IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශරීර අභ්‍යන්තරයේ ඇති චක‍්‍ර අවධි කරගැනීම

යෝගාසන ප‍්‍රගුණ කරන කා තුළ වුවත් තම සිරුර අභ්‍යන්තරයේ ඇතැයි කියන චක‍්‍ර අවධි කරගැනීම සඳහා ආසාවක් උපදී. එය වැරදි නැත. කාහටවුව ද චක‍්‍ර අවධි කළ පුද්ගලයෝ කළ කී දෑ පිළිබඳව දැනගන්නට ලැබුණු විගස මේ අසාමාන්‍ය ශක්තිය තමාටත් ලබාගැනීමට හැකිනම් කොපමණ අගනේදැයි සිතේ.

මේ ගැන මහත්වූ ආසාවක් යෝගාසන හදාරන අය අතර ඇතිවේ. නමුත් යම් අත්දැකීමක් ඇති පළපුරුදු යෝගීන් මේ පිළිබඳව දක්වන්නේ මීට වඩා වෙනස් අදහසකි. මෙම සිදුවීමේ ඇති බැ?රුම්කම හා එහි ඇති අනතුරු සහගත බව එය කරගැනීමට අවශ්‍ය දැනුම හා ශක්තියද නිවැරදි උපදෙස් ලබාගැනීම පිළිබඳවද ඔවුන් තුළ යම් වැටහීමක් තිබෙන නිසා ඔවුහු එය ලබාගැනීමට උත්සාහ නොකරති.

සුදුසු කල එළැඹි පසු ගුරුවරයාගේ මගපෙන්වීම ඇතිව එය ළඟාකර ගැනීමට සිතා එයට ළඟාවිය හැකි පුද්ගලයකු වෙත තිබිය යුතු මූලික හැකියා ලබාගැනීම සඳහා ඔවුන් පියවරෙන් පියවර ගමන් කරයි. මෙසේ පුහුණු වූ යෝගියා සුදුසු අවස්ථාවට පැමිණි පසු ගුරුදේවයන්ගේ පූර්ව මගපෙන්වීම හා ආශිර්වාදය ලැබිය යුතුය. එසේ ආශිර්වාද නොකළහොත් ඔහුට කිසිදිනෙක එම ශක්තිය ලබාගැනීමට නොහැකිය.

කවර බලයක් උපදවා ගැනීමට වුවද එසේ එම බලය ලබාගත් පළපුරුදු අත්දැකීම් බහුල අවංක පුද්ගලයකුගේ මගපෙන්වීමක් ලැබිය යුතුමය. එසේ නොමැතිව තනිව හෝ පොත්පත් ආදිය බලා පුහුණුවීමට උත්සහා ගත්තද එය නිශ්චල ප‍්‍රයත්නයකි. කාලය කා දැමීමකි. අනිවාර්යයෙන්ම ගුරුදේවයාණන්ගේ ආශිර්වාදය හා මගපෙන්වීම ලැබිය යුතුමය. මෙසේ අසාමාන්‍ය වූ බලයක් සහිත මෙම ශක්තිය අවබෝධය ලත් කිසිවකු නුසුදුස්සකුට ලබාදීමට ක‍්‍රියා නොකරති. මන්ද ඔහු පළමුව විනාශ වී අන්අයටද විනාශයක් ඇති කරන බැවිනි. ඉතා වටිනා බලවත් වූ යමක් දැරීමට නම් එසේ එය දරාගැනීමට හැකි සවිමත් බවක් හා ඉවසීමක්ද සුදුසුකමක්ද තිබිය යුතුමය.

පළමුව එසේ ශක්තිය ලබාගැනීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයකු තුළ තිබිය යුතු මූලික සුදුසුකම් මොනවාදැයි අපි දැනගනිමු.

