IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ශීතලෙන් උදාවෙන ජනේරුව

අද තවත් එක් දවසකි. පුරුදු පරිදිම නැගෙනහිරින් ඉර පායා ආවේය. හැන්දෑවට සුපුරුදු පරිදිම බටහිර අහසේ රතුපාට අතුරමින් හිරු බැස ගොස් සිතිජයෙහි හැංගෙනු ඇත. අද තවත් එක් දවසකැයි මා මුලින්ම කීවේ ඒ නිසාය. පෙරේදාටත් ඊයේටත් වඩා කිසිඳු වෙනසක් අද දවසේ දකින්නට නැත. එහෙත් අද වෙනස් දවසකි. බිත්තියට අලූත් දින දර්ශනයක් එකතුවන දවසකි. මේසය මතට අලූත් දින පොතක් පැමිණෙන දවසකි. අලූත් අවුරුද්දක් එළඹෙන දවසකි. 2012 නම් වන මේ නව වසරේ ආරම්භක දවස අදය. අද දවස වසරක පළමුවැනි දවස බවට පත් කළේ කි‍්‍රිස්තු පූර්ව යුගයේ රජ කළ හුමා පොට්පිල්යුස් නම් වන රෝම රජු විසිනි. එහෙත් පැවැති රෝම දින දර්ශනයෙහි වසරක ඇරඹුව සිදුවූයේ මාර්තු මාසයෙනි. පොට්පිලියුස් රජු මේ දින දර්ශනයට ජනවාරි හා පෙබරවාරි නම් තවත් මාස දෙකක් එකතු කළේය. හැබැයි ඔහුගේ දින දර්ශනයට අනුව ජනවාරියට තිබුණේ දින තිහක් පමණි. ජුලියස් සීසර් නම්වන රෝම අධිරාජයා අවුරුද්දේ පළමු මාසය ලෙස ජනවාරිය නම් කොට ජනවාරි පළමුවැනිදා වසරේ ආරම්භක දවස ලෙසද නම් කළේය. ජනවාරියට දවස් තිස් එකක් දුන්නේද ඔහුමය. රෝමයත්, ග‍්‍රීසියත් දෙවිවරුන්ගේ රටවල්ය. මේ දෙරටෙහිම සුපිරි දෙවිවරු සිටින නමුත් ඒ ඒ දෙවියාට දෙරටෙන් ලැබී ඇත්තේ වෙන වෙනම නම්ය. කෙසේ හෝ මේවා ජනවාරි මාසයට අධිපති රෝම දෙවියෙක්ද සිටී. ඒ ජානුස්ය. ජනවාරියට ජනවාරි යන නම ලැබී තිබෙන්නේද මෙන්න මේ ජානුස් නිසාය. ලොව සිදුවන සියලූම කටයුතුවලට මූලාරම්භය දෙන්නේ ජානුස් නිසා වසරක් ආරම්භ වන මාසය අයත් වන්නේද ඔහුටය. ඒ නිසා ජනවාරියේ හිමිකරු ජානුස් වීමේ අරුමයක් නැත. ජානුස්ට මුහුණු දෙකකි. මේ මුහුණු දෙක දෙපැත්තට හැරී තිබේ. ඉදිරිපිටට යොමුව ඇති මුහුණෙන් අනාගතයත්, පසුපසට හැරී ඇති මුහුණෙන් අතීතයත් නිරූපණය වෙයි. එපමණක් නොවේ, මේ දෙවියන්ගේ අතේ යතුරක් ද තිබේ. මේ යතුරෙන් විවර කරන්නේ ස්වර්ගයේ රන් දොරටුවයි. මේ නිසාදෝ ලොව සියලූ දොර ජනෙල්වලට අධිපතියා වන්නේද ජානුස්ය. ජානුස් දෙවියා වෙනුවෙන් සැදූ දෙවොළෙහි දොරවල් දොළසකි. ඒ දොරවල් දොළහ වසරේ මාස දොළහ නිරූපණය කරයි. ජනවාරියට මල් මාසය ලෙසද කියති. ඒ ඇතැන්ස් දින දර්ශනවල සටහන්වූ ආකාරයයි. එහෙත් ඇංග්ලෝ සැක්සන්වරු නම් ජනවාරියට කීවේ වෘකයන්ගේ මාසය කියාය. හේතුව සාගින්නෙන් පෙළෙන වෘකයන් ජනවාරි මාසයේදී ගම්වලට කඩා වැදීමය. දෙසැම්බරයත් ජනවාරියත් අධික ශීතලකින් යුත් දෙමසකි. විටෙක හිමද වැටේ. මේ නිසා වෘකයන් ඇතුළු වන සතුනට ආහාර හිඟ වෙයි. ඒ මොනවා වුණත් ජනවාරිය වසරේ මුල් මාසය ලෙසත් ජනවාරි පළමුවැනිදා අවුරුදු දිනය ලෙසත් සැලකීමට අද මුළු මහත් ලෝකයම පුරුදුව සිටිති. තවදුරටත් ජනවාරි පළමුවැනිදා අවුරුදු දිනයක් ලෙස නොසලකතොත් ඒ වනචාරි ගෝත‍්‍රිකයන් පමණකි. ජනවාරි පළමුවැනිදා වසරක ආරම්භක දිනය ලෙස පළමුවෙන් පිළිගත්තේ වැනිස් ජනරජයයි. ඒ 1522 අවුරුද්දේදීය. ඉනික්බිති රෝමන් අධිරාජ්‍යයත් ස්පාඤ්ඤය හා පෘතුගාලය, ස්වීඩනය, ප‍්‍රංශය ආදී වශයෙන් විවිධ රටවල් ජනවාරි පළමුවැනිදායින් වසරක් ඇරඹෙන සංකල්පය පිළිගත්තේය. අපේ ලංකාවටද වසරක