IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ළමයින්ට දෙන්න සපත්තු සාම්පල් පරීක්ෂා කරල තියෙද්දියි ජනපතිතුමා ඝාතනය වුණේ

 8 14_PAGE_6_T

 

රණසිංහ ප්‍රේමදාස යුගයේ රාත්‍රියත් දහවලත් නිලධාරීන් කාට කාටත් බොහෝම දිගය. කොයි වේලේ කාට ප්‍රේමදාස මැතිතුමා කතා කරාවි දැයි දන්නේ නැත. එතුමා ඇමතුමක් ගන්නේ කාටවත් සුබ පතන්නට, තමන්ගේ ජොලිය හෝ විවේකය බෙදා ගන්නට නොවේ.


පොදු මහජනයාගේ වැඩක්ම වෙනුවෙනි. 


කෝ අහවල් පාර හැදුවද? මම කිවුව තැන ලයිට් ටික දැන් වැඩද?


වශයෙන් නිලධාරීන්ගෙන් අසයි. ඒ අහන්නේ කෙළින්ම ලොක්කාගෙනි. ඔහු ඒවාට කෙළින් උත්තරයක් දෙන්නට කටයුතු කළ යුතුය. 

6
සර් මම අහල කියන්නද? වැනි උත්තරයක් ආවොත් ප්‍රේමදාස මැතිතුමාගෙන් බැනුම් වැස්සකි.


මේ පිළිබඳව ප්‍රේමදාස මහතා ළඟින් සිටි කීප දෙනෙක් අපූරුවට විස්තර දනී. දීර්ඝ කලක් සුචරිත කාර්යාලයේ වැඩ කළ, ප්‍රේමදාස  මහතා ළඟ සිටිද්දි එතුමාට එන ලියුම් සියල්ල කැඩූ, විවිධ නිලධාරීන්ට දෙන දුරකතන ඇමතුම් එතුමාට සම්බන්ධ කළ සුචරිතේ අබේරත්න මහතා අදත් ඔබ හමුවෙයි.


මහත්තයෝ ප්‍රේමදාස මහත්තයා කියන්නේ හරි පිළිවෙළට වැඩ කරපු රාජ්‍ය නායකයෙක්. එතුමාට එන හැම ලියුමක්ම කියවනවා. දවසේ වැඩ ඉවර වෙලා එදා දවසේ ආපු සියලුම ලියුම් ටික අපි කඩ කඩා දෙන්න ඕනෑ. සමහරදාට රෑ එකත් පහුවෙලා. ඒත් මමයි, තව මොහිදින් කියලා කෙනෙක් හිටියා. අපි දෙන්නා ඇහැරිලා ඉඳන් ලියුම් කඩ කඩා දෙන්න ඕනෑ. එතුමාට ලියුම් 100 ක් ද දුන්නෙ. ඒ සේරම බලනවා. ඒවාට කළ යුතු විසඳුමක් දෙනවා. 


ඔය එක එක ආයතනවලින් එතුමාට එවන ලියුම් තියනවනෙ. ඒ ලිපි එවලා තියෙන්නේ අදාළ ආයතනයේ ප්‍රධානීන් විසින්. ප්‍රේමදාස මහත්තයා අකුරක් නෑර ඒ ලිපි බලනවා. ඒ ලියුමක අකුරක්, ඉස්පිල්ලක්, පාපිල්ලක් වැරදි නම් මහ රාත්‍රිය කියල නෑ.


අබේ.... ගන්න අහවල් කෙනාට කියනවා. ඉතින් ටෙලිෆෝන් එකට ඒ අය සම්බන්ධ කරන්න ඕනෑ. බලනවා. මට එවපු අසවල් ලියුම. ඒක කියෙවුවද? ඒකෙ අකුරු කීයක් වරද්දලද තමුන් මේවා බැලුවද? ඒ ලියුම් හදල මට එවන්න ඕනෑ.


