IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සරසවියට සංගීත තාක්ෂණය හඳුන්වා දුන්නේ මමයි

‘‘ශ්‍රී ලාංකේය රවි ශංකර්’’ ලෙස විරුදාවලිය ලත්, එතෙර මෙන්ම මෙතෙරදීත් ඇගැයුමට හා ප්‍රශංසාවට ලක්වූ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මුලින්ම සංගීත තාක්‍ෂණවේදය හඳුන්වා දුන් අධ්‍යාපනඥයා ලෙසද සැලකෙන ප්‍රවීණ සිතාර්වාද්‍ය ශිල්පී මහාචාර්ය ප්‍රදීප් රත්නායක ඉදිරිපත් කරන 18 වැනි ‘‘ප්‍රදීපාංජලී’’ ප්‍රසංගය මෙම 21 වැනිදා පස්වරු 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ.

මෙවර මහාචාර්ය ප්‍රදීප් වේදිකාවට නගින්නේ මෙරට සිටින සුවිශේෂී හා ප්‍රවීණතම සංගීතඥයන් වන හර්ෂ මාකලන්ද (පියානෝව), ආචාර්ය රවිබන්ධු විද්‍යාපති (බෙර), ඇල්ස්ටන් ජෝකිම් (බේස් ගිටාරය) හා ශිරාස් නූර්අමින් (ඩ්‍රම්ස්) යන ශිල්පීන් සමඟය. 1997 වසරේදී, ඉන්දියාවේ විශ්වභාරතී ශාන්ති නිකේතන් විශ්වවිද්‍යාලයෙන් එවකට සිතාර් උපාධියකින් ලබාගත් ඉහළම ලකුණු සහිත උපාධිධාරියා ලෙස මෙරටට පැමිණ මුලින්ම ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති ‘‘ප්‍රදීපාංජලී’’ ප්‍රසංගයේදී වේදිකාවට ගොඩවුණේද මේ සිවුවාදන ශිල්පීන් සමඟ වීම විශේෂත්වයකි.

ඊට අමතරව ඊළඟ පරම්පරාවේ තබ්ලා වාද්‍ය ශිල්පීන් වන වාද්‍ය නිපුන් පේෂල මනෝජ් හා ශාස්ත්‍රපති ඉසුරු පෙරේරාද මෙවර ‘‘ප්‍රදීපාංජලී - 18’’ ප්‍රසංගයට එක්වෙති. මෙවර සුපුරුදු පරිදි ශාස්ත්‍රීය හින්දුස්ථානි රාගයකින් ‘‘ප්‍රදීපාංජලී - 18’’ ආරම්භ කරන මහාචාර්ය ප්‍රදීප් අනතුරුව පණ්ඩිත් රවි ශංකර්ගේ ‘‘පංචම් සෙගාරා’’ වයනු ලැබේ. ප්‍රදීප්ගේ නිර්මාණ වන ‘‘වයින් පැහැති සඳ, සරු පස, මුල’’ සහ ‘‘සුළඟ’’ ද මේ සන්ධ්‍යාවට ඇතුළත්වේ. විශේෂත්වය නම් පළමුවරට තම පියාණන් සමඟ වාදනය කිරීමට මහැදුරු ප්‍රදීප්ගේ දියණියන් දෙදෙනා ද මෙවර ‘‘ප්‍රදීපාංජලී’’ වේදිකාවට ගොඩවීමයි. පියානෝවෙන්. චෙලෝවෙන් හා තම කටහඬින් සංගීත අංග කිහිපයක් මේ දියණියන් දෙදෙනා ඉදිරිපත් කරනු ලබති. මෑතකදී අප අතරින් සමුගත් විශිෂ්ට සංගීතඥයක වූ සරත් ප්‍රනාන්දු නිර්මාණවේදියාට උපහාරයක් ලෙස ඔහු සංගීතවත් කළ ‘‘නිල් අහස් තලේ’’ ගීතයද මෙහිදී වැයෙනු ඇත.

ප්‍රදීප් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සංගීතය හා නිර්මාණාත්මක තාක්ෂණය යන නමින් නව අධ්‍යයනාංශයක් බිහිකර එහි නිර්මාතෘ හා අංශ ප්‍රධාන තනතුරෙහි වැඩ භාරගෙන නව විෂයමාලා හඳුන්වා දී උපාධි වැඩසටහනක්ද ආරම්භ කළේය. සංගීත සිසුන්ට ශීඝ්‍රයෙන් වෙනස්වන සංගීත ලෝකයට සරිලන අධ්‍යාපනයක් දීමට ඔහු පුරෝගාමී විය. 2003 දී සංගීත තාක්‍ෂණය තම විෂය මාලාවලට ඇතුළත් කිරීමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මුලින්ම සංගීත තාක්ෂණය හඳුන්වා දුන් අධ්‍යාපනඥයා වන්නේද මහාචාර්ය ප්‍රදීප් වීම විශේෂත්වයකි.

මහාචාර්ය ප්‍රදීප් තම ‘‘ප්‍රදීපාංජලී’’ ප්‍රසංගය ලොව විශිෂ්ට ස්ථානවල පවත්වා විශිෂ්ට සංගීතඥයන් අතර ඉහළ තැනක් හිමිකරගෙන තිබේ.

(*** යහම්පත්)

 



අදහස් (0)

සරසවියට සංගීත තාක්ෂණය හඳුන්වා දුන්නේ මමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site