IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


සාහිත්‍ය සම්මානලාභීන්ට අපෙනුත් සුබපැතුම්

2020 වසරේ ප්‍රකාශිත කෘති අතරින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවන ග්‍රන්ථ ලේඛනය ඉකුත්දා ප්‍රකාශයට පත්විය. කොරෝනා වසංගතය හේතුවෙන් සම්මානිත ග්‍රන්ථ නාමාවලිය ප්‍රසිද්ධියට පත් කළ බවත්, පසුව සම්මාන උළෙල පැවැත්වීමට නියමිත බවත් අප පුවත්පත වාර්තා කළේය. රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ සියලු ලේඛක ලේඛිකාවන්ට ‘‘ලංකාදීප’’යේ උණුසුම් සුබ පැතුම් පිරිනමමු. වඩාත් යහපත් මානව සමාජයක් වෙනුවෙන් වඩාත් දුෂ්කරම මාර්ගය තෝරා ගැනීමෙන් නිපැදෙන අවදානම් සහගත ප්‍රීතියෙන් සාහිත්‍යකරණයේ යෙදෙන සුධීමතුන්ට මේ හිමිවුණ රාජ්‍ය සම්මාන වඩ වඩාත් ධෛර්යයෙන් යුතුව එම කාර්යයෙහි තව තවත් නිමග්න වීමට මෙම සම්මාන ප්‍රදානෝත්සවය බලවත් පෙළඹවීමක් ශක්තියක්වීම ඒකාන්තය.

‘‘සාහිත්‍ය’’ යන වචනයට අදාළව ඇති එක් තේරුමක් වනුයේ ‘‘රස සහිත තැන’’ යන්නය. මිනිසා ස්වභාවයෙන්ම ‘‘රසට’’ කැමතිය. මෙම රසය මිනිසා විඳින ආකාර විවිධ වේ. එක් වරක මිනිසා තම තමන්ට දුක්දී රසයක් විඳී. තවත් විටෙක අන්‍යයන්ට දුකක් දී එය රසයක් ලෙස විඳී. මෙම වින්දන මාධ්‍යයන් දෙකම ග්‍රාම්‍ය වේ. ඒ වෙනුවට රසය උසස් ලෙස වින්දනය කිරීමට මාධ්‍යයක් මිනිසාට ඇවැසි විය. කලාව ලොව පහළ වූයේ ඒ අනුවය. කලාව යනු රස නිෂ්පාදන මාර්ගය වේ. නවකතා කලාව, කෙටිකතා කලාව, නාට්‍ය කලාව, චිත්‍රපට කලාව ආදී යෙදුම්වලින් ඒ බව සනාථ වේ. එම කලාවන් හරහා පෙර අත් නොවිඳි රසයක් නිර්මාණය කිරීමට සියල්ලන්ටම නොහැකිය. ඒ සඳහා පළමුව තමන්ට උසස් රස වින්දනයක් තිබිය යුතුය. එය නිසි පරිදි කලතා පෙරා බෙදා හැරීමට ඉවසුම් බවක් තිබිය යුතුය. ඒ සඳහා බොහෝ ඇසූපිරූ ඇත්තෙකු විය යුතුය. සම්මානයන්ට පාත්‍රවන්නේ එම සකලාංගයන්ගෙන් සමන්විත වන අපූරු මිනිසුන්ය. ආනන්දයෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් ගමනාන්තයට මිනිස් සමාජය රැගෙන යන්නේ එම අපූරු මිනිස්සු වෙති..

මිනිසා යනු යන්ත්‍රයක් නොවේ. දුක – සතුට ඉදිරිපිට සංවේදී වන සත්ව කොට්ඨාසයකි. එහෙත් එම සංවේදීවීම ඉබේ සිදුවන්නක් නොවේ. ඒ සඳහා පෙළඹවීමක් ඇවැසිය. සාහිත්‍යධරයා, කලාකරුවා අතින් සිදුවන්නේ එම අනගිතම මෙහෙවරකි. ඔවුන් අමතන්නේ සමස්ත මානව හැඟීම්වලටය. එයින් සංවේදී වන මිනිසා එම මානව හැඟීම්වල ස්වභාවය හඳුනා ගනී. එම මානව හැඟීම් හොඳ – නරක ලෙස හෝ උසස් - පහත් ලෙස වෙන්කර හඳුනා ගනී. තමන් මෙතෙක් නුදුටු ලොවක් තිබෙන බව පසක් කර ගනී. ඒ අලුත් ලොවෙහි අසිරි සිරිය ඔහුට දැනෙන්නට පටන් ගනී. එහි චමත්කාරය ඔහුට අලුත් රසයක් රැගෙන එයි. මනුෂ්‍යත්වය යනු කුමක්දැයි හඳුනා ගන්නා මිනිසා සියලු අවකල් ක්‍රියාවන්ගෙන් මිදී තුන් කල් දක්නා ඉසිවර නුවණින් කටයුතු කිරීමට පෙළඹේ. පුද්ගල පෞරුෂය ගොඩනැගීම සාහිත්‍ය ඉවහල්වන්නේ ඒ අයුරිනි. ‘‘කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි’’ යන සදාතනික ප්‍රකාශයෙහි පදනම ද එයය.

