සිංහල හා ඉංග්‍රීසි බසින් ශාස්ත්‍රීය ග්‍රන්ථ හා ලිපි ලේඛන රාශියක් සම්පාදනය කොට ඇති ආචාර්ය සිරිනමල් ලක්දුසිංහ මහතා ප්‍රවීණ කවියෙකි. කෙටි කතාකරුවෙකි. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරද කැලණිය විශ්විවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපධි ආයතනයේ අධ්‍යක්ෂ තනතුරද දරා ඇති ඔහු 1969 සිට ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, බෞද්ධ හා පාලි යන විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කොට ඇත. තායිලන්තයේ ශිල්පක්‍රෝන් විශ්වවිද්‍යාලය විසින් 1988 දී ඔහුට ආරාධිත මහාචාර්ය පදවියක්ද පිරිනැමුණ අතර කැලණිය විශ්වවිද්‍යාලය මගින් 2015 දී ඔහුට සාහිත්‍යසූරී (D-Lit.) සම්මාන උපාධියද පිරිනමන ලදී.
‘ශ්‍රී ලංකාවේ හින්දු ප්‍රතිමා’ ලක්දුසිංහ මහතාගේ අලුත්ම ශාස්ත්‍රීය පර්යේෂණයයි, මේ සංවාදය ඒ නිමිත්තෙනි.
•ශ්‍රී ලංකාවේ පැරැණි හින්දු ප්‍රතිමා නම් මෙම ග්‍රන්ථය එම විෂය පිළිබඳව සිංහල භාෂාවෙන් පළවු මුල්ම ග්‍රන්ථය බවයි සැලකෙන්නේ.
ඔව්. ඒ කාරණය නිවැරදියි. එපමණක් නොවෙයි ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවලින් වුණත් මෙරට හින්දු ප්‍රතිමා සමස්ත වශයෙන් ගෙන සාකච්ඡා කෙරණු ග්‍රන්ථයක් මෙතෙක් පළවී නැහැ. ඒ නිසා ලංකාවේ පැරැණි කලා ශිල්ප ගැන පර්යේෂණවල යෙදෙන විද්‍යාර්ථීන්ටත් ශ්‍රී ලංකාවේ පැරැණි කලා ශිල්ප ගැන උනන්දුවක් දක්වන අයටත් මේ ග්‍රන්ථය ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතනවා.
•මෙබඳු ශාස්ත්‍රීය පර් යේෂණ සඳහා මෙරට සාහිත්‍යයේ වැඩි ඉඩක් වෙන්වීමේ අවශ්‍යතාව ඔබ හඳුනා ගන්නේ කොහොමද?
ඔබ කියන දේ ඇත්ත. අපේ සාහිත්‍ය ඇතුළේ වැඩිපුරම කතා කෙරෙන්නෙ නවකතාව, කෙටි කතාව, කවිය වාගේ ක්ෂේත්‍ර කීපයක් ගැන පමණයි. මම හිතන්නෙ ශාස්ත්‍රීය අධ්‍යයනය කියන එක අද පිරිහිලා. අද කලාව සම්පූර්ණයෙන්ම වාගෙ විනෝදකාමී තැනකට සීමා වෙලා. 80 දශකයෙන් පස්සේ රූපවාහිනී නාලිකාවක පැය භාගයක් සෙනරත් පරණවිතාන මහතා ගැන වෙන් කරල තියනවා දැයි සැක සහිතයි. අපේ මහා ගත්කරු වන මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ගැන මෑත කාලයේ රූපවාහිනී වැඩසටහන් කීයක් කරල තියෙනවාදැයි සොයා බලන්න වටිනවා. ජනප්‍රිය බොළඳ මාතෘකා ටිකක් විතරයි නිතරම දකින්න තියෙන්නෙ. ඒක හරි අපරාධයක්.
