සිරකරුවන් බන්ධනාගාරවලින් පලායාමට යොදාගන්නා උපක‍්‍රම එක්වරම විශ්වාස කිරීමට නොහැකි තරම් ඒවාය. ඇදහිය නොහැකි තරම්ය. ඇතැම් ඒවා ඉතාම රසවත් සිද්ධීන්ය.
ඇතැම් බන්ධනාගාර නිලධාරින් අන්දවා බන්ධනාගාරවලින් සිරකරුවන් පලා යාමට යොදාගන්නා මේ අපූරු උපක‍්‍රම ගැන ඔබ හමුවේ තැබීමට යන්නේ වසර 36ක පමණ සේවා ඇත්දැකීම් ඇති විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයෙක් වන ඩබ්ලිව්.ඒ.ඞී. විජේදාස මහතාය. ”හිරකරුවන් බන්ධනාගාර නිලධාරින්ට පහරදීලා පලා යන අවස්ථා බොහොම අඩුයි. එවැනි දෙයක් සිදුවන්නේ බොහොම කලාතුරකින්. හුඟදෙනෙක් පලායන්නේ සමහර නිලධාරින් ගොනාට අන්දවලා. ඒ තරමට සමහර හිරකාරයෝ කපටියි. ශූර බුද්ධියක් තියෙනවා. සමහර හිරකාරයින්ට මළපොතේ අකුරක් බැහැ. ඒ වුණාට හිරෙන් පැන යන්න යොදා ගන්නා උපක‍්‍රම දිහා බලපුවාම ඔවුන් කොච්චර බුද්ධිමත්ද කියා පෙනී යනවා.’’ යැයි කියමින් විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයා ඔහුගේ මතකයේ රැුඳී ඇති කතා කියන්නට පටන් ගත්තේය.
කොළඹ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයේ කණ්ඩායමක් රට වටේම ඉන්න මිනිස්සු හොඳ හොඳ රස්සා අරන් දෙන්නම් ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් අරන් දෙන්නම් කියා රුපියල් ලක්‍ෂ ගණන් මුදල් වංචා කළ සපුමල් කියන නමක් ඇති රටේ නම ගිය මහා වංචාකාරයෙක් අත්අඩංගුවට ගත්තා. පොලිසිය මොහු අත්අඩංගුවට අරන් තියෙන්නේ හුඟක් මහන්සිවෙලා.
මොහු කළ වංචාවලට අසුවී අධිකරණයේ වරදකරු වෙලා වැලිකඩ හිරගෙදරට ආවා. මේ මනුස්සයා පස්සේ ඒ නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා. මෙයා හොඳ මන්තර ගුරුකම් කාරයෙක් ලෙස හිරකාරයන් අතර ප‍්‍රසිද්ධියක් තිබුණා. මන්තර ගුරුකම් දන්නා මොහු ගැන ඒකාලයේ හිටිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැන ගැනීමට ලැබී තිබෙනවා. කොමසාරිස්වරයාත් මන්තර ගුරුකම් ගැන මහ ඉහළින් පිළිගත්ත විශ්වාස කරන අයෙක්.
මේ කොමසාරිස්වරයා එයාට තියන බලතල පාවිච්චිකරලා සපුමල් කියන හිරකාරයා එයා ළඟට ගෙන්වා ගත්තා. ටික කාලයක් යද්දී මේ දෙන්නා අතර ලොකු මිත‍්‍රකමක් ගොඩනැගුණා. මේ නිසාම මහා වංචාකාරයාට හිර ගෙදරදී විශේෂ සැලකිළි ලැබුණා. කොමසාරිස්වරයා එයාගේ මන්තර ගුරුකම් කරගන්න මේ මනුස්සයාව ගෙදර පවා එක්කන් යන්න පටන්ගත්තා.
එක් වෙසක් පොහොය දවසක කොමසාරිස්වරයා ඔහුගේ මන්තර ගුරුකම් වගයක් කර ගන්න මොහුව හිර ගෙදරින් පිටතට වෙනදා වගේම කැඳවාගෙන ගියා. ගුරුකම් කරන්න එක්කගෙන ගිය අතරවාරයේ මිනිහා පැනලා ගියා. තලවතුගොඩ පැත්තේ තියන කනත්තකට මිනිහා එක්කරගෙන ගිහින් මිනී වළක දපලා මහ? මන්තර ජපකරමින් ඉන්න අතරවාරයේ මිනිහා එතැන හිටිය අපේ ලොක්කා ඇතුළු කට්ටියගේ ඇස්වසා පැනගියා කියා පස්සේ දැනගත්තා. ඒ කාලයේ මම වැලිකඩ බන්ධනාගාරයේ රජකාරී කරමින් හිටියේ. මේ ගැන පරීක්‍ෂණයක් සිදු කෙරුනෙ නැහැ.
