IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


සුදු හමුදා බැරැක්ක වූ රාජසිංහ රජුගේ අන්ත:පුර මාලිගා

මහනුවර තරම් රණකාමීන්ගේ ලේ වැකුණු රණබිමක් ලක්දිව අන් පෙදෙසක නැත. පරංගි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන යුරෝපීය ජාතීන් තුනම මහනුවර යටත් කර ගැනීමට අවස්ථා ගණනාවකදීම  දරන ලද වෑයම අවසන් වූයේ එම විදේශීය සේනාංක සහමුලින්ම උඩරට සේනාංකවලට බිලිවීමෙනි. ඒ සටන්වලදී මියගිය උඩරැටියන් ගණනද අතිවිශාලය.

මේ සියලු රණවිරුකම් අවසන් වූයේ උඩරට නිලමේවරුන් කිහිප දෙනකුගේම පාවාදීම මත අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංගිරිසීන්ට යටත්වීමෙනි. ඉන්පසු ඉංගිරිසීන් යටතට පත්වූ උඩරට රාජධානියේ මාලිගා සහ වටිනා කියන දේපොළ ඔවුන් භාවිත කළේ ආක්‍රමනික යුද නිලධාරීන්ගේ පෞද්ගලික  බූදලයක් පරිදිය. අවසන් රජ සමයේ කන්දෙනුවර ලෙසත් ඉංගිරිසීන් විසින් මහනුවර ලෙසත් හඳුන්වන ලද නගරය 1817 වනවිට  තිබූ තත්වය ගැන දළ සරල චිත්‍රයක් අපට ඉංගිරිසි යුද නිලධාරියකු විසින් ලියන ලද මෙම සටහනෙන් මනසට නගා ගත හැකිය.

උඩරට ප්‍රදේශය අභ්‍යන්තරයෙහි ඇති ප්‍රධාන යුද කඳවුර මහනුවර නගරය වේ. ඒ වනාහී මාලිගාව යනුවෙන් හැඳින්වුණු පැරණි ස්වදේශික ගොඩනැගිල්ලක් වටා පිහිටි ගොඩනැගිලි සමූහයකින් යුත් විවෘත ස්ථානයකි. මාලිගාවේ දකුණු ප්‍රාකාරය පැත්තේ ඇති උස් භූමියෙහි නැගෙනහිර හා බටහිර කඳු ගැට මත 1815 වර්ෂයෙහි ඉදිකරන ලද කුඩා මුර කොටු දෙකක් තිබේ.

ඉංගිරිසීන් උඩරට රාජ්‍යය යටත් කර ගන්නා ලද්දේ කරට කර ගැටුණු යුද ගැටුමකින් නොවේ. කරට කර ගැටුණු  හැම අවස්ථාවකම ඉංගිරිසි හමුදා සේනාංක විනාශ විය. යුරෝපීය ජාතීන් තුනටම යුද බලයෙන්  උඩරට අල්ලා ගත නොහැකි විය. එනිසා ඉංගිරිසීන් උඩරට අල්ලා ගන්නා ලද්දේ රජ සමග විරසක වී සිටි උඩරට නිලමේවරුන් වූ කුලීනයන්ට අල්ලස් ලබාදීමෙනි. රජ මාලිගය සහ රජුගේ මාහැඟි වස්තුව වූ රාජ්‍යත්වයේ සංකේතය වන දළදා මාලිගාව හැර නුවර සුවිසල් වූ අන් ගොඩනැගිල්ලක් නොවීය. නිලමේවරුන්ගේ නිවාස හෙවත් වලව් යනුවෙන් හැඳින් වූ නිවාසද රජ මාලිගාවට වඩා විශාලත්වයෙන් අඩුය. ඉංගිරිසි ලේඛකයන්ගේ සටහනින් විස්තර කරන්නේ නගරය අල්ලාගත් අලුතම වූ තත්වයයි.

