IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


​සිලි සිලි බෑග්වලට එරෙහි යුද්ධය

සිලි සිලි බෑග් යන හාස්‍ය ජනක නමින් හඳුන්වන පොලිතින් මලු එනමින් හඳුන්වනුයේ ඒවා භාවිත කරන විට මතුවන ඊටම ආවේනික ශබ්දය නිසාය. 1980 ගණන්වල මුල් කාලයේ පටන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පාරිභෝගික සංස්කෘතිය වෙත මේවා අති ප්‍රබල අයුරින් පිවිසියේය. ඊට පෙර රට දැඩි ආනයන පාලනයක් යටතේ පවතින කාලයේ පොලිතීන් බෑග් එතෙර ගමන් යාමේ දුර්ලභ අවස්ථාව හිමි අයට පමණක් අයත් වූ සුඛෝපභෝගී අංගයක් ලෙස සැලකුණි. පොලිතීන් බෑග් එතරම්ම හිඟ වූයේය.

එම නිසා ඒ කාලයේ ඒවා සමාජයේ කිහිප දෙනෙකු විසින් පමණක් භාවිතා කළ විශේෂ අයිතමයක් විය. එහෙත් රටේ ආර්ථිකය තරමක් විවෘත කළ විට ශ්‍රී ලංකාව ඊටම අයත් පොලිතීන් නිෂ්පාදනය පටන් ගත් පසු එය පරිභෝජනයේ අති විශේෂ වැදගත් කමක් ඇති අංගයක් බවට පත් වූයේය.

පශ්චාත් භාවිත කළමනාකරණයකින් තොරව පෘථුල ලෙස භාවිතය පැතිර යාම නිසා ඒවා විශාල ලෙස පරිසරය තුළ ඒකරාශී වීමේ අචේතනික වූ ප්‍රතිඵලයට මුහුණ දෙන්නට සිදුවිය. පොලිතින් දිරාපත් වීමට දීර්ඝ කාලයක් ගතවන නිසා, ඒවා ඒකරාශී වීම සොඳුරු බවට හානිකර අප්‍රසාදජනක දර්ශනයක් බවට පත් වූයේය. මෙම ගැටලුව විසඳීමට ඇතැම් වර්ගයේ පොලිතීන් වර්ගවලට සීමා පනවමින් ඒවා භාවිතය සීමා කරන්නට විවිධ ආණ්ඩු උත්සාහ ගත්තේය. 2015දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිතීන් හා දුම්කොළවලට එරෙහිව යුද්ධයක් ආරම්භ කළ විට මෙම ප්‍රතිපත්තියේ ඵලදායිතාව පිළිබඳව මෙම ලිපි පෙළේ පෙර ලිපිවලින් මවිසින් තර්ක කරන ලදී. මෙම ආංශික තහනම යටතේ මයික්‍රොන 20 හෝ ඊට අඩු ඝනකමෙන් යුත් පොලිතින් නිෂ්පාදනය අලෙවිය, අලෙවිය සඳහා ලබාදීම නොමිලයේ පිරිනැමීම, ප්‍රදර්ශනය හෝ භාවිතයට තහනමක් පැන වූයේය. දුර්වල ප්‍රතිපත්තිය හේතු කොට ගෙන මෙම පියවර ඵලදායි නොවී අසාර්ථක වූයේය.

 

නියෝග දෙකක්

පොලිතීන්වලට එරෙහි අලුත්ම යුද්ධය නියෝග දෙකක් නිකුත් කිරීම ඔස්සේ වර්තමාන ආණ්ඩුව ද නැවත කරළියට ගෙනැවිත් තිබේ. ඉන් එකක් පොලිතීන් මලු භාවිතය අරමුණු කරගෙන වන අතර අනෙක පොලිමර් ද්‍රව්‍යවලින් සාදන පානීය දියර ගෙන යන බෝතල් සහ ළදරුවන්ට කිරි පොවන බෝතල් භාවිතය ඉලක්ක කරගෙනය. මෙම තහනම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පාලනය කිරීමට නියමිතව ඇත්තේ එසේ  කිරීමට ප්‍රමාණවත් නීතිමය ශක්තිය සහිත රාජ්‍ය හස්තය වන්නේ එය නිසාය.

