දරුවන් දහසය දෙනෙකු මෙලොවට බිහි කළ මාතර කරගොඩ, උයන්ගොඩ ඉහළ විටියල පදිංචිව සිටි පුරුක්අකුල වඩුගේ නෝනහාමී මහත්මිය මෙලොවින් සමුගත්තාය. මිය යනවිට ඇගේ වයස අවුරුදු 99කි.
නෝනහාමී මහත්මියගේ පවුලේ දරු මුණුබුරු මි‚පිරියන් ගණන 144 දෙනෙකි. ඔවුහු සියලූ දෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිව සිටිති.
1913 වසරේදී නාඔටුන්න ප්‍රදේශයේදී උපත ලබා ඇති ඇය විවාහ වී ඇත්තේ නැසීගිය වයි.ජී. සිංඤහාමී මහතා සමගය.
අවුරුදු 108ක් ජීවත්ව ඔහු මිය ගියේ මීට වසර කිහිපයකට ඉහතදීය.
එම දෙපල විසින් බිහි කළ දරුවන් 16 දෙනා අතුරින් දැනට ජීවතුන් අතර සිටින්නේ 12 දෙනෙකු පම‚. ඉතිරි සිව් දෙනා මිය ගොස් ඇත.
වයි.ජී. පේමාවතී, වයි.ජී. කුසුමලතා, වයි.ජී, පේමදාස, වයි.ජී. සුමනාවතී, වයි.ජී. කරුණාදාස, වයි.ජී. සිරිපාල, වයි.ජී. සුමතිපාල, වයි.ජී. කරුණාවතී, වයි.ජී. ගුණදාස හා වයි.ජී. ලීලාවතී දැනට ජීවතුන් අතර සිටින දරු දැරියෝ වෙති.
වයි.ජී. සෝමාවතී, වයි.ජී. මෙන්දියස් සිල්වා, වයි.ජී. සෝමදාස හා වයි.ජී. සිරිල් යන සිව් දෙනා මිය ගොස් සිටින දරුවන් සිව් දෙනාය.
නෝනහාමි මහත්මිය පෙරේදා (04) මිය යන තෙක්ම හොඳ ශරීර සෞඛ්‍යයකින් සිටි බව ඇයගේ දරුමුණුබුරෝ කියති. ඇය හොඳින් ඇවිද්දාය. ඇස් පෙනීම කොපමණ දැයි කිවහොත් ඉදි කටුවට නූල දැමීමද පසුගිය සතිය වනතෙක්ම සිදු කෙරුණේ ඇය අතිනි.
මිය යන තෙක්ම ඇය ඇස් කණ්නාඩි පාවිච්චි නොකළාය. ඊට අමතරව කිසිදු රෝගී තත්ත්වයකට ඖෂධ ලබා ගෙන නොමැත. කන් ඇසීමද ඉතා යහපත් මට්ටමක පැවති‚.
බොහෝ දෙනා විශ්වාස කළේ නෝනහාමි මහත්මිය අවුරුදු සියයකටත් වඩා වැඩි කාලයක් ජීවත් වනු ඇති බවය. එහෙත් කිසිවකුත් නොසිතු පරිදි ඇය අවසන් ගමන් ගියාය.
නෝනහාමී මහත්මියගේ තෙවැනි දිය‚ය වූ වයි.ජී. සුමනාවතී (63) මහත්මිය මෙසේ කීවාය.
