IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


එක්සත් පෙරමුණකට දැන් හොඳම වෙලාවයි

රට තුළ පවතින ආර්ථික තත්ත්වය, දේශපාලන වාතාවරණය පිළිබඳ අද සඳුදා හමුවට අදහස් දක්වන්නේ නව සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්නය.   ⋆ පොදු විපක්ෂය එක්ව යාපනයේත්  එ.ජා.ප විකල්ප පිළ කොළඹත් වශයෙන් තරගකාරීබවකින් වෙන වෙනම මැයි රැලි පැවැත්වීම වාමාංශික නායකයකු වශයෙන් ඔබ දකින්නේ කොහොමද? පැහැදිලිවම සජිත් පේ‍්‍රමදාස මහත්තයා එක්සත් ජාතික පක්ෂය ජාතිවාදී යුදවාදී පක්ෂයක් හැටියට ගොඩනැගීමේ බරපතල කාර්යයට යම් යම් බලවේග විසින් ගොනුකරගෙනයි තිබෙන්නේ. ඒගොල්ල සමරන්න යන්නෙත් පේ‍්‍රමදාස දිනය මිසක් මැයි දිනය නෙවෙයි. දැන් එයා වටේ ඉන්න න්‍යයාචාර්යවරු මහින්දට වඩා හොඳ මහින්ද කෙනෙක් වෙන්න තමයි පේ‍්‍රමදාසට යෝජනා කරන්නේ . නමුත් මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය හදන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයගේ නායකත්වයෙන් වඩා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මට්ටමේ පක්ෂයක් විදියට ගොඩනැගිලා ජාතිවාදයට විරුද්ධව ටී.එන්.ඒ වගේ සංවිධානත් එකගකරගන්න පුළුවන් විසඳුමකට යන්නයි. එහිදී දෙමළ මුස්ලිම් ජනතාව අතර සන්ධානයක් ඇතිකරගෙන යන ගමනක් ගැනයි රනිල් මහත්තයා බලන්නේ. ඒ අනුව ජාතිවාදී යුධවාදී බලඇණිය හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සමගි බලඇණිය කියල පැහැදිලිවම දෙකට බෙදිල කටයුතු කරන්නේ. මේ දෙක පෑහෙන්නේනම් නෑ. මේක පුද්ගලයන් පිළිබඳ ප‍්‍රශ්නයක් නෙවෙයි. ගමන්මාර්ග අනුවයි එහෙම වෙන්නේ. මේ තත්ත්වය මත ඉදිරියේදී පක්ෂ දෙකක් විදියට කටයුතු කෙරෙන තැනටත් එන්න පුළුවන්. කොහොම වුණත් යාපනේ මැයි පෙළපාලියට හා රැස්වීමට අපි සහභාගීවී සහයෝගය දෙනවා. ඒ හැර අපේ පක්ෂය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලූව අනෙකුත් වාමාංශික පක්ෂ හා එකතුවී කොළඹ මැයි රැලියක් පවත්වනවා. ⋆ අධ්‍යාපන ඇමැතිවරයා රුපියල් 2500 කින් එක් අයෙකුට මාසයක් ජීවත්වියහැකි බවට කළ අභියෝගය මුලින්ම බාරගත්තේ ඔබයි. යම්හෙයකින් එම විවාදයට ඔබ ගියානම් මතුකරන මූලික කාරණය කුමක්ද? මම කිව්වේ මනුස්සයෙකුට ජීවත්වෙන්න පුළුවන් ගස්වල කොළ කාලත්. ඒක බුදුන් වහන්සේත් සිද්ධාර්ථ බෝධිසත්ව අවධියේදී සය වසරක දුෂ්කරක‍්‍රියා කාලයේදී ඔප්පු කළා. මනුස්සයෙක් වැඩි වැඩක් කරන්නේ නැතිනම් භාවනානුයෝගීව බොහෝම පහසුවෙන් එහෙම