 

පොලිතීන්වලට එරෙහි නියාමන රෙගුලාසි

2025 නොවැ. 1 වැනිදා සිට ක්‍රියාත්මක නියමයන්ට අනුව ඝනත්වය අඩු පොලිතීන් බෑග් නොමිලේ නිකුත් කිරීමට වෙළඳුන්ට අවසර නැත. එසේම වෙළඳුන් එවැනි බෑග්වල මිල ඔවුන්ගේ ව්‍යාපාර පරිශ්‍රවල පැහැදිලිව ප්‍රදර්ශනය කර පාරිභෝගිකයාගේ බිල්පතේ එම මිල ඇතුළත් කළ යුතු වේ. මෙම පියවර ඔස්සේ ඔවුන්ගේ විනිවිද පෙනෙන සුළුභාවය ඉහළින්ම පවත්වා ගැනීම අපේක්ෂා කෙරේ.

මෙම රෙගුලාසිය යටතට ගැනෙන බෑග් වර්ග නිර්වචනය කර තිබෙන්නේ භාණ්ඩ මිලදී ගැනීම උදෙසා භාවිත උසුලාගෙන යන හැඬලය සහිත බෑග් යනුවෙනි. මෙයින් ආවරණය වනුයේ සමාජය තුළ කුඩා කණ්ඩයට අයත් පොලිතීන් බෑග් භාවිතය පමණකි. මේ අනුව හැඬල රහිත බෑග් මීට අදාළ නොවන අතර කඩසාප්පු සහ සුපර් මාර්කට්වල නිකුත් කරන බොහෝ පොලිතීන් බෑග්වලට එය අදාල වේ.

 

ප්ලාස්ටික් බෝතල්වලට එරෙහි රෙගුලාසි

2026 අප්‍රේල් 1 වැනිදා පටන් ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල්වලට අදාළ වෙනම නියෝගයකින් නිවේදනය කර ඇත්තේ පානීය දියර රැගෙන යන (SLS 1616 අදාළ) සහ පොලිමර් ද්‍රව්‍ය ගෙන සාදන කිරි පොවන බෝතල් (SLS 1306) උදෙසා කරනු ලබන SLS නිෂ්පාදන සහතිකය ලබාගත යුතු බවය. දේශීය වශයෙන් නිෂ්පාදනය වන සහ ආනයන නිෂ්පාදන යන වර්ග දෙකම මෙම රෙගුලාසිවලට යටත් වන අතර ආනයන නිෂ්පාදන SLS 1 ආනයන විමර්ශන වැඩපිළිවෙල යටතේ අනුමැතිය ලබාගත යුතුය. මෙය කල් තියා නිකුත් කළ යුතු නියමයක් වනුයේ බෝතල් නිෂ්පාදකයන් අද සිට පස් මසක් ඉකුත්ව යාමට පෙරාතුව සිය නිෂ්පාදන උදෙසා කඩිනමින් මෙම සහතිකය ලබාගත යුතු බැවිනි.

මෙම රේගුලාසිවල අරමුණ පැහැදිලිය. පළමුවැන්න පිරිවැය ගැන සවිඥානිකව පොලිතින් බෑග් භාවිත කර පාරභෝගිකයන්ට ඒවා භාවිතය අඩු කිරීමට බලපෑම් කිරීම සහ ඒ ඔස්සේ ශ්‍රී ලාංකිකයන් තුළ තිරසාර පාරිසරික පිළිවෙත පිළිබඳ පුරුදු ඇති කිරීමයි. සංවර්ධිත ලෝකයේ බොහෝ රටවල් එම විකල්පය අනුගමනය කර තිබේ. දෙවැන්න නැවත පරිහරණය කළ හැකි ප්ලාස්ටික් බෝතල් උදෙසා නව සෞඛ්‍ය ප්‍රමිතී වර්ධනය කිරීමය. ඒ හේතුවෙන් ඒවා භාවිත කරන්නන් නොදැනුවත්වම සෞඛ්‍යට අහිතකර අවදානම් සහගත ප්ලාස්ටික් භාවිතයෙන් බේරාගත හැකිය. එම රාජ්‍ය ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ මෙම දෙවර්ගයම මහජනයාට වැදගත් භාණ්ඩ ලෙස සැලකෙන අතර ඒවා ජනතාවට හිතකර තත්වයෙන් ලබාදිය යුතු බවද සැලකේ.

