IMG-LOGO

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කළ හැකිද?

SLMA_22.qxd

SLMA_22.qxd   

 

මීට දින කීපයකට ඉහතදී දිවයින පුරා පිහිටි බන්ධනාගාර රැුසක රැුඳවුම් භාරයේ සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ යැයි කියන සැකකරුවන් විශාල පිරිසක් ආහාර වර්ජනයක නියැළුණේ එක්කෝ තමන්ට නිදහස හෝ නැත්නම් නඩු විභාග කර දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමිනි. එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 237ක පිරිසක් මෙලෙස උපවාසයෙහි යෙදුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. 

 


මෙම සිරකරුවන් විසින් ආරම්භ කරනු ලැබූ උපවාසය රටේ වඩාත් කතාබහට ලක්වූයේ එක් පැත්තකින් ඔවුන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ඍජු හෝ වක‍්‍ර සම්බන්ධතා පැවැත්වූයේ යැයි හෝ එම සංවිධානයෙහි ත‍්‍රස්ත කි‍්‍රයාවලට අනුබල දුන්නේ යැයි සැකකරමින් අත්අඩංගුවට ගෙන තිබූ පිරිසක්වීම නිසාය. තවත් පැත්තකින් එලෙස උපවාසයට එක්වූ සිරකරුවන්ගෙන් වැඩි දෙනකු වසර දහය පහළොව වැනි දීර්ඝ කාලයක සිට නඩු පැවරීමකින් තොරව බන්ධනාගාරගතව රඳවා තැබීමය. ඔවුන්ගේ මූලික ඉල්ලීම වී තිබුණේද තමන්ට එරෙහිව නඩු පවරා දඬුවම් ලබාදීම හෝ නැතිනම් නිදහස ලබාදීමය. 


සිරකරුවන්ගේ මෙම උපවාසය මාධ්‍ය ඔස්සේ පුළුල් ප‍්‍රචාරයකට ලක්වීමත් සමඟ රජයේ මෙන්ම සිවිල් සමාජයේ අවධානය ද ඒ දෙස සැණින් යොමුවූ අතර මෙම සිරකරුවන් දේශපාලන සිරකරුවන් පිරිසක් බවටත් ත‍්‍රස්තවාදී සිරකරුවන් පිරිසක් බවටත් වන විවාදය සිවිල් සමාජයේ දෙපිරිසක් අතර මතු වන්නට විය. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වරෙක ප‍්‍රකාශ කළේ ලංකාවේ දේශපාලන සිරකරුවන් නැති බවත් උපවාසයේ යෙදෙන එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවත්ය. මීට වෙනස්ව දකුණේ ඇතැම් සිවිල් සංවිධාන මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද කියා සිටියේ මොවුන් සියලූ දෙනා දේශපාලන සිරකරුවන් බවත් ඔවුන් වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක වීම අත්‍යවශ්‍ය බවත්ය. උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් මෙම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලීමක් කර තිබූ බවට ද තොරතුරු වාර්තා විණි.

 

SLMA_22.qxd

ආචාර්ය ජෙහාන් පෙරේරා 
ජාතික සාම මණ්ඩලය


මේ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කොළඹ මැගසින් බන්ධනාගාරයේ එලෙස උපවාසයේ නියුතු රැුඳවූවන් සමඟ සාකච්ඡුා කිරීමට ඉකුත් දිනෙක එහි ගිය අතර සාකච්ඡුාව අවසානයේ ඔහු මාධ්‍යයට පවසා තිබුණේ මේ වසර අවසන්වීමට පෙර එම සිරකරුවන් සම්බන්ධයෙන් අවසන් විසඳුමක් ගන්නා බවය. එහිදී ඔහු අවධාරණය කළ තවත් කාරණයක් වූයේ මෙලෙස අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගෙන් කීප දෙනෙකුට එරෙහිව පමණක් නඩු පවරා තිබෙන බවත් සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන ලිපිගොනු කඩිනමින් විමර්ශනය කර ඒවා සම්බන්ධ අවසන් තීරණයක් ද ගන්නා බවය.