මන්තර ගුරුකම් කරන අතරවාරයේ පලාගිය හිරකාරයා ඊට පස්සෙ විදේශයකට පැන ගියා කියා අපට දැන ගැනීමට ලැබුණා. මොහු දන්නා මන්තර ගුරුකමක් නැහැ. නමුත් තමන් ඒවා ගැන දන්නා බවට ප‍්‍රචාරය කරලා අනෙක් හිරකාරයන් බය කරගෙන ඉඳලා තිබෙනවා. මෙය මොහු හිර ගෙදරින් පලා යන්න මුල ඉඳලම ගහපු ප්ලෑන් එකක් කියා දැනගැනීමට ලැබුණා. මේ මිනිහා අපේ ලොක්කාවත් ගොනාට අන්දවලා අන්තිමේදී හිරෙන් පලාගියා යැයි විජේදාස මහතා පැවසුවේ සිනාසෙමිනි..
දරුණු අපරාධකාරයෙක් හිරෙන් පලා යන්නට යෙදූ තවත් හොඳ උපක‍්‍රමයක් ගැන මම කියන්නම්. මේ සිද්ධිය වුනේ 80 දශකයේ මුල් කාලයේදී. වැලිවිට මහතුන් කියන්නේ දරුණු අපරාධකාරයෙක්. වැලිවිට මහතුන් එයාගේ තරහකාරයෙකුගේ අතක් කපා සිරුරෙන් වෙන්කරගෙන ඒ අත කටින් හපාගෙන කඩුවෙල වැලිවේරිය ඉඳලා කැළණි ගෙඟන් එගොඩට පිහිනා ගිය කෙනෙක්. මේ ඔහු කළ එක් දරුණු අපරාධයක් පමණයි. ඔහු කළ අපරාධවලට වසර 7ක විතර හිර දඬුවම් නියම කර තිබුණා.
හිර දඬුවම් විඳින අතරවාරයේ වැලිවිට මහතුන්ට තවත් නඩු කිහිපයක් අවිස්සාවේල්ල අධිකරණයේ විභාග වෙමින් තිබුණා. මේ සිද්ධිය වෙන්න කළින් වතාවේ ඔහු අවිස්සාවේල්ල අධිකරණයට රැගෙන ගොස් ආපසු වැලිකඩ බන්ධනාගාරය වෙත අරගෙන ඒම භාරව තිබුණේ මටයි තවත් නිලධාරින් කිහිප දෙනෙකුටයි.
ඊළඟ වතාවේ මොහු අවිස්සාවේල්ල අධිකරණයට එක්කරගෙන ගියේ වෙනත් බන්ධනාගාර නියාමකයන් දෙදෙනෙක්. අධිකරණයේ විභාග වුණ නඩුවෙන් පස්සේ වැලිවිට මහතුන් ආපසු බන්ධනාගාරයට අරන් එමින් සිට තිබෙනවා. කඩුවෙල වැලි තොටුපොල කිට්ටු වෙද්දී වැලිවිට මහතුන් නමැත්තා කියා තිබෙනවා සර් ඉස්සරහ මරු පොට් එකක් තියෙනවා. එතැන නාන්න එහෙම කියාපු තැන කියා. ඊට පස්සෙ වාහනය නවත්වා ගෙන බන්ධනාගාර නිලධාරින් දෙදෙනා එතැනින් බැහැලා මත්පැන් බෝතලයක් ගෙනවිත් සප්පායම් වෙමින් සිටියා. සර් මට නාන්න ආසයි. හෑන්ඞ් කෆ් එක ගැලෙව්වොත් සර්ලා අරක්කු බොනකම් මම නාගන්නම් කියා මොහු පවසා තිබෙනවා.
