නිදන්නටවත් නිදහසක් නැති සත්තු දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සැප්තැම්බරයේ සිට රාත්‍රී 7ත් 10ත් අතර කාලයේ විවෘතව තැබීමට කටයුතු යොදා ඇත. 06 July 2017
ප්‍රශ්නයට මූණ නොදී පස්ස ගැහීම මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන උසස් පෙළ සමතුන් සියල්ලටම ඒ සඳහා පහසුකම් සැලසීමට අපේ විශ්වවිද්‍යාලවල ඉඩ කඩ ප්‍රමාණවත් නැත. අපේ රටේ පමණක් නොව ලෝකයේ කිසිම රටක එම පහසුකම නොමැත. 06 July 2017
යාපනේ පොලිසියට බාරදුන් ස්විස් කුමාර් පසුදා වැල්ලවත්තෙන් මතුවෙයි යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයේ නව වැනි විත්තිකරු මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් පොලිසියට බාර වීමෙන් පසු මුදා හැරියේ ඇයි දැයි උතුරු පළාත බාරව එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගෙන් තමා විමසූ බවත්, ඔහුට එරෙහිව සාක්කි නැති නිසා පොලිසිය මුදා හැර ඇති බව ලලිත් ජයසිංහ මහතා ප්‍රකාශ කළ බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වී පී තමිල් මාරන් මහතා පැවසීය. 05 July 2017
රටට හංගන ණය අර්බුදය රජයේ ණය ප්‍රමාණය පිළිබඳ විවිධ ප්‍රකාශ පසුගිය කාලපරිච්ජේදය පුරාම අසන්නට ලැබුණු අතර රටේ මූලික ගැටලූව බවට පත්ව ඇත්තේත් මෑත කාලයේ රටේ ආර්ථික සංවර්ධනය පසුබෑමකට ලක්ව ඇත්තේත් ණය ප්රශ්නය නිසා බව එම ප්‍රකාශවලින් හැඟ වේ. 05 July 2017
“ස්විස් කුමාර් විද්‍යා දිහා කන්න වගේ බලන් හිටියා” ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය වීමට දින කිහිපයකට පෙර මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමැත්තා කළු කණ්ණාඩි යුවලක් පැළඳ ගෙන විද්‍යා දැරිය දෙස බලා සිටි බවත්, ඔහු පැමිණ සිටි වාහනයේ තවත් හය දෙනකු සිටි බවත් මෙම නඩුවේ හත්වැනි සාක්කිකරු වන ඥානේස්වරන් ඉලංකේස්වරන් මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්කි දෙමින් පැවසීය. මේ හයදෙනා අතර ඝාතන සිද්ධියේ තවත් විත්තිකරුවන් තිදෙනෙකු සිටි බව ද සාක්කිකරු වැඩිදුරටත් සඳහන් කළේය. 05 July 2017
’සයිටම් සිසුන්ටත් සාධාරණයක් ඉටුවෙන්න ඕනෑ’ සයිටම් ප්‍රශ්නයට නිසි විසඳුමක් නොදී කල් ඇරීම නිසා අපේම දරුවන් දොළොස්දාහකගේ අනාගතය එක තැන නැවතිලා යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳුදා (03) පැවසීය. 04 July 2017
නොමඟ යන සයිටම් විරෝධය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ වනවිට එම්.බී.බී.එස් ප්‍රාථමික උපාධිය ලද වෛද්‍යවරයා එම උපාධිය ලැබීමෙන් පසුව සියලූ රෝගවලට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇත්තෙකැයි යන පණිවුඩය සමාජයට දෙයි. සයිටම් උපාධිය තත්ත්වයෙන් බාල එකක් බැවින් රෝගීන් මිය යා හැකි බැවින් මේ සටන ඊට එරෙහිව බව ද කියයි. ඔවුන් නොකියා කියන්නේ එම්.බී.බී.එස් ලාභී වෛද්‍යවරයා සර්වලබලධාරි විය යුතුය කියාය. 04 July 2017