 

ආණ්ඩුව මධ්‍යස්ථ පිළිවෙතක

පොලිතින් හා ප්ලාස්ටික් සම්බන්ධ සදාකාලික ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුව මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය කරන බව පෙනී යයි. වර්තමාන සමාජයේ සාමාජිකයන් ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රධාන වශයෙන් භාවිත කරන්නන් වුවද වර්තමාන සමාජය පොලිතින් විරෝධී, ප්ලාස්ටික් විරෝධී සමාජයක් බවට පත්ව තිබේ. මෙම නිෂ්පාදන දෙකට විරුද්ධ ගැඹුරු එදිරිවාදී බව ඔවුන්ගේ මනස් තුළට කා වැදී තිබෙන්නේ ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය, පුවත්වලින් සෞඛ්‍යයට භයානක ලෙස බලපාන හැටි හා පාරිසරික බලපෑම් ගැන කියාදෙන කතා වලිනි. මෙය සත්‍යභාවය තහවුරු කර ගැනීමට වැඩි අවධානයක්  හෝ කාලයක් වැය නොකරන සමාජයක් නිසා එහි සාමාජිකයන් ඔවුන් වෙත මුදා හරින ඕනෑම භීතිය පතුරන පුවතක් එකහෙලා අදහන්නෝ වෙති.

රාජ්‍ය  අධිකාරියකට ඔවුන්ගේ භීතිය තුරන් කොට සැබෑ තත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම පහසු නැත. ඒ අතරතුර පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදනය අද දවසේ මිනිසුන් දහස් ගණනකගේ දිවි පැවැත්ම සම්පාදනය කරනු ලබන ප්‍රධාන නිෂ්පාදන කර්මාන්තයක් වේ. එම නිසා සමාජයේ බලවත් ලෙස හඬ නගන්නන් විසින් ඇති කර තිබෙන බිය නිසා එය එක රැයින් වනසා දැමිය හැකි කර්මාන්තයක් නොවේ. එම නිසා රජයේ බලධාරීන් මැදුම් පිළිවෙත තෝරා ගෙන එක් අතකින් පාරිභෝගිකයන් සනහමින් අනෙක් අතට කර්මාන්තයට උපකාර කිරීමට පෙළැඹී තිබේ.

 

පොලිතින් විප්ලවය

1970 ගණන්වල මුල් කාලයේ දී විශේෂයෙන් ඔපෙක් රටවල් හෙවත් පෙටරෝලියම් නිර්යාත කරන රටවල සංවිධානය ප්‍රධාන වශයෙන් එක පාර්ශ්විකව බොර තෙල් මිල ඉහළ දැමීමට තීරණය ගැනීමෙන් පසුව ලෝ පුරා පොලිතීන් හා ප්ලාස්ටික් විප්ලවය හට ගත්තේය. ඒ කාලය වන විට ඉහළ නගිමින් පැවති පෙට්රො රසායන කර්මාන්තයේ ලාබ තීරුව මේ හේතුවෙන් පටු වෙන්නට  ගත්තේය. එම නිසා විශ්වවිද්‍යාල සහ පර් යේෂණ ආයතනවල මෙහෙයවීමෙන් එතැන පටන් එම කර්මාන්තයේ භාවිත නොකළ අතුරු ඵලවලින් මුළුමනින් වැඩ ගැනීමේ සහ විධි විධානයන් පටන් ගැනුණේය. එහි ප්‍රතිඵලය වූයේ සමාජයට භාවිත කළ හැකි අලුත් නිෂ්පාදනයක් ලෙස පොලිසින් හා ප්ලාස්ටික් නිර්මානය වීමයි. එහි බහු විධ භාවිත හැකියාව හේතුවෙන් එදා පටන් අද දක්වා එය වේගයෙන් ඉදිරියට ඇදුණු කර්මාන්තයක් වූයේය. සියලුම රටවල පාහේ ප්‍රධාන නිෂ්පාදන අංශයක් බව පත්ව ඇති  මෙයින් ජනතාවට රැකියා සම්පාදනය කරමින් සමාජය තුළ ධනය උත්පාදනය කරමින් පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදනවල නිෂ්පාදනය බෙදාහැරීම ඇතුළුව සෘජුව හෝ වක්‍රව එහි නියැළී සිටින සැමට ආදායම් උත්පාදනය කරන කර්මාන්තයක් බවට පත් වූයේය.