වශයෙන් දෝෂාරෝපණ රැසක් එල්ල වෙයි. එසේ දොසක් අහන කවුරුවත් ආයෙත් ලියුමක් ලියන්නේ කිසිම වරදක් නොවෙන විදිහටය. හත් අට වතාවක් හෝ කියවා තැනකට හරියට ලියුමක් යැවීමට ප්‍රේමදාස මහතා නිලධාරින්ට පුහුණු කළේය.

sd
අද නිලධාරීන් නොව ඇමතිවරුන් පවා නිකුත් කරන ඇතැම් ලිපි වල භාෂා, ව්‍යාකරණ අක්ෂර දෝෂ කෙළවරක් නැත. ඒවා දකින විට අපට හිතෙන්නේ අදත් ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටියානම්.... කියා පමණි. එසේ වූවා නම් වැඩ කරන්නත් ලියුම් ලියන්නත් දෙකම එතුමා උගන්වනවා නියතය. දවසක් රෑ මොකක් හෝ වැඩකට ටවර් හෝල් එකේ ලොක්කට කෝල් එකක් ගන්න කියල මට කිවුවා. එතුමාගේ ඇමතුම ගියේ ගෙදරට......... ප්‍රේමදාස මහත්තයා ඇහුවා අසවලා කෝ කියලා. 


සර් එයා ඩිනර් එකකට ගිහින්. ඒකට ටිකක් ප්‍රේමදාස මහත්තයාට කේන්ති ගියා. බලනවා, මේ මිනිස්සුන්ට වැඩ නැතුවද? ගෙදර උයන දෙයක් කාල ඉන්න බැරුවද පාටි ගිහින් ජහ ජරාව කාල වේලාවත් කාලා එනවා. වැඩකට සම්බන්ධ කර ගන්න බෑ. වශයෙන් තවත් නිලධාරීන් පිරිසක් සමග පසුවදා ප්‍රේමදාස මහත්තයා චෝදනා කළේය.


අබේරත්න මහතා මතකයට නඟයි.


ප්‍රේමදාස මහත්තයා මන්ත්‍රී වුණත් අගමැති වුණත් ජනාධිපති වුණත් පාන්දර 4.00 වෙද්දි නැගිටිනවා. රෑ එක පහුවෙලා නිදා ගත්තත් 4.00 ට ඇහැරිලා. එතුමා 4.00 අවදිවෙන නිසා අපි 3.30 වත් නැගිටලා ලෑස්ති වෙලා ඉන්න ඕනෑ. නැගිටලා දවසෙ පත්තර  ටික බලනවා. ඒකෙ පාරක් කැඩිල තියනවද? කුණු ගොඩක්ද වතුර පයිප්ප වැඩ කරන්නේ නැද්ද, මහජනයාට බලපාන ප්‍රශ්නයක් නම් ඒ පුවත් සේරම ඒ වෙලාවෙම ෆොටෝ කොපි ගහලා අසවලාට අසවලාට දැන්ම යවන්න කියනවා. ඒ වැඬේට වෙනම මෝටර් බයිසිකල් රයිඩර්ස්ලා දෙන්නෙක් හිටියා. ඒ අය පාන්දරම ෆොටෝ කොපි අරන් නිලධාරීන්ගේ ගෙවල් වලට ගිහින් දෙන්න ඕනෑ.


මෙවැනි දේවල් අද දේශපාලනය තුළ තියේද? අද තියනවා නම් රට කොතැනද? වැනි ප්‍රශ්න ගොඩක් මේ ලියන අපටද මතුවේ. කොහොම වුණත් ඒ යුගය හා ක්‍රමවේද ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පසු අපේ රාජ්‍ය නායකයන්ගෙන් අතුරුදහන් වී ඇත්ද?


කසළ ගොඩට උත්තර නැති කළ එය කසළ කන්දක් වීම නැවතිය නොහැක. පිච්චුණ ලයිට් එක ගණන් නොගත් විට ලයිට් වැලක් පිච්චී යාම නැවතිය නොහැක. පාලකයන් ඇස නොහරින කළ රට අභ්‍යන්තරයේ සිදුවෙන්නේ මේ දේය. පාලකයන් නොසොයන විට නිලධාරීන් බුදියා ගැනීමද වැළකිය නොහැක. නිලධාරින්ගේ නොදැනුවත් කමද වැළකිය නොහැක.


මහත්තයෝ සුචරිතයේ ප්‍රේමදාස මහත්තයා වන්දනා මාන කරන වෙනම බුදු මැදුරක්ද තිබුණා. ඒ බුදු මැදුරේ නායක ස්වමීන් වහන්සේලා විසින් එතුමාට ලබා දීපු සර්වඥ ධාතූන් වහන්සේලා පවා වැඩ සිටියා.