ඉන්පසු ඉංගිරිසීහු 1818 මහ කැරැල්ල ලෙස හැඳින්වෙන කලකිරුණු නිලමේවරුන්ගේ අරගලයට මුහුණ දුන්නෝය. එම අරගලයට මුවාවී උඩරට රාජ්‍යය තුළ සිටි තමන්ට එරෙහිව ගිය සහ අනාගතයේ එරෙහිව යා හැකි සියලුම මුලාදෑනින් මරා දමා සහ රටින් පිටුවහල් කළ ඉංගිරිසීහු තමන්ගේ තනි මතයට රට පාලනය කළ හැකි ක්‍රමයක් සකසා ගන්හ. ඒ යටතේ පැරණි නගරයේ ඓතිහාසික ස්ථාන බොහොමයක් කඩා දමා සහ වෙනස් කර තම හමුදා සේනාංකවල ස්ථිර නැවතුම්පොළ බවට පත් කළහ.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මාලිගයට අයත් සියලුම ගොඩනැගිලි ඉංගිරිසි යුද හමුදා සේනාංකවල භටයන්ගේ බැරැක්ක බවට පත් කෙරිණි. එම රජමාලිගා පරිශ්‍රය පිහිටියේ මාලිගාවට පිටුපසින් වර්තමානයේ කෞකුකාගාරය පිහිටි ගොඩනැගිල්ලට ඉදිරියෙනි. වර්තමානයේ කෞතුකාගාරය පිහිටි ගොඩනැගිල්ල රාජසිංහ රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් සිටි ගොඩනැගිල්ලකි. මාලිගා පරිශ්‍රයෙන් අද වනවිට ඉතිරිවී ඇත්තේ එම ගොඩනැගිල්ල පමණය.

රජුගේ බිසෝවරුන් හා ඥාතීන් දකුණු ඉන්දියාවේ මලබාරයෙන් පැමිණි අය වූ හෙයින් අන්තඃපුර මාලිගා ආදිය තිබුණු දළදා මාලිගාව පිටුපස උස් බිම හැඳින්වූයේ ‘මලබාර් කන්ද’ යන නමින්ය. නුවර නගරය අල්ලා ගත් ඉංගිරිසීන් ඔවුන්ගේ යුද බැරැක්ක ඉදිකරන ලද්දේ මෙම මලබාර් කන්දේ තිබූ මාලිගා ගොඩනැගිලි ආශ්‍රිතවය. ඔවුන් පරාජය කළ සතුරාගේ හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට අයත් සියලුම ගොඩනැගිලිවල (මාලිගා) නුවරට ගිය ඉංග්‍රීසි හමුදාවේ නිලධාරීහු ලැගුම් ගත්හ. තවත් සමහර ගොඩනැගිල්ලක ඉංගිරිසි ආණ්ඩුවේ පරිපාලන කාර්යාලය පිහිටුවීය. මාලිගාව ඉදිරිපිට මහමළුවේ ඉංගිරිසි හමුදා ආචාර පෙළපාලි පවත්වන ලදී. 1818 කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසු මහනුවර නේවාසික කොමසාරිස්වරුන් ලෙස පත්කළ  ජෝන් ඩොයිලිගේ නේවාසික ස්ථානය වූයේද රජුගේ මාලිගාවය. උඩරට නිලමේවරුන්ට අයත්ව තිබූ නිවාසවලට අත්වූයේද එම ඉරණමය. මහ මළුවට ඔබ්බෙන්  තිබූ ඇහැලේපොල වලව්ව පළමුව යුද බැරැක්කයක් ලෙසත් ඉන්පසුව සිරගෙයක් ලෙසත් භාවිතා කෙරිණි.

ඉංගිරිසි යුද නිලධාරියකු වූ  ජෝන් ඩේව් 1818 කාලයේ දුටු දර්ශනය අනුව ලියූ කෘතියක උපුටනයක් මහනුවර ජනාධිපති මන්දිරය ගැන ලියූ නිහාල් කරුණාරත්නගේ මහනුවර ජනපති මැදුර ගැන ලියූ කෘතියේ  මෙසේ සඳහන් වේ.

‘‘මෙතෙක් කල් අප මහනුවර  ගොඩනගා  ඇත්තේ ස්ථිර ගොඩනැගිලි  තුනක් පමණි. ඉන් දෙකක් ගෙවල්ය. එකක් ආණ්ඩුකාරයාටය. අනෙක හමුදාපතිටය. ස්වදේශිකයන්ගේ මහත් පුදුමයට හේතුවී ඇති කරුණක් නම් මෙය රටේ තිබෙන අතිශය විශිෂ්ට පෙනුමෙන් යුත් ගොඩනැගිල්ල වීමය.’’

‘‘හමුදාපතිවරයාගේ නිවස සාදන  ලද්දේ එදා ‘මවුන්ට එයරි’ යනුවෙන් හැඳින් වුණු බහිරව කන්දේ අස්ගිරි විහාරයට සමීපවය. එහි වාසය කළේ ජනරාල් මැක්ඩෝවල්ය. අද දින එහි අස්ගිරි  පාර්ශ්වයේ මහානායක ස්ථවිරයන් වහස්ගේ නිල නිවාසය බවට පත්ව තිබේ’’ යැයි නිහාල් කරුණාරත්න කියයි.