—අම්මා හොඳට පිං දහම් කළා. සෑම පොහොයකටම සිල් ගත්තා. තාත්තා එක්ක 11 වතාවක් සිරිපා වැඳීමට ගොස් තිඛෙනවා. ඒ කාලේ අවුරුද්දට දෙතුන් වතාවක් වට වන්දනාවේ ගියා. අපේ පවුලේ දරු මුණුබුරු මි‚පිරියන් 144 දෙනෙකු සිටිනවා. පසුගිය දවසේ අපි ගණන් බැලූවා. අම්මාගේ දරුවන්ගේ දරුවන් කිහිප දෙනෙකුම ආරක්ෂක අංශයේ සේවය කරනවා. මිය යන තෙක්ම අම්මා හොඳට ආහාර පාන ලබාගත්තා. ඇගේ පවුලේ විශේෂත්වයක් තමයි වැඩි දෙනෙක් අවුරුදු 90කට වඩා ජීවත්වීම. අපේ අම්මත් අවුරුදු 100කට වඩා ජීවත්වෙයි කියලා විශ්වාස කළා. සිය වෙනි උපන් දිනය සමරන්න අපි සිතා ගෙන සිටියා. තවමත් අම්මගේ කටේ දත් ටික තිඛෙනවා. කොන්ඩයේ එක කෙස් ගහක් ඉදිලා නැහැ. සමහර වෙලාවට අම්මා අපිටත් විහිළු කරනවා අපි නාකි වෙලා කියලා. අපේ අම්මවත් හිතාගෙන හිටියේ නැහැ මේ වගේ ඉක්මනින් මැරෙයි කියලා. කිසිදු කරදරයකින් තොරව වේදනාවක් නොමැතිවයි ඇය මිය ගියේ. අම්මට උරුම වූයේ වාසනාවන්ත මරණයක්. ලබන හැම ආත්මයකම අපේම අම්මා වී ඉපදේවායි ප්‍රාර්ථනාය කරනවා.
මියගිය නෝනහාමි මහත්මියගේ වැඩිමහල් දිය‚යගේ වයස අවුරුදු 81කි. බාලයාගේ වයස අවුරුදු 63කි. ඇය කාන්තාවන් අතර උතුම් මවක් වන්නේ දරු දැරියන් 16 දෙනකුම මෙලොවට ජනිත කර තිබීම නිසාය.
නෝනහාමී මහත්මියගේ අවසන් කටයුතු හෙට (07) සවස කඹුරුපිටිය ආදාහනාගාරයේදී සිදු කෙරේ.
ආගම දහමට ඉතා ලැදිව කටයුතු කළ නෝනහාමී මාතාව ආදර්ශවත් කාන්තා චරිතයක් යැයි ඛෙංගමුවේ නාලක නාහිමියෝ පවසති.
(දරුවෝ දොළොස් දෙනක් ද, මුවුබුරෝ දෙදෙනෙක් ද මෙහි වෙති.)
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වීර මාතාව 99න් දෙනෙත් පියා ගනියි
ජීවා Sunday, 06 January 2013 07:58 PM
අද කාලේ ළමයින් පාරේ දාලා යන අම්මලා එක්ක බලද්දී මේ අම්මා මතු බුදුවන අම්මා කෙනෙක්. (නි)
කරුණාදාස Tuesday, 08 January 2013 07:21 AM
රුහුණු වීර මාතාවට නිවන් සුව! (නි)
දුසන්ත යග්ගහවිට Sunday, 06 January 2013 08:58 PM
රුහුණු වීර මාතාවට නිවන් සුව! (නි)
තරුෂ Sunday, 06 January 2013 09:40 PM
මෙවැනි වූ මෑණිවරුන් තව තවත් ලංකාවේ බිහිවේවා! එතුමියට බුදුන් දැක නිවන් දකින්නට මේ පිනම සෑහේවි. (නි)
නොයෙල් Friday, 11 January 2013 11:07 PM
මවුනි, ඔබට නිවන් සුව! (නි)
ගයාන් Monday, 07 January 2013 03:26 PM
ඔබට නිවන් සුව අම්මේ (දී)
අනුර Sunday, 06 January 2013 11:17 PM
