුරු පුරුදු එකක් වූයේ නැහැ. ඒ සැළැස්මට අදාළ රූප සටහන් අපට ලැබී තිබුණා. තවමත් මා හට මෙම ක‍්‍රියාන්විතය සැබැවින්ම සිදුවනවා ද යන්න සිතාගැනීමට නොහැකිව තිබෙනවා. මේ අතර අරාබි භාෂාව හැසිරවීමේ මනා හැකියාවක් තිබූ විල් අප සමග යනවාද කියා මට ගැටලූවක් වුණා. මන්ද ඔහු ඉතා හොඳින් අරාබි භාෂාව කතා කරනවා. බින් ලාඩන්ගේ පවුලේ අය සමග තොරතුරු හුවමාරු කරගැනීමක් අවශ්‍ය වුවහොත් ඔහු අපට විශාල උදව්වක් වනවා. සමස්ත මෙහෙයුමේ අණදෙන්නා වූ මයික් කියා සිටියේ විල් පසුව මෙහෙයුමට එක්වන බවයි. ’’
මෙහෙයුම් ශාලාවේ ඇවිදිමින් සිටින මාර්ක්ට දක්නට ලැබුණේ බින් ලාඞ්න් සැ`ගවී සිටින නිවසේ ආකෘතියක් ද එහි ඇති බවයි. ඉතා සියුම් තොරතුරු පවා ඇතුළත් වන ආකාරයට එය නිර්මාණය කර ඇත. භූමියේ කුඩා ගසක්, රථවාහන අංගනයක්, එළිමහන් ස්ථාන ආදි සියල්ල එහි දක්වා ඇත.
|
ඔසාමාගේ මළසිරුර |
ඔසාමා බින්ලාඩන් 1957 වසරේ මාර්තු මස 10 දා රියාද්හි හත් දෙනකුගෙන් යුතු පවුලේ පස්වැනි දරුවා ලෙස උපත ලැබුවේය. ඔහුගේ පියා වූ මොහොමඞ් අවාඩි බින්ලාඩන් ගොඩනැගීම් ක්ෂේත‍්‍රයේ හිනිපෙත්තටම ගිය බිලියන පතියෙකි. ඔසාමාගේ මව ඔහුගේ පියාගේ දහවැනි බිරියයි. අලියා ගානෙම් නමැති ඇය පසුව ඔසාමාගේ පියාගෙන් දික්කසාද වූවාය. ඉන් පසු ඔසාමා ජීවත්වූයේ සිය මව සමගිනි.
ඔහු සෞදි අරාබියේ පේඩාහිදී සමස්ත කුරානය මතක තබා ගැනීමේ කණ්ඩායමට එක්වූ අතර එහිදී මූලධර්මවාදී අදහස් වෙත ඔහු ආකර්ෂණය වූවේය. සිය ඇවැස්ස නෑනා සමග වයස අවුරුදු 18 දී විවාහ වූ ඔසාමා 1976 දී පියකු වූවේය. එම වර්ෂයේදීම සිය පාසල් අධ්‍යාපනය නිම කළ ඔසාමා ජෙඩාහි හිත් අබ්දුල් අසීස් විශ්වවිද්‍යාලයේ සමාජ කළමනාකරණ උපාධිය සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කළේය.
මෙසේ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු වල යෙදී සිටි ඔසාමා බින්ලාඩන් 1979 වර්ෂයේදීම මුජහිදීන් ගරිල්ලන් සමග එක්වූයේ සෝවියට් හමුදාව ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කිරීමට එරෙහිව අවි අතට ගනිමිනි. 1989 වර්ෂයේදී යළි සෞදියට පැමිණි ඔසාමා එහි පරිපාලනයට එරෙහිව කුමන්ත‍්‍රණය කරන ලදැයි එල්ලවූ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් 1992 වසරේදී සූඩානයට පිටුවහල් කැරුණි.
සූඩානයට පිටුවහල් කළ ඔසාමා නිකන් සිටියේ නැත. මුජහිදීන් ගරිල්ලන් සම`ග සිටියදී ලැබූ අත්දැකීම් ද උපයෝගී කරගනිමින් හෙතෙම අල්කයිඩා නමැති සංවිධානය බිහිකළේය. ඒ සූඩානයට ගොස් වසරක් ගතවීමට මත්තෙනි. එහි අරුත වන්නේ ‘මූලස්ථානය’ යන්නයි. මේ සංවිධානය බිහිකිරීමේ අරමුණ වූවේ ඇමෙරිකාවට එරෙහිව සටන් වැදීම සහ එක් ඉස්ලාමීය රටක් මැදපෙරදිගින් බිහි කිරීමයි.
