IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


එජාප නායකයා යටතේ පොදු විපක්ෂයක් හදන්න අපි සූදානම් නෑ

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඉකුත්දා හයිඞ් පිටියේ සංවිධාන කළ රැළියත් සමග උණුසුම් දේශපාලන කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ සම්බන්ධයෙන් ඔහු විමසමින් කළ සාකච්ඡාවකි.

 

තිස්ස අත්තනායක කියන පුද්ගලයා කරපු කතාව ගමේ ගොඬේ ඕපාදුප කියන රෑ කඩවල අය කරන කතාවක්.

ප‍්‍රශ්නය: හයිඞ් පිටියේ රැලිය සම්බන්ධයෙන් ඔබේ තක්සෙරුව කෙබඳුද? පිළිතුර: ඒක සාර්ථකයි. ඒ රැලියට සහභාගිවීමට හිටපු සමහරුන් සහභාගි වුණේ නෑ. ඒක ඒ අයගේ තීන්දු තීරණ ගැනීමේ ප‍්‍රශ්නයක්. සමහරු අන්තිම මොහොතේ රැලියට පැය තුනක් තිබියදී එන්නෙ නෑ කියලා තීරණය කළා. ඒ මාස එකහමාරක් තිස්සෙ රැලියට එන්න සූදානමින් ඉඳලයි. පෝස්ටරයටත් නම දාගත්තු අය. නමුත් ඒ අය ආවේ නෑ. එහෙත් සාර්ථකත්වය මම මනින්නෙ ආපු ජනතාවගෙන්. ජනතාව දහස් ගණනින් ආවා. මහා වර්ෂාවක් ආවා. හැබැයි මගේ අත්දැකීමක් තමයි අතීතයේ ඉඳලම හොඳ සාර්ථක වැඩක් පටන් ගන්නකොට අපි හැමදාමත් ලොකු වර්ෂාවකට අහුවෙලා තියෙනවා. ඒ වර්ෂාව මේකටත් ආවා. හැබැයි එහෙම තිබියදිත් ගඟක් වගේ සෙනග ආවා. පිට්ටනියෙ තුන් දාහක් විතර හිටියා. පාරවල් වහලා තිබුණේ. ඒත් වටේ තියෙන කඩවල ස්තෝප්පුවල දෙදාහක් විතර ජනතාව හිටියා. ඉතින් ජනතා ප‍්‍රතිචාර සියයට සීයක් සාර්ථකයි.     ප‍්‍රශ්නය: ඔබේ රැස්වීමට එජාපයේ මන්ත‍්‍රීවරුන් තුන් දෙනෙක් ආවා. එමගින් සිදු වුණේ විපක්‍ෂය දුර්වල වීමක් නේද? අද ඒ නිසා ඒ පක්‍ෂය ඇතුළෙත් ප‍්‍රශ්න? පිළිතුර: ඒ අය කඩලා අරගෙන මම ආණ්ඩවුට ගෙනියන්නේ නෑනේ. ඒ ගොල්ලෝ විපක්‍ෂයේම ඉන්නවා. විපක්‍ෂය දුර්වල වෙනවා කියලා කිව්වට තවත් දුර්වල වෙන්න දෙයක් ඉතිරි වෙලා නෑ. දුර්වල වෙලා කියන්නේ දුර්වලවෙලා අර හිරවෙච්ච කාණුවක් වගේ ගඳ ගගහා ඔහේ තියෙනවා. අපි හදන්නේ ඒ තත්ත්වයෙන් විපක්‍ෂය ගොඩ ගන්නයි. එතැනදි අපි අලූත් ගමනක් යන්න  ඕනෑ. අලූත් විදියට එකතු වෙන්න  ඕනෑ. ඒකට ඉතින් විපක්‍ෂයේ ඉන්න අයම තමයි සහභාගි වෙන්නේ. ඒ පක්‍ෂයට අයත් නැති විපක්‍ෂයේ වෙනත් පක්‍ෂවලට අයිති අයත් එතැන හිටියා. මේ මමත් එහෙම කෙනෙක්. ඒ නිසා විපක්‍ෂය කැඞීමක් කියලා මා පිළිගන්නේ නෑ. මම හැමදාම කියන්නේ සන්ධානගත වෙමු කියලයි. එක්සත් ජාතික පක්‍ෂයෙන් ආපු අය එක්සත් ජාතික පක්‍ෂය දාලා ආවේ නැහැනේ. ඒ පක්‍ෂයට හානියක් කරලා ආවේ නෑනේ. එක්සත් ජාතික පක්‍ෂයේ සමහරු බය වුණා. මේ පැත්තට කඩාගෙන එයි කියලා. එහෙම බය වෙනවනම් මට කරන්න දෙයකුත් නෑ. හැබැයි ඉතින් ඔය ඉන්න විදියට ඉඳලා වැඩකුත් නෑ. මොකද්ද තියෙන ප‍්‍රයෝජනය ඔහොම හිටියා කියලා.     