ලංකාවේ ශාස්ත්‍රීය පර් යේෂණවල ප්‍රතිඵලය නිසා තමයි අපේ සංස්කෘතියේ වටිනාකම් හඳුනා ගන්න ලැබිල තියෙන්නේ. කවර විෂයක දියණුවට වුණත් මේ පර් යේෂණ තමයි වැදගත් වෙන්නෙ.
•අප මේ කතා කළ ශාස්ත්‍රීය පර් යේෂණවලට මෙන්ම සාහිත්‍ය විචාරවලටද මීට කලකට පෙර ප්‍රධාන දායකත්වයක් සැපයුවේ විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රපීඨ. අද වනවිට විශ්වවිද්‍යාලවල එම දායකත්වය ගැන ඔබේ අදහස කුමක්ද?
ඇත්තටම විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨ බොහොමයක අද කෙරෙන්නේ ගුරුවරුන් මුලින් කී දේවල්ම ඊළඟ පරම්පරාවත් ඒ විදිහටම උගන්වන එක. එහෙම නැතුව අලුත් පර් යේෂණ මතුවන බවක් පෙනෙන්නේ නෑ.
උදාහරණයකට පුරාවිද්‍යාව, ඉතිහාසය වගේ විෂයයන් ගැන එදා පර් යේෂණකයන් කළ කී ටිකම තමයි අදත් කියන්නේ. ගැඹුරු ශාස්ත්‍රීය පර් යේෂණයක් දකින්න ලැබෙන්නෙ ඉතාම කලාතුරකින්.
කොහොම වුණත් හැට ගණන්වලින් පස්සේ ලංකාවෙ අධ්‍යාපනයේ පිරිහීමක් දකින්නට ලැබෙනවා. දැන් ඉන්න සමහර විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට උක්තාඛ්‍යාතය ගළපලා වාක්‍යයක් ලියා ගන්නත් බෑ. ඒ අය ලියන සමහර පොත් ගෙඩි කියවෙගන යද්දි ඒක තේරෙනවා. ඉතා තියුණු භාෂා දැනුමක් ඇති වෙන්නෙ ඉතා තියුණු ශාස්ත්‍රීය මනසක් තිබෙනවා නම් පමණයි.
•ඔබ ඉතිහාසය, පුරාවිද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රවල වගේම කවිය වැනි නිර්මාණාත්මක සාහිත්‍යය සමඟද ක්‍රියාකාරී වන කෙනෙක්. වෙනත් සාහිත්‍යාංගවලට වඩා කවියේ තරුණ දායකත්වයක් සහ නව කතිකාවක් අපි මෑත කාලයේ දුටුවා. මේ ප්‍රවණතා ගැන ඔබ මොකද හිතන්නේ?
කොළඹ යුගයේ කවිය ප්‍රමාණවත් නොවුණා යැයි හැඟෙන විට නූතන අදහස් අලුත් විදිහට කියන්න නිදහස් කාව්‍ය සම්ප්‍රදාය මතුවෙලා ආව. ඒ සම්ප්‍රදායත් කල් යනකොට විවිධ හැඩතලවලින් වෙනස් වෙන්න පටන් ගත්තා. සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකරගෙන් පස්සේ මහගමසේකර, රත්න ශ්‍රී විජේසිංහ, දයාසේන ගුණසිංහ ආදීන් අපේ කවියට තදට බලපෑ කාලයක් තිබුණා. මේ සියලු කවියන්ට හොඳ පෝෂිත පදනමක් තිබුණා.
අපේ තරුණ පරපුරේ ප්‍රතිභාපූර්ණ කවියන් නැතුවාම නොවෙයි. ඒත් මේ බොහෝ කවියන්ට ශාස්ත්‍රීය පසුබිමක් නෑ. පළමු වැනි කවි පොත ලිව්වාම ඔවුන්ගේ අත්දැකීම් හීන වෙනවා. දැන් වෙලා තියෙන්නේ කණ්ඩායම් හදාගන ඒ ඒ අයම වර්ණනා කර ගන්නවා තමන් බොහොම වියත්තු කියලා. හැබැයි මේ කවි නියම විචාරයකට ලක් වුණොත් ඒවායේ අඩුපාඩු පැහැදිලිව පේන්න ගන්නවා.
