IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


සූර්යබල ව්‍යාපෘතියට වින කටින්නේ කවුද?

සූර්ය බල ශක්තිය උත්පාදනය සඳහා රජය ගෙන යන වැඩිපිළිවෙළට බාධා පමුණුවන විදුලි ඉංජිනේරුවන් පිරිසක් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි. දැනට ද සූර්ය පැනල සවිකරගෙන සිටින විශාල පිරිසකට මේ හේතුවෙන් විදුලිබල මණ්ඩලය මගින් සබඳතා ලබාදීම දිනෙන් දින ප්‍රමාද කෙරෙමින් පවතින බව ද එහිදී සඳහන් කරනු ලැබීය. මේ බාධා ඉවත්කර සූර්ය බල විදුලි උත්පාදනය ඉහළ නැංවීමට පියවර ගන්නා බව ද ඒ මහතා කියා තිබිණි.

ලංකා විදුලිබල මණ්ඩලය මේ රටට අත්‍යාවශ්‍යම වූ සේවාදායකයෙකි. ජනගහනයට සාපේක්ෂව ඉතා විශාල ප්‍රතිශතයකට ගෘහස්ථ විදුලිය සැපයීම සඳහා විදුලිබල මණ්ඩලය මෙතෙක් බලයට පත් සෑම රජයක් සමඟම ඒකාබද්ධව කටයුතු කළ බව ද පිළිගත යුතු සත්‍යයකි. කොතරම් අධික පාඩුවක් ලබන රාජ්‍ය ආයතනයක් වුව ද මෙරට තිබෙන ඉහළම වැටුප් ගෙවන ආයතනයක් වශයෙන් විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ සේවය සහ රටේ විදුලිබල අවශ්‍යතාව ගහට පොත්ත මෙන් ඇලී සිටින බැවිනි.

එහෙත් එසේ වූ පමණින් විකල්ප බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට හරස් කැපීමට විදුලිබල මණ්ඩලයට අයිතියක් නැත. විද්‍යාත්මක පදනමකින් තොරව එවැනි හරස් කැපීම් සිදුකරන්නේ විදුලි ඉංජිනේරුවරුන් නම් ඒ සඳහා ඔවුන් හේතූ පැහැදිලි කළ යුතුය. එහෙත් පසුගිය කාලසීමාවේ ලක්ෂ එකහමාරකට ආසන්න නිවෙස් සංඛ්‍යාවක වහළ මත සූර්ය පැනල සවිකළ ද ඒවාට විදුලිය සබඳතා ලබා දීමට විදුලිබල මණ්ඩලය ප්‍රමාණවත් තරමින් උනන්දුවක් දක්වා නොතිබිණි. පසුගිය කාලයේ දී එල්ල වූ එම චෝදනාවට කිසිදු පිළිතුරක් නොලැබිණි.

අඩු ආදායම්ලාභී පාරිභෝගිකයන් සඳහා වඩාත් සුදුසු විකල්ප බලශක්ති උත්පාදන ක්‍රමයක් වශයෙන් ලොවපුරා පිළිගැනෙන සූර්ය බලශක්තිය සඳහා විදුලි ඉංජිනේරුවරුන් මේ තරමට හරස් කපන්නේ පෞද්ගලික තාප බලාගාර හරහා ජනනය කෙරෙන විදුලිය, මණ්ඩලය හරහා අලෙවි කෙරෙන ව්‍යාපෘතිවලට බාධාවක් වීම හේතුවෙන්දැයි අපි නොදනිමු. ඇතැම් පෞද්ගලික බලාගාර හිටපු විදුලි ඉංජිනේරුවරුන් සහ ඇතැම් වත්මන් ඉංජිනේරුවරුන් විසින් පාලනය කෙරෙන බව ද එසේ විදුලිය විකිණීම මාෆියා ගණයේ මහා ජාවාරමක් වී ඇති බවද සමහරු චෝදනා කරති. මේවා වැළැක්වීමට මැති ඇමැතිවරුන් පවා එතරම් උත්සාහ නොගන්නේ ඔවුන්ගේ සාක්කු ද මේ හරහා පිරෙන බැවින් යැයි ද වරින්වර චෝදනා නැගිණි.