 

පරිසරය සංරක්ෂණය උදෙසා සැලකිලිමත්වීම

පරිසරය සංරක්ෂණය උදෙසා පවතින සැළකිලිමත් බව වටහාගත  හැක්කකි. එහෙත් ආර්ථිකයේ දෘෂ්ටි කෝණයෙන් බැලූවිට පරිසරය වනාහි මෙය නිෂ්පාදනය බෙදාහැරීම  හා පාරිභෝජනය යන ප්‍රධාන ක්‍රියාකාරකම් තුන උදෙසාම භාවිත යොදවති. මෙයින් අදහස් කෙරෙන්නේ මේ කිසිදු ක්‍රියාකාරකමක් පරිසරය භාවිත කිරීමකින් තොරව පවත්වාගත නොහැකිවේය යන්නයි.

මානව වර්ගයාගේ ප්‍රයෝජනය උදෙසා පවත්වාගෙන යන ආර්ථික ක්‍රියාකාරකම්වල පහත සඳහන් ස්වභාවය නිසා එසේ සිදුවේ. ​

 

හොඳ සහ නරක

සෑම ආර්ථික ක්‍රියාකාරකමකදීම, ප්‍රිය කරන නිෂ්පාදනයක් උදෙසා එය භාවිත කරන්නන්ගෙන් ඉල්ලීමකුත් කිසිම අයකුගෙන් ඉල්ලුමක්  ඉදිරිපත් නොවන අප්‍රිය ජනක අතුරු නිෂ්පාදනයකුත්  යන දෙකම පැන නැගේ. භාවිත කරන්නන්ට ප්‍රයෝජනවත් වන ප්‍රිය ජනක නිෂ්පාදනය ඔහුට හොඳ වන අතර කසළ අපතේ යන අපද්‍රව්‍යයක් ලෙස අනිවාර්යයෙන්ම පැන නැගෙන අප්‍රියජනක අතුරුඵලය ඔහුට නරකය.

අවාසනාවකට මෙම හොඳ සහ නරක දෙකම පැමිණෙන්නේ පැකේජයක් ලෙස බැවින් නරක පිළිගැනීමකින් තොරව හොඳ පමණක් පිළිගත නොහැකිය. නරක  ප්‍රතික්ෂේප කිරීම යනු එම නිසා හොඳ ද ප්‍රතික්ෂේප කිරීමකි. අප්‍රියජනක අතුරු නිෂ්පාදනය ඝන ද්‍රව්‍යයක, ද්‍රවයක හෝ වායුවක ශබ්දයක හෝ වෙනත්  ප්‍රියනොවූ වෙනත් ක්ෂුද්‍ර ජීවියකුගේ ස්වභාවයෙන් පැවතිය හැකිය. අපද්‍රව්‍ය නරක නිසාත් ප්‍රියමනාප නොවූ  නිසාත් එය කොතැන හෝ අතහැර දැමිය යුතුවේ. ඒ අනුසාරයෙන් ගත් විට  එසේ අතහැර දැමීමට පවතින හොඳම තැන පරිසරයයි.