නාස්තියයි - අකාර්යක්ෂමබවයි ආණ්ඩුව පසුබස්සයි පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුව අවසානයේ සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කළේය. 03 July 2017
අපට වැඩ මදි රජයට එරෙහිව බුර බුරා නැගෙන උද්ඝෝෂණ, උද්ඝෝෂකයකන්ට පහරදීම, වෛද්‍ය වර්ජන, සාංඝික දේපලටත් අතපෙවීම, මහ නාහිමිවරුන්ගේ ප්‍රකාශ යනාදිය පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු. 03 July 2017
මෙගතිලික යුගයේ සොහොන් බිම විනාශ මුඛයේ ප්රාග් චෛතිහාසික මානව වර්ගයා ජීවත් වූ බවට උතුරු පළාතෙන් සාක්ෂි සැපයූ මෙරට ජනතාවගේ උරුමයක් ලෙස පැවති මාමඩුව අග්බෝපුර මෙගලිතික හෙවත් සුමේරියන් සොහොන් විවිධ පිරිස් විසින් මේ වනවිට විනාශ කරමින් පවතියි. 29 June 2017
ඩෙංගු මර්දන පාර හරිද මෑත පුවත් වාර්තා අනුව මෙම වසරෙහි මෙතෙක් ඩෙංගු රෝගය වැළැඳුණු රෝගී සංඛ්‍යාව 70,000ට ආසන්න ය. එයින් හරි අඩක් හෙවත් සියයට 50ක්ම හැම දෙයකින්ම ඉදිරියෙන් ඇති බස්නාහිර පළාතෙනි. රට පුරා මෙම වසර මුල් හය මාසයේ මියගිය ඩෙංගු රෝගී සංඛ්‍යාව 160 ද ඉක්මවයි. 29 June 2017
සයිටම් ගැටළුව මේ යහපාලන ආණ්ඩුවට නිවට ආණ්ඩුවක් ලෙස සලන්නේ පාරට බහින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් (අන්තරේ),රජයේ වෛද්‍ය සංගමයත් පමණක් නොවේ. 28 June 2017
ණය අර්බුදයට විසඳුම් සෙවීම ශ්‍රී ලංකාවේ බාහිර මූල්‍ය තත්ත්වය පෞද්ගලික අංශය හා රජය යන දෙපාර්ශ්වයට ම විශාල කනගාටුදායක ගැටලූවක් වී ඇත. තවමත් සම්පූර්ණ වශයෙන් විස්තර කළ නොහැකි අතීතයේ පැවැති අති විශාල මූල්‍ය අස්ථාවරත්වය මීට බොහෝ දුරට බලපා ඇත. 27 June 2017
නැති ලෙඩ හදන දුම්කොළ මාරයා දුම්කොළ පිළිබඳව කතා කිරීමේදී මනස එකවර යොමුවනුයේ දුම්වැටි හේතුවෙන් සිදුවන අහිතකර ප්‍රතිඵල පිළිබඳවය. දුම්වැටිවලට වැඩි අවධානයක් යොමුවුවද දුම්රහිත දුම්කොළවලින් සිදුවන හානිය නිහඬ විනාශයක් සිදුකරන බව පසක්කර ගත යුතුය. 26 June 2017
ආණ්ඩුව ජාතිවාදීන්ට බයවෙලා සයිටම් අර්බුදය, වෛද්‍ය වැඩ වැරුම, ඩෙංගු මර්දනය, ජාතිවාදී ප්රවණතා, නීතියේ ආධිපත්‍ය, දූෂණ මර්දන කාර්යාලය හා විකල්ප බලවේග ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතායි. 26 June 2017
උඩුගම්පොල පේඩිපොල තවත් ‘රතුපස්වලක්‘ වෙන හැඩ රෝහිනී ගංගාවේ ජල ගැටලුව නිසා ඇති වන්නට ගිය මහා විනාශය එදා බුදුන් වහන්සේගේ මැදිහත් වීමෙන් වැළකී ගියද ගම්පහ රතුපස්වල ‘ජලයෙන්‘ උපන් අරගලය’ විසඳීමට කිසිවකු සිටියේ නැත. ගම්පහ උඩුගම්පොල පේඩිපොල නම් ප්‍රදේශයේ දැන් ඇවිලෙමින් ඇත්තේ එවැනිම අරගලයකි. ඒ අරගලය ද ජලය වෙනුවෙනි. ජලය ගැන සොයා බැලිය යුතු රාජ්‍ය ආයතන කොතෙකුත් තිබුණ ද අනෙක් සිදුවීම්වලදී මෙන්ම මෙම සිදුවීමේදී ද එම ආයතන ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකරන බව බැලූ බැල්මට පෙනී යයි. 23 June 2017