අම්මේ, ඔබතුමියට නිවන් සැප ලැබේවා! (නි)
අලිවිස් Monday, 07 January 2013 03:32 PM
මෙවැනි මව් වරුන් තමයි දැන් අපිට අවශ්‍ය . ඔබ තුමියට නිවන්සැප ලැබේවා (ස)
නිත්‍යා Tuesday, 08 January 2013 01:55 PM
උතුම් මව් තුමියක්.නිවන්සැප ලැබේවා (ස)
කපිල Tuesday, 08 January 2013 06:25 PM
ඔබතුමියට නිවන් සුව අත්වේවා! (නි)
අචිනි Monday, 07 January 2013 03:36 PM
වාසනාවන්ත මවක්. නිවන්සුව පතමි ..!(ස)
නිස්ත්‍රා Friday, 18 January 2013 11:24 PM
ඔබට නිවන් සුව ලැබේවා (දී)
රාජපක්ෂ Saturday, 12 January 2013 05:02 PM
නිවන් සුව ලැබේවා (දී)
ආනන්ද හිමි Wednesday, 09 January 2013 09:42 AM
ඔබ ජාතියේ උන්නතියට කළ මෙහෙවරින් හැබෑම වීර මාතාවකි. ඔබ වැනි මවුන් මේ යුගයට රත්තරන් වටී. එවන් මවුවරු තවත් අප අතර පහළ වේවා!!! ඔබට නිවන් දොර විවර වේවා!!! (නි)
රුවන් Tuesday, 08 January 2013 07:42 PM
උතුම් අම්මා කෙනෙක්. නිවන් සැප ලැබේවා! (නි)
අජිත් ඩී Tuesday, 15 January 2013 07:35 AM
මෑණියෙනි , ඔබ සැබවින්ම වීර මාතාවකි. ඔබට නිවන් සුව ලැබේවා....(ස)
දර්ශන Wednesday, 09 January 2013 10:23 AM
නිවන්සුව පතමි. , යහපත් දරුවන් ලොවට දායාද කීරීමම පිනක්(ස)
මංජුල Monday, 07 January 2013 04:57 PM
වාසනාවන්ත මවක් (දී)
සඳුන් Monday, 07 January 2013 10:02 PM
නිවන් සුව ඔබට (දී)
රොෂාන් Tuesday, 08 January 2013 09:27 PM
ඔබට නිවන් සුව! (නි)
ලලිත් Monday, 07 January 2013 01:46 PM
වාසනාවන්ත මවක් , ඔබතුමියට නිවන් සුව !!(ස)
රුවන් හේවා Tuesday, 15 January 2013 09:10 AM
උතුම් රුහුණු වීර මාතාවට නිවන් සුව!ඔබ ජාතියේ උන්නතියට කළ මෙහෙවරින් හැබෑම වීර මාතාවකි.වාසනාවන්ත මවක්. මෙවැනි වූ මෑණිවරුන් තව තවත් ලංකාවේ බිහිවේවා!(ස)
කමල් Sunday, 06 January 2013 05:22 PM
මෙවන් මාතාවන් ජාතියටත් රටටත් සම්පතක්. මෑණියනි, ඔබට නිවන් සුව! (නි)
ජගත් Thursday, 10 January 2013 06:18 PM
නිවන් සුව අත් වේවා (දී)
කසුන් Tuesday, 15 January 2013 02:16 PM
මෙවැනි අම්මලා අද බිහිවෙන්නෙ නැත්තෙ ඇයි.. (ස)
සුසන්ත Monday, 21 January 2013 10:52 AM
අම්මේ නුඹේ ගුණ ලෝකයටම පෙන්වා දරු මුණූපුරන් එකසිය ගාණක් හදලා නිරෝගි දැහැමි ජීවිතයක් නිමකරලා නිවන් සුව ලබන් පැතුමන් ඉටුවීලා... (නි)
රත්නේ Thursday, 17 January 2013 02:56 PM
මෙවන් උතුම් මෑණිවරුන් අපේ රටට සම්පතකි. (නි)