හර්ෂණ තුෂාර සිල්වා
වැඩවර්ජන, උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලිකාංග වුවද වැඩවර්ජන උද්ඝෝෂණ තම පටු උවමනා මුදුන් පමුණුවා ගන්නා උපායමාර්ග බවට පත් කරගෙන තිබේ.
අප නිරන්තරයෙන් කතා බහ කරන සහ ආදර්ශ ආකෘතියක් වන සිංගප්පූරුවේ අසාහය නායකයා ලෙසින් හැඳින්වෙන හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා වරෙක කළ කතාවක කොටසක් මෙසේ උපුටා දැක්වේ.
සිදුවීම මෙසේය. 1980 වසරේ මහ මැතිවරණය පැවැත්වීමට ඔන්න මෙන්න තිබියදී ‘සිංගප්පෝ එයාර්ලයින්ස්’ සමාගමේ ගුවන් නියමු සංවිධානය, (සිංගප්පෝ එයාර්ලයින්ස් පයිලට්ස් ඇසෝෂියේෂන්) 1980 වසරේදීම වැඩ වර්ජනයක් දියත් කරන්නේය. එය දැඩි අර්බුදයකට යන අතර ඉහළ වැටුප් සහ ඉහළ ප්‍රතිලාභ ඉල්ලමින් මාසයකට ආසන්න කාලයක් එය පැවැතියේය.
මෙම තත්ත්වය නොඉවසූ ලී ක්වාන් යූ මහතා ඊට මැදිහත් විය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ රැළියකදී අදහස් දක්වන සිංගප්පූරුවේ අගමැතිවරයා මෙසේ කියන්නේය.
“මම ගුවන් නියමුවන් හමුවුණා. මම ඔවුන් හමුවුණේ රූපවාහිනියෙන් නෙමෙයි. මම මුහුණට මුහුණ ඔවුන් හමුවුණා"
"මේසයේ එක පැත්තකට ඔවුන්. එක පැත්තක මම. අපි දෙගොල්ලෝ හිටියේ අඩි පහක් දුරකින්. ඔවුන්ට මාව පේනවා. මට ඔවුන් පේනවා. ශක්තිමත් තවමත් සටන් කළ හැකි මා දෙස බැලීමට ඔවුන්ට හැකියාව ලැබුණා. මා සමඟ සටන් කරනවාද නැතිනම් පරාජය බාරගන්නවාද කියා තීරණය කරන්න ඔවුන්ට අවස්ථාව තිබුණා"
"මම ඔවුන්ට තෝරාගැනීම් දෙකක් දුන්නා. මේ තර්ජනය, (ඇත්ත වශයෙන්ම එය තර්ජනයක්) නවත්වනවාද ? එහෙමත් නැතිනම් නැවතත් සේවයට එනවාද කියන තෝරාගැනීම් දෙක මම ඔවුන්ට දුන්නා. මම ඔවුන්ට තෝරාගැනීමක් කරන්න අවස්ථාවක් දුන්නා"
සති දෙකක් තිස්සේ වැඩ වර්ජනයේ යෙදෙමින්, ගුවන් ගමන් අඩාල කරමින්, ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක මුදල්, දැන්වීම් සඳහා වියදම් කරන ලද මුදල් සියල්ල මේ වර්ජනය විසින් විනාශ කරන ලැබුවා. මේ වැඩ වර්ජනය සියල්ල විනාශ කළා"
"ඔබලා කැමති නම් මෙය දිගටම කරගෙන යන්න. එහෙම වුණොත් මම මට හැකි උපරිමයෙන්, මට සියලු වෙර දරා, මම ඔබට හොඳ පාඩමක් උගන්වනවා. සිංගප්පූරු ජනතාවගේ උදවු ඇතිව ඔබට ජීවිතයට අමතක නොවන පාඩමක් උගන්වනවා" යයි මා ඔවුන්ට කියා සිටියා. එය නැවත නැවත කීමට මා සූදානමින් සිටියා.