අස්ගිරි ප්‍රකාශය රටේ වර්තමාන තත්ත්වය ගැන තරමක් බරපතළවූත් අනෙක් අතට ඉතාමත් වැදගත් වූත් ප්‍රකාශයක් සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් ඇතුළු කාරක සංඝ සභාව විසින් පසුගිය අඟහරුවාදා රටට ඉදිරිපත් කරනු ලැබීය. මේ ප්‍රකාශය ගැන රජයේ ස්ථාවරය හෝ ඒ පිළිබඳව වූ රජයේ විවේචනයක් හෝ තවමත් ඉදිරිපත් වී නැත. එහෙත් මේ ප්‍රකාශය මේ රටේ අනාගත පැවැත්මටත් දේශපාලනයටත් අතිශයෙන්ම දැනෙනසුළු බලපෑමක් සිදුකරනු ඇති බව බැලූ බැල්මටම පෙනී යන නිසා අස්ගිරියේ ප්‍රකාශය ගැන පළල් සමාජ ස 23 June 2017
ආර්ථිකයට විණ කළ සය මසක් මෙම වසරේ හරි අඩක් නිමාවන මේ මොහොතේ 2017 සඳහා පුරෝකථනය කළ ආර්ථික දැක්ම සාක්ෂාත් කර ගැනීමට උපකාරී වූ සිදුවීම් වලට වඩා අපට අසන්නට, දකින්න ලැබුණේ ආර්ථිකයට විණ කරන පුවත්මය. 20 June 2017
අනතුරක් අත ළඟ අද වනවිට මේ රට ටිකෙන් ටික අස්ථාවර තත්ත්වයට, අර්බුදකාරී තත්ත්වයට ගමන් කරමින් සිටින බව පිටින් සිට බලන්නකුට පෙනෙන ස්වරූපයයි. 20 June 2017
මීතොටමුල්ල කාබනික පෝර කම්හලේ වැඩ කොටඋඩ කොලොන්නාව නගර සභා බල ප්‍රදේශයේ එකතුවන කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පිළිසරු ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැයකර 2010 වසරේ මීතොටමුල්ලේ ඉදිකළ කාබනික පොහොර කම්හලේ වැඩ මේ වනවිට සම්පූර්ණයෙන් ඇනහිට තිබෙන අතර ඒ සඳහා ඉදිකළ ගොඩනැගිලි කලක සිට දිරාපත් වෙමින් තිබේ. 19 June 2017
සාලාවේ පිපිරුමට අවුරුද්දයි කොස්ගම, සාලාවේ අවි ගබඩාව පුපුරා යාමෙන් වසරක් ඉක්ම ගොස් තිබියදී පවා විපතට පත් වූ ව්‍යාපාරික ප්‍රජාවට අහිමි වූ භාණ්ඩ වෙනුවෙන් ලබාදී ඇත්තේ සියයට හතළිහක වන්දියක් පමණක් බව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුවේ හා සාලාව එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති හේමන්ත රුද්‍රිගු මහතා පැවැසීය. 19 June 2017
දේශහිතෛශී නිහතමානී ජන නායක ඩඩ්ලි මහජන නියෝජිතයකු, ඇමැතිවරයකු, විපක්ෂ නායකවරයකු හා අගමැතිවරයකු වශයෙන් 1936 සිට දේශපාලන ක්ෂේත්රයේ විවිධ තලයන්හි අනුපමේය සේවාවක් කළ අවංක ජනනායක ඩඞ්ලි සේනානායක මහතා 1911 ජූනි මස 19 දා මෙලොව එළිය දුටුවේය. 19 June 2017
මේ ආණ්ඩුව අවසන් කළ යුතුයි යහපාලන ගිවිසුම තවත් දීර්ඝ කිරීම, ආපදා සහන සැලසීම, ආණ්ඩුවිරෝධය සහ ආණ්ඩුව පෙරළීම, ජාතිවාදය ඇවිස්සීම, අලුත් ව්‍යවස්ථාව යනාදී කරුණු සම්බන්ධයෙන් එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු. 19 June 2017
