සංවර්ධන සැලැස්මක් අවශ්‍ය ඇයි?
වසර 2025 සඳහා ඉදිරිපත් කරන ලද රජයේ අයවැය, සංශෝධන කිපයක් සමගින්, වැඩි ජන්ද 114 කින් පාර්ලිමේන්තුවේ දී පසුගිය දා සම්මත විය. ඒ අනුව, ඉදිරි මාස 8 ක කාලය තුළ දී එම අයවැය ක්‍රියාත්මක වීමට නියමිතය. සාම්ප්‍රදායිකව, අයවැය ඉදිරිපත් කිරීමේ සිට එය සම්මත වීම දක්වා කාලය තුළ අයවැයට අදාළව බොහෝ දෙනකු ඉහළ උනන්දුවක් දැක්වුවත් ඉන් පසු කාලය තුළ දී, එනම් ක්‍රියාත්මකම සිදුවන අවස්ථාවේ දී, අයවැය වැඩසටහන් පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකෙරේ.