IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ශිව දෙවියන්ගෙන් උමා දේවිය පැතූ ශිව රාත්‍රිය

‘ශිවනුක්කු උහන්දදු ශිව රාත්‍රි අම්බාලුක්කු උහන්දදු නවරාත්‍රි’ යනුවෙන් හින්දු ජනසමාජයේ කියමනක් ඇත. මෙම කියමනෙන් ගම්‍ය වන්නේ හින්දුන්ගේ ප්‍රධාන දෙවියා වන ශිව දෙවියන් ඉතා ප්‍රිය කරන ශිව රාත්‍රිය ගැනය. මෙම ලිපියෙන් අවධාරණය කිරීමට බලාපොරොත්තු වන්නේ ශිව දෙවියන් ප්‍රිය කරන ශිව රාත්‍රිය විමසා බැලීමටයි. 

ශිව රාත්‍රින් බොහෝ 

සෑම මාසයකම ශිව රාත්‍රින් උදාවේ. මෙසේ උදාවන ශිව රාත්‍රිය නිත්‍ය ශිව රාත්‍රිය යනුවෙන් ද දින පහළොවක් නොකඩවා උපවාසයේ යෙදෙන ශිව රාත්‍රිය පක්ෂ ශිව රාත්‍රිය යනුවෙන් ද හැඳින්වේ. තවද යෝග ශිව රාත්‍රිය තවත් එකකි. එය සඳුදා දවසක මාසේ පෝය පැමිණියහොත් ලබන  ශිව රාත්‍රිය වේ. මෙසේ බොහෝ ශිව රාත්‍රින් ශිව දෙවියන් වෙනුවෙන් තිබුණත් මහා ශිව රාත්‍රිය උදාවන්නේ වර්ෂයකට එක් වතාවකි. එය මෙවර අදට  (01) යෙදී ඇත.

දේවකතා 

ශිව රාත්‍රිය ඇතිවීම පිළිබඳව බොහෝ දේව කතා පුරාණ ග්‍රන්ථවල ඇතත් මින් වැදගත් වන්නේ ශිව මහා පුරාණයේ තිබෙන කතාය. ශිව මහා පුරාණයට අනුව දේව කතා කීපයක් මෙසේය. 

පාර්වති දේවියගේ සෙල්ලම 

එක්තරා කාලයක පාර්වති දේවිය විහිළුවට ශිව දෙවියන්ගේ දෑසම තම දෑත්වලින් වැසුවාය. එම නිසා ලෝකයම ගණ අඳුරෙන් වැසී ගියේය. සියලු ජීවිහු පීඩාවට පත්වූහ. එවිට දේවතාවන් එකොලොස් කෝටියක දේවතාවන්ගේ ප්‍රධානත්වයෙන් ශිව දෙවියන්ට පුද පූජා පැවැත්විණි. එම සිදුවීම සිහි ගන්වනු පිණිස ශිව රාත්‍රිය උත්සවාකාරයෙන් හින්දුවරු සමරන්නෝය. 

ශිව දෙවියන්ට විෂ පෙවීම 

එක්තරා සමයක ශිව දෙවියෝ කිරි මුහුදේ මතු වූ විෂබීජ නිසා සිහිසුන් වූසෙක් විද්‍යාමාන කරමින්  තෙළෙස්වක දිනවල සන්ධ්‍යාවේ දී ‘සන්ධ්‍යා’ නමැති නැටුම නැටූහ. ඒ හා බැඳුණ  දුස්වක තිථි  රැස්දී සතර සාමයේම දෙවියෝ ශිව දෙවියන්ට පුද පූජා පවත්වා ඔහුට ශෝත්‍ර ගායනා කළෝය. එම දින ශිව රාත්‍රිය බව ආදි කාලයේ සිට හින්දුන් උත්සවාකාරයෙන් සමරති. හින්දු භක්තිකයන් මෙදින සතරයාම සේම ශිව දෙවියන් උදෙසා නිදිවර්ජිතව පුද පූජා පවත්වනු ලබන්නේ මේ සිදුවීම් සිහිගන්වනු පිණිසය. 