ප‍්‍රශ්නය: එජාපයෙන් මන්ත‍්‍රීවරුන් කඩාගන්නේ නැතිව ආණ්ඩුවෙන් කවුරුහරි ගන්න උත්සහ කළානම් එමගින් විපක්‍ෂය ශක්තිමත් වෙනවා කියලා ඔබ හිතන්නේ නැද්ද? පිළිතුර: ආණ්ඩුවේ  ඕනෑ තරම් අය මාත් එක්ක සාකච්ඡා කරනවා. නමුත් මේ රටේ හැමෝම දන්නවනේ ආණ්ඩුවෙන් එළියට එන අයට මොන තරම් හිරිහැර වෙනවද කියලා. එයාට විතරක් නොවෙයිනේ. පවුලටයි දරුවන්ටයි පවා ප‍්‍රශ්න ඇති කරනවනේ. ඒ නිසා එන්න ඉන්න අය වෙලාව එනකම් බලාගෙන ඉන්නවා. මේ දාමරික  ආණ්ඩුවෙන් මොන තරම් හිරිහැර කරනවද? ඒ බයට ඉන්නවා මිසක් මේ යන ගමන අනුමත කරලා ඒ අය ඉන්නවා නොවෙයි.     ප‍්‍රශ්නය: කරු ජයසූරිය මහත්මයා අවසන් මොහොතේ රැලියට නොඑන්න තීරණය කළේ ඇයි? ඒ ගැන ඔබ හිතන්නේ මොනවද? පිළිතුර: මම හැම වෙලාවෙම හිතන්නේ ගමනක් යනකොට ඇත්තටම වැනි වැනි ඉන්න අය වැට උඩ ඉන්න කට්ටිය කලින් අයින් වෙන තරමට ගමන සාර්ථකයි. දුර්වල විස්සක් එක්ක යනවාට වඩා ශක්තිමත් පස් දෙනෙක් එක්ක යනකොට ගමන සාර්ථකයි. ඒක තමයි මගේ අතීත අත්දැකීම්. මම බලාපොරොත්තු වෙන්නෙත් එහෙමයි. තීන්දු තීරණ ගන්න බැරි, දුර්වල, අන්තිම මොහොතේ අතහරින අයත් එක්ක යන ගමනක් කවදාවත් සාර්ථක වෙන්නේ නෑ.     ප‍්‍රශ්නය: ඔබේ රැස්වීමට සහභාගිවන බවට පෝස්ටරයේ නම තිබුණු හුඟ දෙනෙක් ඔබේ රැස්වීමට ආවේ නෑ? පිළිතුර: ඒ අය නම දාන්න කිව්වා. එනවා කියලා පොරොන්දු වුණා. මහිම් මෙන්ඩිස් හා දඹර අමිල හාමුදුරුවො එහෙම එනවා කියලා කිව්වා. දඹර අමිල හාමුදුරුවෝ අන්තිම දවස් දෙකේ අපට සම්බන්ධ කර ගන්න බැරි වුණා. ෆෝන් එක  ඕෆ් කරලා තිබුණේ. අපි හිතනවා අපි දන්නවා උන්වහන්සේ දේශපාලන පක්‍ෂයකට යාව වැඩ කරනවා කියලා. අපි හිතන්නේ අමිල හාමුදුරුවන්ට ඒ දේශපාලන පක්‍ෂයෙන් බලපෑම් එන්න ඇති. ඒ නිසා ආවේ නෑ. හැබැයි එනවා කියලා අපට පොරොන්දු වුණා. නම දාන්නද කියලා ඇහුවමත් දාන්න කිව්වා. මහිම් මෙන්ඩිස් අපට කතා කරලා කිව්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කිව්වලූ එයා ඒකේ මාධ්‍ය ප‍්‍රකාශකයා හැටියට ඉන්න නිසා මේක දේශපාලන රැස්වීමක්. ඒ වගේ එකකට යන්න එපා කියලා. මේකට ගියොත් ඒ අය කරන සටනත් දේශපාලන සටනක් කියලා අර්ථ ගන්වයි කියලා කිව්වලූ. ඒ නිසා එන්නේ නෑ කිව්වා. හැබැයි එතුමා අපිට රැස්වීමේ කියන්න කියලා පිටු හතරක පණිවිඩයක් එවලා තිබුණා. එදා අධික වර්ෂාව නිසා ඒක කියවන්න බැරි වුණා. නමුත් එයා අපත් එක්ක ඉන්නවා හිතින්.     