
කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වර්තමානයේ අංක 206 නමින් පරිපාලනමය වශයෙන් බෙදී වෙන්වී පවතින “කෑල්ල” කෑල්ලගම, කෙහෙලියගම යන නම් වලින් හඳුන්වන මෙම ගම්මානය අතීතයේදී ඉතා සුන්දර වූ පාරිසරික වත් පොහොසත් කමින් අනූන වූ ප්‍රදේශයකි.
“පෙර රුහුණු රටේ මාගම්පුර රාජධානි සමයේ මෙම ප්‍රදේශය පාලනය කළ ප්‍රාදේශීය රජෙකු සහ වෙනත් රජ කුමාරයෙකු අතර සටනක් සිදුවී ඇත. ඒ සටනින් ප්‍රාදේශීය පාලකයා පරාජයට පත්කර ජයග්‍රහණය කළ කුමාරයා මෙම ගමෙහි ජය කෙහෙල්ල (ජය කොඩියක්) ඔසවා ඇත. එතැන් පටන් “කෙහෙල්ළ” නමින් මේ ගම ප්‍රකට වී ඇති බවත්, එය ජනව්‍යවහාරයත් සමග “කෑල්ල” බවට පත්වී ඇති බවත් තොරතුරු අපවත්වී වදාළ පූජ්‍ය පණ්ඩිත කෑල්ලගම චන්දානන්ද හිමි විසින් රචිත කෑල්ලගම ශ්‍රී සුදර්ශන මහා විහාර වංශයේ සඳහන්ව ඇත. එහි සඳහන් පරිදි මෙය සනාථ කරනුවස් විහාරස්ථානයට කිලෝ මීටර් දෙකක් පමණ බටහිරින් සාමාන්‍ය දිය ඇල්ලක් පිහිටා ඇත. ප්‍රදේශය වනගතව පැවති පුරාණ කාලයේ මෙය විශාල දිය ඇල්ලක් වීය. මෙම දිය ඇල්ලට සමීපව විශාල ගල් කුහරයක් තුළ විහාර කුටියක් සහිත පුරාණ රජමහා විහාරයක් අදටද දැක ගත හැක. එම විහාරයේ වහළය මහා ගල්තලාවකින් සැකසී ඇති අතර එම ගල් තලාව දිගේ ද දිය ඇල්ලක් කඩාහැළෙන අයුරු දක්නට තිබේ. මෙය වළගම්බා රජු පැනවිත් සැඟවී සිටි බවට ව්‍යවහාරයේ පවතී. එමෙන්ම සුගලා දේවියගේ ආගමනයක් සමග ඇයද මේ ලෙන තුළ සැඟවී සිටි බවටද මත දරන අයද බොහොමයක් සිටිති.
මිඩිකර අරගෙන උණුදියරෙහි ලා
2025 නොවැම්බර් මස 04
171
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2060
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිංහරාජ අඩවියේ කෑල්ල
ජයවර්ධන Monday, 24 July 2023 06:44 PM
ඔය වාර්තාව සඳහා කෑල්ල ආසන්නව එක් පැත්තක මඩුවන්වෙල වලව්වත්, අනෙක් පැත්තේ පනාමුර ඇත් ගාලත් තිබුණා කියලා කිව්වා නම් තවත් සාර්ථක ලිපියක් කියන්න පුළුවන්...
Jerald Premanath Wednesday, 26 July 2023 03:38 PM
ගොඩක් හොඳ ලිපියක්... හොඳ වැඩක්...
ජුනයිඩ් නානා Tuesday, 01 August 2023 08:59 AM
සිංහලෙන් කෑල්ල. ඉංග්‍රීසියෙන් කෙල්ල (KELLA). බලන්නකෝ බෝඩ් එක.