අපේ දෙන්නත් මොහු ගැන කිසිම සැකයක් කරලා නැහැ. ඔව් උඹට හුඟ කාලෙකින් හරියට නාගන්නවත් ලැබුණේ නැහැනේ. ඒ හින්දා හොඳට නාගනින් කියා හෑන්ඞ් කෆ් ගලවා තිබෙනවා. වැලිවිට මහතුන් ටිකක් වෙලා නාමින් ඉඳලා ගොඩට ඇවිත් බන්ධනාගාර නිලධාරින් දෙන්නා ළඟට ඇවිත් ආ සර්ලා තව බොනවානේ ඒ හින්දා තව ටිකක් නා ගන්නම් කියා ආයෙත් කැළණි ගඟට බැහලා තිබෙනවා. මිනිහා ටිකක් දුර පිහිනාගෙන ගිහින් සර්ලා බීලා ඉවර වෙලා යන්න මම යනවා කියාගෙන එගොඩට පිහිනලා පැනලා ගිහින්. වැලිවිට මහතුන් පැනලා ගිය නිසා අපේ දෙන්නාගේ වෙරිත් හිඳිලා ගිහින්. මේ සිද්ධිය නිසා බන්ධනාගාර නිලධාරින් දෙන්නා සේවයෙන් පහ කළා.
එදා මේ විදිහට පැනලා ගිය වැලිවිට මහතුන් අම්බලන්තොට පළාතේ හැංගිලා ඉඳලා තිබෙනවා. මිනිහාගේ ඇහැකට වරා කිරි වැටිලා ඒකට ප‍්‍රතිකාර ගන්න රෝහලකට ඇතුළුවෙලා ඉද්දී පොලිසියට කොටුවෙලා ආයෙත් බන්ධනාගාරයට අරන් ආවා. මොහුව අල්ලාගෙන තිබුණේ පලා ගිහින් මාස 7කට විතර පස්සේ තමා යැයි විජේදාස මහතා පවසයි.
මේකත් හරි අපූරුකතාවක් බව පවසමින් විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයා තවත් කතාවක් කියන්නට පටන් ගත්තේය.
අපරාධ ගණනාවකට සම්බන්ධ කෙනෙක් වැලිකඩ හිරගෙදර හිර බත් කමින් උන්නා. බන්ධනාගාර නියාමකයෙක් කිසි අවසරයකින් තොරව ඒ මනුස්සයාව එළියට අරන් ගිය වෙලාවක පැනලා ගිහින් තිබෙනවා. අපේ හිතවත් බන්ධනාගාර නියාමකයා එදා රෑට තොටළඟට එයාගේ හිතවතෙක් හමුවෙන්න ගිහින් තිබෙනවා. ඒ යනකොට මිනිහා කසිප්පු පොළකට වෙලා තව කට්ටියක් එක්ක එකතුවෙලා හොඳටම කසිප්පුවලින් සප්පායම් වෙලා ඉඳලා තියෙන්නේ.
සර් මොකද මේ වෙලාවේ මාව සොයාගෙන ආවේ කියා කසිප්පු බොමින් සිටි කෙනා අසා තිබෙනවා. අනේ බං මට හරිවැඬේ වුණේ මගේ ළඟ හිටිය හිරකාරයෙක් පැනල ගියා. දැන් ඉතිං මගේ රස්සාවට කෙළවෙනවා. ඒ හින්දා ඒ වෙනුවට උඹ හිරේ යමං මම පහුවදාට උඹව එළියට ගන්නවා කියා බන්ධනාගාර නියාමක කියා තිබෙනවා. වෙරි මරගාතේ හිටිය නිසා මිනිහා වැඬේට කැමතිවෙලා.
අපේ නිලධාරියා මේ මනුස්සයාව ඒ වෙලාවේම බන්ධනාගාරය ඇතුළට අරන් ඇවිත් ජම්පරයක් අන්දවලා සෙල් වහලා ගිය මිනිහා හිටිය සෙල් එකට දමා තිබෙනවා. අනෙක් හිරකාරයෝ මේ මනුස්සයාගෙන් නොයෙක් ප‍්‍රශ්න අසා තිබෙනවා. ඒවාට උත්තර දෙන්න බැරිව ගිය නිසා හිරකාරයන් මේ බව බන්ධනාගාර නිලධාරීන්ට පවසා තිබෙනවා. බන්ධනාගාර නිලධාරින් ඇවිත් ප‍්‍රශ්න කළාම මිනිහා වෙච්චදේ සේරම කියා තිබෙනවා. ඊට පස්සෙ මිනිහා නිදහස් කළා. මේ වගේ වැඩක් කළ නියාමකවරයා සේවයෙන් පහකළා. මේ බන්ධනාගාර නියාමකවරයා පසුකාලයකදී මිය ගියා.