මිනිස් සිත ස්වභාවයෙන්ම වරදට පාපයට බරය. වැරැදි දේ කිරීමෙන් පාපී ක්‍රියාවන්හි නියැලීමෙන් අපමණ ප්‍රීතියක් විඳීමට මනස කැමතිය. මේ මනස එම පාපී උගුලෙන් ගලවාගනු යුතුමය. නොඑසේ නම් අත්වන්නේ පරාජය හා විනාශය පමණි. මිනිස් මනස යනු උසස් තත්ත්වයට වර්ධනය කරගත හැකි දෙයකි. එහි කෙළවර බුද්ධත්වය වේ. දේවත්වයට පත්වීම යනු ද මනස උසස් තත්ත්වයට පත් කිරීමකි. ආගම දහමට මෙන්ම සාහිත්‍ය එහිදී අප්‍රමාණ මෙහෙවරක නියැලෙයි. සාහිත්‍යකරුවා නිර්මාණශීලීව එම කාර්යයෙහි නියැලෙයි. ඔවුන් සුවිශේෂී මානව සම්පතක් ලෙස හැඳින්වෙන්නේ එහෙයිනි.

අප රට සතුව උසස් මෙන්ම දුරාතීතයට අයත් සාහිත්‍යයක් තිබේ. අදටත් මෙම සමාජය සුවපත් කරමින් සිටින්නේ එම සාහිත්‍යයම වේ. විශේෂයෙන්ම මෙම කොරෝනා මාරාන්තික ව්‍යසනය හමුවේ කියවීමේ වැදගත්කම ඉහළින්ම අවධාරණය කෙරිණි. ඩලස් අලහප්පෙරම මහතා අධ්‍යාපන ඇමතිව සිටි සමයේ කොරෝනා උවදුර හමුවේ ‘‘පොත් ලියන්නැයි’’ පාසල්  දරුවන්ට ආයාචනා කළේය. එය කදිම පියවරකි. කොරෝනා ඛේදවාචකය ඉදිරිපිට එය දරා ගැනීමට මෙන්ම එය කළමනාකරණය කර ගැනීමට ඇවැසි විසල් මනස පාදා දුන්නේ ද සාහිත්‍ය මගිනි. මෙම සාහිත්‍යකරුවා ආදරයෙන් රැක බලා ගත යුත්තේ එහෙයිනි.

සමාජය බෙහෙවින් සංකීර්ණ වෙමින් තිබේ. මහ පොළොව නුහුලන තරමට අපරාධ වර්තමාන මිනිසා වෙතින් සිදුවේ. සන්නිවේදන තාක්‍ෂණික විප්ලවයත් සමග මිනිසා බොහෝ දුරට කියවීමෙන් දුරස් විය. යාන්ත්‍රික මිනිසකු බිහිවූයේ ඒ අනුවය. එහෙත් ගමන් කරමින් සිටින්නේ වැරැදි මාවතක බව මිනිසා අවබෝධ කරගනිමින් සිටී. ඒ මිනිසාට විකල්පයක් වශයෙන් තිබෙන්නේ පොත්ය. කොළඹ පැවැති පොත් ප්‍රදර්ශනයට රොද බැඳ ගන්නා මහ සෙනඟෙන් ඒ බව මනාව ඔප්පු වේ. අවශ්‍ය වන්නේ එම තත්ත්වය තව තවත් දියුණු කිරීමය.

මෙරට කලාකරුවාට, සාහිත්‍යධරයාට නිසි පිළිගැනීමක් නැති බවට චෝදනාවකි. එය අසත්‍යයක් නොවේ. මෙම පරිසරය වෙනස් කළ යුතුය. වාර්ෂිකව පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල කලාකරුවා සාහිත්‍යධරයා ඇගයුමට ලක් කරන කදිම අවස්ථාවකි. එහෙත් එබඳු වාර්ෂික ලිත් සැමරුමක් පමණක් ප්‍රමාණවත් නොවන බව වරක් නොව සිය දහස් වාරයක් ඔප්පු වූ ඒකාන්ත සත්‍යයකි.

(***)



අදහස් (4)

සාහිත්‍ය සම්මානලාභීන්ට අපෙනුත් සුබපැතුම්

Anil edirisinghe Tuesday, 14 September 2021 04:47 PM

ගුරුන් යන ගමනට, ළමුන් වෙන මගකට, හොරුන් දෙන වැටුපට, තියයි පොත්පත් තුරුලේ වදුලක.

:       0       0

RaveendraWednesday, 15 September 2021 01:48 PM

කාලින ගැටලුව පිලිබදව ඔබගේ අර්ථවත් අදහස් ඉතාමමත් නිවැරදිය.

:       0       0

Raveendra Wednesday, 15 September 2021 01:52 PM

අද දින කතුවැකිය ඉතාමත්ම හරවත් ලෙස සකසා ඇත. ඒ පිලිබදව අපගේ ස්තුතිය කතෘතුමා වෙත පිරි නමන්නෙමු. එලෙසම සියලුම සාහිත්‍ය සම්මානලාභින්ට අපගේද උණුසුම් සුබපැතුම් පිරි නමන්නෙමු.

:       0       0

සිරි Wednesday, 15 September 2021 10:48 PM

නවකතා සහ කෙටිකතා සලකා බැලුවොත්, පොත් වෙළඳුන්ගේ සම්මාන වලට නිර්දේශිත පොත් වලට වඩා රාජ්‍ය සම්මාන වලට නිර්දේශිත පොත් රස අනුව ඉහලින් තියෙනවා. අනෙක් ප්‍රවර්ගවල පොත් වලටත් සම්මාන දීම අගය කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 653 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 449 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 346 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1563 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 94 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 708 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 651 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1195 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site