ප‍්‍රශ්නය: එජාපයත් එක්ක ඔබ මේ රැස්වීම ගැන කතා කළාද? පිළිතුර: එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා පවා මේගැන දැනුම්වත් කරලා තිබුණේ. ඔහුගේ මව සහභාගි වුණා. සාකච්ඡා වට දෙකකට. ඊට පස්සේ කරු ජයසූරිය... එයා එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට තරග කරපු කෙනෙක්. හිටපු නියෝජ්‍ය නායකයා. ඔහු මේ සාකච්ඡාවලට සහභාගි වුණා. මේක මම කරපු එකක් නොවෙයි. භික්‍ෂු සංගමයෙන් තමයි මේක සංවිධාන කළේ. මම එක්සත් ජාතික පක්‍ෂයට ආරාධනා කරන්න අවශ්‍ය නෑ. භික්‍ෂු සංගමය එක්සත් ජාතික පක්‍ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන්ට ආරාධනා කළා. අපටත් කළේ එහෙම ආරාධනාවක්. අපි ආරාධනාව පිළිගත්තා. අරකට්ටිය පිළිගත්තේ නෑ.     ප‍්‍රශ්නය: ඔබ කියන්නේ සජිත්, කරු දෙපළ අවසාන මොහොතේදී ඔබව අතරමං කළා කියලද? පිළිතුර: මාව නොවෙයි. මේක සංවිධාන කළේ භික්‍ෂු සංගමයනේ. මේක මගේ රැස්වීමක් නොවෙයි.     ප‍්‍රශ්නය: 2010 ජනාධිපතිවරණයේදී ඔබට උදව් කරපු එජාපයට මෙහෙමෙද කෘතගුණ දක්වන්නේ කියලා එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා අසා තිබුණා. ඒ වගේම ඔහු කියා තිබුණා. එදා එජාපය ගත්තේ වැරැදි තීරණයක් කියලා. පිළිතුර: එක්සත් ජාතික පක්‍ෂය කැඩෙනවා නම් ඒක පක්‍ෂයේ ප‍්‍රශ්නයක්. පක්‍ෂයේ මොකක් හරි ප‍්‍රශ්නයක් තියෙනවානම්නේ ඒක කැඩෙනවානම් කැඩෙන්නේ. ඒකට ඉතින් අපට බැනලා වැඩක් නෑ. එතකොට තිස්ස අත්තනායක කියන පුද්ගලයා කියපු කතාව මේ සාමාන්‍යයෙන් ගමේ ගොඬේ  ඕපාදුප කියන රෑ කඩවල අය කරන වර්ගයේ කතාවක්. මම ඒකට සුදුසු නැත්නම් වැරැදි මිනිහාමනම් ගෙනාවේ එහෙමනම් ඒ තීන්දුව ගත්තේ එයාලගේ නායකයා. ජනාධිපතිවරණය කියන්නේ රටේ තියෙන වැදගත්ම මැතිවරණයයි. ඒකට වැරැදි පුද්ගලයෙක් ගෙනාවේ කියලා ඒ ගොල්ලේ දැන් පිළිගන්නවානම්... තිස්ස අත්තනායකගේ කතාව රනිල් වික‍්‍රමසිංහ පිළිගන්නවා නම් රනිල් මහත්මයා එයාගෙ දේශපාලනය අවසන් කරන්න  ඕනෑ. එයා පක්‍ෂයට උත්තර දෙන්න  ඕනෑ. එහෙම උත්තර දීලා එයා පක්‍ෂයෙන් යන්න  ඕනෑ. නායකයා ඒ කතාව අනුමත කරන්නේ නැතිනම් නායකයා ගත්ත තීරණයක් ලේකම්වරයා හැටියට මෙයා විවේචනය කරනවා. සදාචාරයක් සහිත දේශපාලනයක් තියෙන රටක සිද්ධ වෙන්න  ඕනෑ. වැරැුදි කෙනා ගෙනාවා කියලා නායකයා රටට කියලා පක්‍ෂයෙන් යන එකයි. එහෙම නැත්නම් තිස්ස අත්තනායක නායකයා විවේචනය කළ නිසා ඔහු පක්‍ෂයෙන් යා යුතුයි.     