ටිකෙන් ටික වර්ධනය කරගත් අල්කයිඩා සංවිධානය කලඑලි බසින ලද්දේ 1996 වර්ෂයේදි සෞදි අරාබියේදී ඇමෙරිකාවට අයත් ට‍්‍රක් රථයක් පුපුරුවා හැරීමත් සමගිනි. මෙහිදී ඇතිවූ අර්බුදයත් සමග ඔසාමා බින්ලාඩන් සූඩානයේ සිට ඇෆ්ගනිස්ථානයට පලා ගියේය.
1998 දී කෙන්යාවේ සහ ටැන්සානියාවේ ඇමෙරිකා තානාපති කාර්යාල වලට ප‍්‍රහාර එල්ලකරමින් 300 ට අධික පිරිසකට මරු කැඳවූ අල්කයිඩා සංවිධානය 2000 දී ඒඞ්න් වරායේ නවතා තිබූ කෝල් නැව පිපිරවීමට කටයුතු කළේය.
ඉන් අනතුරුව 2001 සැප්තැම්බර් 11 වැනිදා බින්ලාඩන් සිය ප‍්‍රසිද්ධතම ප‍්‍රහාරය එල්ල කළේය. ඒ ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට එල්ල කළ ප‍්‍රහාරයයි. ඉන් ඇමෙරිකාවේ සාමාන්‍ය සිවිල් වැසියෝ 3000 ට අධික පිරිසක් මියගියහ.
|
ඔසාමා |
මගේ කණ්ඩායමේ සගයන් සිය උදෑසන ආහාරය ලබාගෙන අවසන්ව මෙහෙයුම් ශාලාවට ඇතුළුවන විටත් මා සිටියේ බින්ලාඩන්ගේ නිවසේ සැකැස්ම අධ්‍යයනය කරමිනි. ඇතුළු වූවන් අතර වෝල්ට් සහ ඩාලි ද වූ අතර ඔවුන්ගේ මුහුණේ සිනහවක් තිබිණි.
‘‘ කොහොමද ඔවුන් ඔහු සොයා ගත්තේ ? ’’ මම විමසුවෙමි.
එවිට අනාවරණය වූයේ බින්ලාඩන්ගේ පණිවිඩකරුවන් දෙදෙනාගෙන් එක් අයකු සොයාගෙන එම තැනැත්තාගේ හැසිරීමෙන් අධ්‍යයනය කිරීමේ ඔහු සිටින ස්ථානය සොයාගත් බවයි.
ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානය අනාවරණය කරගත් තොරතුරු අනුව බින්ලාඩන් සැ`ගවී සිටින ස්ථානය සාදා නිමකර ඇත්තේ 2005 වර්ෂයේදීය. ඒ සඳහා වැයකළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියනයකි. පකිස්ථානු හමුදා ඇකඩමියට ආසන්නයේ පිහිටි මෙය එම ප‍්‍රදේශයේ අනෙක් නිවාස වලට වඩා විශාලත්වයකින් යුක්තය. නිවසට අන්තර්ජාල පහසුකම් හෝ දුරකථන පහසුකම් නැත. දකුණු පැත්තේ තාප්පය වඩාත් උස්ව තනා තිබේ. එසේම දෙවන සහ තෙවන මහල්වල ජනෙල් වීදුරු කළු පැහැති බැවින් ඇතුලත සිදුවන දේ පිටතට පෙනීම වැළකේ.
මෙහි සිටින පුද්ගලයන් කිසිවෙකුත් බාහිර පුද්ගලයන් සමග සම්බන්ධතා ගොඩනංවාගෙන නොමැත. නිවසේ එකතුවන කසළ පවා එහිම පුළුස්සන බව නිරීක්ෂණයන්ගෙන් පෙනී ගොස් තිබේ. මෙම පරිශ‍්‍රයේ ජීවත්වන අයකු ලෙස අහමඞ් අල් කුවායිම් හඳුනාගැනීමට සී.අයි.ඒ. සංවිධානය සමත්ව තිබිණි.