එමනිසා සියලුම ආර්ථික ක්‍රියාකාරකම්හිදී  අනිවාර්යයෙන් නිෂ්පාදනය වන නරක ද මුදා හරින ස්ථානයක් ලෙස පරිසරය පවතී. කෙසේ වුවද ස්වභාව ධර්මයේ දෘෂ්ටි කෝණයෙන් ගත් විට අපද්‍රව්‍ය කියා හඳුන්වන කිසිදු ද්‍රව්‍යයක් නොමැත. එක් ජීවියකුට විෂ හෝ පිළිකුල් සහගත යම් දෙයක් වේනම් ඒවා තවත් ජීවියකුගේ කාර්යය භාරය වනුයේ එකී අපද්‍රව්‍ය භාවිත කළ හැකි සංරචකයක් බවට පරිවර්තනය  කිරීමයි. උදාහරණයකට මානවයාට විෂ සහිත කාබන් ඩයොක්සයිඩ් ශාකවලට ආහාරයක් වේ. ඒ ආකාරයටම ශාඛවලට විෂ සහිත වන ඔක්සිජන් මානව වර්ගයාට ප්‍රයෝජනවත් වේ.

 

නිෂ්පාදනයේ පස්වැනි සාධකය

ඒ අර්ථයෙන් ගත් කල පරිසරය නිෂ්පාදනයේ පස්වැනි සාධකය ලෙස වර්ග කළ හැකිවේ. මිනිසා විසින් නිෂ්පාදනය කරන දෑ මුදා හරින භූමිය ලෙස එය භාවිත වන බැවින් එය මානවයාට නිෂ්පාදනය බෙදාහැරීම හෝ පරිභෝජනයට යන භාණ්ඩ හා සේවාවේ ප්‍රබල පරාසයක කටයුතුවලට එය වැදගත් වේ. එම නිසා කෙසේ වුවද අනෙකුත් නිෂ්පාදන සාධක හා පරිසරය යන සාධකය අතර මූලික වෙනස්කමක් පවතී.

පළමු වර්ගය සම්බන්ධයෙන් ගත් විට ඒ සම්බන්ධයෙන් දේපළ අයිතිය දරන්නාවූ හිමිකරුවකු සිටින නිසා එම හිමිකරුවාට එය භාවිත කිරීමට බලාපොරොත්තු වන තැනැත්තාගෙන් මිලක් අය කළ හැකිය. උදාහරණයකට වහල් ශ්‍රමය නොමැති විටක සේව්‍යයකුට භාවිත කිරීම සඳහා ශ්‍රමය ලබාගත හැක්කේ ඔහු එම ශ්‍රමයට එකඟ වූ වැටුපක් ගෙවීමට සූදානම් නම් පමණකි. ඒ ආකාරයටම අනෙකුත් නිෂ්පාදන සාධකවලට ද මිලක් පවතී. ප්‍රාග්ධනයට පොලී ගෙවිය යුතුය. භූමියට බිම් කුලිය ගෙවිය යුතුය. ව්‍යවසායකත්වයට ලාබ හිමිවිය යුතුය. කෙසේ වුවද පරිසරය කිසිම අයකුට අයත් වුවක් නොවන අතර ඒ සම්බන්ධයෙන් කිසිවකු හට දේපළ අයිතියක් නැත. ඒ හා අනුපූරක වූ දේනම් ඒ උදෙසා ගාස්තුවක්  නියම කිරීමට කිසිවකු නැත යන්නය. එම නිසා අපද්‍රව්‍ය මුදා හරින  භූමියක් ලෙස සැමට එය හිමිව තිබේ. ගාස්තුවක් අය කළ හැකිවීම සාධයක් භාවිත කිරීමේ දී වැදගත් කරුණකි.

