IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දරුවාටත් වස දී වස කෑ තාත්තා

තම බිරිඳ, බාල වයස්කාර දරු තිදෙනා ද අතහැර තමාටද හොරෙන් මැද පෙරදිග රටක රැකියාවකට යාම නිසා සිත් වේදනාවට පත්ව සිටි බව කියන අයෙක් වැඩිමල් දරුවන් දෙදෙනා ළමා නිවාසයකට බාර දී අවුරුදු  3 1/2 පමණ වයසැති පිරිමි දරුවාට විස ඇට වර්ගයක් කවා ඝාතනය කර ඔහුද එම විස ඇට වර්ගයම කෑම නිසා බලවත් ලෙස රෝගාතුරව මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙනි. 

24-daruwata-wasadeeeeee
මෙසේ විස ඇට වර්ගයක් කවා ඝාතනය කර ඇත්තේ මාරවිල කුරුස පල්ලිය අසල පදිංචි රන්දුනු ආරච්චිලාගේ අයේෂන් සමිදු (3 1/2) නමැති දරුවෙකි. ප්‍රතිකාර ලබමින් පසුවෙන්නේ රන්දුණු ආරච්චිගේ සුජිත් නිශාන්ත නැමැත්තෙකි. 


මොහු මුලින්ම ඇතුළත් කර තිබුණේ මාරවිල මූලික රෝහලටය. පසුගිය 16 වැනිදා මාරවිල රෝහලට ඇතුළත් කර තිබෙන අතර ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා පසුගිය 17 වැනිදා මිය ගොස් ඇත.


මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සැකකරුගෙන් පොලිසිය සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර එහිදී ඔහු මෙසේ පවසා තිබෙන බව කියති. 


“මට සහෝදර සහෝදරියන් හත් දෙනෙක් සිටිනවා. මම ඉගෙන ගෙන තියෙන්නේ පස් වැනි වසරට විතරයි. කුලී වැඩ කරලා ජීවිකාව ගෙන යනවා. බංගදෙණියේ පදිචි නිරෝෂා මානෙල් එක්ක මම විවාහ වුණා. අපිට අවුරුදු 13ක පිරිමි ළමයෙක්, අවුරුදු 10 දියණියක් සහ අවුරුදු 3 1/2ක පුතෙක් ඉන්නවා. මාවත් දරුවන් තුන් දෙනාවත් අතහැර බිරිඳ 2014 වසරේ මැයි මාසයේ ඩුබායි රටේ ගෘහ සේවිකා රැකියාවකට ගියා. ඇය රට ගියේ මටත් හොරෙන්. මේ නිසා මට රස්සාව කරන්නත් බැරිව ගියා. බිරිඳට ලංකාවට එන්න කියා කතා කරන සෑම අවස්ථාවකම කිව්වා. ඒත් ඇය ආවේ නැහැ. ගෙදර වියදමට සල්ලි එවන්නෙත් නැහැ. මමයි දරුවෝ තුන්දෙනයි අසරණ වුණා. වැඩිමල් දරුවො දෙන්නා ළමා නිවාසයකට බාර දී පොඩි දරුවා මා ළඟ තබා ගත්තා. 


මම තණකොළ කපන්න වතුවලට යද්දී පොඩි එකාත් හඬමින් මගේ පස්සෙන් එනවා. පොඩි එකා නිසා මට ඒ රස්සාවත් කරන්න බැරි තත්ත්වයක් ආවා. දරුවාට කන්න බොන්න හොයා ගන්න මම යාචක වෘත්තියෙත් නිරත වී තිබෙනවා. “පොඩි දරුවා මරා මමත් සියදිවි නසා ගන්නවා” කියා තීරණයක් ගත්තා. “විස ඇට වර්ගයක් අරගෙන ගෙදරට ඇවිත් ඒවායේ මද අරගෙන කොටා සිනී කලවම් කර දරු පැටියාට කැව්වා. බොහොම අමාරුවෙන් ඒවා දරුවාට කැව්වේ. පොඩි එකා හැඬුවා. මාත් ඒවාම කෑවා. ඊට පස්සේ මෝටර් බයිසිකලයේ තියාගෙන පොඩි රවුමක් ගිහින් ගෙදරට ආවා” යැයිද සැකකරු පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් වන බව දැන ගැනීමට තිබේ.


ඩුබායි රටේ ගෘහ රස්සාවකට ගොස් සිටි සැකකරුගේ බිරිඳ වැඩ කරන නිවසේ හාම්පුතුන්ට මේ බව දැනුම් දී ලංකාවට පැමිණියේ පසුගිය 18 වැනිදාය. 
අධිකරණ නියෝගයක් කර තිබුණේ මිය ගිය දරු පැටියාගේ සිරුර අවසන් කටයුතු කිරීමට සැකකරුගේ මවට බාර දීමටය. 


සැකකරුගේ බිරිඳට කසාද සහතිකය හෝ දරු පැටියාගේ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොවීය. 


