IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


විස්සෙන් ඇවිස්සුණු කොමිෂන් කතිකාව

මා මිත්‍ර ධම්ම දිසානායක සහ ජගත් ලියනාරච්චි විසින් රචිත කෘතියක් එළිදැක්වීමේ උත්සවයකට සහභාගීවන්නට මේ සතියේ මට අවස්ථාවක් ලැබිණි. කෘතිය මගින් සාකච්ඡා කරන්නේ මේ රටේ ස්වාධීන කොමිෂන් සභා පිළිබඳවය. කොමිෂන් සභා පිළිබඳව විෂය මේ කාලයේ බොහෝ තැන්වල් කතාවෙන මාතෘකාවක් නිසා මේ උත්සවයේ මාතෘකාව බොහෝ අයගේ අවධානයට ලක්වූ එකක්ය.

මේ සාකච්ඡාවේදී මතු වූ එක් වැදගත් කාරණයක් වූයේ රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා  ඡන්ද ක්‍රමයට අමතරව වැදගත්වන යාන්ත්‍රණයක් ලෙසින් කොමිෂන් සභා සැලකිය යුතු බවය. වෙනත් ලෙසකින් කිවහොත් මේ තර්කයෙන් කියන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන විධායක ජනාධිපති ධුරය  සහ ව්‍යවස්ථාදායක බලය හිමි පාර්ලිමේන්තුව යන ආයතන දෙක අතර පවතින  තුන්වැනි බලවේගයක් ලෙසින් කොමිෂන්  සභා අත්‍යවශ්‍ය සාධකයක් බවය.

මම සිතන්නේ මේ තර්කය මේ ආකාරයෙන් පිළිගැනීම වැරදි සහගත බවය. මේ රටේ දේශපාලන සංවාදයට මේ ආකාරයේ කොමිෂන් සභා පැමිණියේ 17 වැනි  ව්‍යවස්ථා සංශෝධනයත් සමගය. ඊට පෙර කාලයේ තෝරා ගත් විවිධ විෂයයන් සඳහා කොමිෂන් සභා පත්කර තිබූ බව සැබෑවක්ය. තරුණ අසහනය සොයා බැලීමේ කොමිෂන් සභාවක් ආකාරයේ කොමිෂන් සභාවක්ය. 17 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කළ කොමිෂන් සභා මගින් යෝජනා කළ අදහස සහ මේ රටේ ක්‍රියාත්මක වූ කොමිෂන් සභාවල ස්වභාවය අතර බරපතළ වෙනසක් තිබූ බව ඉතාමත් පැහැදිලිය. කොමිෂන් සභා සංකල්පය හොඳ වුණාට මේ රටේ පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ කොමිෂන් සභාවලින් ඇති වූ තත්ත්වය හේතුවෙන් මුළු රටම ඉන්නේ කොමිෂන් සභා වැදගත් වෙන්නේ නැතැයි යන අදහසින්ය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මේ තත්ත්වය තවත් නරක අතට වර්ධනය වූ බව මාගේ අදහසය.

දැන් මවිසින් ඉහතින් කියූ සාකච්ඡාවේ දී මතු වූ ප්‍රධාන  තර්ක කීපයක්ම ආමන්ත්‍රණය කරනු ලැබුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු කොමිසන් සභාවල තත්ත්වය පිළිබඳවයි.