මෙහි ඇත්ත නැත්ත කුමක් වුවද රටේත් ලෝකයේත් දැන් පවතින තත්ත්වයන්ට අනුව අඩු වියදම් විකල්ප බලශක්ති කෙරෙහි නැඹුරුවීම ඉතා ඉක්මනින් අප රටේ ද සිදුවිය යුතුය. වසරේ දවස් 365න් 300කට අධික දවස් ගණනක් හොඳින් සූර්යාලෝකය ලැබෙන අපේ රටට තවමත් සූර්යබල ශක්තියෙන් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකි වීම ගැන ලක් වැසියන්ට දැනෙන්නේ විශාල කනගාටුවකි. එතරම් හිරු එළිය නොලැබෙන රටවල් පවා දැන් බොහෝ කාලයක සිට සූර්ය බලයෙන් විදුලිය ලබාගන්නා රටවල් අතර තිබෙන බැවිනි.

2019 වසරේ නිකුත් කරන ලද වාර්තාවකට අනුව වැඩිපුරම සූර්යබල විදුලිය උත්පාදනය කරන රටවල් 05 වන්නේ පිළිවෙළින් චීනය, අමෙරිකාව, ජපානය, ජර්මනිය සහ ඉන්දියාවයි. එසේම ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව නව ගෝලීය සංවර්ධන ක්‍රියාමාර්ගවලදී 2022න් පසුව වාර්ෂිකව සූර්ය බල විදුලිය උත්පාදනය වාර්තාගත අයුරින් ඉහළ යාමට නියමිතය. සාමාන්‍ය වශයෙන් ගිගාවොට් 125ක නිෂ්පාදනයක් වාර්ෂිකව එමගින් අපේක්ෂා කෙරේ. එසේම පුනර්ජනනීය බලශක්ති අතුරින් සූර්යබල විදුලිය 2019 වසර වනවිට දෙවැනි ස්ථානය දක්වා ඉහළ නැග තිබිණි. ලොව බොහොමයක් රටවල් තම සූර්යබල විදුලි උත්පාදනය වැඩිකර ගැනීමේ සටනක නිරතව සිටින බවද ජාත්‍යන්තර බලශක්ති ඒජන්සි වාර්තාවේ සඳහන් වෙයි.

ලොවපුරා උනන්දුව එසේ ඉහළ යද්දී අපේ රටින් ඇසෙන්නේ සූර්ය බල විදුලි උත්පාදනය පමණක් නොව සෙසු පුනර්ජනනීය විදුලි උත්පාදන වැඩ සටහන්වලට ද ‘උදැල්ල’ දමන ඉංජිනේරුවන් සිටින බවය. ඒ ගැන අපට දැනෙන්නේ ලජ්ජාවකි. සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී බොහෝ වැඩ වරද්දාගත් ශ්‍රී ලංකාව දැන්වත් ඒ තත්ත්වය අවබෝධ කර ගනිමින් එයින් ගොඩ එන සැලැස්මක් හදා නොගත්තොත් විදුලිය උත්පාදනය සම්බන්ධයෙන් අපේ රටේ අනාගතය ඉතා අඳුරු වනු ඇත.

අතට ලැබෙන තම සාක්කුව පිරෙන මුදලට ගිජු වී රටේම විදුලි උත්පාදනය වළපල්ලට ඇද දමන දේශපාලනඥයන් පමණක් නොව විදුලි ඉංජිනේරුවන්ද රට අද වැටී තිබෙන තත්ත්වයට වගකිව යුතුය. වසර ගණනාවකට පෙර සිට ආරම්භ කිරීමට උත්සාහ කළ පුනර්ජනනීය බලශක්ති වැඩසටහන මේ වනවිට ප්‍රශස්ත මට්ටමකට ළඟා වී තිබුණා නම් රටේ වත්මන් අර්බුදය තුළ පවා ලොකු විදුලි කප්පාදුවකට යාම වළක්වා ගත හැකිව තිබිණි. එසේම ඩීසල් සැපයුම මත පමණක් විදුලි උත්පාදනය රඳවා තැබීමට අවශ්‍යතාවක්ද නැත. එහෙත් තම බඩ කට පිළිබඳ පමණක් සිතන අමන දේශපාලනඥයන් සහ නිලධාරීන් සිටින තාක් මේ ගැටලු‍වලින් ගොඩ ඒමක්ද නැත.

(***)



අදහස් (2)

සූර්යබල ව්‍යාපෘතියට වින කටින්නේ කවුද?

dhamneth Thursday, 16 June 2022 10:59 AM

මේ අකුල් හෙලන දේශපාලකයින්ට හා නිලධාරීන්ට විරුද්ධව රජය පියවර නොගන්නේ ඇයි?

:       0       5

Apavithra Sunday, 19 June 2022 05:03 AM

පුද්ගලික විදුලි බලාගාරවල අයිතිකරුවන් කවුද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 275 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1215 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site