 

භාණ්ඩ  හොඳය

භාණ්ඩයක ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එය පරිභෝජනය කරන විට පරිභෝගිකයාට යම් තෘප්තියක් ලැබීමයි. එය ආර්ථික විද්‍යාවේ දී උපයෝගිතාව යනුවෙන් නම් කෙරේ. උපයෝගීතාව වැඩි වෙද්දී උපයෝගීතාව පහළ වැටුණ ද ආර්ථික විද්‍යාවේ එය ඒ නමින්ම හැඳින්වේ. යම් එකම නිෂ්පාදනයක් පරිභෝගිකයා විසින් යළි යළිත් භාවිත කරන විට එයින් ලැබෙන තෘප්තිය ක්‍රමයෙන් අඩුවන බැවින් උපයෝගීතාව පහළ වැටේ. එය හීනවන ආන්තික උපයෝගිතාවේ න්‍යාය නමින් හැඳින්වේ. මෙම හීනවන ආන්තික උපයෝගීතාව හේතු කර ගෙන පරිභෝගිකයකුගේ සමස්ත උපයෝගීතාව උච්ඡතම අවස්ථාවට ගිය විට එක්තරා පරිභෝජන මට්ටමකදී ආන්තික උපයෝගීතාව බිංදුව බවට පත්වී එය පරිභෝජන මට්ටමෙන් ඔබ්බට විසිවේ. ඉන් අමතර වූ පරිභෝජන ඒකකවල උපයෝගිතාව සෘණ බවට පත්වේ. එම නිසා ඔහුගේ සමස්ත උපයෝගීතාව වැඩිවනතුරු සහ ඔහුගේ ආන්තික උපයෝගීතාව ධන අගයක පවතිනතුරු ඔහු වෙතින් එම නිෂ්පාදනයට ඉල්ලුමක් ලැබී එය අත්පත් කර ගැනීම සඳහා මිලක්  ගෙවීමට ඔහු සූදානම්ව සිටී.

එහෙත් ඊට හාත්පසින් වෙනස් වූ නරක දෑට ඇත්තේ ඊට  හාත්පසින් වෙනස් ලක්ෂණයන්ය. අමතර ඒකකයක් ඒවායින් පරිභෝජනය කළ විට පාරිභෝගිකයාගේ සමස්ත උපයෝගීතාව පහළ වැටේ. එවිට ඔහුගේ ආන්තික උපයෝගීතාව පැතිරෙන්නේ සෘණ පරාසයකයි.

එයින් අදහස් වන්නේ එවැනි නරක දෑට පාරිභෝගිකයන්ගෙන් ඉල්ලුමක් ඇති නොවන නිසා ඔවුන් ඒවා අත්පත් කර ගැනීමට සූදානම් නොවන බවයි. ඕනෑම සමාජමය හේතුවක් උදෙසා නරක දෑ පරිභෝජනය අත්‍යවශ්‍යය. ඒ වෙනුවෙන් මිලක් ගෙවා එය මිලදී ගැනීමට ඔහු දිරිමත් කළ යුතුවේ. එසේ වන්නේ එම මට්ටමේ පරිභෝජනයක් පාරිභෝගිකයකුට හිරිහැරයක් බවට පත්වන නිසාය.

 