ආරම්භක දිනය ජනවාරි පළමුවැනිදාමය. එහෙත් අපට අවුරුද්ද උදා වන්නේ අපේ‍්‍රල් මාසයේදීය. එය සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද ලෙස හැඳින්වේ. එහෙත් ලංකාවේ කිතු දහම අදහන ලබ්ධිකයන් නම් අවුරුද්ද ලෙස සලකන්නේ ජනවාරි පළමුවැනිදාය. සිංහල ක‍්‍රමයට අනුව ජනවාරි මාසය හැඳින්වෙන්නේ දුරුතු මාසය ලෙසිනි. දුරුතු මාසය බොහෝ අපල උපද්‍රව ගෙන දෙන රෝ බිය ඇති කරන මාසයක් ලෙස සම්මතයක් ඇත. ගස් කොළන් පවා කොළ හලා ගන්නා මෙම මාසය අධික ලෙස පායන, උෂ්ණ කාලයක් ද වෙයි. ඒ නිසාදෝ ජනවාරි පළමුවැනිදාට අප ආරම්භ කරන්නේ රටට සෙත් පතා කරන බෝධි පූජා පිංකම්වලිනි. පිරිත් පිංකම්වලිනි. දෙසැම්බර් තිස් එක් වැනිදා රාත‍්‍රී දොළහට පන්සලට ගොස් බෝධි පූජාවකට සහභාගිවීමේ අලූත් සම්ප‍්‍රදායක් ද දැන් බොඳුනුවන් අතර පවතී. නව වසර ඇරඹෙන මොහොතේ බෝධි පූජා පවත්වා මහා රාත‍්‍රියේම කිරිබත් කැවුම් කෙසෙල් කා අලූත් අවුරුද්ද ආරම්භ කිරීම එක් පැත්තකින් ප‍්‍රීතිමත් අවස්ථාවකි. හිත මිතුරන්ට පන්සලේදීම සුබ ප‍්‍රාර්ථනා කිරීමටද පුළුවන. එතැන් පටන් ඥාති හිතමිත‍්‍රාදීන්ට සුබ පතමින් කෙටි පණිවිඩ යැවීමද අද අපේ චාරිත‍්‍රයකි. විදේශ රටවල සිටින ඥාති හිත මිත‍්‍රාදීන්ට ”ස්කයිප්” මගින් හෝ ”පේස්බුක්” හරහා සුබ පැතීමද අද සරල කටයුත්තක් වී තිබේ. ජනවාරි පළමුවැනිදා උදේ ආහාරයද කිරිබත්ය. කිරිබත සමඟ කට්ට සම්බෝලයක්ද ආහාරයට ගන්නා අපි කාර්යාලයට වැඩබිමට යන්නේද කිරිබත් කැවුම් කෙසෙල් කෑමේ බලාපොරොත්තුවෙනි. මේ නිසා අද සිංහල බෞද්ධයන්ට එක වසරකට අලූත් අවුරුදු දෙකක් සැමරීමට සිදුව තිබේ. කෙසේ වෙතත් අපි මේ අවුරුද්ද සමරන්නේ දැහැමෙන් සෙමෙන් නිසා ප‍්‍රශ්නයක් නැත. පන්සලට ගොස් බුදුන් වැඳ පිරිත් නූලකුත් අතේ ගැට ගසාගෙන පැමිණෙන අප එතැන් පටන් උත්සාහ කරන්නේ ධාර්මිකව කටයුතු කිරීමට නම් ඒ අවුරුද්ද යහපත් එකකි. ලෝකයේ බොහෝ රටවලට දෙසැම්බර් තිස් එක් වැනිදා රාත‍්‍රියද සුවිශේෂ රැයක් වී තිබේ. තර්ටිෆස්ට් නයිට් ලෙස හඳුන්වන මේ රාත‍්‍රියට සිදුවන ගිනිකෙළි අතිශයෙන්ම මනරම්ය. ලෝකයේ බොහෝ නගරවල ”තර්ටිෆස්ට් නයිට්” නම්වූ මෙම රාත‍්‍රිය සැමරෙන්නේ අතිශය සුන්දර ලෙසය. කොළඹ තරු පංතියේ හෝටල්වලද ගෝල්ෆේස් පිට්ටනියේද මේ රාත‍්‍රිය සුන්දර ලෙස සමරනු ලැබේ. අහස සිසාරා දිවයන විවිධ ගිනිකෙළි සංදර්ශන නෙත් සිත් පිනවන්නේය. මේ අනුව බලනවිට ජනවාරි පළමුවැනිදාට ලෝකයම සතුටුවන මුළු ලෝකයටම පොදු එකම දවසයැයි කීමේ වරදක් නැත.

ශාන්ත කුමාර විතාන
ජානුස් දෙවියා



අදහස් (0)

ශීතලෙන් උදාවෙන ජනේරුව

සුමන මනන්දූව Monday, 02 January 2012 06:52 PM

මැදපෙරදිග රටවල නම් මුස්ලිම් චාරිත්‍ර අනුව ජනවාරි පළවෙනිදා (01st of january) විශේෂයෙන් උත්සව තහනම්. ජනවාරි පළමු වෙනිදා කියලා කිසිම වෙනසක් නෑ

:       0       0

හසිත Friday, 06 January 2012 05:55 AM

හැම මැදපෙරදිග රටක්ම එහෙම නැහැ. උත්සව ගන්න ඉඩ දෙන රටවලුත් තියෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 164 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1105 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site