හිරෙන් පලාගිය මනුස්සයා කාලයකට පස්සේ ආයෙත් කොටුවුණා යැයි විජේදාස මහතා කීය.
මේ ඔහු පැවසූ තවත් කතාවකි.
දීර්ඝ කාලීනව සිර දඬුවම් විඳිමින් හිටිය හිරකාරයෙක් දවසක් අපේ බන්ධනාගාර නියාමකවරයෙක් එක්ක කියා තිබෙනවා සර් රත්තරන් තොගයක් හංගලා තියන තැනක් මම දන්නවා. මට පුළුවනි සර්ට ඒවා ගෙනත් දෙන්න. අපේ කෙනාත් ඔහු ගැන අවිශ්වාස කරලා නැහැ. මොකද හිරකාරයා බොහොම හොඳට හිර ගෙදර හිටිය මනුස්සයෙක් නිසා. අපේ කෙනා මේ මනුස්සයාව හොරෙන් එළියට අරන් පා පැදියක් එහෙම සොයාදීලා රත්තරන් අරන් එන්න පිටත් කරලා තියෙනවා. රත්තරන් අරන් එන්නම් කියා ගිය හිරකාරයා ආයෙත් ආවේ නැහැ. අන්තිමේදී බන්ධනාගාර නියාමකවරයාගේ රස්සාව නැතිව ගියා. රත්තරං හොයාගෙන එන්නම් කියා පැනලා ගිය හිරකාරයාත් පසු කාලයකදී පොලිසියට කොටුවී තිබුණා.
හිරකාරයෝ හුඟ දෙනෙක් පැනලා යන්නේ ඔවුන් බලා ගන්න ඉන්න බන්ධනාගාර නිලධාරින් පත්තර බල බලා ඉද්දී බැවින් සමහර හිරකාරයන්ගේ ඥාතීන් බන්ධනාගාර නිලධාරින්ට පත්තර ගෙනවිත් දෙන බවත් විජේදාස මහතා පෙන්වා දෙයි.
බන්ධනාගාර නිලධාරීන්ට නින්දගොස් සිටින අවස්ථාවක් බලා හිරකාරයන් පලාගිය අවස්ථාද ඕනෑ තරම් තිබෙන බව ඔහු පවසයි.
මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන
ආණ්ඩුව දිගින් දිගටම බත පිළිබඳ ගැටලුව අනා ගනිමින් සිටින බව පෙනේ. සහල් ප්‍රශ්නය අනාගත් ආණ්ඩුව දැන් වී ප්‍රශ්නය ද එසේ වන තැනට කටයුතු කරමින් සිටී. පසුගිය බද
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ ආධාර සඳහා යම් “විරාමයක්” ලබාදීමත් සමග ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (United States Age
“සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 86ක් වතුරේ” යන මැයෙන් දිනපතා ලංකාදීප පුවත්පතේ 2024 අගෝස්තු මස 15 දින පළ වූ ලිපියෙන් පසු ඒ ගැන මූලික විමර්ශනයක්
වාහන ආනයන සීමා වසර පහකට පසු ලිහිල්වී මෙම මස පළමුවැනිදා සිට වාහන ආනයනයට අවසර ලැබී තිබේ. එය රටේ ආර්ථිකයටත්, විවිධ ක්ෂේත්‍රවලටත් අංශ කිහිපයකින් බලපාන කාර
හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යට
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සිරකාරයන් සිරගෙදරින් පැන ගිය උපක‍්‍රම
වික්ටර් Tuesday, 16 June 2015 02:55 PM
මට නම් හිතෙන්නේ සිරකරුවන්ගේ බුද්ධියට වඩා නිලධාරීන්ගේ මෝඩකමයි මේ ලිපියෙන් ඉස්මතු වෙන්නේ. (බ)
සත්‍යයා Wednesday, 17 June 2015 12:20 AM
හිරේ යන්න ඉන්න අයට මේ විස්තර බොහොම ප්‍රයෝජනවත් වේවි. (නි)
යසිරු Wednesday, 17 June 2015 08:23 PM
හොඳ ලිපියක් (නි)