මැයි රැලි දෙකක් ප්‍රකාශයට පත්වී තිබීම හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දෙන අර්බුදය එහි ප්‍රතිඵලය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිය පිළිබඳ මේ දේශපාලන විග්‍රහය මහාචාර්ය සුමනසිරි ලියනගේ ගෙනි
● මේ දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙන ලොකුම අර්බුදය තමයි කොයි මැයි රැලියට යනවාද කියන එක. මැයි රැලි දෙකක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකක් වෙයිද ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායම මෙවර මැයි රැලිය ගාල්ලෙ පැවැත්වීමට තීරණය කිරීමෙන්ම පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ කණ්ඩායමේ පසු බෑම. මොකද සාමාන්‍යයෙන් දේශපාලන බලය තියෙන පක්ෂයක් නිරන්තරයෙන්ම වගේ මැයි රැලි පවත්වන්නේ කොළඹ. එක්සත් ජාතික පක්ෂය පහුගිය කාලය පුරාම රටේ විවිධ ප්‍රදේශවල මැයි රැලි පැවැත්වුවා. ඒ ඔවුන්ට ආණ්ඩු බලය නොතිබුණු අවස්ථාවේ. නමුත් පසුගිය අවුරුද්දෙ වගේම මේ සැරෙත් එක්සත් ජාතික පක්ෂය කොළඹ දී තමයි මැයි රැලිය පවත්වන්න සූදානම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ අර්බුදයේ තවත් පියවරක් පෙන්නුම් කිරීමක් හැටියට තමයි මම මේ සිදුවීම දකින්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධව මැයි රැලි දෙකක් පැවැත්වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට ලබා දෙනවා තේරීමක් කරන්න කොයි තැනද ඇත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය තියෙන්නේ කියලා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ග්‍රාමීයව සහ ප්‍රාදේශීය ඉන්න පාක්ෂිකයින්ගේ දෘෂ්ටියෙන් ගත්තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ දේශපාලන අනෙකා ලෙස හැම විටම සලකන්නේ එක්සත් ජාතික පක්ෂය. එතකොට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා තමන්ගේ අනන්‍යතාව තීන්දු කරන්නේ මෙන්න මේ අනෙකාට එරෙහිව ඉන්නෙ කවුද කියන එක මත. ඒ නිසා මේ විදියට මැයි රැලි දෙකක් පැවැත්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳීමේ තවත් පියවරක් තැබුවා කියලා අපට කියන්න පුළුවන්.
● තියෙන තත්ත්වය උඩ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා වැඩියෙන් ගොනු වෙයි කියලා හිතෙන්නේ කොයි පාර්ශ්වය එක්කද ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ගේ මානසිකත්වය සලකා බලනකොට අපට හිතෙන්නේ කිරුලපන පවත්වන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සංවිධානය කරන මැයි රැලියට වැඩිපුර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සහභාගීවෙයි කියලා.
● එතකොට ගාල්ලෙ මැයි රැලියට මොනවා වෙයිද ?
ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයින් කීපදෙනෙක්ම ඉන්නවා යොයෙකුත් චෝදනාවලට අහුවෙච්ච. දැන් ඒ බොහෝ දෙනා මේ මැයි රැලියට මිනිස්සු සහභාගිකරවන්න විශාල මහන්සියක් ගනිවී. මොකද ඒ අය මුදල් අතින් ගොඩක් පොහොසත් අය. මොකද මම ඒ ප්‍රදේශයේ නිසා මම ගාල්ලේ දේශපාලකයෝ ගැන හොඳට දන්නවා. මේ අය මුදල් වියදම් කරලා මිනිස්සු ගාල්ලෙ රැලියට ගෙන්නාවි. ඒ අය මේක අවස්ථාවක් කර ගනීවි මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙන්නුම් කරන්න තමන්ට තියෙන චෝදනාවලින් නිදහස් කරන්න මේක හේතුවක් හැටියට සලකළා. ඒක වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.
අපි දන්නවා සාමාන්‍යයෙන් මැයි රැලිවලට සෙනඟ ගෙන්නගන්නේ සල්ලිදීලා කෑම බීම දීලා. විශේෂයෙන් මත්පැන්. ගාලු ප්‍රදේශයේ ඉන්න සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලකයින්ට පුළුවන් මේ වැඬේ ඉතාම හොඳට කරන්න. නමුත් පාක්ෂිකයින් හැටියට ගත්තොත් ඒ අය කල්පනා කරන්නේ තමන්ගේ මැයි රැලිය මේක නෙවෙයි කියලා. මමත් බද්දේගම ප්‍රදේශයේ නිසා මම දන්නවා ඒ ප්‍රදේශවල ශ්‍රී ලංකා පාක්ෂිකයා හැසිරෙන විදිය.
