IMG-LOGO

ඇමෙරිකන් රියැලිටි වැඩසටහන් හරහා ජනප්‍රිය වූ සරාගිනිය ජොඈනා කෲපා

 

 

ඔවුන්ගේ විවාහය වුණේ මීට මාස දෙකකට පෙර. විවාහ මංගල උත්සවය ගැන කවුරුත් කතා කරන්න වූහ. ඉතා මිල අධික වුවත් එය සුන්දර ආදරබර විවාහ මංගල උත්සවයක් යැයි බොහෝ දෙනා පැවසූහ. පෝලන්ත ජාතික ඇමෙරිකානු සුපිරි මෝස්තර නිරූපිකා ජොඈන් කෲපා සහ ඇගේ සැමියා රොමේස් සාගෝ ගැන කතාබහ තවමත් අවසන් වී නැත. ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ මියාමි නුවර මුහුදු වෙරළේ නව යුවළ විනෝද වන අයුරු නිරන්තරයෙන් පැපරාසි ඡායාරූප ශිල්පීන්ගේ ඇසට ලක් වන අතර,  ඕපාදුප සඟරාවල ඔවුන්ගේ ඡායාරූප සහ විස්තර පිටු ගණනින් පළවෙයි.

ඉකුත් වසරේ ඇමෙරිකාවේ තිරගත වුණු ‘රියල් හවුස් වයිෆ්ස් ඔෆ් මියාමි’ නමැති රූපවාහිනී රියැලිටි කතාමාලාව ඔස්සේ ජනපි‍්‍රය වූ සරාගිනියක වන ජොඈන්ගේ අත ගත්තේ රාතී‍්‍ර සමාජ ශාලා හිමිකරුවකු මෙන්ම ධනවත් ව්‍යාපාරිකයකු ද වන ඇමෙරිකන් ජාතික රමෝන් සාගෝ ය. ජොඇනා කෲපා උපත ලැබුවේ පෝලන්තයේ වෝෂෝ නුවරදී ය. ඒ 1979 වසරේ අපේ‍්‍රල් 23 වැනිදා ය. නිරූපිකාවක පමණක් නොව, දැන් ඇය රංගන ශිල්පිනියකි.

ඇය වඩාත් ජනපි‍්‍රය වූයේ ඇමෙරිකානු රියැලිටි වැඩසටහන් ඔස්සේ ය. ‘ඩාන්සින් විත් ද ස්ටාර්ස්’ නර්තන වැඩසටහනෙන් සහ ‘රියල් හවුස් වයිෆ්ස් ඔෆ් මියාමි’ වැඩසටහනින් ඇය කාගෙ කාගේත් අවධානය දිනා ගත් සරාගිනියක් වූවාය. ඒ අතර රමෝන් ද සිටී. ‘පෝලන්ඞ්ස් ටොප් මෙඞ්ල්’ වැඩසටහන් මාලාවට ද කලක් ඇය සම්බන්ධ වී සිටියාය.

රෝමානු කතෝලික පවුලකට උපන් ජොඇනා ට කුඩා කල සිටම හොඳ අධ්‍යාපනයක් හිමිවිය. ඇයට බාල සොහොයුරියක ද සිටින්නීය. ඇය ද දැන් නිරූපිකාවක ලෙස ප‍්‍රසිද්ධ ය. ඇය මාර්තා කෲපා ය. කුඩා කල සිට ජොඇනා නර්තනයට ඇලූම් කළාය. වයස අවුරුදු පහේදී ඇය සහ පවුලේ අය ඇමෙරිකාවේ පදිංචියට පැමිණියහ. ඔවුන් පදිංචිය සඳහා තෝරා ගත්තේ ඉලිනෝයි ජනපදයයි. බැලේ නර්තනයට ජොඇනා පි‍්‍රය කළාය. ඒ අනුව, ඇමෙරිකාවේදී ඇයට එම අවස්ථාව උදාවිය.

සුන්දර සිහින් සිරුරක් හිමි ජොඇනාට මෝස්තර නිරූපිකාවක් වීමේ ආශාව කුඩා කල සිටම පැවැතිණි. ඒ සඳහා ඇයට මඟ පෑදුණේ 2003 වසරේදීය. ඇමෙරිකා මොඞ්ලින් ඒජන්සියක් හරහා සම්බන්ධ වී ඇය සෙමින් සෙමින් ඉහළට යන්න වූවාය. මෝස්තර නිරූපිකාවක ලෙස ජනපි‍්‍රය වීමත් සමඟ ‘එන්වී’, ‘එෆ්එච්එම්’, ‘පර්සනල්’, ‘ඉන්සයිඞ් ස්පෝර්ට්’, ‘ස්ටෆ්’, ‘ස්ටෙපිං අවුට්’ වැනි ජනපි‍්‍රය සඟරාවල කවර හැඩ ගැන්නුවාය. ‘මැක්සිම්’ සඟරාව, 2011 වසරේ දී ඇය ලොව සරාගිනියන් අතරට එක් කළේ ය. 2004 සහ 2005 වසරවල දී ජර්මන් මැක්සිම් සුපිරි නිරූපිකාව ලෙස ද ඇය කිරුළු පැළැඳියාය. ජොඇනා අවස්ථා දෙකකදී ‘ප්ලේබෝයි’ සඟරාව ද හැඩ ගැන්නුවාය.

