නිලේන්ද්‍ර දේශප‍්‍රිය වසර හත අටකට පූර්වයෙන් අසාමාන්‍ය අරාජික කාලයක් ගෙවමින් සිටියේය. ලක්සිරි වික‍්‍රමගේ මිතුරා සම`ග ඒ ගැන සාමාන්‍ය කතිකාවක නියැලෙමින් සිටි රාත‍්‍රියක;
”උඹ සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙනවා ද? එහෙම නැත්නම් ෂයිලොක් වර්ගයේ වාණිජමය සැහැසි ආශාවන් ඉටු කරගන්නා වූ ආයතනගත මාධ්‍යවල කවන්ධයක් වී මිය යනවා ද?’ යනුවෙන් ප‍්‍රශ්න කළ මම; එය අත්පිස්නා කඩදාසියක තීන්ත පෑනෙන් ලියා බොද වූ කඩදාසිය විචිත‍්‍රව නවා ඔහුගේ කමිස සාක්කුවට දැමීමි.
”තණ්හා, රතී, රගා” යනුවෙන් චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කළ නිලේන්ද්‍ර, චිත‍්‍රපටය තිරගතවීම ඇරඹීමත් සමග සිනමාකරුවකු වීමේ සිහිනය සැබෑ කර ගැනීමේ උද්දාමයෙන් පසුවන බව දනිමි. මේ මොහොතේ අපේ රටේ සිදුවෙන්නේ කුමක්ද යන්න පිළිබදව සවිඥානකව නොදන්නා නිලේන්ද්‍ර (හෙතෙම දේශපාලන විචාරකයකු නොව චිත‍්‍රපටකරුවෙකි) චිත‍්‍රපටය තුළින් මේ මොහොත පිළිබදව සවිඥානිකව සිතන්නට සිනමා පේ‍්‍රක්ෂකාගාරයට ලාංකේය පුරවැසියන් කැ`දවමින් සිටියි. දැන් චිත‍්‍රපටකරුවකු ලෙස ඉතා සංවේදීව නිලේන්ද්‍රගේ තෙවැනි ඇස සිනමා පුස්තිකාවක් මත රූපණය කොට අවසන්ය.
නිලේන්ද්‍රගේ හෘද සාක්ෂියේ කැදවීමට යුහුසුළු උණුසුම් ප‍්‍රතිචාරයක් අතළොස්සක් වූ පේ‍්‍රක්ෂකයන්ගෙන් ලැබෙනු මිස උද්යෝගී මහජන බහුතරයක් එකා මත එකා වැටි වැටී පොරකන පේ‍්‍රක්ෂකාගාරයක් මේ මොහොතේ අපේ රටේ දක්නට නැත. ඒ ඇයිද යන්නත් මේ චිත‍්‍රපටයෙන් අපට සපයන ”එළිය” කුමක්ද යන්නත් සංෂිප්ත සටහනක ලිවීම සිනමා විචාරයක් නොවන මේ වියමනේ අරමුණයි. ”විජය කුවේණිගේ” සිට වර්තමාන ඊනියා රාජවංශය දක්වා චෝර කථා, ඉත්ති කථා, ධූර්ත කථා, පාන කථා, රාජ කථා, බණ කථා, ඉතිහාස කථා, සිනමාපට ලෙස තොරොම්බල් කළ පසුගිය දස වසර ලාංකේය සිනමාවේ අති ඛේදනීය අවරගනයේ අපගමනය සනිටුහන් කළ ශෝචනීය අ`දුරු කාලය ලෙස අපේ සිනමා ඉතිහාසයේ කැත කළු අකුරින් ලියවෙනු ඇත. බොරුව, ශික්ෂා පදයක් ලෙස දිවුරන කාලයක සිනමාකරුවන් යැයි පෙනී සිටින මේ රජ කථාකාරයෝ සහ බණ කථාකාරයෝ ”බුදු හාමුදුරුවන් පල්ලා”, ”ඇස් දෙක පල්ලා”, ”මගේ දරුවන් පල්ලා”, ”මගේ අම්මාපල්ලා” යැයි මාධ්‍ය හරහා දිවුරා සපථ කරමින් ඇත්ත කියන බව හ`ගවා හුස්ම ගැනීමට ද ඉඩක් නැති රටක බොරුව වෙනුවෙන් දිවුරති. අප ජීවත් වෙන්නේ ගෝත‍්‍රවාදී රටකය. බොරුව ඇත්ත ලෙස පෙනෙන රටකය. පට්ටපල් බොරු, අතේ රෝල්, අම්මා අප්පාගේ ඔළුවේ ගසා ඇත්ත යැයි කියන රටකය. වේෂ නිරූපණය කළ නළුවන් දේශපාලනය කරන කාලයකය. ර`ගපෑම දේශපාලනය වූ විට සිනමා ර`ගපෑම අහෝසි වූ යුගයකය. හොදම නළුවන් චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්, පාතාල නිෂ්පාදකයන්, තිරනාටක රචකයන්, ගීත රචකයන් යනාදී සියල්ලෝම ”දේශපාලන චිත‍්‍රපටවල” ර`ගති. පාර්ලිමේන්තුව තුළත් රූපවාහිනී වාද විවාදවලත් ඔවුහු රගති; ගහ ගනිති; රණ්ඩු කරති; ගීත කියති. ඔවුනගේ පේ‍්‍රක්ෂකාගාරය ඡන්දදායකයෝය. වෙස් ගන්වන ලද දේශපාලන තණ්හා ද රතී ද රඟා ද අපට හෙළුව පෙන්නා දේශපාලන රග මඩලේ රගති. මාධ්‍ය හරහා ”තමිල්නාඩු පොලිටික්ස්” අපි නරඹමින් සිටිමු. සැබෑ පේ‍්‍රක්ෂකාගාර හිස් ය. ඡුන්දය ස`දහා පෙළගස්වන බත් දන්සල්, බයිසිකල් දන්සල්, වන්දනා දන්සල් භූමි පිරී ඉතිරී ගොස්ය.
නිරන්තරව ගොඩන`ගන අනාගත ප‍්‍රභාකරන් වර්ගයේ බිල්ලෝ ඉන්ද්‍රජාලිකයන් ලෙස අපට මවා පෙන්වති. තිස් අවුරුදු යුද්ධයකට බිය වූ ලාංකේය පුරවැසියෝ තවත් ප‍්‍රභාකරන් වර්ගයේ ”බිල්ලෝ” එතැයි බිය වෙති. වීරයා දිගටම ර`දවා තබා ගැනීමට නම් ඉක්මනින්ම මියගිය දුෂ්ටයාට පණ දිය යුතුය. නැත්නම් වීරයාට පැවැත්මක් නැත. ඇත්ත ප‍්‍රභාකරන් නැත්නම් අලූත් ප‍්‍රභාකරන් බිල්ලකු ඉක්මනින්ම රූපාන්තරණය කළ යුතුය. මේ බිය තීව‍්‍ර කිරීම ස`දහා ඩයස්පෝරාවේ ගිණුමට අනාගතයේ දී තවත් ”පපඩම් බෝම්බ” දෙක තුනක්වත් පිපුරුණේ නැත්නම්ය එය පුදුම. බිල්ලෙකු හෝ දුෂ්ටයෙකු නැති අපට වීර පඹයෙකු සොයාගත නො හැකිය. වෙලක නංචිකෝටුවක් පස්සේ ගසා මුට්ටියක් ඔළුවට දමා සිටින පඹයා වුවත් වීරයෙකු කිරීමට මේ මොහොතේ සීමාන්තික සංස්කෘතික ජාතිවාදය උත්සාහ කරමින් සිටියි. බටහිර සුද්දා දුෂ්ටයා ලෙස ඌණනය කළ පරිච්ඡේදය මේ මොහොතේ අවසන්ය. කොණ්ඩය කැපූ චීනා තට්ටයට පච්චයක් කොටාගෙන අපේ බෙල්ලෙන් අල්ලගෙන සිටින බව අපට තවම වැටහෙන්නේ නැත.