2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයට සහ තවත් ත‍්‍රස්ත කි‍්‍රයා රාශියකට වරදකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන ග්වාතනාමෝබේ සිර කඳවුරේ රඳවාගෙන සිටින මොහොමඞ් අල් තවානි විසින් අනාවරණය කැර ඇත්තේ මෙම නිවසේ ජීවත්වන අහමඞ් අල් කුවායිම් ඔසාමා බින්ලාඩන්ගේ සමීපතමයකු සහ පණිවිඩකරුවා වන බවයි. ඒ බව ඉන් පසුව අත්අඩංගුවට පත්වූ හසන් ගුල් නම් අල්කයිඩා සාමාජිකයා ද සනාථ කර තිබේ.
මේ සනාථ වීමත් සමගම සී.අයි.ඒ. සංවිධානය අහමඞ් අල් කුවායිම් නිරීක්ෂණය කරන්නට වූ අතර ඔහුගේ හැසිරීම් රටාවන් ද සියුම් ලෙස අධ්‍යයනය කරන්නට වූවේය. මේ නිරීක්ෂණයන්ගෙන් පැහැදිලි වූයේ ඔහු පහසුවෙන් හඳුනාගත හැකි අමතර රෝදයක් සහිත ට‍්‍රක් රථයක් පදවන බවයි. මා දැන් බලා සිටින්නේ එම ට‍්‍රක් රථය නවත්වන ස්ථානයේ සැකැස්මයි.
සී.අයි.ඒ. බලධාරින් ප‍්‍රකාශ කරන්නේ බින්ලාඩන් ප‍්‍රධාන ගොඩනැගිල්ලේ තුන්වන මහලේ වාසය කරනු ඇති බවකි. ඔහුගේ පුත‍්‍රයා වන කාලිඞ් දෙවැනි තට්ටුවේ ජීවත්වන අතර අවම වශයෙන් බින්ලාඩන්ගේ බිරින්දෑවරු දෙදෙනෙක් සහ ළමයි දුසිමක් පමණ එහි වාසය කරනු ඇති බවට ද ඔවුහු ප‍්‍රකාශ කළහ.
ජේ සහ මයික් මෙහෙයුම පිළිබඳ මින් පෙර සාකච්ඡා කරන්නට ඇත. නමුත් මෙහෙයුම සිදුකළ යුතු ආකාරය සාකච්ඡාවට අපි ගොඩනැගිල්ල වටා රැස්වූවෙමු. එහිදී අපගේ හෙලිකොප්ටර් යානා නැවැත්විය යුතු ස්ථාන, කඹ ආධාරයෙන් පොළොවට ළඟාවිය යුතු ස්ථාන මෙන්ම අප එක් එක් කණ්ඩායමේ වගකිවයුතු කොටස් පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
බින්ලාඩන් සිටින නිවසේ ඇතුළත ප‍්‍රධාන කොටස් දෙකකට බෙදා තිබෙන බව හැර වෙනත් දැනුමක් ඔවුන්ට තිබුණේ නැත. මේ නිසා ටොම්ගේ කණ්ඩායම සියල්ල සාමාන්‍ය බව තහවුරු කරන තුරු චාලි සහ වෝල්ටර්ගේ කණ්ඩායම් වලට රැඳී සිටින්නට සිදුවන බව තීරණය කැරුණි.