ඒ නිසා අවසන් කටයුතු කිරීමට ඇයට දරුවාගේ මළ සිරුර ලබා දීමට අධිකරණයට කරුණු දැක්වීමට හැකියාවක් නොමැති බව පොලිසිය පෙන්වා දී තිබේ. 


සැකකරුගේ බිරිඳ වන නිරෝෂා මානෙල් (32) නැමැත්තිය ගෙන්ද පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත් අවස්ථාවේ ඇය මෙසේ කීවාය.
“මගේ උපන් ගම බංගදෙණිය කෝට්ටපිටියේ. සුජිත් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගෙන ඔහුත් එක්ක ගෙදරට හොරෙන් පැනලා යද්දී මගේ වයස අවුරුදු 13ක් විතර ඇති. අපි දෙන්නා නීත්‍යානුකූලව විවාහ වුණේ නැහැ. ඒත් අඹුසැමියන් විදිහට ජීවත් වුණා. දරුවෝ තුන් දෙනෙකුත් ලැබුණා. ටික කාලයක් යද්දී අපි දෙදෙනා අතර ආරවුල් හට ගත්තා. සුජිත් මට නිතරම ගහනවා. අපි පදිංචිවෙලා හිටියෙ මාරවිල පල්ලිය ළඟ ගෙදරකයි. සුජිත්ගේ තියන කරදර හිරිහැර නිසා මට බැරිම තැන දරුවෝ තුන් දෙනා අරගෙන අපේ මහ ගෙදරට ආවා. මාදම්පේ නිසංසලා කියා කාන්තාවක් මගේ මිතුරියක්. ඇයගේ උදව්ව ඇතිව මම පසුගිය 2015 වසරේ මැයි මාසයේ ඩුබායි රටේ ගෘහ සේවිකා රස්සාවකට ගියා. නිසංසලා ඉන්නෙත් ඩුබායි රටේ. මම දරුවෝ තුන් දෙනා අම්මාට බාර දීලා ගියේ. මම රට යනකොට පොඩි එකාට අවුරුදු 2ක් විතර වෙනවා. පසුව අම්මාගෙන් දැන ගැනීමට ලැබුණා සුජිත් ඇවිත් දරුවෝ තුන්දෙනා එයා මාරවිල ගෙදරට අරගෙන ගියා කියා. මම ගෙදර වියදමට සල්ලි එව්වා. 


පසුගිය 15 වැනිදා රාත්‍රියේ මම සැමියාට විඩියෝ කෝල් එකකින් කතා කළා. “මම තෝ ලංකාවට ආපුවාම මරා දමනවා” කියා ඔහු මට තර්ජනය කළා. “පොඩි පුතාට වස වගයක් කන්න දීලා දරු පැටියා මිය ගිහින්. සුජිත් රෝහලේ” කියා මට යහළුවෙක් කතා කරලා කිව්වා. ඒනිසා තමා මම ලංකාවට ආවේ යැයි නිරෝෂා කියා ඇත්තේ දෙනෙතේ කඳුළු පුරෝගෙනය. 


නිරෝෂාගේ සැමියා පොලිසියට කියා තිබුණේ රට ගියාට පස්සේ බිරිඳ තමාට මුදල් එව්වේ නැතියි කියාය. ඒත් ඔහු කියා ඇත්තේ බොරුවක් බව පොලිසිය දැන ගත්තේ ඩුබායි සිට වරින් වර මුදල් එවූ රිසිට් පස් රැසක්ම ඇය සන්තකයේ තිබී පෙන් වූ නිසාය. 


කෙසේ වෙතත් අත දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා රට යාම තහනම් කරමින් නීතිරීති පනවා ඇත. එහෙත් මේ නීති රීති අස්සෙන් රිංගා හොර රහසේ ඇයට රට යාමට මඟ පාදා දුන්නේ කවුද කියන එක ගැන විමර්ශනය කිරීම විදේශ සේවා නියුත්ති කාර්යාංශයේ බලධාරීන්ගේ යුතුකමකි. 
කෙසේ වෙතත් අවසානයේ සිදුවූයේ විකසිත වීමට පෙර මල් පොහොට්ටුවක් බඳු වූ පුංචි එකෙක් අකාලයේ මිලින වී යාමය. 


පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ හලාවත කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී දේශප්‍රිය ජයතිලක මහතාගේ මෙහෙයවීම යටතේ මාරවිල මූලස්ථාන පොලිස්  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්. ප්‍රියන්ත සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්.එච්. ජයනාත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක කුමාරසිරි, පොලිස් සැරයන් සරත්චන්ද්‍ර (138), පොලිස් කොස්තාපල්වරුන් වන ග්‍රේෂන් (31799), විජේ බණ්ඩාර (71948) සහ රොෂාන් (82448) යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

Untitled-1



අදහස් (0)

දරුවාටත් වස දී වස කෑ තාත්තා

ප්‍රදීප් Monday, 03 October 2016 06:12 AM

මොකක්ද මේ පව්කාර වැඩේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13550 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 120 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 949 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site