පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවුවැනි වසරේ සිංහල විශේෂවේදි උපාධිය හදාරන හාඟිලිඇල්ලේ ඤාණවිමල හිමියෝ ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරෙන් සිතුවම් ඇදිමේ පැරණි කලාව ප්‍රගුණ කරති.
ඓතිහාසික යටිහලගල ශ්‍රී සුමනාරාම මහා විහාරයේ විහාරාධිපති වල්ගොවුවාගොඩ අමරවංශ හිමියන්ගෙන් ඒ සදහා විශාල සහයක් ලැබෙන බව ඤාණවිමල හිමියෝ පැවැසුහ.
හිමියන්ගේ මා පියන් ගොවිතැන් කටයුතු කරන අතර සහොදරයින් දෙදෙනෙක් හා එක් සහොදරියක් සිටිති.හාඟිලිඇල්ල විද්‍යාලයෙන් මූලික අධ්‍යපනය හදාරා වයස 13 දි පැවිදි දිවියට පිවිසුණු ඤාණවිමල හිමියෝ දික්කාපිටිය ශ්‍රී විද්‍යාභුමි පිරිවෙනෙන් ඉගෙනුම ලැබූහ.ගවරම්මාන විදුරපොල ශ්‍රී පියතිස්ස පිරිවෙනින් උසස්පෙළ අධ්‍යාපනය හැදැරු හිමියෝ 2013 වසරේදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වුහ.
සිතුවම් කලාව සේම නවකතා,කෙටි කතා හා කවි රචනා කිරිමට සහඡ දක්ෂතාවයක් ඇති ඤාණවිමල හිමියෝ වයස 13 දි මුල්ම කෙටි කතාව රචනා කළහ. එය මුද්‍රණය කිරිමට නොහැකි වුවත් වයස 16 දි ‘පාළුව‘ නමි කෙටි කතාව එළි දක්වුහ.
මේ දක්වා කෙටි කතා හා නව කතා 10 ක් පමණ මුද්‍රණය කර ඇත.
“මම කැළනිය පන්සලට ගිය දවසක එහි සෝලියස් මහතා ඇඳ තිබු චිත්‍ර දැක මා ඒ සම්බන්ධව කරුණු රැස් කළා.ඒ චිත්‍ර දැකීමෙන් පසු තමයි මට හිතුනේ ඒ වගේ චිත්‍ර අඳින්න.ඒ චිත්‍ර ස්වභාවික මැටි ගස්වල කොළ,පොතු ,මල් වැනි දේ වලින් ගන්නා ඉස්ම භාවිත කර චිත්‍ර නිරිමාණය කර ඇති බව දැනගත්තා.මා වැලිමඩ , මහනුවර , හා තවත් ප්‍රදේශ වලින් මැටි එක එක වර්ණ වලින් සොයා ගත්තා. කහට ගතියෙන් යුක්ත ගස්වල කොළ,පොතු,මල් සොයාගෙන ඒවයින් ඉස්ම අරගෙන මම එක එක පාට වර්ණ හදාගෙන තමා මම මේ චිත්‍ර නිර්මාණය කරන්නෙ.ස්වභාවික දේ උපයෝගි කරගෙන චිත්‍ර කලාව කරන අය අඩුයි මට අවශ්‍ය ස්වාභාවික දේ අරගෙන චිත්‍ර නිර්මාණය කරන්න. “ යැයි හිමියෝ පැවසූහ.
“ස්වභාවික දේ වලින් පමණක් නොවෙයි මා දියසායම්,තෙල් සායම්, ඇක්ක්‍රලික්, අගුරු,පෙන්සිල් ආර්ට්, වලින් චිත්‍ර නිර්මාණය කර තියෙනවා.මැතකදි මම ඒ සියලු වර්ණ උපයෝගි කරගෙන අමරදේව ශුරින්ගෙ චිත්‍රයකුත් නිර්මාණය කළා.මා විහාර වල සිතුවම් අඳිනවා.ලබන වසරේ සිතුවම් ප්‍රදර්ශනයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා “යැයි ඤාණවිමල හිමියෝ පැවැසුහ











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ උත්සාහයක් (නි)
හරිම සතුටුයි මේවා දකිනකොට (නි)
අපේ රටේ හිමිවරුන් ඉතා දුප්පත් පවුල් වලින් පැවිදි වෙන්නේ. බොහෝ උපැවිදිවීම් වලටත් හේතුව එයය. උන්වහන්සේලා සතු දක්‍ෂතාද අපමණයි. විශේෂයෙන්ම මෙබඳු කලා කුසලතා ඇති හිමිවරුන්ට ඒවා ඉහළ නංවන්නට අතදීමක් වෙනවා නම්... ප්‍රංශය ඉතාලිය වගේ රටවල දක්ෂ චිත්‍ර හා මුර්ති ශිල්පීන්ගේ ඇසුර ලැබෙනවා නම්... සෝලියස් මෙන්ඩිස්ලා හෙන්රි ධර්මසේනලා පමණක් නොව, ලියනාඩෝ ඩාවින්චිලා ෆැබ්ලෝ පිකාසෝලාත් ඔය අතරින් බිහිවේවි. (නි)
මෙවන් හිමිවරු රටට වාසනාවක් (නි)
වාසනාවන් ! (හේ)