(මතු සම්බන්ධයි)
විශේෂ ස්තූතිය : ජ්‍යෙෂ්ඨ නීතීඥ හේමන්ත සිටුගේ මහතාට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහොමඩ් ඉන්සාෆ්, අන්ධවූ රිශාර්ඩ් වැනි අය අතර ඔබ නුවණැස නමැති ඇස පෙනෙන බුද්ධිමතෙකි. (නි)
සියල්ල දෙවියන්ගේ කැමතට සිද්ධ වෙනවා යනු මිත්‍යාවක් බව පළමුවෙන් මතක තියාගන්න. එය තමන්ගේ ආගමට අනුව ලෝක යතාර්ථය ගැළපිමට යාමෙන් ඔබ පටු පුද්ගලයෙකු වන බව තේරුම් ගන්න (නි)
නිසාර්, හොද වෙලාවට මේ ලෝකේ දියුණූ විද්‍යාඥයෝ ඔයගොල්ලෝ විදිහට කල්පනා නොකළේ.එහෙම වුණා නම් මේ අදහසවත් අපිට දාන්න වෙන්නේ නැතිවෙයි (නි)
එම ප්‍රදේශයේ ජීවත් වූ පුද්ගලයෙක් මගේ මිතුරෙකුට කියා තිබුන, මෙය ඉතාමත් සැලසුම් සහගත ලෙස ගොතන ලද බොරුවක් කියා, මටත් හිතෙනවා ඔබාමා චන්දය දිනන්න කරපු ක්‍රියාවක් කියා, ඇයි එහෙනම් මල සිරුර වත් නොපෙන්නුවේ (දී)
මොහොමඩ් , ඔයා ජීවිතය සහ කුරානය කියන්නේ කියන්නේ මොකද්ද කියලා හරියටම තේරුම් අරගෙන තියනවා. ඔයාට සුබ අනාගතයක් (නි)
සමාජ සම්මතයට විරුද්ධව උමතුවෙන් තමන්ගේ අදහසම ක්‍රියාත්මක කරන්න දගලන උමතු මිනිසුන්ට කාගෙන් හෝ කොතනකදී හෝ දඩුවම් ලැබෙනවාමයි (නි)
මොහොමඩ්, ඔබගේ හර්දයාංගම වදනට ඇත්තටම සතුටු වෙනවා. මොකද මෝඩ අදහස් දාන අය අතරේ හොද වදනක් දැමීම පිළිබදව. බලන්නකෝ ඔයාට තියෙන ප්‍රතිචාර. (නි)
කවුරු මොන අදහස් පල කරත් බෞද්ධ ධර්මයේ සත්‍යය තාවය නමි මොනවට පැහැදිලි වෙයි. කොතරමි අන්‍යආගමිකයින් මුරුගා අත්තේ තැබුවත් තමා කල පාපයට දිටිඨ දර්ම වෙදනිය කර්මය පටිසන් දි ඇති වග නමි පැහැදිලි ය. අනෙක් කරුන වන්නේ අප මුස්ලිමි සහෝදරයන් දරුවන් 5 6 හදන්නේ තම ඡාතියට ඇති ආඅලයත් ඡාතිය වර්ධනය කර ගැනිම සදහාය. එම නිසා සිංහල වු අපත් අපේ බුද්ධාගම ඡාතියට ආලය කරිමට පටන් ගනිමු.(නදී)
මොහොමඩ් ඉන්ෆාස්, මෙලොවට බිහිවුණු සියලුදෙනා දෙවියන්ගේ කැමැත්ත පරිදි කුමන හෝ ආකාරයටකට මරණයට පත්විය යුතුයි. (නි)
ඔක්කොම ඇමෙරිකානු මැජික් තමයි. එහෙ තාම යුද්දේ පිස්සු නැත්තම් ශෝක් කිව්වලු.මොහොමඩ් කර්මය ගැන ඉස්ලාමිය දැනුම ගැන දන්නේ නැහැ ඒක ඉගෙන ගන්න .මිනිස්සු කවුරුත් මැරෙනවා. මෙතන සියල්ල නිත්‍යයි කියන මිනිස්සු නේ ඉන්නේ. දැන් ඒ ගොල්ලන්ට ඔයාගේ අදහස් ගැලපෙනවා. (ස)
පවු අහිංසකයා... (නි)
අල්ලාහ් සර්වබලදාරි වුවත්,උන්වහන්සේගේ කැමැත්ත අනුව සියල්ල සිදුවුවත් බින්ලාඩන්,ගඩාෆි,සදාම් වැනි මුස්ලිම් අධිරාජ්‍යයක් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැපකළ අයව අල්ලාහ්ට බේරගැනීමට නොහැකිවීම මුස්ලිම් අපට අදටත් ප්‍රහේලිකාවකි.(අ)
මොහොමඩ් ඉන්සාෆ් කියන්නේ මොන වගේ කෙනෙක්ද?(නදී)
අතුල ඔයාගේ අදහස් මසුරන්. මේක අපි හැමෝම තේරුම් නොගත්තොත් තවත් විනාශයක් අපේ රටේ ඇති වීම කාටත් වලක්වන්න බැරි වේවි. (දී)
පාවා නොදෙන්නන්ගේ පාවාදීම නිසා එදා සුප්‍රකට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහත්මයා තම ජිවිතෙන් වන්දි ගෙවා නික්ම ගියේය, ඔසාමා බින්ලාඩන්ටද අත්වුයේ එවැනිම ඉරණමකි ඔහු වටා සිටි අය ඔහුව පාවා දුන්නේ ඔහුට සදහටම නොඑන ගමන් යන්නටය. (අ)
නිරායුධව සිටි ඔසාමා බිල්ලාඩන් ඝාතනය කිරීම, ඔහු බේරා ගැනීමට පැමිණි එක් නිරායුධ බිරිඳකගේ පාදයකට වෙඩි තැබීම මානව හිමිකම් හෝ යුද අපරාධ නොවන් නේද? ආයුධ සන්නද්ධව හමුදාවට කලපුවේදී ප්‍රහාර එල්ල කර ප්‍රභාකරන් මරා දැමීම යුද අපරාධයක්ද? අප සිතිය යුත්තේ ඇමරිකානු හා බටහිර රටවලට විරුද්ධ සංවිධානය හෝ ක්‍රියාකාරීන් ඝාතනය ත්‍රස්ත ක්‍රියා නොවන ලෙසත්, අනෙක් රටවල් ජාතික ආරක්‍ෂාව උදෙසා ගන්නා ක්‍රියා මාර්ග ත්‍රස්ත ක්‍රියා ලෙසත්ද? (ස)
නිසාර්, "මෙලොවට බිහිවුණු සියලුදෙනා දෙවියන්ගේ කැමැත්ත පරිදි කුමන හෝ ආකාරයටකට මරණයට පත්විය යුතුයි" හරියට බංග්ලාදේශයේ වගේද? (නි)
"මොහොමඩ් ඉන්සාෆ්", තව 1000ක් මේකේ අදහස් පළකලත් , ඔබගේ මේ අදහස තරම් වටිනා එකක් පල නොවනු ඇත . ලෝකයේ ධනවත් රටවල් තව තවත් ධනවත් කිරීමට ආයුධ සහ බෙහෙත් විකුණා ගැනීමට වෙළද පොළ ගොඩ නගා දෙන්නේ කවුදැයි යන බව දැන්වත් ඉගෙනීම සතුටක් (නි)
රිශාර්ඩ්,ඉස්ලාමයේ මොන කර්මයක් ගැනද තියෙන්නේ? කුරානයේ තියෙන්නේ අල්ලාහ්ගේ කැමැත්තට සියල්ල සිදුවේ යන්නයි.ආගම වෙනුවෙන් නිකම් බොරු කතා කියන්න ඕනෑ නැහැනේ. (නි)
මොහමඩ් මම නම් බුද්ධාගම අදහන කෙනෙක්.ඇමරිකන් කාරයා මුලු ලොවම අවුලුවලා ලෝකේ සාරය උරබොනවා.අප රට තුලත් දැන් සිංහල මුස්ලිම් අය සුළු සුළු ප්‍රශ්න ඇති කරගන්නවා. ඕවා පිටිපස්සේ ඉන්නේ ඔවැනි බලවත් යටි අරමුනු ඇති පිරිස් වන්න පුළුවන්. එනිසා කලපනාකාරිව ජීවත් වෙන්න වේවි . (නි)
ඇමරිකාව අල්ලන කොට ඔය කියන දෙවියෝ කොහෙද හිටියේ? (නි)
මුස්ලිම් ලෝකයේ රජුන් 7 ක් මියගියවිට ලෝක යුද්දයක් ඇතිවෙනවා කියල තියෙනවා නේද. සිරියා ජනපති තමයි ඒ 7 වෙනියා.(නදී)
සෙනරත්, ඔය මොන පොතෙන් උපුටාගත්ත 1ක් ද? (නි)
එතකොට මොහොමඩ් ප්‍රභාකරන්ට මොකද වුනේ? (ස)
අනුරාධ ෂුවර් එකට ඔය මොහොමඩ් කියන්නේ මුස්ලිම් කොල්ලෙක් නම් නෙමෙයි. ඒක මට ඉර හඳ වගේ විශ්වාසයි. (ස)
අපි කාටවත් දොස් කියල වැඩක් තියෙනවද? අපි මුලින්ම හරි දේ හරි විදියට දැකලා වැරදි දේ කරනවා නම් කෙනෙක්ට වටහල දීල අපි හැමෝම එකම ජාතියක් හැටියට හිටියා නම් කාටවත් අපිව කොටවන්න පුලුවන්ද, ඒක නිසා අපි මුලින්ම අපේ වැරදි හදාගෙන අනිත් අයගේ වැරදි ගැන කතාකරමු.(නදී)