අධිකරණ අමාත්‍යවරයා කියූ පරිදි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන මේ සැකකරුවන්ගෙන් නඩු පැවැරී තිබෙන්නේ කීප දෙනෙකු සම්බන්ධයෙන් පමණි. තවත් විශාල පිරිසක් වසර දහය පහළොව තිස්සේ හිර භාරයේ සිටින්නේ කිසිදු නඩු විභාග කිරීමකින් තොරවය. ඔවුන් සම්බන්ධයෙන් එල්ලවී තිබෙන චෝදනාවලට අදාළව නඩු පැවැරීමේ කටයුතු පසුගිය දශකයක කාලයේදී සිදු නොවීම බොහෝ දෙනකුට විමතියට කාරණයකි. දැනගන්නට ලැබෙන පරිදි මෙලෙස අත්අඩංගුවේ පසුවන සිරකරුවන්ගෙන් බහුතරයක් දෙනා සුළු චෝදනා මත අත්අඩංගුවට පත්වූවන්ය. තවත් සමහරුන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ඍජු හෝ වක‍්‍ර හෝ සම්බන්ධතා තිබූ බවට සැකකරමින් අත්අඩංගුවට පත්කර තිබේ. මොවුන් සම්බන්ධයෙන් මේ වසර අවසන්වීමට ප‍්‍රථම තීරණයක් ගන්නා බව රජය පාර්ශ්වයෙන් අවධාරණය කර තිබීම ඉතාමත් හොඳ තත්ත්වයකි. මන්ද සිරකරුවන් දේශපාලන සිරකරුවන් වුවත් ත‍්‍රස්තවාදී සිරකරුවන් වුවත් ඔවුන්ට එරෙහිව නගා තිබෙන චෝදනා පදනම් කොටගෙන නඩු පවරා හෝ ඔවුන් වැරැුදිකරුවන් හෝ නිවැරැුදිකරුවන් බවට තීරණය කිරීම වැදගත් වන නිසාය. රටේ නීතිය ඔවුන්ට ද පොදුවේ කි‍්‍රයාත්මක විය යුතුය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප‍්‍රධාන පෙළේ නායකයන්ව සිටි කරුණා අම්මාන්, කේ. පී. වැනි අය නිරුපද්‍රිතව සමාජයේ සිටින්නේ නම් සුළු චෝදනා මත අත්අඩංගුවට ගත් තමන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් නඩු පවරා සමාව හෝ දඬුවම් ලබා නොදීම තමන්ට කරන බලවත් අසාධාරණයකැයි එම රැුඳ වූවන් ප‍්‍රකාශ කරන්නේ නීතිය තමන්ටත් සාධාරණව කි‍්‍රයාත්මක විය යුතුය යන බලාපොරොත්තුවෙන් විය යුතුය. 


තමන් නිදහස් කරන ලෙස හෝ නඩු පවරා දඬුවම් දෙන ලෙස හෝ ඉල්ලමින් පසුගිය දිනෙක දී ආහාර වර්ජනයක නියැළුණු බන්ධනාගාර රැුඳවූවන් බහුතරය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත්වූවෝ වෙති. එම නීතිය ඉතාමත් දරුණු එකකි. වර්තමාන ආණ්ඩුව ද ඒ බව පිළිගනී. මේ නීතිය වෙනස් කළ යුතු බව ජිනීවා සම්මුතිය මගින්ද ආණ්ඩුව පිළිගෙන තිබේ. ඒ අනුව දැනට කි‍්‍රයාත්මක ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට ගැලපෙන ආකාරයේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා වැළැක්වීමට සම්බන්ධ නීතියක් ගෙනායුතු බව ආණ්ඩුවේද ස්ථාවරය වී තිබේ. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය අහෝසි කළහොත් එම නීතිය යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින සිරකරුවන් සියලූදෙනා නිදහස් විය යුතුය. මෙම නීතියෙහි ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ සැකකරුවකු සිදුකරන පාපොච්ඡුාරණයක් මගින් ඔහු හෝ ඇයව හෝ අත්අඩංගුවේ තබා ගැනීමට ඇති හැකියාවයි. එහිදී ආරක්ෂක හමුදා විසින් සපයනු ලබන දත්ත අත්‍යවශ්‍ය වන්නේ නැත. සැකකරුවන්ට වධහිංසා කිරීම මගින් ඉතාම පහසුවෙන් ඔවුන්ගෙන් පාපොච්ඡුාරණ ලබාගත හැකි බව අපි දනිමු. සේයා දැරිය සම්බන්ධ සිදුවීමේදී මේ තත්ත්වය වඩාත් හොඳින් දැක ගන්නට ලැබිණි. එහිදී කීප දෙනෙකුම පාපොච්ඡුාරණ සිදුකරමින් ප‍්‍රකාශ කළේ සේයා දැරිය ඝාතනය කළේ තමන් බවය. නමුත් ඩි. එන්. ඒ. (DNA) පරීක්ෂණ වාර්තාව නිකුත් වූ පසු එම පාපොච්ඡුාරණ බොහොමයක් අසත්‍ය ඒවා බව ඔප්පු විය. එයින් පෙනෙන්නේ එම සැකකරුවන් මෙලෙස අසත්‍ය පාපොච්ඡාරණ සිදුකර තිබෙන්නේ ඔවුන්ට දරුණු වධහිංසා දී තිබෙන නිසා බවය. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ මෙම නීතිය දැන් ඉවත් කළ යුතු බවය. ඒ වෙනුවට ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට ගැළපෙන නීතියක් හඳුන්වා දිය යුතුය.