 මෙහි එක් පාර්ශ්වයක තර්කයක් වූයේ රටේ මහජනතාවට හිමි ස්වාධිපත්‍යයේ බලය ඡන්දයෙන් පසුව අත්හදා බලන්නට නම් කොමිෂන් සභා අත්‍යවශ්‍ය බවයි. ඔවුන් කියන්නේ රාජ්‍යයක් ජනරජයක් බවට පත්වෙන්නේ කොමිෂන් සභා මගින්  රටේ දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහයෝගයක් ලබාදෙන විට  කියාය. එහෙත් මේ තර්කයට මා එකඟ නොවන්නේ ප්‍රධාන හේතු කීපයක්ම නිසාය. එක් පැත්තකින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව මේ රටේ ක්‍රියාත්මක වූ කොමිෂන් සභා මගින්  උත්සාහ ගන්නේ රාජ්‍යය ජනරජයක් බවට පත් කිරීමට නොව රාජ්‍යයේ බලය ජනතාවගේ නියෝජිතයන් වෙතින් රාජ්‍ය නොවන සංවිධාන යාන්ත්‍රණයේ අයගේ ග්‍රහණයට ලක් කිරීමට බව ඉතාමත් පැහැදිලි කාරණයක් විය. අනෙක් අතින් පාර්ලිමේන්තුවට බලය ලබාදීමක් ලෙසින් අර්ථ දැක්වූ ව්‍යවස්ථාදායක සභාව 2015 දී ගොඩනැගූ  ආකාරයෙන් පෙන්නුම් කළේ ප්‍රජාතන්ත්‍රවාදයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් බව මගේ අදහසය.

2015 ගොඩනැඟූ  ව්‍යවස්ථාදායක  සභාව සමන්විත වූයේ ආණ්ඩු පක්ෂයේ අගමැතිවරයා සහ ආණ්ඩුවට උදව් කළ හිතවත් පක්ෂයක නායකයා (TNA පක්ෂය) විපක්ෂ නායකවරයා ලෙසින් පත්කර ගනිමින්ය. මෙමගින් පෙන්නුම් කරන්නේ කොමිෂන් සභාවලට පුද්ගලයන් තෝරා පත් කිරීමට ආණ්ඩුවේ සහ විපක්ෂයේ මතය සොයා බලන්නට ගොඩනැඟූ ව්‍යවස්ථාදායක සභාව මගින් ආණ්ඩුවේ මතය පමණක් නියෝජනයවීමය.

ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කිරීම සඳහා සිවිල් සමාජයේ සාමාජිකයන් ලෙසින් තෝරා ගත්තේද ඍජු ලෙසින්ම 2015 ජනාධිපතිවරණයේ දී යහපාලන යැයි කියූ ජනාධිපතිවරයාට සහය පළ කළ අයවීම මෙහි තිබූ අනෙක් බරපතළ කාරණයයි. සිවිල් සමාජයේ නියෝජිතයන් යැයි කියා ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ අය පැවති ආණ්ඩුව වෙනුවෙන් පුවත්පත්වල සතිපතා තීරු ලිපි  ලියන අය බව ඉතාමත් පැහැදිලි තත්ත්වයක ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළේ රටේ ජනතාවගේ මතය නොව ආණ්ඩුවට හිමි  පක්ෂයේ මතය පමණක් බව පැවසීම ඉතාමත් නිවැරදිය.

මෙවැනි තත්ත්වයකදී 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  මගින් සිදු කළේ රාජ්‍යය ජනරජයක් කිරීම නොව රාජ්‍යය ද එ.ජා.ප.කරණය කිරීම යැයි කීමේ වරදක් නැති බව ඉහත සඳහන් කළ සාකච්ඡාවේදී මා මතු කළ  අදහස විය.

ඒ නිසාම කොමිෂන් සභා සහ 19 වැනි සංශෝධනය යනු  මේ රටේ රාජ්‍ය ජනරජයක් බවට පත් කිරීමේ උත්සාහයක් නොව හුදු රාජ්‍ය එක් දේශපාලන පක්ෂයක් වෙතට පමණක් නතු කර ගැනීමේ උත්සාහයක්  බව කිව යුතුය. මේ  උත්සාහයෙන් පෙන්නුම්  කරන්නේ  රටේ ස්වාධිපත්‍යය හිමි ජනතාවගේ අභිලාෂය යටපත් කරමින් කොළඹ සිවිල් සමාජයේ ග්‍රහණයට සහ එජාපයේ ග්‍රහණයට රටේ පරිපාලනය  යටත්වීමක් බවට මා තර්ක කරන්නේ ඉහත සඳහන් කරුණු හේතුවෙන්ය.