සාමාන්‍ය තුළ අසාමාන්‍ය දේ සිදුවිය හැකි වුවත් අසාමාන්‍ය තත්ත්වයක පැටලී සිටින අප සාමාන්‍යය තේරුම් ගන්නේ නැත. සවිඥානක සිනමා පේ‍්‍රක්ෂකාගාරය හිස් වූ විට උපාසකම්මලා පේ‍්‍රක්ෂකාගාරයට කැදවන්නේ ඒ නිසාය. සිනමා කියවීමක හෝඩි පොත ද නොදත් මේ උවැසි උවැසියෝ නිවනට යන ත‍්‍රිපිටකය යැයි සිතා ”මහින්දාගමනය” බලා සාධුකාර දෙති. ”තණ්හා, රතී, ර`ගා” ඉහත වර්ගයේ චෝර කථාවක් යැයි සිතන සිතිවිල්ල අප පළමුව ඉවත් කර ගත යුතුය. සර්වඥයන් වහන්සේ සම්බුද්ධත්වයට පැමිණීමට ආසන්න මොහොතේ නිරුවත් රංගනයක නියැලූණු තණ්හා, රතී, රඟා පිළිබ`දව කතාව නිලේන්ද්‍රගේ චිත‍්‍රපටයේ ඇතැයි එහි නාමකරණයෙන් හැගවුම්කරණයකට ලක් කරයි. නිලේන්ද්‍රගේ චිත‍්‍රපටයේ න්‍යෂ්ටිගත තේමාවට තණ්හා, රතී, ර`ගා යන නම අතිශය අවාසිසහගතය. එය පසුගිය කාලයේ තොරොම්බල් කළ බණ කථා සහ රජ කථාවල ඊළ`ග ඓතිහාසික හෝ බෞද්ධ චිත‍්‍රපටය ලෙස හුදු පේ‍්‍රක්ෂකයා යැයි වරදවා තේරුම්ගත හැකි හෙයිනි.
”තණ්හා, රතී, ර`ගා” යනු බෞද්ධ බණ කථා වර්ගයේ චිත‍්‍රපටයක් නොවේ. රාජ කතාවක් හෝ චෝර කතාවක් ද නොවේ. එම නාමකරණයෙන් අර්ථ දක්වා ඇත්තේ සංඥාර්ථයකි. සංකේතාර්ථයකි. මෙම චිත‍්‍රපටයට වෙනත් නමක් යොදා ගත්තේ නම් චිත‍්‍රපටයේ මුඛ්‍යාර්ථයට පමණක් නොව පේ‍්‍රක්ෂකාගාරයට ද සිනමා වියමන පිළිබ`දව අලූත් දිශානතියක් සැපයීමේ ඉඩක් තිබිණ. මා මේ ස`දහා නිදසුන් කොට ගන්නේ ”මචං” චිත‍්‍රපටයයි. ‘‘මචං” චිත‍්‍රපටයට ද කෙනෙකුට අවැසි නම් ”තණ්හා, රතී, ර`ගා” යනුවෙන් නමක් යෙදීමට පුළුවන. එසේ නොයෙදීමෙන් පමණක් නොව ”මචං” යනුවෙන් යෙදීමෙන්ම චිත‍්‍රපටය ඉහළට එසවුණ බව මාගේ අදහසයි. නිලේන්ද්‍රගේ චිත‍්‍රපටයට ”තණ්හා, රතී, ර`ගා” යන නම ක්ලැසික් වැඩි ය. මේ මොහොතේ ලාංකේය ඡුන්දදායක පේ‍්‍රක්ෂකයා සිටින්නේ ”තමිල්නාඩු පොලිටික්ස්” විඥානයේය. නිලේන්ද්‍රගේ චිත‍්‍රපටයට මා යෝජනා කරන නම ”අඩෝ” යන්න ය. ”අඩෝ”, ‘‘මේ රටට වෙච්ච දේ බලපං යන්න” චිත‍්‍රපටයේ අන්තර්ගතයයි. අඩෝ උඹ ප‍්‍රභාකරන් මැරුණම කිරිබත් කෑවා නේද? යන්න එහි සංඥාර්ථයි. අඩෝ ගෝත‍්‍රවාදියා උඹ ඉන්නේ හෙළුවෙන් යන්න එහි උත්ප‍්‍රාසයයි. ඒ එසේ වූවා නම් ”අඩෝ, මචං බැලූවාද?” යන්නෙන් අපට ප‍්‍රශ්න කිරීමට ඉඩ තිබිණි.
දෙවනුව නිලේන්ද්‍ර යොදාගන්නා නමෙහි සිංහල වියරණ දොසක් ද තිබේ. සිනමා වියරණය මැනවින් දන්නා නිලේන්ද්‍ර, ”තණ්හා, රතී, රගා” යනුවෙන් යොදා ඇත. ර`ගා යනු රැු`ගුම, නැටුම, නෘත්‍ය යන අර්ථය දෙන්නකි. ‘‘රඟා” යනු රූප ශබ්ද ආදී කාම වස්තු කෙරෙහි සිතේ ඇතිවන ආශාව, තෘෂ්ණාව යන අර්ථයයි. නිලේන්ද්‍ර අපේක්ෂිත චිත‍්‍රපටයේ සංඥාර්ථය ඇත්තේ ”රගා” යන්නෙහි මිස ”ර`ගා” යන්නෙහි නොවේ. මා ගොඩනගන මෙම මූලික තර්කය පේ‍්‍රක්ෂකාගාරයට අවිඥානකව බලපා ඇති බව සිහිපත් කරමි.