මුහුදට කුණු දැමීම ලොකු ප්‍රශ්නයක් ධීවරයන් සාගරයට මුදා හරින ප්ලැස්ටික් ප්‍රමාණය ඉතා අධික බැවින් එය නැවැත්වීමට ස්ථීරසාර වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර උපදේශක සභාවට උපදෙස් දී ඇත. 16 June 2017
සෘජු තීරණ ගැනීමේ විපාක උතුරු පළාත් සභාවේ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධි සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි පිළිබඳ අවධානය යොමු කළ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා ඒවායේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල විද්වත් කමිටුවක් ඉකුත් වසරේ සැප්තැම්බරයේ දී පත් කළේය. 15 June 2017
මිනුම් ප්‍රමාදයෙන් මල්වතුඔය ව්‍යාපෘතිය ඉබි ගමනේ රජයේ ප්‍රමුඛතම සංවර්ධන යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ කටයුතු මැනුම් කටයුතුවල පවතින ප්‍රමාදයන් හේතුවෙන් මේවන විට ව්‍යාපෘතියේ ඉදිරි සියලු කටයුතු ප්‍රමාද වෙමින් පවතී. 14 June 2017
ආණ්ඩුවේ කල්මැරීම වත්මන් ආණ්ඩුව බලයට පත්වූ මුල් දිනවල සහ ඒ සමීප කාලයේදී නොයෙක් දේ සිදුවුණි. ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන දිශාවට යන ආකාරයක් දැක ගැනීමට හැකි වුණි. කලින් තිබූ ඒකාධිපති ස්වරූපය නැති කළේය. කතා කිරීමට, බියකින් තොරව විවේචන කිරීමට ජනතාවට නිදහස ලැබුණි. ඒ තත්ත්වය ආරම්භයේ සිට මේ දක්වාම පවත්වාගෙන යමින් තිබේ. 14 June 2017
පළමු ශ්‍රේණියේ ඛේදවාචකය අම්මාගේ, තාත්තාගේ අතේ එල්ලී අකුරු කරන්නට යන සිඟිත්තන් දෙස බලා තවත් සිඟිත්තියෝ දෙදෙනෙක් නිවසට වී සිටිති. ඒ පාසලකට ඇතුළත් වීමට සියලූම සුදුසුකම් සපුරා තිබියදීය. ඔවුහු නිවුන්නුය. පියා ගුරුවරයෙකි. ‘මගේ දරු දෙදෙනාට පාසලක් අහිමි වී ඇත්තේ මා ගුරුවරයකු වුණ පාපයටද?’ මේ දියණියන්ගේ පියාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් එසේ විමසන්නට සිදුවී ඇත්තේ මාස පහක් තිස්සේ තම දියණියන් දෙදෙනාට පාසලක් අහිමි වීම නිසාය. 13 June 2017
GSP සහනයෙන් ඵල නෙළිය හැකිද ගෝලීය ආර්ථික වටපිටාවක් තුළ, ලොව කිසිදු ආර්ථිකයකට ආනයන අපනයනවලට නොගොස් හුදෙක් ස්වයං පෝෂිත ආර්ථිකයක් තුළ ජීවත් වීම අපහසු කාර්යයකි. 13 June 2017
ආපදා කළමනාකරණ ආපදාව ගංවතුර, නාය යාම් යුද්ධයටත් වඩා අපේ කටට හුරු වචන බවට පත් වෙමින් තිබේ. වසර තිහක් තුළ යුද්ධයෙන් අහිමි වූ සිවිල් ජීවිත ගණනටත් වඩා ජීවිත ගණනක් ගංවතුරෙන්, නායයාම්වලින් අහිමිවීමට තව වැඩි කලක් ගත වන්නේ නැත. 2009 වන තෙක් යුද්ධය පැවති බැවින් ගංවතුර නාය යාම්වලට වැඩි අවධානයක් යොමු කිරීමට නොහැකි වූයේ යැයි සිත හදා ගත හැකිය. එහෙත් 2010 සිට මේ දක්වා ගං වතුරෙන් සහ නාය යාම්වලින් පමණක් මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 475කි. 2016, 2017 වසර දෙක තුළදී පමණක් මෙලෙස මිය ගිය 13 June 2017
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026