IMG-LOGO

2023 සැප්තැම්බර් මස 23 වන සෙනසුරාදා


සාහිත්‍ය විචාරය ලේඛකයාට දෙන තෑග්ගක් නොවෙයි

කැලණිය විශ්වවිද්‍යාලයේ බටහිර සම්භාව්‍ය සංස්කෘති සහ ක්‍රිස්තියානි සංස්කෘතිය පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක වන කමනී ජයසේකර අගනා කෘති රැසක් මෙරට සාහිත්‍යයට දායාද කළ අයෙකි. ප්‍රකට විචාරිකාවකි. පරිවර්තිකාවකි.

ග්‍රීක සාහිත්‍යයෙන් නූතන අපට, බුද්ධ කාලීන ග්‍රීක චින්තන, ප්ලේටෝගේ සාහිත්‍ය සංකල්ප සහ නිර්මාණ, ග්‍රීක ඉතිහාසකරණය, රෝම ඉතිහාසකරණය, ශ්‍රීක – රෝම සාහිත්‍ය විචාරය, නිර්මාණ ආවේශය, සම්භාව්‍ය සාහිත්‍ය විචාරය, සාහිත්‍ය සහ භාෂාව හැසිරවීම, ප්‍රකම්පන ආදී පොත් ඇගේ කෘති අතරින් කීපයකි. මතු දැක්වෙන්නේ පැරැණි බටහිර සම්භාව්‍ය සාහිත්‍යය – සාහිත්‍ය විචාරය ආදී ක්ෂේත්‍ර පදනම් කොටගෙන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනී ජයසේකර මහත්මිය සමඟ අප කළ සංවාදයක සටහනකි.

 

• ඔබ බටහිර සම්භාව්‍ය සංස්කෘතිය හා සම්බන්ධ විෂය ක්ෂේත්‍රය නියෝජනය කරන කෙනෙක්. බටහිර සම්භාව්‍ය සංස්කෘතියට අනුව නිර්මාණාත්මක සාහිත්‍ය කෘතියක් ඔබ විග්‍රහ කරන්නේ කොහොම ද?

බටහිර සම්භාව්‍ය සංස්කෘතිය හඳුන්වනු ලබන්නේ ක්‍රි.පූ. 5 වන හා 6 වන කාල පරාසයෙහි ග්‍රීසියෙහි හා රෝමයෙහි පැවැති සංස්කෘතියයි. නිර්මාණ සාහිත්‍යය පිළිබඳව ඉදිරිපත් වීමට ප්‍රථමයෙන් බිහිවුණේ වෙනත් නිර්මාණයි. ඇත්තටම ඒවා ඉදිරිපත් වුණේ ලේඛන වශයෙන් නොව ගායනා වශයෙන්. ලේඛනගත කෙරුණේ මුඛ පරම්පරාවෙන් පැවැති ගායනා විදිහටයි.

හෝමර්ගේ මහා කාව්‍යය, හිසියඩ්ගේ නිර්මාණ ආදිය මේ සඳහා උදාහරණයට ගන්න පුළුවන්. මේ නිසා මුලින් ගැයුන කාව්‍ය සංස්කරණයට ලක්වන්නට ඇතැයි සිතෙනවා. සජීවී ප්‍රේක්‍ෂකයන් සමූහයක් ඉදිරිපිට ගායනා කරන ලද මෙම කාර්යය කොටස් වශයෙන් ඉදිරිපත් කරන්නට ඇති බව ද තවත් මතයක්.