ප්‍රේමදාස මහත්තයා බුදුමැදුරේ පහන් දල්වන්න හදද්දී දවසක් මට කතා කළා. 


අබේ.... මීට පස්සේ පාන පත්තු කරන්න හදද්දි මෙන්න මේ විදිහට ගිනිකූරු තුනක් පෙට්ටියෙන් එළියට ඇඳලා තියනවා. එහෙම කියන්නේ මොකද දන්නවද?


දැන් බලනවා මට ගිනිකූරක් ගන්න පෙට්ටිය අරින්නත් වේලාවක් යනවා. බලනවා තත්පර කීයක් යනවද? නිකරුණේ වේලාව යන්න ඕනැ නෑනෙ. කූරු තුනක් ගන්න වුණොත් තුන් වතාවක් පෙට්ටිය අරින්න ඕනෑ. ඒ නිසා මේ විදිහට කරනවා.


එතුමා දීපු උපදේශනය හා ආදර්ශය තුළ කොයිතරම් කාල කළමනාකරණයක් ප්‍රේමදාස ජනාධිපතිතුමා සතුවීද යන්න සහසුද්දයෙන් තේරුම් ගැනීමට හැකිය. ගිනිකූරක් ගන්නට වැයවන තත්පරයද දුප්පත් මිනිස්සු වෙනුවෙන් දෙන්නට තරම් එතුමා ගුණවන්ත වූහ.
දවසක් ඉස්කෝලෙ ළමයින්ට පාසල් නිල ඇඳුම් දෙන්න සාකච්ඡාවක් සුචරිතේ කැඳවල තිබුණා. ඒකට රජයේ නිලධාරීන් ව්‍යාපාරිකයන් ගොඩක් සහභාගි වුණා.


කෝ බලන්න මොනවද සාම්පල්. ප්‍රේමදාස මහත්තයා විසින්ම ගෙනා සාම්පල් වෙන වෙනම පරීක්ෂා කළා. 


කෝ මේ සේරම ලෝකල් බඩුනෙ. එහෙම නෙමෙයි. හොඳ රෙදි දෙන්න ඕනෑ. අර මම අඳින නිල් ඉර තියන සුදු රෙද්ද නැද්ද? එතුමා ඇහුවා.


නිලධාරීන් කිවුවා. ඒ රෙදි වර්ගය තියනවා. ගාණ වැඩියි කියලා. එතකොට ප්‍රේමදාස මහත්තයා අහනවා ඒකට කමක් නෑ මම සල්ලි වෙන් කරන්නම්. ළමයින්ට ඇඳුම් මහන්න බාල රෙදි දෙන්න එපා. හොඳ රෙදි දෙන්න කටයුතු කරන්න කියලා මහත්තයො මෑත යුගයෙත් මෙහෙම දේවල් වෙනවද?


අබේරත්න මගෙන් ඇසූ ප්‍රශ්නය ඇත්තකි. දැන් දුප්පතා දුප්පතාගේ දරුවා හොම්බෙන් ගියත්  ටෙන්ඩරේ කොන්ත්‍රාත්තුවේ ලාභය වැඩි නම් ඒ ගැන කිසිම නිලධාරියකුට, පාලකයකුට වගක් නැත. රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන් ශ්‍රේෂ්ඨ වන්නේ තමන්ගේ ගොඩින් දුප්පතාගේ ගොඩට යමක් දාන්නට තුන් හිතෙන්ම හීන මැවූව නිසාය.


තව දෙයක් මහත්තයො... ප්‍රේමදාස මහත්තයාට දුප්පත් ළමයි වෙනුවෙන් කරන්න තිබුණු තව හීනයක් තමයි. සපත්තු ලබා දීම. එතුමා සපත්තු සාම්පල් එහෙමත් පරික්ෂා කරල තිබුණ වෙලාවකයි හදිස්සියේම ඝාතනයට ලක්වුණේ.


ප්‍රේමදාස මහත්තයා පාසල් ළමයින්ට දහවල් කාලයේදී බනිස් ගෙඩියක් ලබාදීමේ වැඩපිළිවෙළ නැවත ආරම්භ කළා. මෙය ඊට පෙර තිබිලා පසුව නැවතී ගිය වැඩසටහනක්. ප්‍රේමදාස මහත්තයා පාසල් ළමයි වෙනුවෙන් හැමවිටම බැලුවෙ හොඳම දේ ලබා දෙන්න. නිල ඇඳුම් බැලුවත් සපත්තු බැලුවත් එහෙමයි. 


