උදම්මිට ධම්මාචාර තිස්ස නා හිමියන්ගේ සියවැනි ජන්ම දිනය අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු අලුත් කූරු කෝරළයේ රාගම් පත්තුවේ දඬුගම් ඔය මිටියාවතට යාබදව පිහිටි සුන්දර ගම්මානයකි, උදම්මිට ගම. මෙම ගම ජන්ම ලාභය කොට සසුන් දිවිය හමාර කළ මහ සඟරුවන බොහෝමයකි. ඒ අතර සුවිශේෂ දෙනමක් වශයෙන් උදම්මිට ධම්මරක්ඛිත මහ නාහිමි, උදම්මිට ධම්මාලංකාර මහ නාහිමි යන දෙනම සඳහන් කළ හැක. එම ගණයට වැටෙන තවත් එක නමක් වශයෙන් 2021 නොවැම්බර් 22 දිනට දිවි ගමනේ සියවසට පා තබන උදම්මිට ධම්මාචාර තිස්ස නාහිමියන්ව හැඳින්විය හැකි ය.
උදම්මිට විසූ ඩී. සිරිදියෙස් සිල්වා සහ කලුමිත් සුදු නෝනා යන දෙපළට දරුවන් සිව්දෙනෙකි. ඉන් බාලම දරුවා උදම්මිට ධම්මාචාර තිස්ස නමින් පැවිදි විය. මීගමුව විද්‍යාලංකාර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ එවකට මීගමුව, අඟුරුකාරමුල්ල බෝධිරාජාරාමාධිපතිව වැඩ සිටි මීගමුවේ ශ්‍රී මේධංකර ලොකු හාමුදුරුවන්ගේ සිසුවකු ලෙස 12 වැනි වියේ දී 1934.10.22 දින පැවිදි දිවියට ඇතුළත් වූහ. පැවිදි දිවියේ මූලික අධ්‍යාපනය දැදිගම සාහිත්‍යෝදය පිරිවෙනින් ලැබූ උන්වහන්සේ උසස් අධ්‍යාපනය ලැබුවේ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනිනි.
උන්වහන්සේ උපසපන් වූයේ වර්ෂ 1953 ජුනි මස 31 වැනි දින බලපිටිමෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී එවක ලියනගේමුල්ල සුවිසුද්ධාරාමාධිපතිව වැඩ විසූ මූකලන්ගමුවේ ගුණාලංකාර තිස්ස හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා මීගමුවේ ශ්‍රී මේධංකර නා හිමිපාණන් වහන්සේගේ ආචාර්‍ය්‍යත්වයෙන්, උදම්මිට පඤ්ඤාවාස තිස්ස, වලගෙදර සෝමාලෝක තිස්ස හා පොල්වත්තේ ප්‍රඤ්ඤාලෝක තිස්ස යන නා හිමිවරුන්ගේ කර්මාචාර්යත්වයෙනි. විද්‍යාලංකාර පිරිවෙනේ දී, ලුණුපොකුනේ ධම්මානන්ද, කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර, යක්කඩුවේ ප්‍රඥාරාම, බඹරැන්දේ සිරි සීවලි, කොටහේනේ ප්‍රඥාකීර්ති වැනි ශ්‍රේෂ්ඨ යතිවරයන්ගේ සෙවණේ අධ්‍යාපනය හැදෑරූ නාහිමියෝ රාජකීය පණ්ඩිත, සාහිත්‍යාචාර්ය යන උපාධිවලින් පැවිදි දිවිය ඔප් නංවා ගත්හ. පසුව නුවරඑළියේ සේනානන්ද නා හිමියන් යටතේ නුවරඑළිය රුවන්එළිය රත්නාලෝක පිරිවෙනෙන් ගුරු වෘත්තිය ආරම්භ කළ අප නාහිමියන් පන්නල දියකලමුල්ල ශ්‍රීපති විද්‍යාල පිරුවන, මිනුවන්ගොඩ යාගොඩමුල්ල සද්ධාතිස්ස පිරුවන ආදි පිරිවෙන් කිහිපයක තනතුරු රැසක් දැරූහ.
1955 වර්ෂයේ දී සිය ගුරු දේවයන් වහන්සේ වූ මීගමුවේ ශ්‍රී මේධංකර ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පසු මීගමුව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ නිත්‍යනුකූල අයිතිය අප හාමුදුරුවන්ට හිමි වුවත් අයිතියට වඩා වැඩි මහලුකම අගය කළ බැවින් එම විහාරස්ථානයේ විහාරාධිපති පදවිය මීගමුවේ ජිනෝරස හිමියන්ට පවරන පරිදි කටයුතු කිරීම සුවිශේෂි කරුණකි. මීගමුවේ ජිනෝරස හාමුදුරුවෝ මීගමුවේ ශ්‍රී මේධංකර ලොකු හාමුදුරුවන්ගේ පැවිදි සහෝදරයා වීම එයට හේතුව යි.
අප නා හිමි අත් හැරීම හා විවේකය භික්‍ෂූන් වහන්සේ නමක තුළ තිබිය යුතු සුවිශේෂී ගුණාංග බව පසක් කළ හිමි නමකි.
