IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


සිව දෙවි මහිමයෙන් මුක්තිය ලැබෙන සිව රාත්‍රිය

හින්දු ජනතාව මහත් භක්තියෙන් සමරනු ලබන මහා සිව රාත්‍රිය අදට (26) යෙදී ඇත. ඒ නිමිති කරගෙන පහත ලිපිය පළ වේ.

නවම් මාසය දෙමළට “මාසි” මාසය උදා වෙනවාත් සමඟම හින්දු ජනතාවගේ සිතිවිලි භක්තියේ සුවඳ විහිදෙන බව හින්දු ජනප්‍රවාදයේ එන කතාවකි. මන්ද මෙම මාසයේ විවිධ උපවාස උත්සව සහ හින්දු ජනතාව සීලය පදනම් කරගෙන කරන පුණ්‍යකර්ම වලින් යුක්ත වන බැවිනි. එබැවින් මෙම මාසයේ යෙදෙන මහා සිව රාත්‍රී උපවාසය ඉතාම වැදගත් වේ. මෙහි අර්ථය වඩාත් තීව්‍ර කරමින් උමා දේවිය රාත්‍රී නවයකට ප්‍රිය වූ බවත් සිව දෙවියන් ප්‍රිය වූයේ එක් රාත්‍රියකට බවත් ඒ සිව රාත්‍රිය බවත් හින්දු ජන සමාජය ගෙනහැර පායි.

නිතිපතාම රාත්‍රිය උදා වෙයි. නැවත පහන් වෙයි. නැවත රාත්‍රිය උදා වෙයි. එහෙත් නවම් මස අවසාන රාත්‍රිය ඝන ඇති දිනයේදී සිව රාත්‍රිය උදා වේ. මෙම කාලයේදී සිව රාත්‍රිය සැමරීමට හේතුවක් ඇත. අඥානය අඳුර තුළම ගිලී පවතින නිසා එදින මෙම දිනය සැමරේ. කාමය, කෝපය යන අධර්ම මූලික අකුසල මිනිසුන් තුළට කොයි මොහොතේ හෝ ඇතුළු වී ඔවුනට සැලකිල්ලක් නොමැතිව දුකට පත් වී අධර්මය හිස එසවූ බව හින්දු ධර්මය පෙන්වා දෙයි. මෙම අවස්ථාවේදී සිව දෙවියන්ගේ පරමාත්මය විසින් අඥානය නැමති අඳුර පළවා හැරීමට ඥානය නැමති ආලෝක කිරණක් සේ අවතාර ගෙන අඥානය ඉවත් කර දැමූ බව කන්ද පුරාණය පෙන්වා දෙයි. මෙම අවස්ථාවේදී රැය දවල් බවට පත් වේ.

මේසා විශාල වෙනසක් ඇතිවූ දින සිව රාත්‍රී දිනය ලෙස පුරාණ ග්‍රන්ථ පෙන්වා දුන්නත් සිව රාත්‍රියේ බිහිවීම පිළිබඳ වෙනත් දේව කතා බොහෝමයකින් පෙන්වා දෙන්නේ මෙසේය.

 

උමා දේවියගේ සෙල්ලම

එක්තරා කාලයක උමා දේවිය සෙල්ලමට සිව දෙවියන්ගේ ඇස් දෙකම තම දෑත්වලින් වැසුවාය. එම නිසාවෙන් සියලුම ජීවීන් පීඩාවට පත් විය. එවිට එකොළොස් කෝටියක දෙවියන් සිව දෙවියන්ට පුදපූජා පැවැත්වුවෝය. එම සිදුවීම සිහිගන්වනු පිණිස සිව රාත්‍රිය උත්සවාකාරයෙන් හින්දුහු සමරන්නෝය.

 

උමා දේවිය ඇති කරන ලද සිව රාත්‍රිය

එක්තරා කාලයක ලෝකය විනාශ විය. ලොව සියලුම දේවල් සිව දෙවියන්ගේ යටතට පත්විය. ඝන අන්ධකාරයෙන් වටවූ ඒ රාත්‍රියේ උමා දේවිය (සිව දෙවියන්ගේ බිරිඳ) සිව දෙවියන් හට පුදපූජා පවත්වා යාච්ඥා පැවැත්වූ බව “අහමගෙල පුරාණ කෘතිය” පෙන්වා දෙයි. එම කෘතිය පෙන්වා දෙන පරිදි උමා දේවිය කාල හතරක්ම යාච්ඥා කළාය. එම සිදුවීම සිහිගන්වනු වස් සිව රාත්‍රිය සැමරේ.