ප‍්‍රශ්නය: ඔබ දේශපාලනයට අරගෙන ආපු ජවිපෙත් එජාපයත් අද ඔබ සමග නෑ. එහෙම වෙන්නේ ඇයි? පිළිතුර: ජනතා විමුක්ති පෙරමුණ කොහොමටත් හැමදාමත් දේශපාලනය කරන්නේ ඒ අයගේ න්‍යාය පත‍්‍රයට. අරවගේ වෙලාවක එකතු වුණා. ජනාධිපතිවරණයේදී ඒ අය එකතු වෙනවා. මහ මැතිවරණයකදී එකතු වෙනවා. ඊට පස්සෙ පක්‍ෂයේ න්‍යාය පත‍්‍රයට අනුව වැඩ කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් තාමත් ඉන්නේ අපේ සන්ධානයේ. ඒ සන්ධානයේ ලේකම් තවමත් විජිත හේරත්. මම නායකයා. ඒ සන්ධානය විසුරුවා හැරලා නෑ. ජනතා විමුක්ති පෙරමුණේ තත්ත්වය ඒකයි. එක්සත් ජාතික පක්‍ෂය ගැන දිගින් දිගටම කතා කරන්න මම කැමති නෑ. දේශපාලන අවබෝධය පොඞ්ඩක් හරි තියෙන අය දන්නවා අද ඒ පක්‍ෂයට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. පක්‍ෂය ඇතුලේ ප‍්‍රශ්න තියාගෙන අපත් එක්ක ගමනක් යන්න බෑනේ. අර ප‍්‍රශ්නය විසඳ ගන්න එපැයි ඉස්සෙල්ලා. ඒ ප‍්‍රශ්නය නිසා නායකයා එළියට දාන්න කට්ටියක් මර ළතෝනි දෙනවා.  මූලස්ථානයට ගල් ගහනවා. එහෙම තිබියදී කොහොමද ඒ ගොල්ලො අපේ ප‍්‍රශ්නවලට මැදිහත් වෙන්නේ?     ප‍්‍රශ්නය: 2010 ජනාධිපතිවරණයේදී අවස්ථාවාදී ලෙස ඒ හැම ඔබව ප‍්‍රයෝජනයට ගත්තා කියලා ඔබ හිතන්නේ නැද්ද? පිළිතුර: ජනතා විමුක්ති පෙරමුණ හැම වෙලාවෙම මහමැතිවරණයකදී සන්ධානයකට ගියා. එහෙම නොගියොත් ඒ ගොල්ලන්ට ලක්‍ෂ දෙකක් විතර තමයි ඡන්ද තියෙන්නේ. ඒ නිසා තනියම ගියොත් පාර්ලිමේන්තුවට යන්න බෑ.  ඕන්නම් ජාතික ලැයිස්තුවෙන් එකක් හම්බ වෙයි. ඒ නිසා ඒ අය පිළිඅරගෙන තියෙනවා මැතිවරණවලදී සන්ධානයකට යන්න  ඕනැ කියලා. ඒක ඒ අයගේ ප‍්‍රතිපත්තිය.     ප‍්‍රශ්නය: හයිඞ් පිටියේ රැස්වීමට ඔබේ පක්‍ෂයේමඅර්ජුන රණතුංග  මන්ත‍්‍රීවරයා ආවේ නෑ. ඒ ඇයි? පිළිතුර:  අර්ජුන රණතුංග මන්ත‍්‍රීතුමා එනවා කිව්වා. පෝස්ටරයේ නම දාන්නද කියලා ඇහුවම හා කිව්වා. ඊට පස්සේ එයා රට ගියා. 16 වැනිදා ලංකාවට එනවා කිව්වා. ඒ අතරෙදී මට කිව්වා එංගලන්තයේ තියෙන එයාගේ ගෙයක් විකුණන්න තියෙනවා කියලා. ඒක කරගන්න  ඕනෑ. ඒක මේ වෙලාවේ එයාට තියෙන ලොකු ප‍්‍රශ්නයක්. එංගලන්තයේ ඉගෙන ගනිමින් ඉන්න එයාගේ ළමයින් වෙන රටකට යනවා. ඒ වගේ ප‍්‍රශ්න ටිකක් කිව්වා. එතැනින් එහාට එයාගේ පෞද්ගලික ජීවිතය මට හාරන්න බෑ. එයා තීරණය කළ යුත්තේ මේ රැලිය එයාට වැදගත්ද? ගේ විකුණන එක වැදගත්ද කියලයි. ඒකට මට බලපෑම් කරන්න බෑ. ඒක තමයි එතැන වුණේ. ඔහුගේ නොපැමිණීමට අදාළව මම දන්න හේතු ඒවායි.     