පොලිතින් හා ප්ලාස්ටික් හොඳවන අතර නරක ඒවා නොවේ

පාරිභෝගිකයන් ඒවා මිලදී ගැනීමට සූදානම් නිසා පොලිතින් හා ප්ලාස්ටික් හොඳය. එම නිසා ඒවා  මුළුමනින් තහනම් කිරීමට බලධාරීන්ට නොහැකිය. ඒවාට තහනමක් පැනවුවහොත් අද දවසේ තහනම් මධ්‍යසාර මෙන් මුළු කර්මාන්තයම යටිබිම් ගතවීමට ඉඩ ඇත. එම නිසා බලධාරීන් කළ යුත්තේ එය මුළුමනින් තහනම් කිරීම නොව ඒවා හොඳ ගණයට වැටෙන නිසා ඒවාට මිලක් ගෙවීමට පාරිභෝගිකයා පෙළැඹ වීමයි. වර්තමාන රෙගුලාසිවලින් කර තිබෙන්නේ එම කාර්යයයි. පොලිතින් භාවිත කිරීමට අවශ්‍ය නම් පාරිභෝගිකයා ඊට මිල ගෙවිය යුතුය. ප්ලාස්ටික් බෝතල් සම්බන්ධයෙන් ගත්විට නිෂ්පාදකයා SLS සහතිකය ලබා ගැනීමට මුදල් ගෙවිය යුතුය. ඒ නිසා පිරිවැය ගැන සිතන පාරිභෝගිකයන් සහ නිෂ්පාදකයන් ඒවා නොමිලේ නොලැබෙන නිසා පමණට වඩා ඒවා භාවිතයෙන් ඈත් වනු ඇත. ඔවුන් සිය භාවිතය සීමා කරන බැවින් එවිට පරිසරයේ ගුණාත්මක භාවය රඳවා ගනිමින් පරිසරය පවත්වා ගැනීමට එක අතකින් උපකාර කරන අතර නිෂ්පාදකයන් තමන් විසින් නිෂ්පාදනය කරන ප්ලාස්ටික් බෝතල්වල සෞඛ්‍යයට අහිතකර බලපෑම ගැන සවිඥානක විය යුතුවේ. මගේ මතයට අනුව මෙය හොඳ රාජ්‍ය ප්‍රතිපත්තියකි.

 

පොලිතින්වලට එරෙහි යුද්ධය අඛණ්ඩව පවත්වා ගැනීමේ හැකියාව

කෙසේ වුව දීර්ඝ කාලයේදී මෙම ප්‍රතිපත්තිය විසින් අලුත් සංකූලතා රැගෙන ආ හැකිය. මෙම රෙගුලාසි දෙකේ ප්‍රධාන අරමුණ පාරිභෝගිකයන් පිරිවැය සවිඥානක භාවයට පත්කොට (වියදම ගැන සිතන්නට පොළඹවා)  ඔවුන්ගේ සමස්ත පරිභෝජන මට්ටම් අඩු කිරීමයි. කෙසේ වුව අලුත් මිල මට්ටමවලට පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා  හුරු වූ විට කිසිදු සීමාවකින් තොරව ඒවා දිගටම භාවිත කිරීමට ඔවුන් පෙළඹෙන්නට ඉඩ තිබේ.   

දුම්කොළවල හා ඉන්ධනවල මිල පාරිභෝගිකයන්ගේ පරිභෝජන මට්ටම් පහළ දැමීම උදෙසා කෘත්‍රිමව ඉහළ දැමූ විට මෙම ලක්ෂණ නිරීක්ෂණය කළ හැකි වූයේය. මිල ඉහළ දැමූ සැණින් ඔවුන්ගේ ඉල්ලුම පහත වැටීමට ඉඩ තිබේ. එහෙත් පසුව අලුත් මිල ගණන්වලට පාරිභෝගිකයා හුරු වූ විට  ඔවුන් සුපුරුද ඉහළ ප්‍රමාණවලින්ම භාවිත කිරීම අරඹන බැවින් බලධාරීන්ගේ අරමුණ පරාජය වේ.

 

දීර්ඝ කාලීන විසඳුම ප්‍රතිචක්‍රීකරණය

පාරිභෝගිකයන්ගේ පරිභෝජනය අඩු කිරීම පිණිස, පොලිතින් සහ ප්ලාස්ටික් සම්බන්ධයෙන් ගත්විට බලකිරීමට අඛණ්ඩව මිල ඉහළ දැමීම කළ නොහැකිය. එම නිසා දීර්ඝ කාලීන විසඳුම රැඳී ඇත්තේ මෙම නිෂ්පාදන ප්‍රතිචක්‍රීයකරණය කිරීම මතය. එවිට සමාජය ඒවායින් උපරිම ප්‍රයෝජනය ගනී.

 

(***)
Daily FT පුවත්පතේ පළවූ
War against Polythene Recycling is th best long term Solution 
ලිපියේ පරිවර්තනය  - සමන් පුෂ්ප ලියනගේ

 



අදහස් (0)

​සිලි සිලි බෑග්වලට එරෙහි යුද්ධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site