එම රාත්‍රියේ අඳුර මැදින්ම පාර්වතී දේවිය සිව දෙවියන් කරා ගොස් මෙසේ අයැද සිටියාය.

“දේවයන් වහන්ස, මේ රාත්‍රියේදී ඔබ වහන්සේට පුදපූජා පවත්වා මා යාච්ඥා කළේ කෙසේද? ඒ අයුරින් සිව රාත්‍රියේදී යාච්ඥා කරන්නන්ට මේ ආත්මයේදී ඉසුරත් මතු ආත්මයේදී දිව්‍ය ලෝකයත් අවසානයේදී මෝක්ෂයත් ලබා දෙනු මැනව”.

සිව දෙවියෝද ඒ අයුරින්ම ඇය විසින් අයැද සිටි වරයට අනුකම්පා  කළහ. එදින සිට සිව රාත්‍රිය මහා උත්කර්ෂවත් අන්දමින් හින්දුන් විසින් සමරනු ලැබේ.

 

සිවලිංගය පහළවීම

මහා විෂ්ණු දෙවියෝ තමාට ක්‍රිෂ්ණ අවතාරය ලබාගත්තේ ගෝකුල ප්‍රදේශයේදීය. මෙම අවතාරය ඔහු ලබාගත්තේ මැදියම් රැයකදීය. පුණ්‍ය දින වන ගෝකුලක්ෂමිය ලෙස හැඳින්වේ. ගෝකුලක්ෂ්මිය සිදුවී දින 180 කින් පසුව සිව රාත්‍රිය උදා වේ. එදින මධ්‍යම රාත්‍රියේදී සිව දෙවියෝ ලිංගයක් ලෙසින් දෘෂ්‍යමාන වන්නේය.

සිව දෙවියෝ දේව ලීලාවෙන් බොහෝ අවතාර ගනු ලබති. එබැවින් සිව ලිංගය ද එහි එක්තරා සංකේතයක් බව කන්ද පුරාණය පෙන්වා දෙයි. මෙම සිව ලිංග ස්වරූපය සිව ලබාගත්තේ සිව රාත්‍රියේදී මැදියම් රැයේ නිසා සිව පූජාව හින්දු බැතිමතුන් සිදු කරනු ලබන්නේද එදින මධ්‍යම රාත්‍රියේදීය.

 

තුන් ආකාරයක සිව රාත්‍රී

පුරාණ ග්‍රන්ථවල සිව රාත්‍රී වර්ග තුනක් ගැන සඳහන් වේ. මත්තම සිව රාත්‍රිය, අදම සිව රාත්‍රිය වේ.

 

උත්තම සිව රාත්‍රිය

හිරු බැස යන අවස්ථාවේදී තිර සෝදිසි තිථිය ගෙවී ගොස් සදුර්ථදිසි තිථියට ළංව තිබිය යුතුය. පසුදින දවල් පුරාවට සදුර්ථදිසි තිථිය තිබිය යුතුය. එසේ තිබුණහොත් එය උත්තම සිව රාත්‍රිය වේ.

 

මත්තම සිව රාත්‍රිය

හිමිදිරි උදෑසනින් ආරම්භ වී පසුදින උදාවීම වන තෙක් සදුර්ථි තිථිය තිබුණහොත්ද හිරු බැස යාමට පෙර සදුර්ථි තිථිය එළඹුණහොත්ද රාත්‍රියෙහි පැය දහයක් (දෙමළ පැය) තිස්සේ සදුර්ථි තිබුණහොත් එය මත්තම සිව රාත්‍රිය වේ.

 

අදම සිව රාත්‍රිය

රාත්‍රියෙහි දෙමළ පැය විස්සක් තිබී ඉන්පසු අමාවක පැවතුණහොත් එය අදම සිව රාත්‍රිය වේ. මෙම දවසේ උපවාස කිරීම සුදුසු නැත. එසේ උපවාසයෙන් ගත කළහොත් පිනක් ලැබෙන්නේ නැත.

මෙසේ සිව රාත්‍රිය කොටස් තුනකට බෙදුණත් පූජා විධි කොටස් හතරකට බෙදා වෙන් කරනු ලැබේ. මෙය යාම ආකාරයෙන් බෙදා ඇත.

 

පළමුවන යාමය, දෙවන යාමය, තුන්වන යාමය, හතරවන යාමය

කොටස් හතරේ සිව රාත්‍රීවල පූජා විධි පුරාණ ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට කොටස් හතරකට බෙදා වෙන් කළ පූජා වෙනස් අයුරකින් සිදු කළ යුතු බව පෙන්වා දෙයි. ඒවා මෙසේය.