උමා දේවිය ඇති කළ ශිව රාත්‍රිය 

එක්තරා කාලයක ලෝකය විනාශ විය. ලොව සියලුම දේවල් ශිව දෙවියන් යටතට පත්විය. ඝන අන්ධකාරයෙන් වට වූ ඒ රත්‍රියේ උමා දේවිය ශිව දෙවියන් හට පුද පූජා පවත්වා යාඥා පැවැත්වූ බව ‘අහමංගල’ පුරාණ කෘතිය සඳහන් කරයි. එම කෘතියේ සඳහන් වන ආකාරයට උමා දේවිය යාම හතරේම යාච්ඥා කළාය. එම සිදුවීම සිහිගන්වනු වස් ශිව රාත්‍රිය සැමරේ.

එම රාත්‍රියේ දී අඳුර මැදින්ම පාර්වති දේවිය ශිව දෙවියන්  කරා ගොස් මෙසේ ඇයද සිටියාය. ‘දේවයන් වහන්ස මේ රාත්‍රියේ දී  ඔබ වහන්සේට පුද පූජා පැවැත් වූ මා යාච්ඥා කළේ කෙසේද? ඒ අයුරින් ශිව රාත්‍රියේ දී යාච්ඥා කරන්නට මේ ආත්මයේ දී ඉසුරක් මතු ආත්මයේ දී දිව්‍ය ලෝකයත් අවසානයේ දී මොක්ෂයත් ලබාදෙනු මැනව. ශිව දෙවියෝද ඒ අසුරින්ම ඇය විසින් ඇයද සිටි වරයට අනුකම්පා කළහ. එදින සිට ශිව රාත්‍රිය මහා උත්කර්ෂවත් අන්දමින් හින්දුහු සමරති. 

ශිව ලිංගය පහළවීම 

මහා විශ්ණු දෙවියෝ තමාට ක්‍රිෂ්ණා අවතාරය ලබා ගත්තේ ගෝකුල ප්‍රදේශයේදීය. මෙම අවතාරය  ඔහු විසින්  ලබා ගත්තේ මැදියම් රැයේදීය. මෙම සිදුවීම මැදින් මාසයේ අව අටවක තිථියලත් දිනයේ දී සිදුවිය. එය ගෝකු ලක්ෂ්මිය යනුවෙන් හැඳින්වේ. මෙම ගෝකු ලක්ෂ්මිය සිදුවී දින 180 පසුව ශිව රාත්‍රිය උදාවේ. එදින මධ්‍යම රාත්‍රියේදී ලිංගයක් ලෙසින්  ශිව දෙවියන් දෘෂ්‍යමාන විය. 

ශිව දෙවියෝ දේව ලීලාවෙන් බොහෝ අවතාර ගනිති. එබැවින් ශිව ලිංගය ද එහි එක්තරා සංකේතයක් බව ශිව පුරාණය පෙන්වා දෙයි. මෙම ලිංග ස්වරූපය ශිව ලබා ගත්තේ ශිව රාත්‍රියේ රැයේ නිසා ශිව පූජාව හින්දු බැතිමත්හු සිදු කරනු ලබන්නේද එදින මධ්‍යම රාත්‍රියේදීය.

සාහිත්‍ය කෘති වලින් කියැවෙන ශිව දෙවියෝ 

ශිවනන්ද ලහිරි නැමැති කෘතියේ එන ශ්ලෝකයක ශිව දෙවියන්ගේ ගමන සහ සියලුම විලාසයන් පෙන්වා දෙයි. එම ශ්ලෝකයේ  ශිව දෙවියන්ට නීලකන්ඩන් යනුවෙන්ද හැඳින්වේ. නීලකන්ඩන් සංස්කෘතික භාෂාවෙන් අර්ථවත්  වන්නේ මොණරාටය. මොණරා නර්තන පක්ෂියෙකි.  මෙම සංසිද්ධිය සාහිත්‍ය රත්නකාරම් යන කෘතියේ දී ඒ ආකාරයටම ශිව දෙවියන්ට නීලකන්ඩාන් වශයෙන් හඳුන්වා ඇත. එබැවින් ශිව දෙවියන්ගේ නර්තන පක්ෂියා ගේ ස්වරූපය ද පෙන්නුම් කරයි. 

