IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සීගිරි ගී ලියූ කල්පිටියේ අග්බෝ අදුරිඳු

වයඹ පළාතේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ පසෙකින් ඉන්දියන් සයුරටත් අනෙක් පසින් පුත්තලම කළපුවටත් මායිම්ව පිහිටි කල්පිටි අර්ධද්වීපය ඓතිහාසික රහස් ගැබ් කළ කෞතුකාගාරයක් වැනිය. විජයාගමනයෙන් ඔබ්බට දිවෙන අතීත ශ්‍රී විභූතියකින් මෙම කුඩා අර්ධද්වීපය විරාජමානව වැජඹී ඇත්තේය. ප‍්‍රාදේශීය මාලිගා විද්‍යා පීඨ පිහිටි මෙහි උගත් පඬිරුවන් මෙන්ම දියුණු සංස්කෘතියක් ද පැවැති බවට සාක්‍ෂි එමටය. එම පෞඪ ඉතිහාසයේ විචිත‍්‍රත්වය සොයා ගිය සොඳුරු ගවේෂණයක අත්දැකීම් බෙදා හදා ගැනීමට ඔබට කරන ලැබැඳි ඇරයුමකින් මෙම ලිපිය දිග හරිමු. ‘‘ස්වස්ති’’ ‘‘කලපිටිකුලියෙහි අග්බෝ ඇදුර්හි’’ මේ ගීය ලීමි. ‘‘තොප යන දස්සෙන් සඳෙහි තම කැළුම් ගත ඇති තොප සිහලසිනසක් ගත කියවෝ’’ මෙහි සිහිගිරි (232) ගීතය. සිංහල අරුත යහපතක්ම වේවා කල්පිටියෙන් පැමිණි අග්බෝ ආචාර්යතුමා මේ ගීත ලියුවේය. ‘‘සුදර්ශනාවිය, තොප සවස්යාමයේ නොමැති නිසා, චන්‍ද්‍රයා කාන්තිය සමඟ විවාහ විය. සීගිරියේ සිටින අපි තොපගේ සිසිලසින් අංශුවක් ගත් බව කියමු.” මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මතය, කල්පිටියෙන් පැරණි අග්බෝ ආචාර්යවරයා මෙම ගීය ලියා ඇති බවය. මොහු සිටි විශ්වවිද්‍යාලය වත්මන් කුරුඤ්ඤාම්පිටියේ පිහිටි මහායාන බෞද්ධ මධ්‍යස්ථානයකි. (සීගිරි ග‍්‍රැෆික්Seegiri Graphic - Vol-II) කුරුඤ්ඤාම්පිටියේ ආසන්නයේ මහාශිලාඛණ්ඩ යුගය හා සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත. මෙහි වෙළෙඳ ඝනයක් සිටි බවට සනාථ කරවන විදේශ මුදල්, මැටි භාණ්ඩ ආදී මෙවලම් හමුවී ඇත. කුරුඤ්ඤාම්පිටියේ ගම්මානය ආසන්න ගම් වනුයේ, කන්දකුලිය, වෙල්ලංකරේ, ගෙන්ගේ, රෙඞ්බානා, පල්ලි වාසල්තුරේ යන ගම්මානයන්ය. වෙල්ලංකරේ පදිංචි අබ්දුල් කාදර් මොහොමඞ් නියාස් (අවු: 45) සතුව ඉතා වටිනා පෞරාණික කාසි එකතුවක් තිබේ. ‘‘අපි පොඩි කාලේ මෙහේ හැම තැනකම පරණ කාසි තිබුණා. අපි විනෝදෙට වගේ ඒවා එකතු කළා. මොකද පිටින් එන මිනිස්සු ඒවා සල්ලිවලට ගත්තා. අපි ඒ පරණ කාසි විකුණලා ඒ සල්ලිවලට පැණි බූන්දි, වඩ, ලොසින්ජර කෑවා.’’ ‘‘යම් තරමක දැනුම තේරුමක් ලබද්දි මට ඒ කාසි විකුණන්න ලෝභ හිතුණා මේ අපේ උරුමය නේද විකුණන්නේ කියලා. එදා පටන් මම කාසි විකිණීම නතර කළා. මගේ ‘‘පොකට් මනි’’ එකතු කරලා, වෙන ළමයි විකුණන කාසි මම මිලට ගත්තා.’’ ඔහු පවසයි. නියාස් මහතා සතුව ඇති මුදල් අතර අනුරාධපුරයේ පළමු හා දෙවැනි සියවසට අයත් රෝම කාසි (Roman Coins), දාසය හා දාහත් වැනි සියවසට අයත්  Kandyan Larin (Hooks Coins)" , අනුරාධපුර දෙවැනි හා සිව් වැනි සියවසට අයත් ලක්‍ෂමි කාසි (Lakshmi Kasi), Maneless Lion left type yd Maneless Lion right type, Rectangular Bull type යන කාසි ද වෙයි. පොලොන්නරු, දඹදෙනි හා යාපහුව යුගවලට අයත් ‘‘තඹ මස්ස’’, VOC සලකුණු සහිත ලන්දෙසි කාසි, ක‍්‍රිස්තු වර්ෂ 1796 සිට 1948 දක්වා වන Ceylon Government ඉංග‍්‍රීසි යුගයේ භාවිත කළ කාසි ද ඔහු සතු වේ. වෙල්ලංකරේ පදිංචි ඊ.එම්. ජයරත්න (අවු: 39) මහතා සතුව ද එවැනි කාසි තිබේ. නියාස් මහතා මෙන්ම ජයරත්න මහතා ද සතුව පවතින මෙම ඉපැරණි කාසි සියල්ලම හමුවී ඇත්තේ මෙම ප‍්‍රදේශයෙන්මය. විදේශීය මුදල් හුවමාරු වූ ඉතා දියුණු වෙළෙඳ ආර්ථිකයක් මෙහි  වූ බවට හා වෙළෙඳ මධ්‍යස්ථානයක් මෙහි පැවැති බවට මින් තහවුරු වේ. එසේම යුගයෙන් යුගය අඛණ්ඩව මෙම ආර්ථික සබඳතා පැවති බැව් සිතිය හැක. කල්පිටියේ පිහිටි ප‍්‍රසිද්ධ වරාය ද මෙම වෙළෙඳ ආර්ථිකය ස්ථාවර වීමට තුඩු දුන් බැව් පෙනේ. මෙම ගම්මාන ආශ‍්‍රිතව කරන ලද කැනීම්වල දී වටිනා මැටි භාණ්ඩ හමුවී ඇති බවට ද සාක්‍ෂි තිබේ. ‘‘අපි පොඩි කාලේ ළිඳක් හාරද්දී අනිවාර්යයෙන් මැටි භාණ්ඩ හමු වෙනවා. ඒවායින් නොබිඳුනු බඩු ගෙවල්වලටත් අරන් ගියා මතකයි,’’ නියාස් පවසයි. කල්පිටි අර්ධද්වීපයේ ජලය පිහිටා ඇත්තේ මතුපිට පසේ සිට අඩි හය හතක් පමණ නොගැඹුරිණි. එසේ නම් ඒ ඉපැරණි ඉතිහාසය මිහිදන්ව ඇත්තේ ද මෙම නොගැඹුරු බිම් තට්ටුවේමය. කල්පිටියේ යෝජිත සංචාරක පාරාදීසය නිම වෙන්නේ ද මෙම බිම් කඩ මතය. නවතින්න මොහොතකට, සවන් දෙන්න. මහා පාලි හෙවත් පරවේණිය පාවා දුන් කුවේණියගේ ඥාති සොහොයුරිය අල්ලිරාණියගේ හද ගැස්මයි ඔබට ඒ ඇහෙන්නේ. ඇයගේ ප්‍රෞඪ අල්ලිරාණි මාලිගය මිහිදන්ව ඇත්තේ ද මෙහිමය. ඇයගේ සිත් ගත් ජල ක‍්‍රීඩාවේ යෙදුණු ඓතිහාසික ගෙන්ගේ ජලාශය ද ඔබේ අතේ දුරිනි. ඔබ මොබ සරණ අත්භූත ආලෝක ධාරාවන් ද මේ ආසන්නයේමය. (මතු සම්බන්ධයි)

පද්මා කුමාරි කංකානම්ගේ
පැරැණි කාසි අබ්දුල් කාදර් මහතා පැරණි කාසි පෙන්වමින්..  



අදහස් (0)

සීගිරි ගී ලියූ කල්පිටියේ අග්බෝ අදුරිඳු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site