දවසක් උදේ 6.20 ට විතර එතුමා මට කතා කළා. 


අබේ... දුව ඉස්කෝලෙ ගියාද? ඉස්කෝලෙ යන්න ඇඳගෙන ඉන්නවා නම් පොඞ්ඩක් එක්ක එන්න කිවුවා. 


එතකොට අපි නැවතිලා හිටියේ සුචරිතය කිට්ටුව. මම දුවව පාසල් ඇඳුමින් සුචරිතේට එක්ක ආවා. ඊට පස්සේ දුව කෑම මේසයෙන් වාඩි වෙන්න කියලා මේසෙ උඩ බ්‍රවුන් පේපර් උරයක දාලා තිබුණු බනිස් ගෙඩි දෙකක් ප්‍රේමදාස මහත්තය අතට ගත්තා.
එකක් දුව අතට දීලා මේක කන්න කිව්වා.


දුව ඒක කන්න ගත්තෙ ගෙඩියම කටට ළං කරලා. 


නෑ. නෑ. ඔහොම කන්න එපා. බනිස් ගෙඩිය අතින් කෑල්ල කෑල්ල පුංචියට කඩල කන්න. එතකොට බනිස් ගෙඩියෙ ගුල්ලෙක් හරි කළුපාට මොනවා හරි තියනවා නම් පේනවා කියලා දුවට ඉගැන්නුවා. 


එදා ප්‍රේමදාස මහත්තයා සුචරිතයට ගෙනැත් තිබුණෙ කොළඹ පාසල් වලට බනිස් බෙදන බේකරියක බනිස් ගෙඩි දෙකක්. ඒ බනිස් වල යම් විදිහකට කළුපාට පුංචි දෙයක් හෝ තිබුණා නම් මොනවා වෙයිද?


ළමයාට කන්න දෙන බනිස් ගෙඩිය ගැන දෙමවුපියන්ට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට වඩා ප්‍රේමදාස මහත්තයා හොයලා බැලුවා කියලා මම හිතනවා. ළමයාට දෙන බනිස් ගෙඩිය රසද, කියලත් ඇහුවා. මීට පෙර ගුල්ලො කළුපාට පැල්ලම් තියනවා දැක්කද ඇහුවා.


එහෙම තමන් දෙන දේ ගැන හොයන, නැවත නැවත සොයා බලන අය දුර්ලභයි. ආරම්භය ගැන විතරක් නෙවෙයි. ආරම්භ කළ දේ පවත්වාගෙන යන හැටි, ප්‍රමිතිය මේ හැමදේම අස්සක් මුල්ලක් නෑරම හොයපු නිසා ප්‍රේමදාස මහත්තයාගේ වැඩ සාර්ථකයි. වැරදුනේ නෑ. අඩුපාඩු කියන්න බෑ. නිලධාරින් නිදි නෑ. නිලධාරින් ජොලි දැම්මේ නෑ. නිලධාරීන් ගසා කෑවේ නෑ. නායකයා ඉන්න ඕනෑ එහෙමයි.


ප්‍රේමදාස මහත්තයාට අවශ්‍ය වුණා ඇඟළුම් හල් 200 ක් හදලා ඉවර කරලා ඊට පස්සේ විවිධ පළාත්වල ඉස්පිරිතාල 200 ක් හදන්න. එතුමාට ඇඟළුම්හල් 160 ක් පමණ වගේ ප්‍රමාණයයි හදන්න හැකි වුණේ. ඒත් අදටත් මේ රටේ රැකියා වියුක්තිය වහලා දාල තියනවා. ප්‍රේමදාස මහත්තයා ඉස්පිරිතාල 200 හැදුවානම් අද මේ රට කොහිද? ඒක ඉන්පසු ආපු කිසිම පාලකයෙක්ට කරන්න බැරි වුණා. ප්‍රේමදාස මහත්තයාට ඕනෑ වුණේ ලෙඞ්ඩු ප්‍රධාන රෝහල් දෙක තුනට ගේන එක වෙනුවට තව රෝහල් 200 ක් රට පුරා ප්‍රධාන අංග සම්පූර්ණ රෝහල් කරන්න. එහෙම කළා නම් එක ලෙඩෙක් හරි මැරෙන එක නතර වෙනවා. මේවා විප්ලව මහත්තයො?


