කලා ලොවට අහිමි වූ දස මහා යෝධයෙක්
මෙවර කතු වැකිය මෙරට පහළ වූ විශිෂ්ට ලංකා පුත්‍රයකු වෙනුවෙන් වෙන් කරමු. ඒ විශිෂ්ට ලංකා පුත්‍රයා, මෙරට සිඟිති, තුරුණු, වැඩිහිටි සෑම පරාසයකම සහෘද සිත් සතන් පිනවූ, අපමණ හැකියා සම්පත්තියකින් සහ දුලබ වාසනා ගුණ මහිමයකින් පිරිපුන් ‘පනා පුත්‍ර කුහුඹු පැනියා’ හෙවත් ජැක්සන් ඇන්තනී වෙයි. ඔහු කලාව, සාහිත්‍යය හා රසික ජනයාගේ උසස් රස වින්දනය වෙනුවෙන් සිදු කළ උපමා නැති මෙහෙවර වෙනුවෙන් මෙවන් සම්භාවනාවට රිස්සකු බව අවධාරණය විය යුතුය.