කරන්න පුළුවන්. ඒකට රුපියල් 2500 ක්  ඕනෙත් නෑ. එහෙම දුක් විඳින අයත් මේ සමාජයෙ ඉන්නවා. හැබැයි මේ ගොල්ලො කියන විදියට අපේ ජීවන මට්ටම උසස් වෙමින් තියෙනවනේ. ඒ අය කියනවා ඒක පුද්ගල ආදායම අනුව අපි දුප්පත් නෑ තරමක් පොහොසත් රටක් කියලා. හැබැයි ප‍්‍රශ්නෙ ඒක පුද්ගල ආදායමට අනුවවත් ජීවත්වෙන්න ලැබෙනවද කියන එකයි. දැන් ඔය කියන තත්ත්වය ඒක පුද්ගල ආදායමටත් ගොඩක් පහළයි. අපි ආණ්ඩුවක් පත්කරන්නෙ දුර්භික්ෂව දුෂ්කරක‍්‍රියා කරල ජීවත්වෙන්න නෙවෙයි. මේක ජනතාවට පටි තදකරගන්නය කියලා අධ්‍යාපන ඇමැතිවරය රජය වෙනුවෙන් තමන්ගෙ කොන්ත‍්‍රාත්තුව ඉෂ්ට කිරීමක්. ප‍්‍රලාපයක්. බොරුවක්. ⋆ ඉන්ධන මිල, බස් ගාස්තු, ගෑස්, කිරිපිටි සියල්ල ඉහළ ගියා. ඒත් මිනිසුන්ගේ ආදායම ඉහළ ගියේ නෑ. රුපියල අවප‍්‍රමාණය කිරීම මේවාට බලපාන ආකාරය ගැන කතාකලොත් ? ගෝලීය ධනවාදය හා සම්බන්ධ ඒජන්තවරුන්ට රට බාරදීමක් මේක යටින් තියෙන්නේ. කම්කරුවන් ගොවියන් අධිසූරාකෑමකට ලක්කිරීමක් විතරක් නෙවෙයි දේශීය ධනපතියන් ජාත්‍යන්තර ධනවාදයේ බිල්ලට දීමක් මේ පසුබිමේ තියෙනවා. රටපුරා මෙයට විශාල විරෝධයක් මතුවෙමින් තිබෙනවා. ආණ්ඩුව ඒක මැඩගෙන යන්නයි හදන්නේ. රටේ දේපළ පිළිබඳ අයිතිය ජාත්‍යන්තර බලවේගවලට දීල ඔවුන් සමග ආරක්ෂක ගිවිසුම් ගහගෙන විශාල වශයෙන් ණය ගත්තා. ඩොලර් බිලියන 2.6 ක් ගත්තා මූල්‍ය අරමුදලෙන්. එයත් එක්ක තිබෙන ගනුදෙනුව පෙන්නලා වෙනත් පෞද්ගලික ආයතනවලින් බැංකුවලින් තවත් බිලියනයකට වැඩිය අරන් තියෙනවා. ඒ සල්ලිවලින්  හදපු සමහර දේවල් කාටවත් ප‍්‍රයෝජනයක් නැති හිස් දේවල් බවට පත්වෙලා. නැව් එන්න බැරි වරායවල්. පණගන්වන්න බැරි බලාගාර. ඒ විදියට සල්ලි හොරාකාල තියෙනවා. සීයට 25 ක් විතර හොරාකාල. සීයට 25 ක් විතර නාස්ති කරල. සීයට 50 ක් වගේ යොදල තියෙන්නේ. ඒවායිනුත් ප‍්‍රයෝජනයක් නැති තැනට ඇවිල්ලා දැන්. ආණ්ඩුවෙ වැරැද්ද සම්පූර්ණයෙන් ජනතාව පිටින් යවන වැඩක් මේ වෙන්නේ. ⋆ ආණ්ඩුව කුඩා කාර්, යතුරු පැදි, ත‍්‍රී රෝද වැනි පහළ සමාජ ස්ථරවල මිනිසුන්ගේ යානවාහනවලට විශාල බදු බරක් පැටෙව්වා. ඒත් එහෙම කරලා පසුව නැවත සුළු සහනයක් දුන්නා. ඇයි එහෙම කළේ? මේ කරන්නේ පොඩි මිනිහගේ සිතේ සතුට විනෝදය වෙනුවෙන් පොඞ්ඩක්වත් ඉතිරි කරන්න නොදී ජාත්‍යන්තර ණය ගෙවන්නයි. සිංහලෙන් මේකට කියන්නේ මිනිස්සුන්ගෙ රීරිමාංශ කනවා කියලයි. ඒ වෙනුවෙන් කෑ කෝ ගහනකොට පොඩි කෑල්ලක් දාල කියනවා රටේ ප‍්‍රශ්නයක් තියෙනවා පොඞ්ඩක් ඉවසන්න