ශිවානන්ද ලහිරි කෘතිය ලියන ප්‍රිසංගර භගවදර් ශිව දෙවියන්ට මොනරා විලාශයෙන් කරන රංගනය ඉතා ඉහළින් වර්ණනා කරයි. මේ නිසා දෙමළ  හින්දු නර්තනවලින් මානවයාට දෙනු ලැබුවේ ශිව දෙවියන් බව හින්දුහු විශ්වාස කරති. 

ශිව රාත්‍රිය ගත කළ යුතු ආකාරය 

ශිව රාත්‍රි දිනයේ දී හිමිදිරියේම අවදිවිය යුතුය. සිතේ සතුට ඇතිකර ගෙන තම නිවැසියන් අසල්වැසියන් සමග මෙම රැය ඉතා යහපත්ව ගත කිරීමටත් ධ්‍යාන උපදවා ගැනීම සඳහා උපවාස කිරීමට සියල්ලෝම පොළඹවා ගත යුතුය.

පුණ්‍ය කාලයේ දී ජලස්නානය කර දෛනික කටුතු සියල්ලක්ම නිමකර ගැනීමෙන් අනතුරුව උපවාසය ඇරඹිය යුතුය. පුණ්‍ය කාලය අයත් වන්නේ ශිව දෙවියන්ට බව පුරාණ ග්‍රන්ථ සඳහන් කරයි. එම නිසා මෙම පුණ්‍ය කාලයේදී ශිව දෙවියන් ගැනම සිතා භාවනා කළ යුතුය. ශිව දේව පුජාවන් සිදු කරනු ලබන අය ශිව දේවාලවලට ගොස් ඒවා සිදුකළ යුතුය.

ශිව දෙවියන් උදෙසා ශිව මන්ත්‍ර ගායනා කළ යුතුය. ඉන්පසු ශිව පුජාව සඳහා පූජා භාණ්ඩ සකස් කර ශිව ලිංගය කිරිවලින් නැහැවිය යුතුය. මෙම පූජාව සිදු කරන අවස්ථාවේ දී ශිව දෙවියන්ගෙන් තමාට කරුණාව ලැබිය යුතු බව ඉල්ලීමක් කළ යුතුවේ. ශිව මහා පුරාණයේත් ලිංග පුරාණයේත් කන්ද පුරාණයේත් පෙන්වා දෙන ආකාරයට උපවාස අටක් ගැන කියැවේ. 


තුන් ආකාරයක ශිව රාත්‍රි 
පුරාණ ග්‍රන්ථවල ශිව රාත්‍රි වර්ග තුනක් ගැන සඳහන් වේ. එනම් උත්තම ශිව රාත්‍රිය මත්තම ශිව රාත්‍රිය හා අදම ශිව රාත්‍රිය වේ. 
ශිව රාත්‍රිය යනු සදුර්ති ථිතියක් සමග බැඳුණ එකකි. මෙහිදී ථිතිය යනුවෙන් හැඳින්වෙන්නේ එක දවසක් ප්‍ුරා උපවාස කිරීමයි. සදුර්ති ථිතිය යනු උවසේ උපවාස කිරීමට හැකියාවක් පවතින කාලය බෙදා වෙන් කිරීම නිසා ශිව රාත්‍රිය වර්ග තුනකට බෙදා වෙන් කෙරේ. මේ අනුව ශිව රාත්‍රි තුන මෙසේ විග්‍රහ කරමු. 