චිත‍්‍රපටය නැරඹූ පේ‍්‍රක්ෂකයන්ට මෙන්ම මට ද චිත‍්‍රපටයේ අවසානය උභතෝකෝටික වීම නිලේන්ද්‍ර වැනි චිත‍්‍රපට සිය ගණනක සහාය අධ්‍යක්ෂවරයකුගෙන් සහ සිනමා කතිකාවක දී තර්කානුකූල මත දක්වන්නකුගෙන් අප අපේක්ෂා නොකළ දෙයකි. තිරගත වන චිත‍්‍රපටයේ අවසානයට පෙර එය අවසන් කළ යුතු අවස්ථා තුන හතරක්ම ඇතැයි සිතමි. ඔහු ඒ සියල්ල මගහැර යන්නේ සිනමාත්මක බවේ රූපරාමු කෙරෙහි දැඩි ආශක්තකමකිනි. එකී ආශක්තකම විසින්ම අන්තර්ගතය විසින් ඉල්ලා සිටින දෘෂ්ටිවාදාත්මක අවසානය ඔහු අතින් ම`ගහැරී යයි. ඔහුගේ අනාගත චිත‍්‍රපටයක ප‍්‍රචාරක පටයක් ද ”තණ්හා, රතී, රගා” චිත‍්‍රපටය අවසානයේ අන්තර්ගත කොට ඇතැයි සිතමි. එය ද නිලේන්ද්‍රට නො තරම්ය. දකුණු ඉන්දියානු සහ සිංහල සිනමාවේ දශක තුන හතරකට පෙර භාවිත කළ ”නයා” නිලේන්ද්‍ර ද නැවත සිනමාවට කැ`දවීම අතිශය බාල සංකේතයකැයි සිතමි. ඉහත දැක්වූ සියල්ල මාගේ ආදර විවේචනයන් සහ සැබෑ අදහස්ය. ඒ වෙනුවෙන් පෙනී සිටීමට හෝ ඒවා වෙනත් මානයකින් කියවා චිත‍්‍රපටකරුවා හිතාමතා කළ සවිඥානක සිනමා ක‍්‍රියාකාරකම් ලෙස පිළිගැනීමට මා සූදානම් නැත.
එහෙත් හුදු සිනමා පේ‍්‍රක්ෂකයන් පමණක් නොව මේ රටේ බාල, මහලූ, තරුණ සියල්ලෝම කැඩපතකින්
තමාව දැකීමටත් තමන් විසින් අතීතයේ කළ මෝඩකම් සහ ගොන්කම් පාපොච්චාරණය කර ගැනීමටත් මෑත ඉතිහාසයේ සහ මේ ගෙවෙන මොහොත පිළිබ`දව යහපත් සිතීමක් ඇති කර ගැනීමටත්් අනිවාර්ය ක‍්‍රියාවලියක් ලෙස, දෛනික ජීවන කාලයෙන් පැය දෙකක් කැපකොට සිය පවුල සම`ග ”තණ්හා, රතී, ර`ගා” නරඹන්න යැයි මම යෝජනා කරමි. මගේ මිතුරන්ට, මගේ ශිෂ්‍යන්ට ආයාචනාත්මකව බල කරමි. ”තණ්හා, රතී, ර`ගා” නොබලන දෑස කුමට දැයි ප‍්‍රශ්න කරමි. එම චිත‍්‍රපටය තේරුම් නොගන්නා මොළගෙඩිය අලගෙඩියක් තරම්වත් නොවටිනා බව සිහිගන්වමි. හෘද සංවේදී ඕනෑම පවුලක පුරෝගාමියෙක් සිය පවුලට ”තණ්හා, රතී, ර`ගා” පෙන්වන්නට වඬේ කන, කොත්තු ගිලින, තොරොම්බල් සිහින වෙනුවෙන් වැය කරන මුදලින් දොයිතුවක් වැය කරන්නැයි යෝජනා කරමි. මා ඊළ`ග සංක්ෂිප්ත ෙඡ්දය ලියන්නේ එකී ඉල්ලීම සාධාරණීකරණය කිරීමටය.