අනෙක් වැදගත් කාරණය නම් මේ විදියට රැඳවුම් භාරයේ සිටින සැකකරුවන් වසර පහළොවකට අධික කාලයක් නඩු පැවැරීමකින් තොරව අඛණ්ඩව සිර භාරයේ තැබීමය. ඔවුන්ගෙන් සමහරුන් කිසිදු චෝදනාවකින් තොරව මෙලෙස රඳවා තිබෙන බවට සාක්ෂි මගින්ද මේ වනවිට ඔප්පුවී තිබේ. ඒ අතර සිටින එක් ස්ති‍්‍රයක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ රැස්වීමකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාව මත වසර පහළොවක් තිස්සේ අත්අඩංගුවේ පසු වූ අතර එම කාලය අතරතුරදී ඇයට විවිධ වධ හිංසන සිදුකර ඇති බව ද හෙළිවිණි. අවසානයේදී ඇය කිසිදු චෝදනාවකට වැරැදිකාරිණියක නොවී නිදහස ලැබුවාය. මේ ආකාරයට කිසිදු චෝදනා විමර්ශනයකින් තොරව ඔවුන් අත්අඩංගුවේ තැබීම විශාල වරදකි. එය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්ද වන්නේය. අපේ ස්ථාවරය වන්නේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හෝ ඒවාට අනුබල දීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් සම්බන්ධයෙන් නඩු විභාග පවත්වා අවශ්‍ය කි‍්‍රයා මාර්ග ගත යුතු බවය. ඔවුන්ව ඔහේ නිදහස් කරන්නැයි කියා අපි නොකියමු. කළ යුත්තේ නීතිය අනුව කි‍්‍රයා කිරීමය. එසේ නොකරන්නේ නම් එය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන අතර රජය ඔවුන් සඳහා වන්දි ගෙවිය යුතුය. මන්ද, ඔවුන් කිසිදු නඩු කටයුත්තක් නොමැතිව රැුඳවුම් භාරයේ සිටි වසර 15 කට අධික කාලය ඇතුළත විශාල මුදලක් උපයා ගැනීමේ හැකියාව පවා ඔවුන්ට අහිමිවී තිබෙන නිසාය. ඒ සඳහා ඔවුන්ට රජය වන්දි ගෙවිය යුතුය.