මනා විනයක් හා නිවැරදි උපදෙස් ලබාදිය හැකි ගුරුවරයෙක් පළමුකොට අවශ්‍ය ය. එසේම එම ගුරුවරයා හමුවුවත් ගුරුවරයා කෙරෙහි මහත් වූ ගෞරවයක් තිබිය යුතුයි. එම ගුරුවරයාගේ පරපුර කෙරෙහි මහත්වූ පිළිගැනීමක් තිබිය යුතුයි. එසේම එම ගුරු පරපුරේ පෙර සිටි ගුරු උතුමන්ගේද ආශිර්වාදය ලැබීමට සුදුසු සහ හැසිරීම්වලින් යුක්ත විය යුතුයි.

යම් ගුරු පරපුරක් අතීතයේ සිට වර්තමානය තෙක් නොවෙනස්ව නොනැසී පවතින්නේ එම ගුරුපරපුර සතුවූ ගුණාංග නිසාය. එසේ එම ගුරුවරු සතුවූ ගුණාංග පුහුණුවීම් හා මනා ශික්ෂණයක් හා එම ගුරු පරපුරේ ආචාර ධර්ම පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය.

යෝග පුහුණු කරන විට තිබිය යුතු මූලික අංග වන්නේ සත්‍යවාදී බව හා මනා චර්යාවයි. ඒවා පිළිපැදිය යුතුය. එම ගුණාංග මත පිහිටා ආත්මාර්ථකාමී හා අවස්ථාවාදී ගතිගුණ අත්හැර දමා පරාර්ථකාමී ගුණය ඇතිකර ගත යුතුය.

කාරුණික විය යුතුය. තමන් තුළ ඇති මමත්වය නිසා හටගත් මාන්නය ඉවත්කරගෙන සියල්ලන්ට පොදු ලෙස සලකන අනතිමානී ගුණය පුරුදු විය යුතුය. එමෙන්ම වරදට සමාව දෙන කාරුණික ගුණය ඇති කෙනෙක් විය යුතුය. සෑම මනුෂ්‍යයෙක් කෙරෙහිම මෙත් සිත ඇති ලාභ සත්කාර ප‍්‍රයෝජන ගැන සලකන පුද්ගලයකු නොවිය යුතුය. විශේෂයෙන්ම පිරිසකට සලකන සහ තවත් පිරිසකට නොසලකන ගතිය ඉවත් කර ගත යුතුය.

සෑම පුද්ගලයකුටම සමානාත්මතාවෙන් සලකන පුද්ගලයකු විය යුතුය. පිදිය යුත්තන් පිදීම ආදී ඉහත කී සියලූ ගුණාංග සම්පූර්ණ කරගත් ඉනික්බිති ඊළඟට අප අසා ඇති යෝගාසන නිවැරදි උපදෙස් මත පිහිටා පුහුණු විය යුතු වෙයි. යෝගාසන පුහුණු විය යුතු වන්නේ නිවැරදිව සිරුරේ කායික දුර්වලතා දුරලන, රෝග නිවාරණය කරන තම කායික මානසික දුර්වලතා ඉවත් වන ආකාරයෙන් නිවැරදිවය.

ශාන්ත බව, තැන්පත් බව හා සන්සුන් බව ඒ තුළ තිබිය යුතුය. යෝගාසනවල දී එම ආසනවල පහසුවෙන් දිගු වේලාවක් සිටීමට හැකිවන සේ පුරුදු පුහුණු කළ යුතු වන්නේය. වර්තමාන මොහොතේ සිත රඳා තබා ගැනීම, සිහියේ පිහිටා සිටීම, තම ඇතුලාන්තයට සිත යොමුකර ගැනීමට පුහුණුවීම, බාහිර ලෝකය වෙත නිරතුරු පංචේන්ද්‍රියන් මගින් විසිරෙන සිත තමාගේ ඇතුලාන්තයට යොමුකර ගැනීමට පුරුදු පුහුණු විය යුතුවේ. තවද යහපත් අරමුණක් තම සිතේ තිබිය යුතුය.