මේ නිසා විවිධ රසයන්ගෙන් යුත් කථාංගවලින් නිර්මාණ ගලා යන බවක් පෙනුණා. දේව භක්තිය, වීරත්වය ආදී ගුණයන් ඇසුරින් මේ නිර්මාණ රැස්ව සිටින්නන්ගේ අවධානය හා විනෝදාස්වාදය පතා ඉදිරිපත්කොට තිබෙනවා. එහෙත් ඉලියඩ් මහා කාව්‍යය විමසන විට යුද්ධයේ ආදීනත්වය සහ එයට මිනිසාට නැඟෙන කම්පනය අවධාරණය කර ඇති බවක් ද පෙනෙනවා. මෙසේ කරන ලද්දේ වීරත්වය පෙන්වීමට ද නැතිනම් ව්‍යංගයෙන් පාලකයන්ට යුද්ධය පිළිබඳ ඍණාත්මක පණිවුඩයක් ගෙන දෙන්නට දැයි සැකයක් පැන නගිනවා.

කොහොම වුණත් කාව්‍යකරණයට මුල් වන්නේ දේවානුභාවය යැයි ඔවුන්ගේ මතය වුණා. කවියට අධිපති දේවතාවියන් විසින් කවියාට බලපෑම් කෙරෙනවා. එවිට ඔහු ආවේශයෙන්ම නිර්මාණකරණයේ යෙදෙනවා යන විශ්වාසය ඔවුන් තුළ තිබුණා. ඒවා එතරම් ආකර්ෂණය වුණේ ඒ නිසයි. සාමාන්‍ය මානසිකත්වයෙන් කිසි කෙනෙකුට නිර්මාණකරණයේ නිරත විය නොහැකිය.

ඇත්තෙන්ම නිර්මාණ රචනය සඳහා කතුවරයා විශේෂිත වූ මානසිකත්වයකට පත්විය යුතුයි. පසුකාලීනව ප්ලේටෝ දක්වන්නේ මියුසස් නැමැති කයට අධිපති දේවතාවියන් ඩුම්භකයකට සමානවන බවයි. එයට ආකර්ෂණය වන්නේ යකඩ වළලු, කවියා සහ රසවිඳින්නායි. නිර්මාණය සහ ප්‍රකෘති තත්ත්වයේ සිටි කතුවරයා අතර සම්බන්ධයක් නොමැති තරම්. විශේෂ මිනිසුන් අතින් විශිෂ්ට නිර්මාණ බිහි වන්නේ මේ නිසයි. ඒත් පසුකාලීන විද්වතුන් මේ ගැන පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කළා. කාව්‍යමය භාෂාව සහ උපක්‍රම විශ්වාසය තබමින් උපදෙස් දුන්නා.

 

• ඔබේ මේ විග්‍රහයට අනුව සාහිත්‍යය සහ සමාජය අතර වන සම්බන්ධය කවරාකාර ද? පැරැණි බටහිර සමාජයේ මේ තත්ත්වය දක්නට ලැබුණේ කොහොම ද?

නිර්මාණකරණය, සමාජය, දේශපාලනය සහ සාහිත්‍යය අතර වූ බැඳීම අතීතයේ සිටම දැඩියි. මෙය ඉතා පැහැදිලිව ප්‍රත්‍යක්‍ෂ වන්නේ ඔවුන් නාට්‍ය උත්සව රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වමින් සියලු පුරවැසියන්ට ඒවා නැරඹීමට අවස්ථාව ලබා දීම නිසයි. ඔවුන් රාජ්‍ය නාට්‍ය උත්සව පවත්වද් දී දුක ජනිත නාට්‍ය ත්‍රිත්වයක් සහ ප්‍රහසන නාට්‍ය ඉදිරිපත් කිරීමට තරඟකරුවාට සිදු වුණා. විචාරකයන්ගේ අදහස වුණේ දුක ජනිත නාට්‍ය මඟින් ප්‍රේක්‍ෂකයන්ගේ බිය, දුක, ආතතිය වැනි හැඟීම් පුබුදු කිරීමත් අවසානයේ පවත්වන ප්‍රහසන නාට්‍යයෙන් ඒ හැඟීම් සියල්ලෙන් මිදී ප්‍රකෘති තත්ත්වයට පත්වීමට සැලැස්වීමක් යන කාරණයයි. මින් මානසික නිරෝගීභාවය ඇති කෙරුණා. ආදී පුරා කතා ආශ්‍රයෙන් දුක ජනිත නාට්‍ය ගොඩනැඟුණා. මෙහිදී බොහෝ විට කාලයේ බැමි තරණය කරන්නා වූ සමාජ, දේශපාලන අදහස් ඉදිරිපත් වුණා.