 මීටත් අමතරව මේ කොමිෂන් සභාවලට පත්වූ අය පෙන්නුම් කළ ස්වාධීනත්වය මේ ගැටලුවේ ඇති මීළඟ විහිලුවයි. මැතිවරණ කොමිෂන් සභාවේ එක් සභිකයෙක් තමන් කිසිම ආකාරයකින් ස්වාධීන නැතැයි පෙන්නුම්  කළේ මුල සිටන්මය. පැවති ආණ්ඩුවට අවාසි තත්ත්වයක් තුළ මැතිවරණයක් පැමිණීම වැළැක්වීම වැනි ඉතාමත් පක්ෂපාතී දේවල් මේ කාලයේ  පෙන්නුම් කළ ‘‘ස්වාධීන’’ කොමිසම් කාර්යභාරය විය.

පසුගිය මැතිවරණය නිමා වූ විට රටේ බලය එජාප නොවන පක්ෂයකට ලැබීමෙන් සමහර ‘‘ස්වාධීන’’ කොමිසම්වල ප්‍රධානීන් කලබලයට පත්වීමෙන් පෙන්නුම් කරන්නේ මා  විසින් ඉහතින් සඳහන් කළ කරුණුමය. කොමිෂන්වල සභාපතිවරුන් ස්වාධීන නම් මධ්‍යයේ කුමන පක්ෂයක් බලයට පත් වුවත් ඒ අය කලබලයට පත්වීමේ අවශ්‍යතාවක් නැත. මේ කියන ස්වාධීන කොමිෂන් සභාපතිවරුන් තමන් කැමති නැති ආණ්ඩුවක් පැමිණි විට ඉල්ලා අස්වන්නේ ඒ අය ස්වාධීන නිසා නොව පැවති ආණ්ඩුවේ ‘‘කැචර්ලා’’ වූ නිසා බව ඉතාමත් පැහැදිලිය.

මගේ තර්කය වන්නේ රටේ ප්‍රධානත්වය ගන්නේ ස්වාධිපත්‍ය  හිමි ජනතාව මිස ඒ ජනතාව වෙනුවෙන්  සිවිල් සමාජයෙන් මතුවෙන පුද්ගලයන් නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එක් පදනමක් වන බවයි. රාජ්‍යයේ අයිතිය අවසාන වශයෙන් දැරිය යුත්තේ ජනතාවගේ නියෝජිතයන් මිස ජනතාවට පිටින් සිටින කොළඹ සිවිල් සමාජයේ නියෝජිතයන් නොවන බව මෙහි ඇති කෙටි අර්ථයයි.

අනෙක් කාරණය වන්නේ 2015 ආණ්ඩුවේ දේශපාලන චින්තනය පසුපස තිබෙන්නේ ජනාධිපතිවරයාගේ බලය පාර්ලිමේන්තුවට ගැනීම නොව, ඒ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමට ජනාධිපති ධුරය ජයග්‍රහණය කළ නොහැකි නිසා, ජනාධිපති තනතුරේ  බලය අගමැති තනතුරට ලබාගැනීමයි. වෙනත් ලෙසකින් පවසතොත් මේ දේශපාලනය සේවය කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් නොව පසුගිය ආණ්ඩුව කරවූ දේශපාලනයේ ප්‍රධානීන්ට රටේ බලය ලබාගැනීමේ උත්සාහයක කොටසක් ලෙසින්ය.

රාජ්‍යයේ ස්වභාවය ජනරජයක් වන්නේ ශක්තිමත් විධායකයක් හා ශක්තිමත් පාර්ලිමේන්තුවක් යන දෙඅංශය මගින්ම ජනතා අභිලාෂය නියෝජනයවීමෙන් මිස පාර්ලිමේන්තුවට  හා විධායකයට පිටින් සිවිල් සංවිධානවල අයට රටේ පාලනය භාරදීමෙන් නොවන බව මෙහි ඇති තේරුම් ගත යුතුම කාරණයයි.