මෙලෙස අත්අඩංගුවේ සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් දේශපාලන රැඳවියන් බවට ඇතැමුන් පවසන විට තවත් සමහරු ඔවුන් ත‍්‍රස්තවාදී සැකකරුවන් වන බව පවසති. මෙහිදී මා පළමුව ප‍්‍රකාශ කරන්නේ එම සැකකරුවන් දේශපාලන අදහසක් ඇතිව එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වී හෝ එහි කි‍්‍රයාවලට අනුබල දී හෝ ඇති බවය. නමුත් හිංසනය භාවිත කරමින් නීතිය උල්ලංඝනය කර ඇත්නම් ඔවුන් දේශපාලන සිරකරුවන් වශයෙන් පමණක් හැඳින්විය නොහැකිය. සාමාන්‍යයෙන් දේශපාලන සිරකරුවෙකු හැටියට අප සළකන්නේ හිංසනයෙන් තොරව දේශපාලන කි‍්‍රයාකාරකම් සිදුකරන පුද්ගලයෙකි. ඔහු අතින් නීතිය උල්ලංඝනය වීමට පුළුවන. නිදසුනකට මහත්මා ගාන්ධිතුමා නීති උල්ලංඝනය කළේය. එබැවින් ඔහු දේශපාලන සිරකරුවෙකි. නෙල්සන් මැන්ඩෙලා ද එවැන්නෙකි. නමුත් ඔවුහු ත‍්‍රස්තවාදී සිරකරුවෝ නොවූහ. ඔවුහු හිංසනයෙන් නීතිය උල්ලංඝනය නොකළෝය. කෙසේ වෙතත් අත්අඩංගුවේ පසුවන ඔවුන් සියලූදෙනාම දේශපාලන සිරකරුවන් වශයෙන් සැළකීමට මම කැමැති නොවෙමි. මන්ද ඔවුන්ගෙන් සමහරුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වී විශාල වැරැුදි කළ පුද්ගලයන් වන්නට ද හැකි නිසාය.


මේ වසර අවසන්වීමට පෙර මෙම සැකකරුවන් සම්බන්ධයෙන් නිසි පියවරක් ගන්නා බව ජනාධිපතිවරයා මේ වන විටත් ප‍්‍රකාශ කර තිබේ. මා සිතන පරිදි එය කළ හැක්කකි. එම සිරකරුවන්ගෙන් බහුතරය වසර පහළොවකට අධික කාලයක් අත්අඩංගුවේ පසුවූ බැවින් ඔවුන් පිළිබඳ සොයා බැලීමට ආණ්ඩුවට  ඕනෑ තරම් කාලය තිබිණි. ජනාධිපතිගේ තීරණය එලෙසින්ම කි‍්‍රයාත්මක විය යුතුය කියා මම සිතමි. එසේ කළහොත් මේ ආණ්ඩුව ගැන දෙමළ ජනයා අතර විශ්වාසයක්ද ගොඩනැෙඟ්. අනෙක් කාරණය නම් මේ තරම් කාලයක් යනතුරු මෙම සිරකරුවන් සම්බන්ධයෙන් නිසි අධිකරණ කි‍්‍රයාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට පමණක් ඇඟිල්ල දිගු කළ නොහැකිය. පසුගිය අවුරුදු කීපයේ දී නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන බලපෑම්වලට යටත්විණි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිකළ ප‍්‍රතිපාදන සමඟ එම දෙපාර්තමේන්තුවට යළිත් ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව උදාවේ. කෙසේ වෙතත් මේ කාරණයට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවටද නිදහස් විය නොහැකිය. මෙම සිරකරුවන් සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක නොවීම ගැන මේ ආණ්ඩුව පමණක් නොව පසුගිය ආණ්ඩුද වගකිව යුතුය. මන්ද සිරගතව සිටින සැකකරුවන් බොහෝ දෙනා වසර දහය පහළොව වැනි දිගු කාලයක පටන් මෙලෙස සිටින නිසාය. මෙය රටේ දේශපාලනඥයන්ගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් නොවන අතර ආයතනික ප‍්‍රශ්නයකි. අලූත් ආණ්ඩුව එම තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ දරන අතර එය ඉතාම හොඳ තත්ත්වයකි. 


මෙලෙස අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට එල්ලවී තිබෙන චෝදනා විභාග නොකර ඔවුන්ට පොදු සමාවක් පිරිනැමීම සුදුසු නැති බව මගේ මතයයි. වඩා වැදගත් වන්නේ සෑම දෙයක්ම නීත්‍යානුකූලව කිරීමය. පළමුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය. දෙවැනිව සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට තරම් කරුණු කාරණා නීතිපති දෙපාර්තමේන්තුව සතුව නැත්නම් ඔවුන් නිදහස් කළය යුතුය. එසේ නොකර සමාවදීම යෝග්‍ය නැත. යම්කිසි තාක්ෂණික හේතුවක් මත ඔවුන්ව නිදහස් කළ නොහැකි නම් සමාව දුන්නාට ගැටලූවක් නැත. තව කාරණයක් නම් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත්පසු ඔහු හෝ ඇය නිදහස් කිරීමට බියක් දැක්වීමය. ඊට හේතුව වන්නේ එසේ නිදහස් කිරීමේදී වගකීමක් සහිතව එය කළ යුතු වීමත් නිදහස් කිරීමෙන් පසු එම තීරණයෙහි දෝෂ සහගත බවක් ඇති බව හෙළි වුවහොත් එසේ නිදහස් කිරීමට මුල්වූ පුද්ගලයාට සියලූදෙනා ඇඟිල්ල දිගු කිරීමත්ය. අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් වගකීමක් ගැනීමට බලධාරීන් දක්වන බිය ද මේ තත්ත්වයට හේතුවකි