 

● ආදි ග්‍රීසියේ පවා නිර්මාණකරුවන් පුද්ගල මනස ගැඹුරින් විමසා බැලීමට දැක්වූ උනන්දුව මොනවගේද? මේ මනෝවිද්‍යාත්මක දෘෂ්ටිය පුද්ගලයා හා සමාජය කෙරෙහිත් සාහිත්‍යයේ පසුකාලීන වර්ධනය සඳහාත් බලපෑවේ කවර අන්දමින්ද?

ආදි ග්‍රීසියේ නාට්‍ය වෙන් වෙන් වශයෙන් ගත්තොත් පුද්ගල සම්බන්ධතා කෙරෙහිත් ඔවුන්ගේ මානසිකත්වය පිළිබඳවත් අවධානයක් යොමුකර ඇති බව පෙනෙනවා. තෝරාගත් පුරා කතා, රජය, සමාජය හා දේශපාලනය පිළිබඳ ගැටලු සාකච්ඡා කළා. ඒත් එය ගැඹුරු තර්ක හා අර්ථකථනවලට ජීවය දෙන්නේ එම සංකීර්ණත්වයට මැදිවන මනුෂ්‍යයන් එයට ඔවුන්ගේ මානසිකත්වය ද සවිස්තරාත්මකව ප්‍රේක්‍ෂකයන් හමුවේ තැබීමට නාට්‍යකරුවන් පෙළඹුණා. දුක ජනිත කළ පළමු නාට්‍යකරුවා ලෙස අපට හමුවන්නේ ඊස්කිලස් නම් නාට්‍යකරුවයි. ඔහුගේ ‘‘ඇගමෙම් නොත්’’ නාට්‍යයෙන් දැක්වෙන්නේ ට්‍රෝප්පුර ආක්‍රමණය සඳහා රැස්වූ ග්‍රීක සාමූහික හමුදාව මුහුණපාන දේශගුණික බාධක යි.

මේ දේශගුණික බාධක සහිත තත්ත්වය සමනය කිරීමට දිවි දීමට අවශ්‍යවන්නේ නොයිඳුල් කන්‍යාවක් ‘‘ඇගමෙම් නොත්’’ ඔහුගේ දියණිය ඒ සඳහා දිවි දීමට තීරණය කරනවා. එවිට ඔහුගේ මනසේ ඇතිවන ව්‍යාකූලත්වය හදින් මතුකෙරෙනවා. බිලිවීමට ලක්වන දැරිය හා ඇගේ මානසිකත්වය ද අප හද සසල කරනවා.

සොෆොක්ලීස් යනු ඊස්කිලස්ගෙන් පසුව අපට හමුවන සම්භාව්‍ය නාට්‍යකරුවායි. ඔහුගේ කේන්ද්‍රීය ගැටලුව වන්නේ තම රටවැසියන් මුහුණපාන ව්‍යසනයයි. එයට හේතුව සහ විසඳුම දේශපාලකයෙක් වශයෙන් රජයේ යුතුකම පෙන්වා දීමයි. නොනවතින ප්‍රශ්න, උත්තර උපාය මාර්ගයෙන් ඔහු සොයා යන්නේ මේ ඝට්ඨනයට මුල් වූ අපවිත්‍ර පුද්ගලයායි. ඒත් මේ පර් යේෂණය අතරතුර හැඟී යන්නේ එම පාපතරයා අන් අයකු නොව තමාම බවයි. තම දෑස තමන්ගේම දෑතින් අන්ධකර ගැනීමට පෙළඹෙන්නේ මේ නිසයි.