අපි රට බේරගත්ත අය කියලා. නමුත් ජාත්‍යන්තර ණය අරගෙන කරපු විනාශය දැන් හෙළිදරව් වෙලයි තියෙන්නේ. පොඩි මිනිහට තමයි ඒකෙදි බර වැඩියෙන්ම වැටෙන්නේ. අධිසූරාකෑම. අධිරාජ්‍යවාදය කියන්නෙ මේකට තමයි. ලෙනින් අධිරාජ්‍යවාදය කියල කිව්වේ මේ අධිසූරාකෑමට. ඒක අපේ කම්කරුවන් ගොවීන් ඇතුලූ හැමකෙනෙක්ම මත පටවල තියෙන්නේ. ⋆ පසුගිය 11 වනිදා සුනාමි අනතුරු ඇගවූ අවස්ථාවේ ආණ්ඩුව ජනතාවගේ ආරක්ෂාවට කියලා වෙරළබඩ කලාපයේ විදුලිය විසංධි කළා. ඒත් ඒකෙන් සිදුවුණේ මිනිසුන්ට විස්තර දැනගන්න බැරිවුණු එකයි. අධිවේගී මාර්ගයේ නොමිලේ යන්න දෙන බවට ආණ්ඩුවත් එහි නියෝජ්‍ය ඇමැතිවරයෙකුත් නිවේදනය කළා. ඒත් ගියපු වාහනවලින් මුදල් අයකළා. මේ දේවල් අත්වැරදීම්ද? සුනාමි ආවම ඒ අය දැක්කා අධිසූරාකෑමට හොඳ වෙලාව කියලා. මිනිස්සු දුකට පත්වෙලා එහෙමෙහෙ දුවනකොටත් ඒකෙන් මංකොල්ලකෑම තමයි මේ කළේ. මේව තමයි නියම අධිරාජ්‍යවාදී ක‍්‍රම. ජනතාව විපතට පත්වුණාම විපතෙනුත් හූරගෙන කනවා. කොල්ලකාරී ධනවාදය කියන්නෙ මේකටයි. පහුගියදා සුනාමි අනතුර අවස්ථාව කියන්නේ ඒක ඉතාම ලස්සනට ක‍්‍රියාත්මක වෙච්ච අවස්ථාවක්. ⋆පහුගිය මාසය වනවිට 39 දෙනෙක් පැහැරගෙන ගොස් තිබුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් දෙදෙනකුත් ඊට මුහුණ පෑවා. ඒත් ජාත්‍යන්තර මැදිහත්වීමක් හා මාධ්‍ය අවධානය එක්ක ඔවුන් නිදහස් වුණා. මේ පක්ෂය හා න්‍යායිකව ගනුදෙනු කරන ඔබ මේ සිද්ධියේ සැබෑ ස්වරූපය දකින්නේ කොහොමද? මම නියෝජනය කරන දෙහිවල ගල්කිස්සෙ පහුගිය මාසෙට තුන් දෙනෙක් මරලා. ඒ අයට කියන්නෙත් කුඩුකාරයො කියලා. එහෙනම් ඒ අය අල්ලන් ගියේ මත්ද්‍රව්‍ය මැඩලීමේ අංශයෙන්ද කියල ඇහුවම නෑ ඒ අය අතරේ ප‍්‍රශ්නයක්ය කියනවා. මාධ්‍ය ක‍්‍රියාකාරීන් දේශපාලන ක‍්‍රියාකාරීන් පැහැරගෙන ගිහින් මරලාදාන්න හෝ පහරදෙන තැනටත් ඇවිත් ඉවරයි. සමහරුන්ට රටෙන් යන්නත් වුණා. අපේ පක්ෂයේ ඥාණසිරි කොත්තිගොඩ හා ධර්මසිරි ලංකාපේලි කියන සහෝදරවරු දෙන්නාට තර්ජන ආවා. ඔවුන් කොටි සංවිධානයට හිතවත් මාධ්‍යවේදීන් කියලා විශාල ප‍්‍රචාරයක් ගෙනියන්න හැදුවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිද්ධියෙන් හොඳටම හෙළිදරව්වුණා මේව දේශපාලන වැඩ බව. ආණ්ඩුව කිව්වෙ මේ අය හැංගිල ඉඳල එළියට ආව කියලා. එහෙම හැංගිල හිටියානම් ගුණරත්නම් සහෝදරයගෙන් ප‍්‍රශ්නකරන්න තිබුණා කොහෙද හැංගිලා හිටියෙ කියලා. අපේ ආණ්ඩුව අප‍්‍රසාදයට පත්කරන්න වීසත් නැතුව සාපරාධී විදියට