මේ සියල්ල සම්පූර්ණ කරන යෝගියාට යෝගාසනවල අවසන් ඵලය කරා ගමන් කළ හැකිය. එය යෝගාසනවල චක‍්‍ර අවදි කිරීම යන කාරණයට ඉතා අත්‍යවශ්‍ය වෙයි. එමෙන්ම සිත පාලනය කිරීමද අත්‍යවශ්‍ය අංගයකි. එමෙන්ම ප‍්‍රාණයාම අභ්‍යාස නිවැරදිව පුහුණු කළ යුතුය. විශ්වයේ පවතින ප‍්‍රාණ ශක්තිය තම සිරුරේ නාඩි හරහා නිවැරදිව ගමන් කරවීමට අත්‍යවශ්‍ය පාලනය පුරුදු විය යුතුය. නාඩි මධ්‍යස්ථාන  අවධිවන පරිදි ප‍්‍රාණයාම අභ්‍යාස නිවැරදිව කළ යුතුය.

එසේ එම අභ්‍යාස කිරීමට නම් තම සිත හොඳින් පාලනය කර අත්‍යවශ්‍ය අරමුණේ පවත්වා ගැනීමට හොඳ චිත්ත ඒකාග‍්‍රතාවක් අවශ්‍යවෙයි. එසේ ප‍්‍රාණ ශක්තිය පාලනය කරන්නට උගත් පුද්ගලයා භාවනා කිරීමට පුරුදු විය යුතුවෙයි. ගුරුවරයාගේ උපදෙස් මතම පිහිටා භාවනා වැඩිය යුතුය.
ගුරුවරයා සැමවිටම ශිෂ්‍යා කෙරෙහි ඇති දුර්වලතා පෙන්වාදේ. එය මනා සිහියෙන් සිට අසා දැනගෙන ඒවා අවබෝධ කරගෙන පිළිගෙන නිවැරදි කරගනිමින් භාවනා පුහුණු කළ විට චක‍්‍ර හෙවත් නිල මධ්‍යස්ථාන නැතහොත් නාඩි මධ්‍යස්ථාන අවධි කරවා ගැනීමට හැකියාව ලත් සුදුසුකම් ලත් පුද්ගලයකු බවට ඔබ පත්වේ.


මතු සම්බන්ධයි

 

සටහන - සංජීවිකා සමරතුංග

 

හිමාලයේ යෝගීන් ඇසුරේ - 01

හිමාලයේ යෝගීන් ඇසුරේ - 02

හිමාලයේ යෝගීන් ඇසුරේ - 03

හිමාලයේ යෝගීන් ඇසුරේ - 04

හිමාලයේ යෝගීන් ඇසුරේ - 05

හිමාලයේ යෝගීන් ඇසුරේ - 06

හිමාලයේ යෝගීන් ඇසුරේ - 07

හිමාලයේ යෝගීන් ඇසුරේ - 08

හිමාලයේ යෝගීන් ඇසුරේ - 09

 



අදහස් (0)

ශරීර අභ්‍යන්තරයේ ඇති චක‍්‍ර අවධි කරගැනීම

ශෂිනි Monday, 09 September 2013 03:04 PM

වැදගත් ගිපියක්. එත් මේවා ක්‍රියාත්මක වීමේදී යම් හෝ ගැටළුවක් අත් විය හැක. මොකද දැන් කාලේ මිනිස්සුන්ට අධ්‍යාත්මික දියුනුවට වඩා වැදගත් වෙන්නේ ආර්ථික දියුණුව.(නදී)

:       0       0

කුමාර් Thursday, 12 September 2013 10:26 PM

මෙහිදී සියල්ල සිදුවන්නේ මනුෂ්‍යාගේ ප්‍රාණය හා ආත්ත්මය සමග බාහිර අශුද්ධ බලවේග සම්බන්ධවී ඔහු විවිධ මට්ටම් වලට වර්ධනය වීමත්, ඒ සමගම ප්‍රනයේ සැඟ උන බලය මේ අසුධ්ධ ආත්තම විසින් කුළු ගැන්වීමක් පමනය්. මේ සියල්ල අවසානයේ මනෝ මායාවක් බවට පත්වෙය්. කුමාර්. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13507 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 109 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 935 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site