මූකලන්ගමුවේ ගුණාලංකාර තිස්ස නා හිමියන් වහන්සේ වැඩ සිටි සමයේ ද මූකලන්ගමුව පන්සලේ උන්වහන්සේ වැඩසිටියහ. 1964 දී ගුණාලංකාර නා හිමියන්ගේ අපවත්වීමෙන් පසු කෙටි කලක් සුවිසුද්ධාරාමයේ ද වගකීම බාරගත් අතර පසුව එහි අධිපතිත්වය මූකලන්ගමුවේ ධම්මින්ද හිමියන්ට ද ඉන් පසු මූකලන්ගමුවේ ඤාණින්ද හිමියන්ට ද පවරා දුන්හ.
2009 වර්ෂයේ සිදුවූ මූකලන්ගමුවේ ඤාණින්ද තිස්ස හිමියන්ගේ අපවත්වීමෙන් පසු උන්වහන්සේ සුවිසුද්ධාරාමයේ සුරක්‍ෂිත බව හා ස්ථාවරත්වය වෙනුවෙන් අධිපතිත්වයට නැවත පත් වුව ද එහි කටයුතු සිදු කරගෙන යාමට විහාරාධිකාරී හිමිවරුන්ට පවරා තවදුරටත් විවේකීව වැඩ වාසය කිරීම උන්වහන්සේගේ චරිතයේ දක්නට ලැබෙන කැපී පෙනෙන ලක්‍ෂණයක් බව කිව යුතු ම ය.
වලාන සුමනාරාමාධිපතිව වැඩ සිටි මාදූවේ විමලවංශ හිමියන්, ඇවරිවත්ත ශෛලබිම්බාරාමාධිපතිව වැඩ සිටි බෝලගල සිරිසුමන, රද්දොළුව සුබෝධාරාමය රද්දොළුව අභිනවාරාමය යන උභය විහාරාධිපතිව වැඩ සිටි රද්දොළුවේ අමරවංශ අපවත් වී වදාළ අමරපුර සිරි සුමන පාර්ශ්වයේ මහ නායක මාතර විමලරතන හිමියන්, වැලිකන්දේ උත්තමධීර අනු නා හිමියන්, හිඟුරේ අමරජෝති අනු නා හිමියන් හා ආචාර්ය යටදොළවත්තේ ධම්ම විසුද්ධි හිමියන් අප හාමුදුරුවෝ ඉතාමත් සුහදව ආශ්‍රය කළ හාමුදුරුවරු සිවු නමකි.
අප නාහිමියන් රැකබලා ගන්නේ නිවන්දම විජිතඤාණ, උදම්මිට සුමන හිමිවරු හා තරුණ ගිහි පිරිසකි.
‘‘යහළුකමට කුල මල නැහැ’’ යන කියමන මම අසා ඇත. අප ක්‍රියා කරන්නේත් ඒ ආකාරයටයි. “කිඹුල්වත් පුරයෙන් හමන සුළඟත් සැපය” යනුවෙන් දේශනා කළ බුදුන් වහන්සේ අන්‍යයන් හෙළා නොදුටු සේක. අප ද අපේ කමට සැලකිය යුත්තේ අන්‍යයන්ට හානියක් නොවන ආකාරයට යි. අප නාහිමියන් එසේ කළ කෙනෙකි. මනා සිහි නුවණින් කටයුතු කිරීම, නිවැරදි තීරණ ගැනීම, හරි දේ හරි ආකාරයට දැකීම, ප්‍රතිපත්ති ගරුක බව හා අත් හළ යුතු දේ නියමිත කලට අත් හැරීම උන්වහන්සේ තුළ පවතින සුවිශේෂී චරිත ලක්‍ෂණ වේ.
අද (22) සියවසට පා තබන අප නාහිමියන්ට ආශිර්වාද කිරීම සඳහා ඊයේ (21), අද (22) දෙදින පින්කම් මාලාවක් පැවැත් වේ. එයට සමගාමීව උන් වහන්සේගේ යහපත් චරිත ස්වභාවය විග්‍රහ කොට විද්වතුන්ගේ සුභාශිංසන හා ශාස්ත්‍රීය ලිපි පෙළක් සහිත ග්‍රන්ථයක් එළිදැක්වීමට ද නියමිත ය. අප නා හිමියන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් වැඩ සිටින්නට නිදුක් නීරෝගී බව නිරතුරුව ලැබේවා! යි නිබඳවම ප්‍රාර්ථනා කරමු.
(***)
ඒකල, දඹුව බෝධිරුක්ඛාරාමාධිකාරී
උදම්මිට බුද්ධසිරි හිමි
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි
අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සියවස සපුරන උදම්මිට ධම්මාචාර තිස්ස නා හිමියෝ
Hemantha kumara Tuesday, 23 November 2021 08:10 PM
අප නා හිමියන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් වැඩ සිටින්නට නිදුක් නීරෝගී බව නිරතුරුව ලැබේවා! යි නිබඳවම ප්‍රාර්ථනා කරමු...