රට තුළ හිටිය නේද කියලා ප‍්‍රශ්න කරන්න තිබුණනේ. එහෙම මොකුත් කළේ නෑ. කෙලින්ම  ඕස්ටේ‍්‍රලියාවෙ යැව්වා. ඒකෙන් හෙළිදරව්වුණා මේව රජය විසින් කරන්නේ. මෙතැනදි පැහැදිලිවම වාමාංශික ක‍්‍රියාකාරීත්වයක් ගොඩනැගෙන්න ඉඩතිබෙනවා. මොකද ඒ බලවේගය ගොඩනැගුණේ මේ රජයට විරුද්ධව සටන්කිරීම හරියට සිදුවෙන්නේනෑ කියල තමන්ගේ පක්ෂෙන් එලියට ඇවිත් ඒකට ඉඩක් තියෙනවය කියලා හිතපු වාමාංශික පක්ෂත් එක්ක එකතුවෙච්ච නිසා. ඒක රජයේ නලලටම වැදුණා. ඒ නිසා ඒ තරුණ කණ්ඩායම් පස්සේ හඹාගෙන යනවා. ඔවුන්ට සමාජ බලයක් ලැබෙන්න පෙරම යටපත් කරන්නයි මේ ක‍්‍රියාත්මකවෙන්නේ. ⋆ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවූ නිසා කෝටි 5000 ක වගේ ආර්ථික අලාභයක් විඳින්න අපට සිදුවුණා. ජාත්‍යන්තර මැදිහත්වීමේ ප‍්‍රතිඵල තනි ආණ්ඩුවකට නෙවෙයි රටට රටේ ජනතාවටයි දැනෙන්නේ. උගත්පාඩම් කමිටු නිර්දේශ ක‍්‍රියාත්මක නොකළොත් එහි විපාක කවරාකාර වේවිද? ඒක ක‍්‍රියාත්මක නොකළොත් පොදුවේ මුළු ලෝකය පුරාම මේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉඩදෙන්නේ නැති දෙමළ ජනතාවට විරුද්ධව ජාතික මර්දනයක් දියත්කරන රටක් හැටියට හංවඩුගැහෙනවා. ආණ්ඩුවේ විතරක් නෙවෙයි මුළු ජනතාවටම එවැනි හිංසනකාරී මතයක් තියෙනවාය කියන අදහසයි යන්නේ. ඊශ‍්‍රායලය ඇමෙරිකාව හා ඉන්දියාව එක්ක පළමුවෙනි වතාවට ආරක්ෂක ගිවිසුමක් ගැහුවේ මේ අධිරාජ්‍යවාදය ගැන කතා කියන මහින්ද රාජපක්ෂ රජයයි. ඒ ආරක්ෂක ගිවිසුම උඩ ඉඳලා තමයි මේ අය අවිආයුධ ගෙනැල්ලා යුද්ධ කළේ. තවමත් වැඩ කරන්නේ ඒ ආරක්ෂක ගිවිසුම අනුවයි. මේ ආරක්ෂක ගිවිසුමෙන් ඉන්දියාව ඉතාම කිට්ටු කරලා ඇමෙරිකාවත් එක්ක තදින් බැඳලා තියෙන්නේ. මේ ගිවිසුමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වැඩකරනවාය කියන එකයි ලෝකෙට පෙන්නලා තමයි මේ අය ණය ගන්නේ. සම්පූර්ණ අධිරාජ්‍යවාදී ක‍්‍රමය කියන්නේ මේකටයි. ⋆ මෙවර පැමිණි ඉන්දීය ලෝක් සභාවේ විපක්ෂ නායිකාව ප‍්‍රමුඛ දූත පිරිස ආණ්ඩුවටත් දේශපාලන පක්ෂවලටත් එකතුවී ජාතික ගැටලුවට ස්ථිරසාර විසඳුමක් දෙන්නැයි අවධාරණය කළ බව වාර්තා වුණා. මේ මැදිහත්වීම ඔබ දකින්නේ කොහොමද? ඇත්තවශයෙන්ම ඇමෙරිකාව පොළඹවලා ජිනීවා කවුන්සිලයට යෝජනාවක් ගෙනාවේ ඉන්දියාවයි. යුද්ධෙන් පස්සේ මේ ආණ්ඩුව ලවා දෙමළ ජනතාවට සහනයක් දෙන්න ඉන්දියාව උත්සාහ කළා. පළමුව ප‍්‍රභාකරන් ඇතුලු අය සමූල ඝාතනය කරන්න ඒ අය බලකළා. ඉන්පසුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හෝ ඉන් එහා ගිය එකකින් දෙමළ ජනතාවට බලයක් දෙන්න  ඕන කියල බලකළා. නමුත් ආණ්ඩුවට ජාතිවාදය ඇවිස්සිල්ල තුළ ඒක කරන්න බැරිවුණා. ඉන්දියාව මේක ගැන ප‍්‍රකෝපයෙන් ඉඳලා තදින් ක‍්‍රියාකළා. මොකද ඒ රටේ අතිවිශාල ද්‍රවිඩ ජනතාවක් ඉන්නවා. ඒ අයගෙන් එන හඩට මුහුණදීම සඳහා එහෙම කටයුතු කළා. අනෙක් අතට අපි වාමාංශිකයින් හැටියට ජාත්‍යන්තරයට ගිහින් කියලා තියෙනවා මේ රටේ කම්කරු මර්දනයට අමතරව ජාතික මර්දනේකුත් දියත් වෙන බව. එතැනදි ධනේශ්වර ක‍්‍රමයට හොඳ මුහුණක් හදාගන්න  ඕනේ. ඉතින් ධනේශ්වර ක‍්‍රමයට දෙමළ ධනපති පංතිය සහභාගීකරගන්න  ඕන කියන ස්ථාවරයේයි ඇමෙරිකාව ඉන්දියාව ඉන්නේ. එනිසා දෙමළ ධනපතීන්ටවත් ආණ්ඩුව එක්ක කටයුතු කරන්න අවස්ථාව දීපන්, ඔය වගේ ජාතිවාදී විදියට හැසිරෙන්නෙපා කියලයි ඔවුන් ආණ්ඩුවට කියන්නේ. සුහද ගනුදෙනුවක් තුළින් ධනවාදය ඉදිරියට ගෙන යා යුතුය කියන පණිවුඩයයි මේ තියෙන්නේ. ලිබරල්වාදයකටයි ඉන්දියාව මේ කතාකරන්නේ. ඒත් ජාතිවාදයේ ගිලිච්ච ආණ්ඩුවට ඒක කරගන්න බෑ. ඉන්දියාව මේ ගමනට විපක්ෂය එව්වේ. විපක්ෂය කිව්ව එකත් නොකළොත් අතීතයෙදි වගේ දැඩි ගිවිසුමකට ගිහින් බෙල්ලම හිරකරන තැනට ඒවි. ⋆ එදා සම සමාජයෙන් රැඩිකල්වාදී ලෙස කැඞී ආ වාසුදේව නානායක්කාර මහින්ද රාජපක්ෂ සමගත් ඔබ රනිල් වික‍්‍රමසිංහ සමගත් අද අත්වැල් බැඳගෙන සිටිනවා. ඒත් මේ කිසිවෙකුට නව ලිබරල්වාදය හා ඇත්තටම අහිතක් නෑ නේද? දේශපාලනිකව ඔබේ නිෂ්ඨාව කුමක් ද? පැහැදිලිවම විප්ලවය වෙනුවෙන් මම පෙනීසිටින්නේ. ගොවි ජනතාවගේ කම්කරුවන්ගේ ධීවරයන්ගේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ හොඳ අවස්ථාවකට අපි යමින් ඉන්නේ. ඒ යන ගමනෙදි අපි විවිධ අය සමග කටයුතු කරනවා. ජාතිවාදයට යුදවාදයට විරුද්ධව රනිල් වික‍්‍රමසිංහ මහත්තයත් එක්ක පාරට බහින එක ඉතාම යෝග්‍ය වැඩක්. මොකද ජාතිවාදයට විරුද්ධ ධනපති ලිබරල්වාදියෙක් හරි ඉන්නවානම් එකට පාරට බැහැලා ජාතිවාදීන් යුදවාදීන් වීදියෙන් පලවාහරින්න  ඕනෙ. ඒකෙන් අදහස් කෙරෙන්නෙ නෑ ඒගොල්ල එක්ක ආණ්ඩු හදන්න යනවා කියලා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා විප්ලවේට බැඳෙයි කියන විශ්වාසෙකින් නෙවෙයි මම මේ කටයුතු කරන්නේ. නමුත් ජාතිවාදී යුදවාදී අධිරාජ්‍යගැති ආණ්ඩුවකට විරුද්ධව ප‍්‍රහාර එල්ලකිරීම සඳහා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ධනවාදී නායකයන් එක්ක එකතුවෙන්න පුළුවන්. විපක්ෂයේ විරෝධය ඒ විදියට අපි රට පුරා ගෙනිච්චා. ඒක සාර්ථකයි. අපි ඒ විදියට යාපනයටත් යනවා. ඒ තුළින් ඒ පළාතේ ජනතාව කුපිත කරලා නැගිට්ටවලා ගන්නවා. ඒගොල්ලන්ට සිදුවෙලා තියෙන ඇබැද්දිය සම්බන්ධයෙන් ඒ අය ප‍්‍රකෝපකාරීව නැගිට්ටවලාගන්න  ඕන. යූ.