ඊළඟට හමුවන්නේ යුරිපීඩිස් නැමැති නාට්‍යකරුවායි. ඔහුගේ ‘‘බැකී’’  නම් නාට්‍ය ඇසුරින් කාටත් පැහැදිලි වන්නේ රජයක ස්ථාවරත්වය බිඳ දැමීමට ජනතාවගේ මානසිකත්වය සහ හැසිරීම මුල්වන ආකාරයයි. මවක විසින් තම පුතුගේ දිවි අහිමි කිරීම වැනි ඛේදවාචකයකින් මේ නාට්‍යය අවසන් වන්නේ. මේ නාට්‍ය තුළ පුද්ගල මනස මනෝවිද්‍යාත්මක ලෙස විග්‍රහ කිරීමට නාට්‍යකරුවා පෙළඹුණ බව පෙනෙනවා.

මේ අන්දමට පුද්ගල මනසේ ක්‍රියාකාරීත්වය හා එහි ස්වභාවය ගැඹුරින් සාහිත්‍ය කලා නිර්මාණ ඔස්සේ විමසා බැලීමට පැරැණි ග්‍රීසියේ නිර්මාණකරුවන් උත්සාහ දැරූ සැටි පැහැදිලි වෙනවා. මේ තත්ත්වය පසුකාලීන නිර්මාණ රචකයන්ටත් බලපෑවා.

 

• සාර්ථක නිර්මාණයක යෙදිය හැක්කේ අධිසංවේ දී පුද්ගලයකුට හෝ පිස්සකුට පමණක් බව ‘‘ප්ලේටෝ’’ ප්‍රකාශ කොට තිබෙනවා. මේ කියන උමතුව සහ නිර්මාණ රචනය පිළිබඳව තියෙන සම්බන්ධය මොන වගේද?

කලකට පෙර මා විසින් රචිත ‘‘නිර්මාණ ආවේශය’’ නැමැති කෘතිය මෙම අදහස් ඔස්සේ කරන ලද පර් යේෂණයක ප්‍රතිඵලයක්. කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ නිර්මාණකරණයේ යෙදෙන ආචාර්යවරුන් සහ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ඔවුන් නිර්මාණකරණයට පිවිසුණු ආකාරය පිළිබඳව විමසා තිබෙනවා. ඉන්පසුව බටහිර හා ආයුවේද වෛද්‍යවරුන් දෙපළක් ද සාකච්ඡාවට සම්බන්ධ කරගෙන තිබෙනවා. මෙහිදී ප්‍රධාන ප්‍රශ්නය වුණේ නිර්මාණකරණයේ යෙදෙද්දී ඔවුන්ගේ මානසික තත්ත්වයයි. නිර්මාණකරණයට කෘත්‍රීම මෙවලම් ප්‍රගුණ කිරීමෙන් පලක් නොවන බව එහිදී ප්‍රත්‍යක්‍ෂ වුණා. බොහෝ විට සාර්ථක නිර්මාණකරණයේ යෙදෙන්නේ අධිසංවේ දී පුද්ගලයන්.

පසුකාලීන රෝම ලොංජයිනස් වැනි විචාරකයන් උපදෙස් දී ඇත්තේ භාෂාව හා සාහිත්‍ය්‍ය උපක්‍රම මගින් ස්වභාවික හැඟීම නිරූපණය කළ හැකි බවයි. එවිට එම හැඟීම් පාඨකයා වෙතද සම්ප්‍රේෂණය වන්නේ නිතැතින්.

 

• ඔබ විවිධ නිර්මාණාත්මක කෘති පිළිබඳව නිතර විචාරයේ යෙදෙන කෙනෙක්. ලංකාවේ විචාර කලාව මීට වඩා පොහොසත් තැනකට ගෙන ඒමට නම් කළ හැක්කේ කුමක්ද?