 

 

ජොඇනා ඇමෙරිකන් රූපවාහිනී රසික රසිකාවියන්ගේ ආදරය දිනා ගත්තේ 2009 වසරේ දී ය. ඒ, ‘සුපර්ස්ටාර්ස්’ රියැලටි වැඩසටහන් මාලාවෙනි. පළමු වැඩසටහනෙන්ම විනිසුරුවන්ගේ අප‍්‍රසාදයට ලක් වී ඇය තරගාවලියෙන් ඉවත් වූවාය. එහෙත් ඇය සමග තරගයට ඉදිරිපත් වී සිටි වෙනත් තරගකරුවකු අනතුරකට ලක්වීම නිසා ඇයට යළි තරගයට එක් වීමට අස්ථාවක් උදාවිය. එම අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට ජොඇනා සමත් වූවාය. තරගාවලියේ ඉදිරියට පැමිණීමට ඇය සමත් වූයේ විනිසුරුවරුන්ගේ ද ප‍්‍රසාදය දිනා ගනිමිනි.

කුඩා කල බැලේ නර්තන ප‍්‍රගුණ කර සිටි ජොඇනාට ‘ඩාන්සින් විත් ද ස්ටාර්ස්’ රූපවාහිනී රියැලිටි නර්තන තරගාවලියේ නව වැනි වැඩසටහන් මාලාවට එක් වීමට හැකි වුණේ 2009 වසර අවසානයේදී ය. එම නර්තන තරගාවලියේදී ඇගේ ඔහුගේ සගයා වූයේ ඩෙරික් හියු ය. ඩෙරික් නර්තන ශූරයෙකි. 2009 නොවැම්බර් 17 වැනිදා පැවැති වැඩසටහනේ දී ඔවුන් දෙදෙනා දැක් වූ නර්තන දස්කම් විනිසුරුවරුන්ගේ ප‍්‍රසාදයට හේතුවක් නොවුණු අතර දෙදෙනාටම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

‘ඩාන්සින් විත් ද ස්ටාර්ස්’ වැඩසටහනින් ද ජොඇනා ප‍්‍රසිද්ධියක් ලබා ගත්තා ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇය ‘අයිල් බී අරවුන්ඞ්’ ගීතයට නර්තනයෙන් එක් වූවා ය. එම ගීතය ද ඇගේ නර්තනය නිසා ජනපි‍්‍රය විය. එම වසරේම දෙසැම්බර් දෙවැනිදා, සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ‘පෙටා’ සංවිධානය ජොඇනා හමුවීමට පැමිණියේ ය. ‘පෙටා’ සංවිධානයේ ඉල්ලීමට අනුව ඇය බලූ පැටවුන් රැසක් ද සමඟ නිරුවතින් වෙළෙඳ දැන්වීමක පෙනී සිටියා ය. ඇය එම වෙළෙඳ දැන්වීම හරහා ඇය ඉල්ලා සිටියේ හිමිකරුවන් නොමැති බලූ පැටවුන් හදා ගන්න ඉදිරිපත් වන ලෙසය. මීට පෙර අවස්ථාවකදී ද ‘පෙටා’ සංවිධානය වෙනුවෙන් ඇය නිරුවතින් වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිට ඇති නමුත් මෙම වෙළෙඳ දැන්වීම ආන්දෝලනාත්මක විය. එම වෙළෙඳ දැන්වීම නිසා ඇය තවත් ජනපි‍්‍රය වූවා ය.

‘පෙටා’ සංවිධානය සමඟ ඇය මීට පෙර එක් වූයේ ද ඇඳුම් නිර්මාණය සඳහා ලොම් ලබා ගැනීමට සතුන් මැරීමට විරෝධය පාමිනි. චීනයට ගිය අවස්ථාවක ලොම් ලබා ගැනීමට සතුන් හම ගසනු තමන්ට දකින්න ලැබූණු බවත් ඒ ගැන කම්පාවට පත් වී පෙටා සංවිධානය කළ ඇරැුයුම මුදල් නොගෙන බාර ගත් බවත් ජොඇනා ‘ඇවෙන්චුරා බිස්නස් මන්ත්ලී’ නමැති ව්‍යාපාරික සඟරාව සමඟ පවසා තිබේ.