උඩරට අල්ලාගත් මුල් කාලයේ ඉංගිරිසීන් දළදා  මාලිගාවේ පත්තිරිප්පුව පුද්ගලයන් සිර අඩස්සියේ තබන කරුවල කාමරයක් බවට පත් කළේය. බිසෝ මාලිගය වෙඩි බෙහෙත් ගබඩාවක් කළේය. මල්වතු විහාරයද සෙබළුන්ගේ ආරෝග්‍ය ශාලාවක් බවට පත් කර ගත්තේය.

අප මේ සඳහන් කළේ ඉංගිරිසීන් කන්ද උඩරට අල්ලා ගත් පළමු අවුරුදු කිහිපය ගැනය.  ලොව පුරාම යුද ආක්‍රමණ ආදියේදී සිදුවන පරිදි තමා යටත් කරගත් රාජ්‍යයේ රාජකීයයන්ගේ මැදුරු හා බඩු භණ්ඩ පළමුව පරිභෝජනය කළේ යුද නිලධාරීන්ය. රට ටිකෙන් ටික ස්ථාවරවී යුද සේනාංක අඩු කෙරෙද්දී යුද සේනාංකවලට ඒ කිට්ටුවම වෙනත් ගොඩනැගිලි ඉදිවිය. එහෙත් රජමාලිගාවට වැඩි දුරකින් නොවේ. වර්තමානයේ නුවර දළදා මාලිගයට පෙනෙන දුරින්  ජනාධිපති නිල නිවසට පිටුපසින් ඇති යුද හමුදා කඳවුර එසේ ඉංගිසීන්ගේ බැරැක්ක මාලිගා පරිශ්‍රයෙන් ඉවත් කරගත් පසු ඉදිකරන ලද ස්ථිර ගොඩනැගිල්ල වේ.

(- *** ප්‍රේමකීර්ති රණතුංග)



අදහස් (4)

සුදු හමුදා බැරැක්ක වූ රාජසිංහ රජුගේ අන්ත:පුර මාලිගා

සත්‍ය ගවේෂී. Tuesday, 11 June 2024 08:34 AM

මේ රටට මේ වැනි කිසිදා සමාව දිය නොහැකි විපත් සිදුකළ ඉංග්‍රීසීන් අද මේ රටේ යුධ අපරාධ ගැන හොයනවා.ඔවුන්ට ලැජ්ජාව කියන එක ඇඟේ ගෑවිලාවත් නැහැ.

:       5       25

හීන් එකා Wednesday, 12 June 2024 06:32 AM

සුද්දට බැන්නට, සුද්ද නැත්තන් කියයි මේ ටික හරි...

:       4       6

Menaka Thursday, 13 June 2024 04:44 PM

සුද්දා ආව නිසා තමයි ජනතාව පීඩාවට පත් කරගෙන හිටපු රදල අධිපතියන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් උනේ . සුද්දා මේ රටේ සම්පත් යම් ප්‍රමාණයක් අරන් ගියා තමයි . ඒ එක්කම මේ රටේ දියුණුවට , යටිතල පහසුකම් දියුණු කිරීමට බොහෝ වැඩ කටයුතු කලා . මහජනතාවගේ සුභසාධනය වෙනුවෙන් සෑහෙන දෙයක් කලා . සුද්දා 1948 දී අපිට බාරදීලා ගියේ ආසියාවේ දෙවැනි ශක්තිමත්ම ආර්ථිකය . අදටත් අපි භුක්ති විදින බොහෝ පහසුකම් සුද්දා නිසා ලැබුන දේවල් . සුද්දා එන්න කලින් හිටපු රජවරු , රදල වරු ජනතා සුභසාධනය වෙනුවෙන් මෙලෝ දෙයක් කලේ නැහැ

:       0       0

ranjith Saturday, 15 June 2024 11:45 AM

"ඉංග්‍රීසින් උඩරට අල්ලා ගන්නා ලද්දේ රජා සමග විරසක වී සිටි උඩරට නිලමේවරුන් වූ කුලීනයින්ට අල්ලස් ලබාදීමෙනි" අදත් රටේ සම්පත් කොල්ල කන්නේ මේ විදියට තමයි. මෙහෙම ගියොත් නැවතත් රටක් නැති වේවි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 233 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 113 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 238 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 606 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4818 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site