ලංකාවේ විචාර කලාව ගැන පවසන්නට දෙයක් තියනවා. මාත් විචාරයේ යෙදෙන කෙනෙක් නිසා මම දන්නවා එය බොහෝවිට පොතක් තෝරාගෙන කියැවීමෙන් පසුව යෙදෙන ක්‍රියාවකි. ඒත් බොහෝවිට සමහර නවකතාවලට පිවිසීමට සාර්ථක වුණත් දුර්වල වන්නේ විකාසනය සහ අවසානයයි. සමහර සම්භාව්‍ය විචාරකයන් විමසා ඇති පරිදි අවසානය බොහෝවිට සිදුවන්නේ “Deus ex Machina” වලින් මෙහි තේරුම වන්නේ අවසානය කෘත්‍රිම ලෙස ඉදිරිපත්වන්නන් බවයි.

විචාරයක් නිර්ව්‍යාජ විය යුතුයි. එය කතුවරයාට, ලේඛකයාට දෙන තෑග්ගක් නොවෙයි. තමා අවංක විය යුත්තේ පුද්ගලයාට නොව ඔහුගේ නිර්මාණයටයි. වරක් මා සම්භාව්‍ය සාහිත්‍යය ඉගැන්වීමට යොමු කළ මහාචාර්යතුමන් ඔහු ලියූ නවකතාවක් දී ‘‘කමනී මොනවා හරි ලියන්න’’ යැයි කීවා. මීට කලින් මා ඔහුගේ කෘති කීපයක්ම අගයා තිබුණා. එහෙයින් මා පොත කියැවීමට ගත්තේ ඉතා උනන්දුවෙන්.

 එහෙත් කියැවීමේදී මට හැඟී ගියේ එම නවකතාව ඔහුගේ ප්‍රවීණත්වයටත්, උගත්කමටත්, පෞරුෂයටත් හානිවන බවයි. ඒ බව ඔහුට දැනුම් දුන් විට ඔහු පැවසුවේ ‘‘ඔබට එහෙම හිතෙනවා නම් එහෙම ලියන්න’’ කියායි.

ඒ නිසා වැදගත් වන්නේ යම් රචනාවක් කළේ කවුරුන්ද කියන එක නොවෙයි. ඔහු ඔබ හා තිබෙන හිතවත්කම ද නොවෙයි. නිර්මාණය හොඳ ද? නැද්ද ? කියා පමණයි ඔහු මට මතක් කර දුන් පාඩම. හිතවත්කම් සාහිත්‍ය විචාරයට ගාව ගන්න එක වැරැදියි.

 

• කොරෝනා වසංගතය නිසා ලෝකයේ ඇතිවී තිබෙන තත්ත්වය නිසා සමාජීය වශයෙන් සිදුවිය හැකි බලපෑම කවරාකාර විය හැකිදැයි විශ්වවිද්‍යාල මහාචාර්යවරියක, ලේඛීකාවක, පරිවර්තිකාවක හා විචාරිකාවක ලෙස ඔබ දකින්නේ කොහොමද?

කොරෝනා ව්‍යසනයේ බලපෑම පුද්ගල සබඳතා කෙරෙහි අතුරුඵලයක් ලෙස මතුවිය හැකියි. මෙතෙක් විවාහ සංස්ථාව, පවුල් ඒකකය වුණේ උදේ පාන්දර වැඩට ගොස් රාත්‍රී හමුවන පුද්ගලයන් සමූහයක් වශයෙන්. ඒත් එක ගෙයක බලහත්කාරයෙන් කොටුවී සිටින විට එකනෙකා හා ගනුදෙනුවක යෙදෙන්නේ කොහොම ද? සමහර අය ගෘහස්ථ හිංසනයට පවා යොමු වෙලා. තමන් වෙත තමන්ගේම කැමැත්ත පිළිබඳව පවා ඇතැම්විට ප්‍රශ්න මතු වෙලා.