"එසේ නැතිනම් මේ වර්ජනය නැවැත්විය යුතුයි. මා සියල්ලටම සූදානමින් සිටියේ"
"මා ඔවුන්ට දුන් අනෙක් තෝරාගැනීම මේකයි"
"එහෙම නැතිනම් ඔය වර්ජනය නවත්වලා, නැවත වැඩ කරන්න. වැඩ කරමින් ප්‍රශ්නය සාකච්ඡවට ගනිමු. විනයගරුක වෙන්න. ඉන්පස්සේ මා සමඟ සාකච්ඡා කරන්න" යයි මා ඔවුන්ට කියා සිටියා.
"සටන් කිරීමෙන් පලක් නැති බව ඔවුන්ට තේරුණා. ඒ නිසා ඔවුන් විනාඩි 65 කදී තීරණයක් ගත්ත"
"ඔවුන් තේරුම් ගත්තා ඔවුන් නොමැතිව ගුවන් සේවය කරගෙන යන බව. ඔවුන් නීතිය දැනගත්තා. ගුවන් සේවය ක්‍රියාත්මක කරගෙන යෑමට මට හැකියාව තිබෙන බව ඔවුන් තේරුම් ගත්තා"
"සිංගප්පූරුව පාලනය කරන ඕනෑම නායකයකුට ඒ ශක්තිය තිබිය යුතුයි. රට කරගෙන යා යුතුයි. වැරැදි වෙන්න බැහැ. බැරි නං දාලා යන්න ඕනේ"
"මේක කාඞ් සෙල්ලමක් නෙමෙයි. මේ ඔබේත් මගේත් ජීවිතය. මේ රට ගොඩනගන්න මම මගේ මුළු ජීවිත කාලයම කැපකළා. මම ඉන්නකං කාටවත් මේක වට්ටන්න දෙන්නේ නැහැ”. යයිද ලී ක්වාන් යූ මහතා කීවේය.
COMMENTS
අපේ රටේ වගේ කට්ටිය එහෙ නැතිව ඇති නේද , තිබ්බනම් සිංගප්පුරුව මෙලහකටත් අන්ත දුප්පත් එක තැන පල්වෙන රටක් වෙලා හැම තිස්සෙම වැඩ වර්ජන හින්ද
අකිල, අපේ වගේ කට්ටිය එහෙ දැන් ඉන්නවා. දැන් ඉන්න අගමැතිගේ (ලී ක්වාන් යු ගේ පුතා) පෞද්ගලික දේපල ප්‍රශ්නයක් අරන් කට්ටිය හෙන මඩ පාරක් දෙන්න හදනවා. නමුත් අගමැතිවරයා කිව්වා, 'හරි මේක පුද්ගලික ප්‍රශ්නයක් වුනත් කමක් නැහැ. පාර්ලිමේන්තුවේ විවාද කරන්න. මට ඕන සිංගප්පුරුවේ නම කැත වීම වළක්වන්නයි' කියල. අපේ කට්ටිය කොහොමද, රටට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ මතය හරි කියල වර්ජන ගර්ජන දැන් එක නවත්වන්නේ නැහැ. දේශපාලුවන්ට රටේ නම තියා තමන්ගේ නම කැත වෙන එක ගැන වත් ගානක් නැහැ.
එක දෙයක් විතරක් තේරම් ගන්න. ලී ක්වාන් යූ කියන්නේ දුෂණයෙන් තොර, කොමිස් නොගැසූ,අවංක,නියම දේශප්‍රේමී නායකයෙක්. ඔහුට එසේ කීමට අයිතියක් තියෙනවා. ඔහුත් සමග අපේ හොර දේශපාලක නඩය සංසන්දනය කරන්න එපා.
ලී ක්වාන් යූ අපේ රටේ නායකයා වුනානම් ඉස්සෙල්ලම කරන්නේ මේ ඉන්න හොර දේශපාලකයන් එලවලා දාන එක.