එන්.පී හා ටී.එන්.ඒ නායකයින් සමාජවාදීන් නොවුණත් ඔවුන් සමග ගමන ජනතාව අවදිකරන්නට වැදගත් වෙනවා. ජනතාව අවදි කරලා ජනතාවගේ බලයකින් මිස සමාජවාදී රජයක් හදන්න බෑ. ත‍්‍රස්ත කල්ලියක් ඇවිල්ලා ත‍්‍රස්තවැඩ කළාට සමාජවාදය හැදෙන්නේ නෑ. මුළු මහත් ජනතාවම තිබෙන ක‍්‍රමය සම්පූර්ණයෙන්ම ඉවරකරන්න  ඕන කියන හැගීමෙන් ප‍්‍රකෝපකාරීව නැගිටින්න  ඕන ඒකට. අන්න ඒ සඳහා එක්සත් පෙරමුණු ක‍්‍රියාදාමයක් අවශ්‍යයයි. ඒකෙදි අලූත් වාමාංශික සමාජවාදී පිරිස් එක්ක අත්වැල් බැඳගෙන දැඩි එකගත්වයක් ඇතිකරගන්න අපි උත්සාහකරනවා. ඒ අය සාකච්ඡා කරන්න ආරාධනා කළාම අපි යනවා. ඒ අයගෙන් අපි ඉගෙනගන්නවා. ඒ අය අපෙන් ඉගෙනගන්නවා. එහෙම ඉගෙනගෙන වමේ විප්ලවකාරී ආණ්ඩුවක් හදන්නේ කොහොමදැයි අපි හොයනවා. ඒකට ඉතාම හොඳ වාතාවරණයක් දැන් තියෙනවා. දෙමළ සටන තුළ, ශිෂ්‍ය ගොවි සටන් තුළ, කම්කරු පංතික සටන් තුළ සමාජවාදයට ලැදි පිරිස් බිහිව එනවා. ඒ සියල්ල එකතු කළාම විප්ලවකාරී බලවේගයක් ගොඩනැගීමේ ඉඩප‍්‍රස්ථාව දැන් තිබෙනවා.

නව සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය  වික‍්‍රමබාහු කරුණාරත්න

සංවාද සටහන - බිගුන් මේනක ගමගේ



අදහස් (0)

එක්සත් පෙරමුණකට දැන් හොඳම වෙලාවයි

chutta Wednesday, 02 May 2012 05:46 PM

වමේ නායකයෝ හැමදැම කරපු විදියට මෙතුමාත් කරන්න හදනවා වගේ (අ)

:       0       0

දයාන් Monday, 30 April 2012 03:42 PM

හොද විග්‍රහයක්.

:       0       0

යසන්ත Monday, 30 April 2012 09:18 AM

අප ඔබේ සිතුවිලි වලට ගරු කරමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 118 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 235 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 191 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 800 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 47 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 602 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 459 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 116 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site