● පක්ෂයේ සමගිය ගැන හැමෝම කතා කළාට මැයි රැලියෙන් පස්සේ පක්ෂයේ දෙකඩවීම තවත් වැඩිවෙයි ඔබේ අදහසට අනුව.
හරියටම දෙකඩ වීම නිල වශයෙන් ස්ථිරයි කියල මම කියන්නේ නෑ. අපි දන්න විදියට මේ ගොඩක් දේශපාලන නායකයින්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරභාවයට වඩා ලැදිවෙන්නේ තමන්ගේ දේශපාලන බලයට. ඒ නිසා ඔය කණ්ඩායම් දෙකේම ඉන්න අය බලන්නේ පක්ෂයේ සමගියට වඩා තමන්ගේ පැවැත්ම සහ බලය ගැන. ඒ බලය වෙනුවෙන් වැඩ කරන මේ අයට ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට ප්‍රතිපත්තිය වෙනස් කරමින් මාරුවීම මහ ලොකු ප්‍රශ්නයක් නොවෙයි. ඒත් ඊට වඩා වෙනස් බ්ම් මට්ටමේ පාක්ෂිකයෝ. ඇටුවම්බැහැපු ශ්‍රී ලංකාකාරයෝ කියලා අපි හඳුන්වන පිරිස කල්පනා කරන්නේ තමන්ගෙ අනන්‍යතාව රඳා පවතින්නේ තමන්ගේ අනෙකා කොතනද ඉන්නෙ කියන එක උඩයි. ඒ නිසා සාමාන්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයින්ගෙයි ඇමැතිකම් ගත්ත ශ්‍රී ලංකා එකේ අයයි අතරෙ වෙනසක් තියෙනවා.
මහින්ද රාජපක්ෂ තමයි අද එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදියට ඉන්නේ. ඒ නිසාම අපි සඳහන් කරපු සාමාන්‍ය ශ්‍රී ලංකාකාරයා තමන්ගේ නායකයා ලෙස දකින්නේ මහින්ද රාජපක්ෂ. ඒක ඒ තරම් අස්වාභාවික නෑ. මේ හරහා එක බරපතළ දේශපාලන කාරණයක් පෙන්නුම් කරනවා. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂයම අද තවදුරටත් ඕනෑද කියන ප්‍රශ්නය. මේ බෙදීම හරහා පේන්නේ ඒකයි. එක්සත් ජාතික පක්ෂය සමග එකතු වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීමට මුල්වුණු කරුණු පදනම් කරගත් වෙනත් කඳවුරකුත් බිහිවීම තමයි මේ හරහා සිදුවෙන්නේ. මේ තත්ත්වය තුළ එවැනි ඉඩක් තියෙන බව පේනවා. මේක ක්ෂණිකව නිල වශයෙන් බෙදීමකට යන එකක් නෑ මෛත්‍රීපාල කණ්ඩායම විසින් මහින්ද කණ්ඩායම පක්ෂයෙන් අස්කළොත් ඇරෙන්න. මේ මැයි දිනයෙනුත් ඉදිරියේදී පැවැත්වෙන ප්‍රාදේශීය සභා මැතිවරණවලිනුත් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමක්ද ව්‍යාජ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමක්ද කියන එක බොහෝ දුරට තීරණය වෙන්න ඉඩ තියෙනවා.
● ඒකාබද්ධ විපක්ෂයේ අය සංවිධානය කරන මැයි රැලියට යන අයට විනය පියවර ගන්නවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් කියලා තිබුණා.
ඔය කතාව මීට කලිනුත් කිව්වනේ. හයිඞ් පිටියේ රැස්වීමට කලිනුත් ඔය කතාවමනේ කිව්වෙ. නමුත් ඒ එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සම්බන්ධ අයගෙන්ම තව කොටසක් කිව්වෙ එහෙම විනය තීරණ ගන්නේ නෑ කියලා. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළෙත් කොටස් දෙකක් ඉන්නවා. දුමින්ද දිසානායකලගෙ කණ්ඩායමත ඊට වඩා මෘදු විදියට මේ ප්‍රශ්නය දිහා බලන මහින්ද අමරවීර වගේ පිරිසගෙ කණ්ඩායමකුත් අපි දකිනවා. ඒ නිසා විනය පියවර ගන්න තරම් ශක්තියක් නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට තියෙනවා කියලා හිතන්න අමරුයි.