හොඳ වෙලාවට ඒකාබද්ධ විපක්ෂයක් එහෙ තිබුනේ නැත්තේ.
ලී ක්වාන්යූ අගමැතිතුමා වගේ දක්ෂ පාලකයෙක් අපටත් කවද හරි ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
මෙවැනි නායකයන්ට මෙය අදාලයි. එහෙත් අපේ රටේ කපටි හොර රැලට මේක අදාල නැහැ.
අගමැති ලී ක්වාන් යූ හොරෙක් නොවන නිසා ඔහුට එසේ කල හැකි උනත් අපේ ලොක්කෝ සියල්ලම එසේ නොවන නිසා කෙලින් වැඩ කල නොහැක . එසේම බහුතරයකට රට හැදීමේ අවශ්‍යතාවයක් නැත.
කටපුරා උතුමාණෝ කියල කියන්න පුළුවන් නායකයෙක් මේ. මෙතුමා සිංගප්පුරුව මෙතරම් දියුනු කල විශ්වකර්මයෙක්. සිංගප්පුරුව කියන්නේ අඩු තරමින් පානිය ජලයවත් නැති රටක්. අපේ රටේ නැත්තේ මොන සම්පතද ..? අපිට නැත්තේ අවංක, දක්ෂ නායකයෝ විතරයි.
ලී ක්වාන් යූ නමැති නායකයා අවංක ඒකාධිපති නායකයෙක් . ශ්‍රී ලංකාවේ එහෙම නායකයෙක් ඉන්නවද? බලය ගන්න කලින් අවංක කම පිරිලා ඉතිරිලා යනවා බලය ගත්තට පස්සේ කියපුවා මතක නැහැ. මේ රටේ එම අවස්ථාව ලැබුණු එකම නායකයා මහින්ද රාජපක්ෂ මයත්මයා නමුත් එතුමා බලය වැඩි උනාම අවංක ඒකාධිපති නායකයෙක් වෙන්න බැරිවුනා.
එතුමාගේ කතාව හරි. එතුමා විසින් අනන්ත අප්‍රමාන දුක් විඳිමින් ගොඩ නගපු රට රැකගැනීමට එතුමාට අයිතිය තියෙනවා. නමුත් අපේරට " මමයි රට ගොඩ නැගුවේ " කියන්න කිසිම කෙනෙකුට බැහැ. මොකද රට ගොඩ නැගලා නැහැ.. රට කාලයි තියෙන්නේ. ඒ රටකාපු දේශපාලුවන් රට විදේශයන්ට විකුනන්න හදද්දී රටට ආදරේ තියෙන අය වර්ජනය කරනවා.. එය දේශයට හිතකාමිද දේශද්‍රෝහිදැයි තීරණය කිරීම උගත් බුද්ධිමත් " මිනිසුන්හට බාරයි.
මේ සිංගප්පුරු නායකයෝ හරි කෙලින් කතා කරන, කියන දේ කරන, කරන දේ කියන උදවිය. අපේ අය කරන දේ හිතේ තියාගෙන, වෙන දේවල් කියන කට්ටිය. වෙනස එපමණයි.
අපේ රටේ නායකයන්ටද මෙවැනිම ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි ඇයි? නායකයින් දැඩි විය යුතුයි. ඉදිරිය සඳහා අවශ්‍ය තීරණ සෘජුව ගැනීමට උත්සුක වියයුතුයි. රටට වැඩදායී මිනිසුන් දහස් ගණනක් ඔබ දෙස බලා සිටින බව අමතක නොකල යුතුය. මිනිසුන් වෙත විශ්වාසයක් ඇති වුවහොත් මේ රටේ පක්‍ෂ විපක්ෂ බේදයකින් තොරව රටේ දියුණුව සඳහා අවශ්‍ය සහයෝගය ඔවුන් ලබා දෙනු ඇත.
නියම නායකයෙක් !!!