යහපත් සමාජයකට පදනමක්
දහනමවැනි සහ විසිවැනි සියවස්වල පාඨක ආකර්ෂණය උපරිමව දිනාගත් ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතාමාලාව, එම වකවානුවේදී ජනතාව තුළ අධිකරණ විද්‍යාව පිළිබඳව කුතුහලයක් සහ උත්තේජනයක් ඇති කිරීමට සමත් විය. මෑත කාලීනව අපරාධ විද්‍යාව සම්බන්ධ විවිධ රූපවාහිනී වැඩසටහන්, පර් යේෂණ කෘති, නවකතා ආදිය හේතුවෙන් සමාජය තුළ අධිකරණ විද්‍යාව පිළිබඳව යම් පිබිදීමක් ඇතිවී තිබේ.