2009 මැයි 18 වැනිදායින් පසු එළඹුණු දින කීපය තුළ දී දුහුවිලි පිසදා අල්මාරියෙන් එළියට ඇදගත් ජාතික කොඩියේ එල්ලී ලේ රස සමග කිරිබත් කෑ සියල්ලන් තමන්ගේ අවිඥානක සෙවණැල්ල දැකීමට, එය වඩා විශාල කැඩපතකින් දැකීමට ”තණ්හා, රතී, ර`ගා” නැරඹිය යුතුය.
මජරකමට සහ පෙරේතකමට මනසින් මවා ගන්නා බිල්ලා මැරුණු විට වීරයා නිරුපද්‍රිත යැයි සිතා කිරිබත්, කැවුම් කන සහ 48 දී ද, 56 දී ද, 71 දී ද, 88 දී ද, 2009 දී ද කිරිබත් කෑ සහ අනාගතයේ දී මුසල්මානුවන්ගේ රුධිරය මතින් කිරිබත් කන්නට හට්ටිමුට්ටි සූදානම් කරන සියල්ලන් ද ”තණ්හා, රතී, ර`ගා” නැරඹිය යුතු ය.
තමන් ඉන්නා මතාන්තරයේ ජාතිවාදී ගෝත‍්‍රවාදී මෝඩකම කිසිදා අවබෝධ කර නොගන්නා වූ ඔබේ මිතුරු මිතුරියන්ව කැදවාගෙන ගොස් නිලේන්ද්‍රගේ චිත‍්‍රපටය පෙන්වන්න යැයි යෝජනා කරමි. තුවක්කුව, චණ්ඩිකමේ සහ ගොං වීරකමේ සංස්කෘතික ආයුධය ලෙස භාවිත කරන සහ අනාගතයේ භාවිත කරන්නට සූදානම් වන මොහොතක් ආසන්නයේ අප ජීවත් වන නිසා ඔබ එහි ගොදුරක් වන්නට පෙර තුවක්කු කටෙන් රිංගා ගොස් නිදහස් අහසේ පියාඹන්න කැමති නම් සවිඥානක මනසින් යුතුව නිලේන්ද්‍රගේ චිත‍්‍රපටය නරඹන්න. පසුගිය වසර තුන හතරේ අව්කණ්ණාඩි පැළැ`ද උතුරේ දැල්දැල් බවට පත් වූ නටබුන් ගොඩනැඟිලි නැරඹුවා නම්, ගෙදර අයත් සම`ග තිස් වසරකට පසු නාගදීපය ව`දින්නට ගොස් යාපනයෙන් තෝසේ කා ඇවිත් දැන් දකුණේ රතු කැකුළු කන්නේ නම් සහ එහි ලේ රස ඇති බව ඔබ නො දන්නවා නම්, ඔබ බාහිරින් පරීක්ෂා කිරීමට නොව අභ්‍යන්තරිකව දැහැමි යැයි සිතන ඔබේ කුස මළමිනී තැන්පත් කළ කනත්තක් බව තාත්වික යථාවාදයෙන් බලන්නට ”තණ්හා, රතී, ර`ගා” චිත‍්‍රපටය බලන්න.
