IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හැදියාව කියාපෑවාට ක්‍රියාව අන්ත බාලය

රටේ ජනතාවගේ හැදියාව කියාපාන කතාවක් අපි ඉස්සර අසා ඇත්තෙමු. ඒ තුළ මෙරට ජනයාගේ ගරුත්වය පිළිබඳ දෘෂ්ටියත්, හැදියාව යොමු විය යුතු දිශාවත් පිළිබඳ අදහසකුත් මතු වී තිබිණි. ඒ කාලයේ “රටේ ඉන්නා සුන්දරතම කන්‍යාවිය රන් ආභරණයෙන් සරසා, ඈට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පා ගමනින් රට මැදින් යන්නට සැලැස්සුව පසුත් ඇගේ සිරුරේ පැළඳි ආභරණවලටවත්, ඇයටවත් යම් තරමින් හෝ හානියක් සිදු වෙන්නේ නැත”‍ යන්න ඒ කතාවයි.

කතාව එසේ වුව ද, වර්තමානයේ මෙරට පවතින්නේ ඊට හාත්පසින් වෙනස් වාතාවරණයකි. රන් පැළඳගත් කන්‍යාවියකට කෙසේ වෙතත් වියපත් කාන්තාවකට හෝ තම රන් ආභරණ රැකගෙන රෝහලකින් ප්‍රතිකාර ගන්නට නොහැකි තත්ත්වයක් දැන් උද්ගත වී ඇති බව “ඇස් ලෙඩට බෙහෙත් ගන්නට ආ වියපත් මවගේ ලක්ෂ තුනක රන් බඩු උස්සලා”‍ යනුවෙන් අප පුවත්පතේ නොබෝදා පළ වූ පුවතින් සනාථ වේ.

කවුරු හෝ නරුමයකු එක්ස්රේ පරීක්ෂණයකට සූදානම් කරන මුවාවෙන් ඇයගේ රන් ආභරණවලට විද, පැනගොස් තිබේ.

මෙම කතාවෙන් කියනුයේ, රටේ එක් නරුමයකුගේ පුවත හෝ වියපත් කාන්තාවකගේ අහිංසකකම ගැන පමණක් නොවේ. මේ රටේ මිනිස් සමාජයත්, ඔවුන් පසු වූ අාධ්‍යාත්මික තත්ත්වයත් කෙතරම් පහතට වැටී ඇත්තේ ද යන්නත් එයින් කියැවේ.

සාරධර්ම ගැන දිනපතා සියලු‍ මාධ්‍යවලත්, පූජනීය ස්ථානවලත්, පාසල්වලත් දේශනා කරන මෙවැනි තවත් රටක් ඇත්තේ ද යන්න සැක සහිතය. බැලූ බැලූ අත දිනපතා වියදම්කාරී පින්කම්ය. තෘෂ්ණාව දුරු කරගැනීම පසෙක තබා තමන්ගේ කුසල් ගිණුම මතු ආත්මයටත්, මේ ආත්මයටත් රැස් කර තබන්නෝ ගිනි කසේට ක්‍රියාකාරීව හිඳිති. එවැනි බොහෝ පුණ්‍යකර්මවල පෙනෙන්නේ, අාධ්‍යාත්මික තෘෂ්ණාව දුරු කරගැනීමට වඩා ප්‍රදර්ශනකාමයයි. අල්පේච්ඡතාව, අනිකා පිළිබඳ මෛත්‍රිය, සෙනෙහස මෙරට පොදු ජනයාගේ සිතිවිලි තුළට කාවද්දා, ඔවුන් උතුම් පුරුෂාර්ථවලින් හෙබි ජාතියක් බවට පත්කරලීමේ මහඟු‍ කර්තව්‍යය එකී වගකීම බාර ආයතනවලින් සිදු වී නැත්තා සේ පෙනේ. ඒ වෙනුවට සිදුව ඇත්තේ, අනෙකාගේ වයස, අනෙකාගේ ලෙඩ දුක්, අනෙකාගේ අසරණ බව නොතකා වස්තු තණ්හාවෙන් අනෙකා මැඩලන ජාතියක් බවට පත් වෙන ප්‍රවණතාවක් මතු වීමයි. අාධ්‍යාත්මික වශයෙන් දියුණු වූ මිනිසා කළ යුත්තේ, තමා සතු වූ සොච්චම හෝ අනෙකාට දන් දී, අනෙකාගේ දුක නිවීමයි.

මෙම පුවතේ එන කාන්තාව මෝඩ තැනැත්තියකැයි අයෙක් කියනු ඇත. වර්තමාන සමාජයේ නරුම ගති, දුර්ගුණ හා පිරිහීම ගැන නොදන්නා පලියට යම් කාන්තාවක් මෝඩ තැනැත්තියක වන්නේ ද? ඈ පිරිහීමට ලක් නොවුණු සමාජ පරිසරයක ජීවත් වූ කාන්තාවකි. ඈ තමන්ට උපකාර කරන මුවාවෙන් අයෙකු තමන්ගේ ආභරණ සොරකම් කරතැයි සිතන්නට තරම් නොපිරිහුණු සමාජයක ජීවත් වූ කාන්තාවක නොවේ. පිරිහුණු සමාජයක නරුමයන් ගැන අත්දැකීම් නැති සියලු‍ අය මෝඩයෝ වෙත් ද?

ආර්ථික අහේනිය හා දරිද්‍රතාවට එරෙහිව නිෂ්පාදනය හා ඵලදායිතා නැංවීම, අපනයන වර්ධනය ආදි වගකීම් ජාතියක් ලෙස අප ඉදිරියේ ඇත. ඒ සියල්ල වර්ධනය වෙද්දී රටේ ජනතාවගේ අධ්‍යාත්මය හා පුරුෂාර්ථ බිඳවැටීම දෙස දැඩි විචාර බුද්ධියකින් බලා, ඒවාට පිළියම් යෙදිය යුතුය. ඒ සඳහා පිළියම් යෙදීමේ සාම්ප්‍රදායික විධි අසාර්ථක වේ නම්, ඒ සඳහා අන් විධි සොයා යා යුතුය. සාක්ෂරතාවෙන් ඔබ්බට යන අනෙකාගේ සංවේදනා තේරුම් ගැනීමට හැකි සාමූහිකත්වයේ අගය පැහැදිලි කරන අධ්‍යාපනයක් රටේ අලු‍ත් පරපුරට හෝ ලබා දිය යුතුය. අවශ්‍ය නම්, ඒ සඳහා රටේ සාම්ප්‍රදායික  අධ්‍යාපනය  ද  වෙනස් කළ    යුතු වේ.

(***)



අදහස් (0)

හැදියාව කියාපෑවාට ක්‍රියාව අන්ත බාලය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31282 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13474 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10991 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 929 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site