ඒත් මේ හුදෙකලා වී සිටින කාලය පොත පත කියැවීම වැනි ධනාත්මක කටයුත්තක හෝ අත්දැකීම් රැස්කර ගැනීමට හෝ එකිනෙකා අධ්‍යයනය කර ගැනීමට හෝ යොදා ගත හැකි වැදගත් කාලයක් බවයි මට හැඟෙන්නේ. කොරෝනා ව්‍යසනය අන්‍යෙන්‍ය අවබෝධය ප්‍රගුණ කර ගැනීමට හා මෙතෙක් හඳුනා නොගත් හැකියාවන් කෙරෙහි අවධානය යොමු කිරීමට අවස්ථාවක් නොවන්නේද?

(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)



අදහස් (1)

සාහිත්‍ය විචාරය ලේඛකයාට දෙන තෑග්ගක් නොවෙයි

Rathnasiri Wednesday, 30 June 2021 09:39 AM

එදත්, අදත්, මම ඔබතුමියගෙ රසිකයෙක්මි, විමසිලිමත්.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුරේ දකුණේ සැමරීම්
2023 සැප්තැම්බර් මස 23 89 0

වසර 36කට පෙර 1987 සැප්තැම්බර් 26 වැනිදා දින 12ක මාරාන්තික උපවාසයකින් පසු මියගිය කොටි සංවිධානයේ එවක යාපනයේ දේශපාලන අංශ ප්‍රධානියා වූ රාසයියා පාර්තිපන් හෙවත්


තරුණ පරපුර කෘෂිකර්මයට ආකර්ෂණය කරවන සැලසුමක්
2023 සැප්තැම්බර් මස 23 52 1

මේ රට කෘෂිකාර්මික රටකි. එහෙත් මේ රටේ ‘‘කෘෂි’’ මිසෙක කර්මාන්තයක් නැත. එනම් කෘෂිකර්මය කර්මාන්තයක් වශයෙන් වර්ධනය වී නැත. එය ඉබේ සිදු නොවේ. ඒ වෙනුවෙන් දියුණ


අර්බුද තුනට විසඳුම් කෙසේද?
2023 සැප්තැම්බර් මස 22 143 1

රට හමුවේ තිබෙන ආර්ථික අර්බුදය තවමත් තිබෙන්නේ සංකීර්ණ තත්ත්වයකය. මේ අර්බුදයේ එක පැත්තක් වන ණය අර්බුදය කළමනාකරණය කර ගැනීමට තවමත් හැකියාවක් ලැබී නැත. IMF හ


සාහිත්‍ය කලා ප්‍රබෝධය උත්සවයකට සීමා කරමුද?
2023 සැප්තැම්බර් මස 22 92 1

ශ්‍රී ලාංකික පාඨකයන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත් කරවන සාහිත්‍ය මාසය එළැඹ තිබේ. සාහිත්‍ය මාසයට සමගාමීව පැවැත්වෙන කොළඹ මහා පොත් දැක්ම ද ආරම්භ වී ඇත. සා


ජනතාව හිතන 'විසඳුම' ඇත්ත විසඳුම නෙවෙයි
2023 සැප්තැම්බර් මස 21 265 0

චැනල් ෆෝ නාලිකාවේ පාස්කු හෙළිදරව්ව, සමගි ජන බලවේගයේ සමගිය, ඉදිරි ජනපතිවරණය ආදි කරුණු පිළිබඳව මෙවර රජවීදියෙන් අදහස් දක්වන්නේ බදුල්ල දිස්ත්‍රික් සමගි


ආයෝජන ප්‍රමුඛතා අනවබෝධය
2023 සැප්තැම්බර් මස 21 129 0

ආර්ථික වර්ධනයට විශාල අහිතකර බලපෑමක් වන්නේ රටෙහි නිෂ්පාදන ආර්ථිකයක් නැතිකමය. එහිදී ඉතා වැදගත් වන්නේ අපනයනය මූලික කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමය.


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1480 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 673 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 371 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site