
ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක, ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත රතනපාල ධම්මදස්‍යාභිධාන නාහිමිපාණන් වහන්සේගේ හැට තුන්වෙනි ජන්ම දිනය අදට (03) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
1958 වර්ෂයේ සැප්තැම්බර් 03 වැනිදා පුත්තලම, ආණමඩුව, කොට්ටුකච්චිය නම් ග්‍රාමයේ දී සත්කෝරළේ සුප්‍රකට ව්‍යාපාරික පවුලක උපාලි රාජකරුණා නමින් උපත ලැබූ මේ පින්වත් කුමරුගේ මවුපියන් වූයේ රාජකරුණා හේරත් මුදියන්සේලාගේ මහානාම රාජකරුණා මහතා සහ අධිකාරි මුදියන්සේලාගේ පුංචි මැණිකේ මාතාවයි.
සත් දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නා වූ උපාලි රාජකරුණා කුමරු ආණමඩුව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයත් අනතුරුව මෙරට කීර්තිමත් විදුපියසක් වන කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනයත් හදාරනු ලැබීය.
ආණමඩුව ආනන්දාරාම විහාරස්ථානයේ ඇසුරට වඩාත් සමීප වූ මෙම කුලකුමරු තරුණ වියට පා තැබීමත් සමඟ ධර්ම ඥානය එක් රැස් කර ගැනීම සඳහා විශාල උනන්දුවකින් කටයුතු කළේය.
සම්බුදු සසුන පිළිබඳව තරුණ වියේදීම ඇති වූ යහපත් සිතුවිල්ල රාජකරුණා කුලකුමරුන් උතුම් පැවිදි දිවියට ඇතුළත්වීමට ප්‍රමුඛ විය.
අස්ගිරි මහා විහාරයේ කීර්තිමත් සඟ පරපුරක් වන පොතුහැර සංඝ පරම්පරාවට අයත් උඩුගම පන්සල කේන්ද්‍ර කරගත්, පසුකාලීනව අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහ නාහිමි ධුරය දැරූ අපවත්වී වදාළ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හා අස්ගිරි මහා විහාරයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික වඳුරාගල ශ්‍රී රතනජෝති නාහිමිපාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් 1976 වෙසක් මස 19 වැනිදා රාජකරුණා කුලකුමරු ආණමඩුවේ ධම්මදස්සී නමින් පැවිදි වියට එක්විය.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේස්වර පරිවේණාස්ථානයෙන් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූ ධම්මදස්සී හිමියෝ ඉතා ඉක්මනින් දහම් අධ්‍යාපනය ප්‍රගුණ කිරීමට සමත් වූහ.
1979 වෙසක් මස පස් වැනිදා අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී උතුම් උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබූ උන්වහන්සේ 1989 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳව විශේෂවේදී උපාධිය ලබාගත්හ.
අනතුරුව 1990 දී කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත් උන්වහන්සේ 1992 පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද 1998 දී එම විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධිය ද හිමි කරගත්, ධම්මදස්සි හිමියෝ 2000 දී ජාතික අධ්‍යාපන ආයතනයෙන් පාසල් කළමනාකරණ ඩිප්ලෝමාව ද ලබාගත්හ.
මෙරට කීර්තිමත් දහම් අධ්‍යාපන ආචාර්යවරයාණන් වහන්සේ නමක වන උන්වහන්සේ රටෙහි අනාගත පරපුර වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් මාහැඟි මෙහෙවරක නිරත වූ සංඝපීතෘවරයාණන් වහන්සේ නමකි. හාරිස්පත්තුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හොඳම දහම් පාසල බවට පත්කළ ගොහාගොඩ, ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථ ශ්‍රී රතනපාල දහම් පාසල ගොඩනගමින් සිය දහස් ගණනක් බාල පරපුර දහම් මඟට යොමු කිරීමට සුවිශාල මෙහෙවරක නිරත වූහ.
වර්තමානයේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය වන එවක අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය හිමිනමක ලෙස කටයුතු කරමින් ධම්මදස්සී හිමියන් ලාංකීය දහම් අධ්‍යාපනික ප්‍රබෝධය වෙනුවෙන් ඉටුකළ ඉමහත් සේවාව කිසිදා නොමැකෙනු ඇත.
අස්ගිරි මහා විහාරීය විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවට 2002 වසරේදී එක්වන අප හිමිපාණෝ 2008 වර්ෂයේදී එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී වහන්සේ ලෙසින් පත්වූහ.
කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරය, ගොහාගොඩ ලියන්ගස්තැන්න රජමහා විහාරය, කුරුණෑගල තෝරයාය, හැඟව ටැම්පිට රජමහා විහාරය යන විහාරස්ථාන ඇතුළුව විහාරස්ථාන රැසක අධිපතීත්වය උසුලන උන්වහන්සේ 2016 මැයි මස පස්වන දින සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක පදවියට පත්වූහ.
පුරා දශක හතර හමාරකට ආසන්න කාලයක් සම්බුද්ධ සසුනේ චිරස්ථිතිය උදෙසා අනුපමේය මෙහෙවරක නිරත වූ පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී අප අනුනාහිමියන්ගේ හැටතුන් වැනි ජන්ම දිනය යෙදෙන අද දින (03) උන්වහන්සේට තවත් චිරාත් කාලයක් සම්බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් සිය මෙහෙවර ඉටුකිරීමට චිරංජයතු වේවායි! ප්‍රාර්ථනා කරමි.
(***)
ජනමාධ්‍ය අමාත්‍ය,
ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සසුනටම කැපවන ආණමඩුවේ ධම්මදස්සී නාහිමි
කමල් Thursday, 03 September 2020 01:02 PM
දේවදත්ත තමන් මේ කරුණු නිසා නායකත්වයට සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් සංඝයා පරිහරණයට අවසර ඉල්ලුවාලු. සැරියුත්, මුගලන් හිමිවරුන්ටවත් නොදෙන ඒ අවසරය දේවදත්ත වැනි කෙනෙකුට නොදෙන්නේමැයි බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාලු. මහානායක, අනුනායක පදවි දේවදත්තගේ ක්‍රමයට ගැළපෙනවා.