ප‍්‍රශ්නය: ටිරාන් අලස් හා අර්ජුන රණතුංග කියන මන්ත‍්‍රීවරුන් සමග දැනට ඔබේ දේශපාලන සම්බන්ධයක් නැද්ද? පිළිතුර: අර්ජුන තාම පිටරට ඉන්නේ. ටිරාන් අලස් පසුගිය දවස්වල අපි කරපු සාකච්ඡාවලට සහභාගි වුණේත් නෑ. ඔහු වෙනම මතයක ඉන්නේ. ඔහු ප‍්‍රකාශ කරලා තිබුණා සන්ධානයක් හදනවා නම් ඒකෙන් රජයට පහර දුන්නොත් ඒ පහර දීමෙන් එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රයෝජනයක් ගනීවි කියලා. ඒ වගේ මතයක් ඔහුට තියෙනවා. මා එක්ක විතරක් නොවෙයි තවත් හුඟ දෙනෙක් එක්ක එයා ඒක කියලා තිබුනා. එයා මේ මතයේ ඉන්නවා. මම තාමත් ඉන්නේ පොදු විපක්‍ෂයක් හදන මතයේ හා මගේ පක්‍ෂය හදාගන්න මතයෙයි. ඒ නිසා අපට හමුවෙලා කතා කරන්න තරම් දෙයක් වුණේ නෑ.     ප‍්‍රශ්නය: රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ ප‍්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයක් හදලා තියෙනවා. ඇයි ඔබ ඒකට යන්නේ නැත්තේ? පිළිතුර: ඒක එජාප නායකයාගේ ප‍්‍රධානත්වයෙන් තියෙන එකක්. මම හැම වෙලාවෙම කිව්වේ පොදු විපක්‍ෂයක් හදමු. ඒක නායකයෙක් නැතිව හදමු කියලා. නායකයෙක් අවශ්‍ය වෙයි ජනාධිපතිවරණයක් එහෙම එනකොට. ඒ වෙලාවට ජනතාවගේ සිතුම් පැතුම්වලට අනුව තීරණය කරමු කියලා. එහෙම නැතිව එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා යටතේ පොදු විපක්‍ෂයක් හදන්න අපි සූදානම් නෑ. ඒකට හේතුව තමයි එජාපය ඇතුලේ ප‍්‍රශ්න තියෙනවා. නායකත්ව ගැටලූවක් තියෙනවා. ඒ නායකත්වය පිළි අරගෙන ඒ වේදිකාවට අපි නැග්ගොත් ඒ ප‍්‍රශ්නයෙම කොටසක් බවට පත්වෙන්න අපිටත් සිද්ධ වෙනවා.     ප‍්‍රශ්නය: ඔබ හිතනවද ඔබේ නායකත්වය යටතට රනිල් වික‍්‍රමසිංහ මහතා එයි කියලා...? පිළිතුර: මම කියන්නේ නෑනේ මගේ නායකත්වය යටතේ එන්න කියලා. මම කියන්නේ සන්ධානයක් හදමු කියලා. දැන් එතකොට එදා එතුමා මගේ යටතේ හිටියා කියලද ඔබතුමා හිතන්නේ. එහෙම හිටියානම් ඉතින් ඉදිරියෙදීත් ඉන්න පුළුවන්නෙ.     ප‍්‍රශ්නය: දැන් ඔබේ ඉදිරි කි‍්‍රයා මාර්ග මොනවාද? කොහොමද ඔබ ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නේ? පිළිතුර: ඉදිරියේදී මම මගේ පක්‍ෂය හදනවා. මට දේශපාලන පක්‍ෂයක් අවශ්‍යයි. අපේ අනුගාමිකයෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අනිත් පක්‍ෂ ගැන කලකිරුණු විශාල පිරිසක් ඉන්නවා. ඒ අය ඒ ඉල්ලීම තදින්ම කරනවා. ඒ නිසා පක්‍ෂය හදන්න  ඕනෑ. විපක්‍ෂයත් ඒකට එකතු කළ යුතුයි. නායකත්වය කියන ප‍්‍රශ්නය අමතක කරලා විපක්‍ෂය එකට එකතු විය යුතුයි.     