උත්තම ශිව රාත්‍රිය 
හිරු බැසයන අවස්ථාවේ තිරයෝදසි තිථිය ගෙවීගොස් සදුර්ථිදසි තිථිය ලබා තිබිය යුතුය. පසුදින දවල් පූජාවට සදුර්ථදසි තිථිය  තිබිය යුතුය. එසේ තිබුණහොත් එය උත්තම ශිව රාත්‍රිය වේ. තවද බැසගිය පසුද රාත්‍රිය ආරම්භ වී පැය දහයකට පෙර සදුර්ථය ලබා තිබුණහොත් එයද උත්තම ශිව රාත්‍රිය වේ. 
මත්තම ශිව රාත්‍රිය 
හිමිදිරි උදෑසනින් ආරම්භ වී පසුදින උදාවීම වන තෙක් සදුර්ති තිථිය තිබුණ හොත්ද හිරු බැස යාමට පෙර සදුර්ති තිථිය එළඹුන හොත් ද රාත්‍රියෙහි පැය දහයක් තිස්සේ සදුර්ථි තිබුණ හොත් එය මත්තම ශිව රාත්‍රිය වේ. 
අදම ශිව රාත්‍රිය 
රාත්‍රියෙහි පැය විස්සක් තිබී ඉන්පසු අමාවක පැවතුණ හොත් එය අදම ශිව රාත්‍රිය වේ. මෙම දවසේ උපවාස කිරීම සුදුසු නැත. එසේ උප වාසයෙන් ගතකළහොත් පිනක් නොලැබේ. 
මෙසේ ශිව රාත්‍රිය කොටස් තුනකට බෙදුනත් ශිව රාත්‍රිය රැය තුළ සිදු කරනු ලබන පූජා විදි කොටස් හතරකට​ බෙදා සිදු කරනු ලබති. 
එය මෙසේය. 
පළමුවන යාමය 
දෙවන යාමය 
තුන්වන යාමය 
හතරවන යාමය 
කොටස් හතරේ ශිවරාත්‍රිවල පූජාවිධි
 
පුරාණ ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට කොටස් හතරකට බෙදා වෙන් කළ පූජාවන් වෙනස් වූ අයුරකින් කළ යුතු බව පෙනේ. ඒවා මෙසේය. 

පළමු යාමයේ දී සිදු කරන පූජා 

කිරි, මුදවපු කිරි. ගිතෙල්, කෝසල (එක්තරා තෙල් වර්ගයක්) ගෝමයම්, (ගොම) සියල්ලම එකට කලවම් කර ශිව ලිංගය නැහැවිය යුතුය. පසුව ශිව ලිංගය උණුවතුරෙන්  නහවා සළු අන්දවා බෙලි කොළ නෙළුම්  මල් ආදිය පුජා කළ යුතුය. මේ මොහොතේ පරිප්පු එකතු කරන ලද කිරිබතක් පිදිය යුතුය. එමෙන්ම කපුරු දල්වා සුවඳ දුම් අල්වා දීප පූජාව සිදුකොට වේද මන්ත්‍ර ගායනා කළ යුතුය. එමෙන්ම ශිව දෙවියන්ව සිතෙහි දරාගෙන භක්ති පූර්වකව නමස්කාර කළ යුතුය.

දෙවන යාම​යේ දී සිදු කරන පූජා 

කෙසෙල්, අඹ, කොස් යන පලතුරු ඇතුළුව පලතුරු වර්ග  පහක් ​ යොදා සාදාගත් යුෂවලින් නැවතත් ශිවලිංගය නැහැවිය යුතුය. පසුව කහ දියර සඳුන් දියරයෙන් නැහැවිය යුතුය. මේ අවස්ථාවේදී නෙළුම් මල්වලින් සහ මදුරුතලා කොළවලින් පූජාවක් පැවැත්විය යුතුයි. ඉන්පසු පායාසම් (එක්තරා සව් කැඳ වර්ගයක්) පූජා කළ යුතු අතර ධූප පූජාවන් ද දීප පූජාවක්ද සිදුකොට යිජුර් වේද මන්ත්‍ර ගායනාකොට යාච්ඥා කළ යුතුය.

