IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත හැම වෙලේම වැඩ කළේ තනියම

(මුදිතා දයානන්ද)

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ හැකියාවක් තිබූ බව මා දුටුවේ නැහැ. ඔහු හැමවිටම වැඩ කළේ තනියමයි. මගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ කාලයේදීයි මම ඒ අඩුපාඩුව හඳුනා ගත්තේ යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ මෙහෙයවීම යටතේ ජයසුන්දර මහතා පළමුවරට එසේ සාක්ෂි ලබාදුන්නේය. එහිදී සොලිසිටර් ජනරාල්වරිය ඇසූ ප්‍රශ්න හා හිටපු පොලිස්පතිවරයා දුන් පිළිතුරු මෙසේය.

 

ප්‍රශ්නය - නිලන්ත ජයවර්ධන මහතා ඔබේ පෞද්ගලික සහකාර ලෙස කලක් සේවය කළාද?

පිළිතුර - ඔව්. 2013 දෙසැම්බර් 03 වැනිදා සිට 2015 ජනවාරි 26 වැනිදා දක්වා කාලය තුළ මම උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කළා. ඒ කාලයේ අවසන් මාස හයක පමණ කාලයක් නිලන්ත මගේ පෞද්ගලික සහකාර ලෙස සේවය කළා.

 

ප්‍රශ්නය - ඔබ සහ ඔහු අතර තිබුණ සබඳතාව කෙබඳු එකක්ද?

පිළිතුර – ආරම්භයේදී නම් ඉතා හොඳයි.

 

ප්‍රශ්නය - මොකක්ද එයින් අදහස් කරන්නේ?

පිළිතුර - මම ඔහුගේ වරදක් කියන්න උත්සාහ කළේ නැහැ.  ඔහු ගොඩක් හොඳ නිලධාරියෙක්. ඔහුත් මම වගේම සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස තමයි පොලිසියට බැඳුණේ. ඔහු කලක් කුරුණෑගල සේවය කළා. ඒ නිසා ත් අපි අතර සබඳතාව වර්ධනය වුණා. අපි ගොඩක් සමීපව කාලයක් වැඩ කළා.

 

ප්‍රශ්නය - අපි අහන්නේ ඔබ යටතේ සේවය කරන කාලයේ ඔහු හා ඔබ අතර පැවති සබඳතාවය කෙබඳු එකක්ද කියලයි?

පිළිතුර - ඔහු මා යටතේ වැඩ කරද්දි හොඳින් ඒ කටයුතු කරගෙන ගියා. අපි එකට වැඩ කළේ කෙටි කාලයක් විතරයි. ඔහු ඔහුගේ වැඩ ටික කළා. එහි ගැටලුවක් තිබුණේ නැහැ.

 

ප්‍රශ්නය - ඔහු කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන ආකාරය කෙසේද?

පිළිතුර - එහෙම වැඩ කිරීමේ පුරුද්දක් නම් ඔහුට තිබුණේ නැහැ. ඔහු තනියම තමයි වැඩ කළේ. ඔහු වැඩ කළේ මගේ කාර්යාලයේ කුඩා කණ්ඩායමක් එක්ක. නමුත් එහිදී මම ඔහුගේ ඒ අඩුපාඩුව දැක්කා. එය පසුව කෙසේ වෙනස් වුණාද මම දන්නේ නැහැ. ඔහුව මගේ පෞද්ගලික සහකාර ලෙස පත්කරද්දී ක්ෂේත්‍ර රාජකාරිවල යෙදී තිබුණේ නැහැ. දිගටම බුද්ධි අංශයේයි ඔහු වැඩ කර තිබුණේ. ඒ නිසා හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතා මට කිව්වා ඔහුට ක්ෂේත්‍ර රාජකාරිවල අත්දැකීම් ලබාදීම ගැන සැලකිලිමත් වෙන්න කියලා.

 

ප්‍රශ්නය - ඇයි එහෙම කිව්වේ කියලා ඔබට අදහසක් තිබෙනවාද?

පිළිතුර - ඔහු ඊළඟට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස්වීම් ලැබීමට නියමිතව සිටියා. එහිදී ක්ෂේත්‍ර රාජකාරි පිළිබඳ වැටහීමක් තිබීම වැදගත් නිසා එසේ කිව්වා වෙන්නත් පුළුවන්. ඒ වගේම උසස් වීමක් ලැබීමේදී උතුරේ මාස හයක් හෝ සේවය කර තිබීම වැදගත් නිසා ඔහු උතුරට යොමු කළා වෙන්නත් පුළුවන්. නමුත් ඇත්තම හේතුව කුමක්දැයි කියන්න මම දන්නේ නැහැ.

 

ප්‍රශ්නය - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය දෙකම එකම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ තමයි කලින් තිබුණේ. එය පසුව වෙන වෙනම ආයතන දෙකක් බවට පත් වුණා. ඔබ මේ ආයතන දෙකම ඍජුව අධීක්ෂණය කළාද?

පිළිතුර – ඔව්. මේ ආයතන දෙකේම අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සතියකට වතාවක් කැඳවා ඔවුන්ගේ විමර්ශන ගැන විමසා බලා අවශ්‍ය උපදෙස්දීම මා සිදුකළා.

 

ප්‍රශ්නය - නාලක සිල්වා මහතා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ලෙස කලක් සේවය කර තිබෙනවා නේද?

පිළිතුර – ඔව්. මම ඒ ගැන දන්නවා.

 

ප්‍රශ්නය - ඔහු ගැන මොකද ඔබ හිතන්නේ?