ඒ විප්ලව යුගය ප්‍රේමදාස මහතාගෙන් අවසන්ද?  ඒ පරිවර්තනය අතට ගන්නේ කවුද? මේ කියවන අය නැවත විමසනු ඒකාන්තය.

m



අදහස් (0)

ළමයින්ට දෙන්න සපත්තු සාම්පල් පරීක්ෂා කරල තියෙද්දියි ජනපතිතුමා ඝාතනය වුණේ

රංග Monday, 16 May 2016 07:37 PM

රටෙන් ගිලිහී ගිය අවසන් බලාපොරොත්තුව...!! (කෞ)

:       0       0

රොහාන් Monday, 16 May 2016 08:00 PM

රණසිංහ ප්‍රේමදාස කියන්නේ.. මිනිසකුත් නොව.. පාලකයකුද නොව ..රජෙකුද නොව .. දෙවියකුත් නොව මගේ අර්ථ නිරුපනය, විශ්මකර්මයා යන්නයි ..මොහු මෙලොව බිහිවූ අසම සම ජීවියෙකි පොල් අතු පැලෙන් බිහිවූ මේ ජීවියා ජිවිත තිත තැබුවෙ ශ්‍රී ලංකාවේ විධායක ජනාදිපති පදවියෙනි ..ඔබට නිවන්සුව (කෞ)

:       0       0

දොන් Monday, 23 May 2016 11:50 AM

හැබැයි ඒ දවස් වල හිටපු බොහෝ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ ජනතා විමුක්තියේ අය කළේම එතුමාට ගැරහීම. ගම් උදාව කරලා පාසල් ළමයින්ට අධ්‍යාපන ප්‍රදර්ශන තියල ජනතාවට ගෙවල් දීපුවට නොයෙකුත් මඩ ගැහුවා. ඊට පස්සේ අනේ ඉතින් මෝඩ මිනිස්සු දුන්න ගැහැනියකට රටේ පාලනය. එදා පටන් ගත්තු ගැහීම සහ ගසා කෑම තමයි තාම තියෙන්නේ වර්ධනය වෙලා. (බ)

:       0       0

කස්තුරි Wednesday, 18 May 2016 04:35 AM

ඉතා සාර්ථක ලිපි පෙළක් (නි)

:       0       0

රුවන් Monday, 16 May 2016 11:59 AM

ඉතාමත් හොද ලිපියක් දෑන් ඉන්න දේශපාලකයන්ට සමකරන්න කොහෙත්ම බෑහෑ ප්‍රේමදාස මහත්තයා. (ර)

:       0       0

සොපි Monday, 23 May 2016 04:12 AM

පුංචිම තැන ඉඳලා ඉහළටම ගිය ප්‍රායෝගිකව සාර්ථක පුද්ගලයෙක් වූ නිසා එතුමාව රවටන්න නිලධාරීන්ට අමාරුවුණා. (නි)

:       0       0

මේනුගේ Monday, 23 May 2016 05:54 AM

යුද්ධ දෙකක් තිබ්බ රටක (උතුර - දකුණ ) ඔහුගේ පාලනය කෙතරම් දක්ෂ ජනතාවාදීද නිදහස් රටක එවැනි පාලකයෝ සිටියාද (බ)

:       0       0

රන්ජිත් Sunday, 22 May 2016 03:10 AM

මට පොත ලියපු කෙනා මතක නැහැ. එ්ත් වෙලාවක් තියනවා නම් එතුමගේ ලේකම් කෙනෙක් ලියපු “මා දුටු ප්‍රේමදාස“ පොත කියවන්න. එතුමා ගැන බොහෝ දේ දැනගන්න පුළුවන්. ප්‍රේමදාස මහත්තයාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 17 May 2016 08:03 PM

දුප්පතාගේ දහදිය සුවඳ හඳුනාගත් ලොව පහළවූ එකම දේශපාලඥයා ඔබයි නිරිඳුනේ ... (නි)

:       0       0

ඉන්දුක සුරේෂ් Monday, 16 May 2016 02:22 PM

ඔබ වැනි නායකයන් ආපහු මේ රටට පහල වේවියි දෙවියන්ගෙන් යදිනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 737 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site