 

 

2010 වසරේ ගිම්හානය තෙක් ජොඇනා ‘පෝලන්ඞ්ස් ටොප් මොඞ්ල්’ රියැලිටි වැඩසටහනේ විනිසුරුවරියක ලෙස කටයුතු කළාය. ‘පෝලන්ඞ්ස් ටොප් මොඞ්ල්’ යනු ජර්මනියේ සිටින ආධුනික මෝස්තර නිරූපිකාවන් තෝරා ඔවුන් ජාත්‍යන්තරයට ගෙන යන වැඩසටහන් මාලාවකි.

ජොඇනා ‘ද රියල් හවුස් වයිෆ්ස් ඔෆ් මියාමි’ නමැති රියැලිටි වැඩසටහනේ සාමාජිකාවක වූයේ 2012 වසරේදීය. එම වැඩසටහනට ඇය සමඟ ඇගේ සොහොයුරිය මාර්තා ද එක් වූවාය. මේ වනවිටත් ජොඇනා, රමෝන් සාගෝ සමඟ ඇය පෙමින් වෙළී සිටියා ය. ජොඇනා සහ රමෝන් එකිනෙකා දැන හඳුනාගෙන සිටියේ 2010 වසරේ සිටය. ඒ, ජොඇනා රමෝන්ගේ රාතී‍්‍ර සමාජ ශාලාවකට ගිය අවස්ථාවකදී ය. විවාහය සිදුවුණේ පසුගිය ජූනි 13 වැනිදා දකුණු කැලිෆෝනියාවේදී ය. මංගල්‍යය සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියනයක් වැය වුණු බව  ඕපාදුප සඟරා පවසා තිබුණි.

 

 

ලූසිත ජයමාන්න - ඬේලිමේල් ඇසුරිනි

 

 

හොලිවුඞ් සරාගිනිය මේගන් ෆොක්ස්

ජර්මනියේ හැනා නිට්ෂේ

පිළිකාව පරදා රිදී තිරය ජයගත් මෙක්සිකෝ සුරූපිනිය  බාබරා මෝරි 

ඩයනා කුමරියට පණදෙන නයෝමි වොට්ස්

 



අදහස් (0)

ඇමෙරිකන් රියැලිටි වැඩසටහන් හරහා ජනප්‍රිය වූ සරාගිනිය ජොඈනා කෲපා

ප්‍රේමකුමාර Monday, 26 August 2013 11:34 AM

ආ හරි හරි මතක් උනා සමහර දවස්වල රෑට හරියට කෑවෙ නැති උනාම හරියට නින්ද යන්නේ නෑ තමයි ඒත් ඒකට කියන්නේ සරාගිනිය කියලා නෙමෙයි බඩගිනිය කියලානේ.(නදී)

:       0       0

රොෂාන් බංග්ලාදේශ් Monday, 26 August 2013 09:13 PM

අන්න හරි ප්‍රේමකුමාර මහතාණනි ඔබ තුමා ලගටම ඇවිත් ඒ කියන්නේ බඩගින්න (බඩ ගින්න) ඔය කියන ගින්න වගේම ඉහල චයාරුපයේ ඉන්න අයගේ පෙනුමට වශීඋනොත් අපිට තව ගින්නක් ඇති වෙනවා ඒ ගින්න ඇති වෙන්න හේතුව හොයාගන්න එතකොට උත්තරේ ලබා ගන්න පුළුවන්. (දී)

:       0       0

ප්‍රේම කුමාර Sunday, 25 August 2013 08:41 PM

සරාගිනිය කියලා කිව්වේ?(නදී)

:       0       0

Roshan bangladesh Sunday, 25 August 2013 09:24 PM

ප්‍රේම කුමාර මහතාණෙනි ඔබ තුමාට සමහරක් දවස්වල රෑට නින්ද යන්නේ නැහැනේද පාන්දර වෙනකම්, එකට හේතු ගොඩක් තියෙනවා මම දෙක තුනක් කියන්නම්. 01. ගෙදර දොර ප්‍රශ්න ගැන හිතනකොට. 02. ආයතන ප්‍රශ්න ගැන හිතනකොට. 03. තමන්ගේ එදිරිඅනාගතය ගැන හිතන කොට. මේවට අමතරව තව එක හැගීමක් නිසා මුළු රාත්‍රියම නින්ද යන්නේ නැහැ ඔබතුමාත් අත්විදලා ඇති එම හැගීම එම හැගීමට හේතුව හොයාගන්න එතකොට ඔබ තුමා තේරුම් ගනීවි සරාගිනිය කියන්නේ කාටද කියල. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 496 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 926 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site