දිනක් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නුවරඑළියේ සිට මට දුරකතනයෙන් කතා කළේය. ඉස්සර ඔහු මට ඉඳහිට මිස සෘජුවම දුරකථනයෙන් කතා කළේ නැත. දින දෙකකට පසුව අග්‍රාමාත්‍ය ලීක්වාන් යූ අනුරාධපුරයට එන බව මට දැනුම් දුන්නේය. ගාමිණී දිසානායක ඔහු සමග එන බව කීවේය.
මා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට විනාඩි 40ක කාලයක් ඇතුළත අනුරාධපුර පුරාණ නගරය පෙන්වා දිය යුතු විය. එසේම ඔහුට චීන ජාතික ෆාහියන් භික්ෂුව වන්දනා ගමනේ යන අතර තුර අභයගිරි ආරාමයේදී හැඬූ ස්ථානයද පෙන්වන්නට මා මතක තබා ගත යුතු විය.
ගිවිසගත් පරිදි අප හමුවිය යුතු ස්ථානය වූ තිසාවැව තානායමට මා යනවිට සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ පිරිස සුළු සංග්‍රහයක් රස විඳිමින් සිටියහ. විදේශ සේවාවේ නියුතු මූර්ති එහි සිටිනවා මම දුටිමි. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාත් ඔහුගේ බිරිඳත් මාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි බව ඔහු මට කීවේය.
සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයාත් ඔහුගේ බිරිඳත් කේම්බ්‍රිජ් සරසවියෙන් අධ්‍යාපනය ලැබූ ඉහළ පෙළේ නීතිඥවරු වූහ. මගෙන් ප්‍රශ්න විමසාවි යන බලාපොරොත්තුවෙන් මම සිටියෙමි.
ඉහළ මාලයට යද්දී දිග මේසයේ සංග්‍රහය විඳින ලික්වාන් යූ අගමැතිවරයා මට දැකගත හැකිවිය. ඔහු අසුන්ගෙන සිටියේ මේසයේ මැද වන අතර අමාත්‍ය ගාමිණී දිසානායක මහතා ඔහුගේ පසෙකින් සිටගෙන සිටියේය. මා ඔහු සිංහලෙන් අමතා මා රාජා ද සිල්වා බව හඳුන්වා දුන්නෙමි.
අමුත්තන්ට අනුරාධපුරයේ මඟ පෙන්වීමේ කටයුතු සඳහා මම පැමිණි බව ඔහුට කීවෙමි. එම අවස්ථාවේදී පහත සඳහන් සංවාදය ඇතිවිය.
අමාත්‍ය ගාමිණි දිසානායක, ලීක්වාන් යූට- මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රාජා ද සිල්වා. ඔහු අපගේ මග පෙන්වන්නා ලෙස කටයුතු කරාවි.
ලීක්වාන් යූ, රාජා ද සිල්වාට- ඔබ මෙම ස්ථානය ආශ්‍රිත ප්‍රදේශය බාරව සිටිනවාද?
රාජා ද සිල්වා- ‘‘මගේ පුරාවිද්‍යා කටයුතු පාලනය යටතේ ස්ථානය පවතින්නේ .සර්’’
ලීක්වාන්යු- ‘‘ඔබ මෙම දිස්ත්‍රික්කයේ භාරකරුද’’
රාජා- ‘‘මෙම දිස්ත්‍රික්කය පවතින්නේ මාගේ පුරාවිද්‍යා පාලනය යටතේ සර්.’’
ලී.- ‘‘ ඔබ මේ පළාත භාරවද සිටින්නේ.?’’
රාජා- ‘ ‘මෙම පළාතේත් මුළු රටේත් පුරාවිද්‍යා කටයුතු තිබෙන්නේ මාගේ පාලනය යටතේ සර්.’’
ලී.- (තෘප්තියට පත්වූ සෙයින්) ඔබ එම විෂය ඉගෙන ගත්තේ කොහෙන්ද?’’
රාජා- ‘‘එංගලන්තයේ පැරැණි විශ්වවිද්‍යාලයක’’
ලීී.- ‘‘ඒ කොහේද?’’
රාජා- ඔක්ස්ෆර්ඩ් හි සර්.
ලී.- ‘‘මොන හේතුවක් නිසාද ඔබ එහි ගියේ.?’’
රාජා- ඔබ කේම්බ්‍රිජ් ගිය හේතුව නිසාමයි සර්’’
ලි.- (හොඳින් සිනාසෙමින් සිය භාර්යාව වෙත හැරී)
‘‘ඔබට ඇහුනද? මොහු ඔක්ස්ෆර්ඩ් හි අධ්‍යාපනය ලැබූ අයෙක්.’’
එම අවස්ථාවේ පටන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා බොහෝ වේලාවක් ඇතැම් ස්ථානවල රැඳී සිටියේය. මට දුන් විනාඩි 40සීමාව නොසලකා හැරිණි. අභයගිරි විහාරය ආසන්නයේ බොහෝ සෙයින් නටබුන් ඇති පිළිම ගෙහිදී පහත සංවාදය සිදුවිය.
රාජා-- වන්දනාවේ පැමිණි චීන ජාතික ෆාහියන් භික්ෂුව, චීනයෙන් ත්‍යාග පිණිස ලැබුණු සේද ධජය දුටුවේ මෙතැනදී. ඒ අවස්ථාවේ ඔහුගේ දෑස කඳුලෙන් පිරී ගියා.
ලී- ඔබේ ජනාධිපතිවරයා මට ඒ ගැන පැවසුවා.
එය සිත්පුරා සතුට දුන් චාරිකාවක් විය.
රාජා ද සිල්වා - විශ්‍රාමලත් පුරාවිද්‍යා කොමසාරිස්
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි
අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සිංගප්පූරු අගමැති ලී ක්වාන්යු අනුරපුර ගියදා
dhamneth Monday, 19 April 2021 12:22 PM
නිදහසින් පසු අපේ රටේ බුද්ධිමත් පිරිපුන් මිනිසුන් බිහිවූ 80% කින්ම අඩුවෙලා
සෙනරත් Monday, 19 April 2021 10:02 PM
ලීකුවාන් යුං පාහියන් භික්ෂුවගේ පුනරුත්පත්තිය