නිර්ව්‍යාජව අනෙකා දෙස බලන්නට, ආදරයේ මිහිර වි`දින්නට මේ මහපොළොවේ අපට කිසිදා ඉඩක් නොලැබෙන්නේ අශිෂ්ටත්වයේ දේශපාලනය ද අශිෂ්ටත්වයේ ධර්ම දේශනා නිසා බව ද වටහා ගැනීමට නිලේන්ද්‍ර අපට මග පෙන්වන්නේ, සිනාසෙමින් චිත‍්‍රපටය නැරඹූ අප මොහොතකින් උත්ප‍්‍රාසයේ සළු ගලවා දමා ඉකිගසන්නට, හ`ඩන්නට සැලැස්වීමෙනි. පශ්චාත් යුද සමය ප‍්‍රතිනිර්මාණය කළ ලංකාවේ අතළොස්සක් සිනමාකරුවන් අතර නිලේන්ද්‍රට අපගේ ආචාරය හිමි වන්නේ එහෙයිනි. සංස්කෘතික ජාතිවාදය ගසාකමින් ධනේෂ්වර ක‍්‍රමය හා පාරිභෝජනවාදයේ කරවටක් ගිලී සිටින දෘෂ්ටිවාදී නායකයන් දේශපේ‍්‍රමී නාමයෙන් අප ගොදුරු කොට ඇති අවාසනාවන්ත අනාගතය නිලේන්ද්‍රගේ ”තණ්හා, රතී, ර`ගා” චිත‍්‍රපටයේ යටි පෙළයි. ඒ ගැන සාකච්ඡා කරන්නට පෙර චිත‍්‍රපටය නරඹන්න යැයි යෝජනා කරමි. ඉනික්බිතිව වාද කරමු.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බලලාම තමයි අදහසක් කියන්න පුළුවන් (නි)
අනේ අපිට කිසි දෙයක් තේරුම් ගන්න බැරි තරමට මේ භාෂාව හොල්මන්නේ.(හේ)
මට නම් අවන්කවම මේ භාෂාව තේරෙන්නේනේ නැත...ෆිල්ම් එකනම් හොදයි..(බ)
මෙවැනි අතිශයින්ම භාවාත්මක ශෘංගාරාත්මක ප්‍රකාශ තුලින් ගම්‍ය වන්නා වූ ස්වීය අභිප්‍රේරණය අවතල දර්පණයක් කරා ප්‍රගමණය වනුයේ. (නදී)
මට දොස්තර නන්දදාස කෝදාගොඩ මහත්තය කිව්ව කතාවක් මතක් වෙනවා. ඒ කාලේ මැලේරියා වසංගතය වලක්වන්න ලංකාව වටේම ගිහිල්ලා දේශණ තිබ්බලු. හැම තැනකදීම මේ දොස්තර මහත්තය කිව්වේ "නිශ්චල ජලය රැදෙන්න දෙන්න එපා, ඒවායේ තමා මදුරුවා බිත්තර දාන්නේ" කියල. එක තැනකදී එක්කෙනෙක් ඇහුවලු මොනවද මහත්තයෝ මේ "නිශ්චල ජලය" කියන්නේ කියල. ඒ එකතැන තියන ජලය කියල කියාදුන්නහම ඒ මනුස්සය කිව්වලු අනේ ඉතින් ඕකට "හිටි දිය" කියල කිව්වනම් ඉවරයිනේ කියල. (ර)
ෂාම් ...අමල්..මොහුගේ විචාරයන් අපට නොතේරීම අරුමයක් නෙවෙයි. ඒවා එයාටවත් තේරෙන්නේ නැතිලු. මොනවා වුනත් දැඩි සමාජ ද්වේශයකින් ඉන්නා බවක් නම් පෙනෙනවා. (නදී)
අනේ මට "ආයාචනාත්මකව බලකරන හැටි" කියාදෙන්නකෝ. (නි)
හොඳම විචාරයක් සර් සමාජයේ ඇත්ත සඳහන් කරලා තියෙනවා හුස්ම පහළ නොළා එක දිගට කියෙවුව ෆිල්ම් 1 බලන්න යනවා (බ)
ගොඩක් කාලෙකට පස්සේ අහම්බෙන් මම මේ චිත්‍රපටිය බැලුවා. ඇත්තටම ඒක බලපු එක ගැන මට පුදුම සතුටක් තියෙන්නේ. අද අපි මේ ගතකරන පශ්චාත් යුධ සමයේ පැහැදිලි පැතිකඩක් මේ චිත්‍රපටියෙන් නිරූපණය වෙනවා. ගොඩක් අයට උපුල් ශාන්තගේ විවේචනය වැඩක් නැහැ වගේ.ඒත් ඒක තමා ඇත්ත කතාව. ඒක තේරෙන්නේ නැති එක අපේ අඩුපාඩුවක් නොවේ. (නි)
මේ කිසිම දෙයක් තෙරෙන්නේ නෑ.(හේ)
මෙම ගත්කරුවා නාමකරණයෙන් අර්ථ දක්වා අැති දේ සහ ඒහි ගැබි වී අැති මුඛ්‍යාර්ථයන් ඔබලාට නොවැටහීමට හේතුව ඔබලා ගෝලීයකරණය තුලින් බටහිරකරණයවී ඒම අනුකරණයන් තුලින් වානිජකරණයට හසුව අැති නිසාය.(හේ)
මොන චිත්‍රපටියද?(හේ)
මම නැවත කියනවා මිනිස්සුන්ට නිරුවත්වෙන්න කියන ඔයා අඩුමගානේ අමුඩයක්වත් ගහන එකක් නෑ. (ස)