තුන්වන යාමයේ දී සිදු කරන පූජා 

මී පැණිවලින් ශිව ලිංගය නැහැවිය යුතුය. ඉන්පසු උණු වතුරෙන් නැවතත් නහවා කපුරු දල්වා එනසාල් නැතහොත් දිවුල් කොළ ගැල්විය යුතුය. තවද බෙලිකොළ ගැල්විය යුතුය. තල මිශ්‍ර කිරිබතක් පිදිය යුතුය. කස්තුරි සුවඳ ගල්වා සාම වේදයේ මන්ත්‍ර ස්ත්‍රෝත්‍ර ගායනා කොට පූජාවන් පැවැත්විය යුතුය. තවද මේ අවස්ථාවේ දී පංච දීපාරාධනාව සිදුකළ  යුතුය. 

හතරවන යාමයේදී සිදු කරන පූජා 

කරුප්පන්සාර් නැමැති නානුපට වර්ගයකින් ලබාගන්නා නානුවලින් ශිව ලිංගය නැහැවිය යුතුය. අතර්වන් වේදයේ සඳහන් පරිදි වේද මන්ත්‍ර ගයා දීප පූජාව සිදුකළ යුතුය.

මෙසේ සතර යාමයේම පූජාවන් නිදිවර්ජිතව පවත්වා පසුදින අලුයම ස්නානය කොට පිරිසුදු වීම යෝග්‍ය බව කන්ද පුරාණය පෙන්වා දෙයි. මේ නිසා ඉන් ඇතිවන ආනිසංස බොහෝමයක් ගැනද එම පුරාණ ග්‍රන්ථයේ ලියවී තිබේ. 

ශිවරාත්‍රි උපවාසයේ ආනිසංස 

ශිව රාත්‍රි දිනයේ සම්පූර්ණයෙන් උපවාසයේ යෙදුන හොත් ශිව දෙවියෝ ඒ ඒ බැතිමතුන්ට ජීවත්වන කාලයටම ආරක්ෂාව සපයන බව ඔවුන්ගේ විශ්වාසය වී ඇත. තවද සතුට දියුණුව ලබා දෙන බව ශිව මහා පුරාණය පෙන්වා දෙයි. මෙම රැයෙහි උපවාස කිරීමත් මරණයෙන් පසු අනිවාර්යෙන්ම දිව්‍යලෝකයට යා හැකි බව හින්දුන්ගේ විශ්වාසයයි. මේ අකාරයෙන් වරු 24ක් ශිව රාත්‍රි උපවාසය සිදුකළ හොත් ශිව දෙවියන් ළඟට ගොස් මුක්තියට පත්විය හැකි බව කන්ද පුරාණය කියති. මුක්තිය යනු මෝක්ෂයයි. ශිව රාත්‍රියේ දී නියමාකාරයෙන් පුද පූජා පැවැත්වීමෙන් මෝක්ෂයට ළඟාවිය හැකි බව හින්දුහු විශ්වාස කරති. 

ආචාර්ය දෙමළ පණ්ඩිත් පන්මොළි විත්තහර්. පන්මොළි පුලවර් මඩුළුගිරියේ විජේරත්න 



අදහස් (2)

ශිව දෙවියන්ගෙන් උමා දේවිය පැතූ ශිව රාත්‍රිය

Jeevika RDI Tuesday, 01 March 2022 12:33 PM

ඕම් නමහ් ශිවාය... !

:       1       4

Vidya Friday, 04 March 2022 05:50 AM

ඇයි මේ මිනිසුන් මවාගත් දෙවිවරු පසුපස යන්නේ? කොරෝනා වලින්වත් පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 22 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 44 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 48 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 666 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 229 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1046 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1253 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site