 මේ දිනවල ගොඩනැගී ඇති 20 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡාවට පසුගිය දිනක අලුතින් එකතුවූ කොටසක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිපතිවරයා විසින් ලබාදුන්  කාරක සභා අවස්ථාවේ සිදුකිරීමට නියමිත සංශෝධන පිළිබඳ ලියවිල්ලයි. මෙතෙක් 20 වැනි සංශෝධනය පිළිබඳ ඉදිරිපත්වූ සමහර විවේචනවලට පිළිතුරක් හා නිවැරදි කිරීමක්  ඒ ලියවිල්ල මගින් ඉදිරිපත් කරන බව ඉතාමත් පැහැදිලිය.

 විශේෂයෙන්ම විගණකාධිපතිවරයා සම්බන්ධ කාරණයට විශාල වශයෙන් සංශෝධනයක් මේ මගින් යෝජනා කර තිබීම ඉතාමත් වැදගත්ය. මෙහිදී තේරුම් ගත යුතු  කාරණයක් වන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුව හා විගණකාධිපතිවරයාගේ භූමිකාව   ජාතික විගණන කොමිසම මගින් නිර්මාණය වූවක් නොවන බවය. ජාතික විගණන පනත විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අහෝසි වන්නේ නැත. මෙය  ඉතාමත් වැදගත් කාරණයක් බව මාගේ මතයයි. මේ පිළිබඳව සාකච්ඡා කරන සමහරුන් තර්ක කරන්නේ මේ රටේ විගණනය සම්බන්ධ සියලු ක්‍රියාවලි ආරම්භ වූයේ විගණන කොමිෂන් සභාව ආරම්භ වූ දින පටන්ය යන ආකාරයේ හැඟීමකින්ය. මෙය වැරැදි වැටහීමකි.

විගණනය සම්බන්ධ නෛතික තත්ත්වය අපේ රටේ ආරම්භ වන්නේ රෙගුලාසි ගණනාවක් හරහාය. එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහ මුල්‍ය පරිපාලන රෙගුලාසි ( AR/FR) මගින් මූලික වශයෙන් ව්‍යුත්පන්න වන්නේය. එයට අමතරව Establishment code මගින් ඉතාමත් නිශ්චිතව විගණකාධිපතිවරයාගේ කාර්යභාරය අර්ථ දක්වා තිබෙන බව මෙහිදී අවධානයට ගැනීම ඉතාම වැදගත්ය.

 20 වැනි සංශෝධනයෙන් ආමන්ත්‍රණය කරන ලද විගණනය සම්බන්ධ කාරණා අතරින් දැනට ඉතිරිව ඇති විශේෂතම කාරණය වන්නේ 2007 සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනවල විගණනය පිළිබඳ කාරණයයි. මගේ පෞද්ගලික අදහස වන්නේ මේ කොටස පිළිබඳ සංවාදය ඉදිරි දින කීපය තුළ සිදුවිය හැකි බවය. මම හිතන්නේ රටේ සියලු රාජ්‍ය ආයතනවල විගණනය රජයේ විගණන දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීම වඩාත් උචිත බවයි.

ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය විගණනය කිරීම  සම්බන්ධ ගැටලුව මේ නීතිපතිවරයාගේ සංශෝධනය මගින් විසඳා තිබීම මෙහිදී ඉතාමත් වැදගත් කාරණයකි. විසිවැනි සංශෝධනයෙන් මේ රටේ තිබෙන සියලු ව්‍යවස්ථාමය ගැටලුකාරිත්වය විසඳෙන්නේ නැති බව සැබෑවක්ය. එයින් බලාපොරොත්තු වන්නේ රාජ්‍ය පාලනයේ ගොඩනැගී ඇති පරිපාලනමය ආතතීන් ( Administration Stress) සටහන් කිරීමය. එයින් පසුව ඉතාමත් ඉක්මනින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුමත කර ගැනීම  රජයේ අරමුණය. එම අරමුණ ජය ගැනීම මේ ක්‍රියාදාමයේම මීළඟ කොටස ලෙසින් තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය.