තමන්ගේ දැනුම අත්දැකීම් පෝෂණය කර ගැනීම ආධුනික කවියන්ට ඉතා වැදගත් කාරණයක්. අනෙක මේ අය විශ්ව සාහිත්‍යය කියවන්න ඕනෑ. අද හුඟ දෙනෙක් කවි ලියනව නම් කියවන්නෙ කවිම විතරයි. නවකතාව, ඉතිහාසය, සමාජ විද්‍යාව, පර් යේෂණ දේශපාලනය වගේ ඒව කියවන්නෙ නෑ. හැබැයි එහෙම තත්ත්වෙකදී වුණත් කවියට තරුණ පරපුර තුළ ලොකු උන්නදුවක් තිබීම අගය කළ යුතුයි.
•ඔබ මේ කියන සාහිත්‍යය ගැන තරුණ පරපුරේ උනන්දුව වර්ධනය වීමට නම් සාහිත්‍යයේ අවශ්‍යතාව හා වටිනාකම ඔවුන්ට කියාදිය යුතුව තිබෙනවා. ඒ සඳහා රාජ්‍යතන්ත්‍රය දැක්විය යුතු දායකත්වය ගැන මොකද හිතන්නේ?
මං හිතන්නෙ මේක පාසලෙන් පටන් ගන්න ඕනෙ. අපි සාහිත්‍යයට ආදරය කරන්න ගත්තෙ, උන්නදු වුණේ අපේ ගුරුවරු නිසා. ඒ ගුරුවරු නියම සාහිත්‍යකාමියෝ. ඔවුන් ඒ විෂයට ආදරය කළා. ඒ ඉගැන්වීම රස බරව කැපවීමෙන්, අවබෝධයෙන් කළා. ඒත් මම නම් හිතන්නෙ වර්තමාන ගුරුවරුන්ගෙන් ඒ යුතුකම ඉෂ්ට වෙන්නෙ නෑ කියලයි.
සාහිත්‍ය ගුරුවරු පාසල්වල මේ වැඩේ හරියට කළොත් ඒ දරුවන් ඉදිරි කාලයේ කවර විෂයක් හැදෑරුවත් සාහිත්‍යයට ඇති ඇල්ම අඩු වෙන්නෙ නෑ. දැන් ඇතැම් සාහිත්‍ය ගුරුවරු වෙළෙන්දන් වගේ වෙලා ඉන්නේ. සිලබස් කවර් කරන එකයි ළමයින්ට විභාගෙ පාස් කරල දෙන එකයි විතරයි දැන් එයාලගෙ වගකීම කියල හිතන්නෙ. විභාගයට ලියන්න විතරක් සාහිත්‍යය ඉගෙන ගෙන වැඩක් නෑ. ඒක ජීවිතයට බද්ධ වෙන්න ඕනෑ.
(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විභාගයට ලියන්න විතරක් සාහිත්‍යය ඉගෙනීමෙන් ඵලක් නැහැ
Dr.Priyantha Jayasingha Friday, 07 August 2020 05:53 AM
මම සම්පූර්ණයෙන්ම එකඟයි... මේ අදහසට... නමුත් ප්‍රශ්නය ඔය කියන සාහිත්‍ය කමින් ඈත්වෙන එක නම් අධ්‍යාපනයේ පුළුල් වෙනසක්, සමාජයීය වෙනසක් විය යුතුයි නේද? එහෙම වෙනසක් සමාජයේ පේනතෙක් මානයකවත් නැහැ. එසේ නම් ඔය අදහස යථාර්ථයක් කළ හැකි, කළ යුතු ක්‍රියාවක් ඕනෑනේද?