පිළිතුර - ඔහු ඉතා හොඳ දක්ෂ නිලධාරියෙක්. ඔහු පොලිස් නිලධාරියෙක් ලෙස වගකීමෙන් වැඩ කළා. ඉතා හොඳින් විමර්ශන කටයුතු කළා. ඔහු රාජ්‍ය බුද්ධි අංශයෙන් මාරු කර එයින් ඉවත් කර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පත් කර තිබුණා.

 

ප්‍රශ්නය - ඔබ එම සාක්ෂියේදී නාලක සිල්වා මහතා රාජ්‍ය බුද්ධි අංශයෙන් මාරුකර යන්න නැවත වෙනස් කර ඉවත් කර යන්න හයිලයිට් කළේ ඇයි?

පිළිතුර - ඇත්තටම ඔහු ඉවත් වුණාද? ඉවත් කළාද? මාරු කළාද කියලා මම හරියටම කියන්න දන්නේ නැහැ. එය සිදුව තිබුණේ ඉලංගකෝන් මහතා පොලිස්පතිව සිටි කාලයේදීයි.

 

ප්‍රශ්නය - ඔබ ඉතා හොඳ චරිත සහතිකයක් දුන්නානේ. ඔබට අපි ඉදිරිපත් කරන හඬ පටයට සවන් දීලා ඉන් පසුවත් ඒ ස්ථාවරයේම ඉන්නවාද කියලා කියන්නකෝ.

ඉන්පසු නාලක සිල්වා මහතා හා නාමල් කුමාර නමැති පුද්ගලයා අතර සිදුවූ බව කියන හඬපට කීපයක් අසන්නට සලස්වන ලදී. එහි මුස්ලිම් ජනතාව හා බෞද්ධ ජනතාව අතර ගැටුම් ඇතිවන පරිදි කටයුතු කරන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් කරන ආකාරය නාලක සිල්වා මහතා විසින් නාමල් කුමාර නමැත්තාට උපදෙස් දෙන ආකාරය අසන්නට ලැබිණ. එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන හා නන්දන මුණසිංහ මහත්වරුන්ට අපහාස වන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලෙසද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පුම්බන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර කරන ආකාරය පිළිබඳව ද නාලක සිල්වා මහතා නාමල් කුමාරට උපදෙස් දෙන ආකාරයද අසන්නට ලැබිණි.

 

ප්‍රශ්නය - ඔබ මේ හඬ අඳුනාගත්තාද?

පිළිතුර - ඔව්. එක හඬක් නාලක සිල්වා මහතාගේ බව මම වටහා ගත්තා.

 

ප්‍රශ්නය - තවමත් ඔබ කලින් සිටි ස්ථාවරයේම සිටිමින් නාලක සිල්වා මහතා ඉතා හොඳ නිලධාරියෙක් බව කියනවාද?

පිළිතුර - ඔහු මේ හඬපටවල දැක්වෙන ආකාරයට කර තිබෙන ප්‍රකාශ මා අනුමත කරන්නේ නැහැ. එසේම මේ හඬපට පටිගත කළේ කෙසේද? කවුද මේ පිටපුස සිටින්නේ? මොකක්ද ඔවුන්ගේ ඉලක්කය යනාදී ප්‍රශ්න තවමත් විසඳී නැහැ. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. මොකක් වුණත් ඔහුගේ ප්‍රකාශ අනුමත කළ නොහැකියි. එහෙම වුණත් ඔහු දක්ෂ නිලධාරියෙක් බව කිව යුතුයි. ඔහු තමන්ගේ රාජකාරිය හොඳින් කළා.

 

ප්‍රශ්නය - ඔබට රාජ්‍ය බුද්ධි ප්‍රධානීගෙන් වාර්තා ලැබුණාද?

පිළිතුර - ඔව්.

 

ප්‍රශ්නය - කීයක් ලැබී තිබෙනවාද?

පිළිතුර - ගාණක් නම් මතක නැහැ. නිතරම ලැබෙනවා.

 

ප්‍රශ්නය - ජාතික බුද්ධි ප්‍රධානීගෙනුත් ඔබට වාර්තා ලැබෙනවාද?

පිළිතුර - ඔව්.

 

ප්‍රශ්නය - කලක් පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට වැටුණා. ඒ කාලේ ඔබේ අධීක්ෂණ නිලධාරියා වුණේ ආරක්ෂක ලේකම්. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ඔබට උපදෙස් ලැබී තිබෙනවාද?

පිළිතුර - ඔව්. මට උපදෙසක් අවශ්‍ය වෙලාවට මම ඒ ගැන කතා කළාම ඔහුගෙන් මගපෙන්වීමක් ලැබුණා. අපි සුහදව ගනුදෙනු කළා.

 

ප්‍රශ්නය - හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී එම තනතුරට පත්වූ පසු ඔබ සමග කෙසේද ගනුදෙනු කළේ?

පිළිතුර - ඔහු මාත් සමග අවශ්‍ය අවස්ථාවල සම්බන්ධ වෙලා කටයුතු කළා. ඔහු ආකල්පමය වශයෙන් වෙනස් නිලධාරියෙක්.

 

ප්‍රශ්නය - මොකක්ද ඔබ එයින් අදහස් කරන්නේ?

පිළිතුර - ඔහු ඉතා හොඳින් මහන්සි වී වැඩ කළා. ඒත් අපි එක එක්කෙනාගේ ආකල්ප වෙනස්නේ. ඉතිං ඔහුගේ ආකල්පවලත් මම වෙනසක් දැක්කා. එය වරදක් කියලා නෙවෙයි මම කිව්වේ.



අදහස් (1)

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත හැම වෙලේම වැඩ කළේ තනියම

Rata Perata Thursday, 24 September 2020 06:28 AM

දැන් ඉතින් බලය නැති කෙනාට උඩ පැන පැන ගහයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31155 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13293 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site