● ඒ කියන්නේ ඔය විනය පියවර ගන්නවා කියන කතාවම අද විහිළුවක් වෙලා කියලද ?
ඒ ආකාරයේ විනය පියවර ගන්න තරම් ශක්තිමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අද නෑ. වැට් බද්ධ ගැන ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය මැයි දිනයේදී ජනතාව ආකර්ෂනය කරගන්න කරපු ප්‍රකාශයක් වෙන්නත් ඇති මං හිතන්නේ. මොකද අපිට කිසිසේත්ම හිතන්න අමාරුයි මේ වැට් බද්ද 15% කිරීම ගැන ජනාධිපතිතුමා නොදැන හිටියා කියලා. අගමැතිවරයා මේ ගැන කියලා ගොඩක් දවස්නේ. ඒක නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වැට් බද්ද පිළිබඳ කතාව ගාලු මැයි රැලිය ඉලක්ක කරගෙන කරපු එකක් කියලා තමයි පේන්නේ. ඒත් මං හිතන්නේ නෑ ඒ උපක්‍රම ඒ තරම් වැඩ කරයි කියලා. හැබැයි ආණ්ඩු බලයක් එක්ක ගාලු මැයි රැලියට සැලකිය යුතු සෙනඟක් ගෙන්නගන්න බැරිවෙන එකක් නෑ.
● මේ සියල්ල තුළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලොකු අවුලකට යනවා.
ඇතත්ටම අද වන විට මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් දන්නෙ නැති පාටයි ඔහුගේ භූමිකාව මොකක්ද කියලා. දේශපාලන නායකයෙක් විදියට ඔහු ගන්න ප්‍රතිපත්ති හරිද වැරදිද කියන එක ගැන නොවෙයි මම මේ කියන්නේ. එහෙම ගුණාංගයක් ඔහුට නැති බව පහුගිය අවුරුද්දක කාලය තුළ ඔහුම පෙන්නලා තියෙනවා. මේ අවස්ථාවේ සමහර විට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සිදුවේවි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන සිරකරුවෙකු වෙන්න. එහෙම නැත්නම් ඔහුට සිදුවේවි නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වූ ස්වාධීන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් පදනම් කරගත් ආණ්ඩුවක් අවටා ගැනීමට කටයුතු කරන්න. එසේ කිරීමේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොටසක් කැඩිලා එවැනි ආණ්ඩුවකට මෛත්‍රීපාල වටා එකතුවීමේ සැලකිය යුතු ඉඩකඩකුත් තියෙනවා. එහෙම වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිඳීම යම් දුරකට අඩුවේවි.
● ගාල්ලේ පවත්වන මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ මැයි රැලියේ ප්‍රධාන සංවිධායකවරු විදියට දූෂණ චෝදනා එල්ලවුණු සජින්වාස් ගුණවර්ධනලා පවා ඉන්නවලු. මේවා ඒකාබද්ධ විපක්ෂෙට හොඳ සටන් පාඨ නේද?
ඔව්. සජින්වාස් ගුණවර්ධන කියන්නේ පහුගිය කාළේ ඇපත් නැතුව ඉඳපු පුද්ගලයෙක්නේ. ඒ පුද්ගලයට මේ සංවිධායක වගකීම පවරන්නෙම මීට පෙර මැතිවරණවල දී ඔහුගේ දායකත්වය කෙබඳුද කියලා දන්න නිසානේ. මෛත්‍රීපාල සිරිසේන හෝ පක්ෂය හෝ සජින්වාස් මේ සංවිධායක කමිටුවට පත් කරන්න ඇත්තේ මේ නිසාම තමයි. මොකද ඔහු හොඳට අත දිග ඇරලා මුදල්, වියදම් කරන සංවිධායකවරයෙක්. මේ අය සෙනඟ ගෙනෙයි. හැබැයි එතන ඇත්ත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො ඉඳීවිද කියන එක ප්‍රශ්නයක්.
● මේ මැයි දිනයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ දේශපාලන වශයෙන් කොයි වගේ ස්ථානයක් අත්කර ගනීවිද?