 

පළමුවන යාමයේදී සිදු කරනු ලබන පූජාව

කිරි, මුදවපු කිරි, ගිතෙල්, කෝසල (එක්තරා තෙල් වර්ගයක්) ගෝමයම් (ගොම) සියල්ලම එකට කලවම් කර සිව ලිංගය නැහැවිය යුතුය. පසුව සිව ලිංගය උණු වතුරෙන් නහවා, සළු පළන්දවා බෙලි කොළ, නෙළුම් මල් ආදිය පූජා කළ යුතුය. මේ මොහොතේ සිව දෙවියන්ව සිතෙහි දරාගෙන භක්ති පූර්වකව නමස්කාර කළ යුතුය.

 

දෙවන යාමයේදී සිදු කරනු ලබන පූජාව

කෙසෙල් අඹ, කොස් යන පලතුරු ඇතුළුව පලතුරු වර්ග පහක් යොදා සාදාගත් යුෂවලින් නැවතත් සිව ලිංගය නැහැවිය යුතුය. පසුව කහ දියර, සඳුන් දියර යන දියරවලින් නැහැවිය යුතුය. මේ අවස්ථාවේදී නෙළුම් මල්වලින් සහ මදුරුතලා කොළවලින් පූජා පැවැත්විය යුතුය. ඉන්පසු පායාෂම් (එක්තරා සව් කැඳ වර්ගයක්) පූජා කළ යුතු අතර ධූප පූජාවක්ද දීප පූජාවක් ද සිදුකොට යජුර්වේද මන්ත්‍ර ගායනා කොට යැදිය යුතුය.

 

තුන්වන යාමයේදී සිදු කරනු ලබන පූජාවන්

මී පැණිවලින් ලිංගය නැහැවිය යුතුය. ඉන්පසු උණු වතුරෙන් නැවතත් නහවා කපුරු දල්වා එනසාල් නැතහොත් දිවුල් කොළ ගැල්විය යුතුය. තවද බෙලි කොළද ගැල්විය යුතුය. තල මිශ්‍ර කිරිබතක් පිදිය යුතුය. කස්තුරි සුවඳ ගල්වා සාමවේදයේ මන්ත්‍ර ස්ත්‍රෝත්‍ර ගායනා කොට පූජා පැවැත්විය යුතුය. එමෙන්ම මෙම අවස්ථාවේදී පංචදීප ආරාධනාව සිදු කළ යුතුය.

 

හතරවන යාමයේදී සිදු කරනු ලබන පූජාවන්

“කරුපන්සාර්” නැමැති නානුපට වර්ගයකින් ලබාගන්නා නානුවලින් සිව ලිංගය නැහැවිය යුතුය. අතර්වන් වේදයේ වේද මන්ත්‍ර ගයා දීප පූජාව සිදු කළ යුතුය.

 

උපවාසයේ ආනිසංස

සිව රාත්‍රී දිනයේ සම්පූර්ණයෙන් උපවාසයේ යෙදුණහොත් සිව දෙවියෝ ඒ ඒ බැතිමතුන් ජීවත් වන කාලයටම ආරක්ෂාව සපයන බව ඔවුන්ගේ විශ්වාසයයි. තවද සතුට දියුණුවද ලබා දෙන බව සිව මහා පුරාණය පෙන්වා දෙයි. මෙම රැයෙහි උපවාස කිරීමෙන් මරණයෙන් පසු අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකයට යා හැකි බව හින්දුන්ගේ විශ්වාසයයි. මේ ආකාරයෙන් වර්ෂ 24 ක් සිව රාත්‍රී උපවාසය සිදු කළහොත් සිව දෙවියන් ළඟට ගොස් මුක්තියට පත්විය හැකි බව කන්ද පුරාණය පෙන්වා දෙයි.

මුක්තිය යනු මෝක්ෂයයි. සිව රාත්‍රියේදී නියමාකාරයෙන් පුදපූජා පැවැත්වීමෙන් මෝක්ෂයට ළඟා විය හැකි බව හින්දුහු විශ්වාස කරති. මෙම සිව රාත්‍රියේදී හින්දුන් සැමට මුක්තිය ලැබේවා යන්න ප්‍රාර්ථනයයි.

 

(ඡායාරූපය - අන්තර්ජාලය ඇසුරිනි)
(***)
දෙමළ පණ්ඩිත් පන්මොළ විත්තහර් පන්මොළි පුලවර් දෙමළ ජනශ්‍රැති පර් යේෂක,
සාහිත්‍යවේදී
මඩුළුගිරියේ විජේරත්න



අදහස් (0)

සිව දෙවි මහිමයෙන් මුක්තිය ලැබෙන සිව රාත්‍රිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site