මේ රට ජනරජයක් බවට පත්වන්නේ රටේ ජනතාවගේ ඍජු සම්බන්ධතාව ප්‍රජාතන්ත්‍ර පාලනය හරහා ක්‍රියාත්මක කිරීමෙන් මිස රාජ්‍යයේ පාලනයට පසුපස දොරින් රාජ්‍ය නොවන යාන්ත්‍රණය එක් කිරීමෙන් නොවන බව අපි තේරුම් ගත යුතු ප්‍රධාන කාරණය බව මගේ මතයයි.

(*** මහාචාර්ය චරිත හේරත්)



අදහස් (3)

විස්සෙන් ඇවිස්සුණු කොමිෂන් කතිකාව

Champa Friday, 02 October 2020 11:02 AM

අන්තිම ඡේදයට ඉස්සෙල්ලා ඡේදය: "ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය විගණනය කිරීම සම්බන්ධ ගැටලුව...?" කාටද මේක ගැටලුවක් වුනේ? විගණන ලැයිස්තුවේ මුලින්ම තියෙන්න ඕනෑ ආයතන දෙක 20 වෙනි සංශෝධනයෙන් ඉවත් කිරීමෙන් බලාපොරොත්තු වුනේ මොකක්ද කියන එක දේශපාලකයන් ගැන දන්නා කාටවත් රහසක් නෙමෙයි. ඒ වුණාට 20 සංශෝධනය මගින් අති අසාමාන්‍ය විදිහට විගණනයෙන් ඉවත් කරපු රාජ්‍ය සමාගම් ගැන නම් තියෙන්නේ බරපතල ගැටලුවක්... දෙවෙනි බරපතල එකට මහජන අවධානය අඩු කරන්න, පළවෙනි එක විගණනයෙන් ඉවත් කළබව තමයි මෙයින් පෙනෙන්නේ...

:       0       5

රසික Sunday, 04 October 2020 03:39 PM

මේ මහත්තයා මෙතන සියල්ල විග්‍රහ කරන්නෙ 2015 තත්වය එක්ක බලලා. එහෙමත් නැත්තම් පුද්ගලයින් සම්බන්ධයෙන් සලකලා. එදා ජනාධිපති අගමැති විපක්ෂ නායක එකම ඇලියක අය උනත් දැන් එහෙම නෙවෙයිනෙ. එහෙනම් ඇයි කොමිසන් සභා තාමත් වැරදියි කියන්නෙ. දැන් ඒක ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන්න එපැයි. මෙයාලා හැම තිස්සෙම පුද්ගලයින් මත රටේ ආණ්ඩුක්‍රමය තීරණය කරන එකෙන් තමා මේ රටට වැරදුනේ.

:       0       3

DAYA Monday, 05 October 2020 10:42 AM

ජනාධිපති මැතිවරණයක් ගානේ, පාර්ලිමේන්තු මැතිවරණයක් ගානේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් බැගින් ගෙනෙන තැනට කටයුතු කිරීම ආයුෂ අඩුකර ගැනීමක්. තමන්ට බලයෙන් ඉවත්වෙන්න බිය කළ වැරැදිවලට පවුල් පිටින් හිරේ ලගින්න තියන බිය... සාධාරණව රට පාලනය කරන්න නායකයාට ව්‍යවස්ථාවක් නැතත් පුළුවන් වෙන්න ඕනේ. මොකක්හරි හොරයක් තියෙන්න ඕනේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 41 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 29 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 52 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 13 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 447 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 246 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 354 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1119 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site