ප‍්‍රශ්නය: ඔබේ වේදිකාවට නැග්ග එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් තිදෙනාගේ දේශපාලන අනාගතය බාර ග්නන ඔබ සූදානම්ද? පිළිතුර: අනිවාර්යයෙන්ම. ඒක අද අපේ ප‍්‍රමුඛතම කාර්යයක්. ඔවුන්ගේ ආරක්‍ෂාව දේශපාලන අනාගතය වෙනුවෙන් අපට යම් කැප කිරීමක් කරන්න වුණොත් ඒක කරන්න අපි සූදානම්. මොකටද ඔවුන් වැරැදි වැඩක් කළේ නෑ. ඔවුන් රජයට විරුද්ධව භික්‍ෂු සංගමය සංවිධාන කරපු රැස්වීමටයි ආවේ. නැතිව මගේ වේදිකාවට නොවෙයි. ඔවුන් කරපු වැඬේ හරි හින්දා විපක්‍ෂයේ දේශපාලනඥයෙක් හැටියට ඔවුන්ට අවශ්‍ය  ඕනෑම ශක්තියක් ලබා දෙනවා. ඒක සහතිකයි.

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ නායක සහ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා

සාකච්ඡා කළේ - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

එජාප නායකයා යටතේ පොදු විපක්ෂයක් හදන්න අපි සූදානම් නෑ

කසුන් Sunday, 28 October 2012 11:27 PM

මොනවද මේ වෙන්නේ??

:       0       0

අමිල Sunday, 28 October 2012 01:28 PM

අපි ඔබතුමාට එක හිතින්ම සුභ පතනවා! (නි)

:       0       0

පස්සරමුල්ලේ දයාවංස හාමුදුරැවෝ Monday, 29 October 2012 10:26 AM

මේ අභිත නායකයාගේ ගමන් මග කොළ රතු දේශපාලනයෙන් අවුල් කළා.මොනවා වුණත් ඔබ දැය පුබුදු කළ රණවිරුවෙකි. ඔබට ජය වේවා! (නි)

:       0       0

සුමනා Monday, 29 October 2012 11:53 AM

එස්.එෆ්.ට කොච්චර අත්දැකීම් තිබුණත් ජේවීපී යට සහ යූඑන්පී යට අහුවුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 660 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 450 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 350 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1574 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 95 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 711 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 653 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1198 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site