සුළු සුළු චෝදනා ලත් පුද්ගලයන් මෙලෙස නඩු විභාග නොකර සිර භාරයේ තැබීමත් කුමරන් පද්මනාදන් (කේපී) හා කරුණා අම්මාන් වැනි එල්.ටී.ටී.ඊ.යේ හිටපු ප‍්‍රධාන ගණයේ නායකයන් සම්බන්ධයෙන් කිසිදු නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමක් සිදු නොවීම ගැනත් සමහරු මැසිවිලි නගති. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා රජයට විශාල වැරැුදි කළ බව සත්‍යය. නමුත් අවසානයේදී ඔවුහු ලංකාණ්ඩුවට උදව් කළහ. එතනදී කරුණා අම්මාන් විශේෂයෙන්ම වැදගත් වේ. ඒ ගැනද අපි සිතිය යුතු වෙමු. නමුත් ඔවුහු විශාල අපරාධ කි‍්‍රයාකළ පුද්ගලයෝ වෙති. මගේ අදහස නම් ඔවුන්ද නීතියට  යටත්විය යුතු බවය. එසේ නීතිය කි‍්‍රයාත්මක කිරීමෙන් පසු ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට ඔවුන් සම්බන්ධයෙන් දේශපාලන තීරණයක් ගත හැකිය.

m



අදහස් (0)

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කළ හැකිද?

සමුරායි Monday, 26 October 2015 11:02 AM

මෝටාර් එක විදින කොට එකත් එක්ක විදපු එකාගේ ඩී එන් ඒ එකත් ගිහින් , එ්කෙන් තමා මැරුණු අය දැනගෙන තියෙන්නේ විදපු එක ගැන , හරි මාරයි (බ)

:       0       0

විපුල Thursday, 29 October 2015 01:19 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 27 October 2015 07:28 AM

දැන්වත් නිතිය අනුව හරියාකාරව කටයුතු කරන්න උනන්දු උනොත් ලෝකයාගෙන් එන මැසිවිලි අවම කරගත හැකිය. (ර)

:       0       0

සංජය Tuesday, 27 October 2015 08:51 AM

ඔප්පු කර ගත නොහැකි උනත් මෙම සැක කරුවන් අනියමින් හෝ ත්‍රස්තවදයට උදව් කලවුන් විය හැකිය. දඬුවම් කිරීමට වඩා මෙම අය පුනරුත්ථාපනය කර නිදහස් කරනවා නම් ඉතා හොඳය. ත්‍රස්තවාදයේ බිහිසිණු කම අපි හොඳින් අත්විඳපු ජාතියක්. ඒක අමතක කරන්න එපා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු දහමේ කියැවෙන රාජ්‍ය පාලනය
2025 මැයි මස 14 41 0

ලෝකයේ විවිධ රටවල් විවිධ රාජ්‍ය පාලන ආකෘති අනුව පාලනය වේ. රාජාණ්ඩු, සමූහාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩු යනාදී කුමන ස්වරූපයේ ආණ්ඩුවක් ව


ජ.වි.පෙ. දශක හයක ගමන
2025 මැයි මස 14 165 0

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අද 14 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම රෝහණ විජේවීර සහෝදරයා පැවසූ ආකාරයටම නි


පළාත් පාලන මැතිවරණයේ ජය කාටද?
2025 මැයි මස 14 429 0

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂවල නායකයන්, බුද්ධිමතුන් සහ ඡන්ද නිරීක්ෂකයන් මෙන්ම විවිධ පක්ෂවලට අයත් විද්වතුන් විසින් වි


බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 313 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 858 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 194 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1389 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1596 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 416 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site