මැයි දිනයෙන් පස්සේ ඔවුන්ට අවශ්‍යයි සටන් පාඨ. නමුත් ඔවුන්ට බෑ සාමාන්‍ය වාමාංශික පක්ෂ විදිහට මේ වැඬේ කරගෙන යන්න. ඒක නිසා ඔවුන්ට අවශ්‍යයි මැතිවරණ. ඉදිරියේදී ප්‍රාදේශීය සභා මැතිවරණ පැවැත්වුවොත් මහින්ද රාජපක්ෂ කණ්ඩායමට පුළුවන් වෙයි සැලකිය යුතු ජයග්‍රහණයක් ලබාගෙන අලුත් දේශපාලන සංවිධානයක් ලෙස මතුවෙන්න. එහෙම නැත්නම් මේකෙ වාසිය ලැබෙන්නේ දිනේෂ්, විමල්, ගම්මන්පිල, වාසුදේව වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන කොටසට. මොකද ඒ අය දන්නවා සටන් පාඨ හරහා එළියට යන්න. ඔය ඒකාබද්ධ විපක්ෂය කියන එක හැදෙන්නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බරෙන් නෙවෙයිනේ.
● මේ හරහා රාජපක්ෂලාට නැවතත් රටේ බලය ඇල්ලීම පිළිබඳ බලාපොරොත්තුව ඉහළ යාවිද ?
පැහැදිලිවම ඒ වගේ බලාපොරොත්තුවක් ඒ අයට තියෙන නිසානේ පක්ෂයක් හදාගෙන සටන ගෙනියන්නේ. මං හිතන විදියට ඉදිරි කාලය තුළ ලංකාවේ දේශපාලනය බොහෝම අස්ථාවර තත්ත්වයකට යන්න ඉඩ තිබෙනවා.
● ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙරා යාම වළක්වාගන්න එහි නායකයින්ට අවස්ථාවක් ඇත්තෙම නැද්ද?
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් ශක්තිමත් තීන්දුවක් අරගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට විකල්ප ආණ්ඩුවක් හැදීම සඳහා කටයුතු කිරීම හරහා මේ දෙදරායාම වළක්වාගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම වුණොත් පක්ෂය බිඳීම සමහන් වෙලා මහින්ද රාජපක්ෂ යම් දුරකට පැත්තකට තල්ලුවීමේ ඉඩකුත් තියෙනවා. ඒක විය හැකි එක දෙයක්. අනෙක් විය හැකි දේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල කොටස ක්‍රමානුකූලව එක්සත් ජාතික පක්ෂය ඇතුළේ දියවී යාම ඒ හරහා වෙනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් මතුවීමටත් ඉඩ තියෙනවා. තවත් විය හැකි කාරණයක් තමයි ක්‍රමානුකූලව ප්‍රාදේශීය සභා පළාත් සභා ඡන්ද හරහා මහින්ද රාජපක්ෂ කණ්ඩායම ඉදිරියට පැමිණීම මේවයින් කොයි දේ සිදුවේද කියන එක තීන්දු වෙන්නේ මොවුන් ගන්න තීන්දු තීරණ එක්ක.
පසුගිය ජනාධිපතිවරණයේදී එවක ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරු දැන් වික්‍රමසිංහ මහතාගෙන
වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව
2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලුවල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලුපිටියේ
නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ
නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සැබෑ ශ්‍රිලනිපය සහ ව්‍යාජ ශ්‍රීලනිපය ඉදිරියේදී තීරණය වෙයි
නුවන් Monday, 25 April 2016 12:15 PM
මෙහෙ මේගොල්ලෝ පක්ෂේ බෙදාගන්න හදනකොට උතුරේ සින්නක්කර ලියෝගන්න කට්ටියක් දත කට මදිනවා! (බ)
උදිත සංජීව Wednesday, 27 April 2016 04:38 AM
පින්තුරේ බලල ගනින්න බලන්න ඔක්කොම හොරු කීයද කියල.(බ)
වසන්ත Wednesday, 27 April 2016 10:07 AM
මේක දේශපාලන විග්‍රහයක් කියුවට තනිකරම පක්ෂපාතී පරීක්ෂණයක්නේ. ආයේ දෙකක් නෑ මෙතුමා තද බල මහින්දවාදියෙක් (බ)
ටෙරන්ස් Friday, 29 April 2016 10:36 PM
ඉතා හොඳ ලිපියක් (නි)
චානක Thursday, 28 April 2016 05:25 AM
අනේ මන්දා?(හේ)
අජිත් Wednesday, 27 April 2016 02:12 PM
කොහොමත් මහින්ද මහත්තය තමයි නැවතත් එන්නේ. (බ)
තිලක් Wednesday, 27 April 2016 07:50 AM
මැයි දිනයේදී බලමු.(හේ)