IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


වි​දේශ සබදතා ආර්ථිකයට ගැම්මක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 15 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. චීනය මුල් කරගෙන බිහි වී ඇති එක් තීරයක් - එක් මාවතක් සමුළුවට සහභාගි වීමත් චීනය සමග නිල ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමත්, මෙම සංචාරයේ අරමුණ වේ.

ශ්‍රී ලංකාව සහ චීනය 1978 වසරේ දී නිදහස් වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය. චීන රජය විසින් කොමියුනිස්ට්වාදී පාලනය යටතේම නිදහස් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය එරටට හඳුන්වා දෙනු ලැබීය. එසේ වුවද ශ්‍රී ලංකාවට වඩා හොඳ මට්ටමකින් කොමියුනිස්ට්වාදී රජයක් යටතේ චීනයේ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනය සමග ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. 1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දෙන විට ශ්‍රී ලංකාවේ පැවැති සමාජවාදයට බර පාලන ක්‍රමය අවසන් වී තිබුණි. චීනය නිදහස් ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දෙන විට පැවැතියේ කොමියුනිස්ට් පාලන ක්‍රමයමය. කෙසේ වුවද නිදහස් ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වාදීමේ ප්‍රතිඵල රටවල් දෙක තුළ දක්නට ලැබුණේ වෙනස් ආකාරයකිනි.

ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ නායකත්වය හිමිකර ගැනීම සම්බන්ධයෙන් එවකට සෝවියට් රුසියාව සහ චීනය අතර දැඩි තරගකාරීත්වයක් පැවතුණි. ඒ හේතුවෙන් ලෝකයේ කොමියුනිස්ට් රටවල් චීන පිල සහ රුසියන් පිල ලෙස දෙකට බෙදී තිබුණි. ලෝක කොමියුනිස්ට් නායකත්වයේ සිටින්නේ තමන් යැයි සිතන චීනය තුළ කොමියුනිස්ට්වාදයට ප්‍රතිවිරුද්ධ නිදහස් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳව සිතීම පවා මහා පාවාදීමක් ලෙස එකල සැලකින. එසේ වුවද මාඕ සේතුංගෙන් පසුව චීන නායකත්වයට පැමිණි ඩෙං සියාඕ පින්ග් චීනය දියුණු කළ හැක්කේ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයකින් පමණක් බව වටහාගෙන සිටියේය. එහෙත් අරටු බැස ගත් පැරණි කොමියුනිස්ට් නායකයන් සිටින රටක එය හඳුන්වාදීම ඉතා දුෂ්කර කාර්යයක් බව ඔහු දැනගෙන සිටියේය.

ඔහු එවැනි සාම්ප්‍රදායික චීන නායකයන් තම අදහසට එකඟ කර ගත්තේය. ඒ චීනයේ දේශපාලනය සඳහා මහා මූලධර්ම සතරක් හඳුන්වා දී වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය චීනය තුළ ක්‍රියාත්මක කරනුයේ එම මූලධර්ම ආරක්ෂා කර ගනිමින් බව සහතික කිරීමෙනි. චීනය කොමියුනිස්ට් මාර්ගය දිගටම අනුගමනය කිරීම, මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතිත්වය පවත්වාගෙන යෑම, කොමියුනිස්ට් පක්ෂ නායකත්වය තුළ රට පවත්වාගෙන යෑම සහ මාක්ස් ලෙනින්වාදය සහ මාඕ සේතුං චින්තනය පවත්වාගෙන යෑම එම මූලධර්ම සතර විය.

පක්ෂය ඒවා පිළිගත්තේය. කොමියුනිස්ට් වාදය පවත්වාගෙන යන්නේ නම් නිදහස් ආර්ථික ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳව විරෝධයක් දැක්වීමේ අවශ්‍යතාවක් නොවන බව පක්ෂයේ අදහස විය.

බොහෝ දෙනෙක්   ලොව කොමියුනිස්ට්වාදය අවසන් වී ඇතැයි සිතති. එහෙත් බොහෝ දෙනකු නොදන්නා කරුණ වන්නේ ලොව වැඩිම ජනගහනයක් ඇති චීනය අදටත් පාලනය වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂ පාලනයක් යටතේ බවයි. එරට වෙනත් දේශපාලන පක්ෂ නැත. මැතිවරණ නැත. සෑම තීරණයක්ම ගනු ලබන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂය විසිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලකෙන්නේ ධනවාදී ආර්ථික ක්‍රමය එසේත් නැත්නම් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය ඉහළින්ම පිළිගන්නා දේශපාලනඥයකු වශයෙනි. තවදුරටත් චීනයේ සමාජවාදය සහ ලොව ධනවාදය අතර පුළුල් වෙනසක් දැකිය හැකි නොවේ. එය එසේ වුවද ශ්‍රී ලංකාවේ සමහර පක්ෂවල දේශපාලනය ඊට වඩා වෙනස් ස්වරූපයකින් ක්‍රියාත්මක වන බව පෙනේ. මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන සමාජවාදී දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ජනතා විමුක්ති පෙරමුණ සහ චීනය අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවතින්නේ ද යන්න පිළිබඳව ඇත්තේ විමතියකි.

රෝහණ විජේවීර රුසියාවේ පැට්රික් ලු‍මුම්බා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේ දී නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. එහෙත් නිවාඩුව අවසාන වී රුසියාවට යාමට බලාපොරොත්තු වූ විජේවීරට ඒ සඳහා අවස්ථාවක් සැලසුණේ නැත. විජේවීර ලංකාවේ චීන කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධතා පවත්වන බවට චෝදනා නැගි තිබූ නිසා රුසියාව ඔහුට, රටට ඇතුළුවීමට ඉඩ ලබා නොදුන්නේය. සැබවින්ම විජේවීර එන්. සන්මුගදාසන් මහතාගේ චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වී සිටියේය. ඒත් විජේවීර සන්මුගදාසන් මහතා ඉවත් කර එම පක්ෂයේ බලය ඇල්ලීමට සූදානම් වූ අවස්ථාවේදී සන්මුගදාසන් මහතා ඔහු එම පක්ෂයෙන් පලවා හැරියේය.

මා ඉහත කරුණු සඳහන් කළේ, අද මෙරට ප්‍රධාන සමාජවාදී පක්ෂය ලෙස සැලකෙන ජනතා විමුක්ති පෙරමුණ සහ ලොව කොමියුනිස්ට් පාලනයක් පවත්නා ප්‍රධානම රට වන චීනය අතර සැලකිය යුතු සම්බන්ධතාවක් නොමැති බව පෙන්වා දීමටය. ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා තම පක්ෂය නියෝජනය කිරීම සඳහා හෝ චීනයට ගිය බවක් අසන්නට ලැබෙන්නේ නැත. ඒත් ඔහු ඕස්ට්‍රේලියාව, ජපානය වැනි ධනවාදී රටවල නම් නිරන්තරයෙන්ම සංචාරයේ යෙදේ.

ශ්‍රී ලංකාව මේ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ රට මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැවැන්ත උත්සාහයක යෙදී සිටින අතර, එහිදී විදේශ රටවල් සහ විදේශ සංවිධාන මත රැඳී සිටීමට සිදුව ඇති බැවින් සමතුලිත තත්ත්වයකින් විදේශ සම්බන්ධතා පවත්වාගෙන යෑම ඉතා දුෂ්කර කටයුත්තක් වී තිබේ. චීනය හා ඇමරිකාව අතර දැන් ඇත්තේ විශාල ප්‍රති විරෝධතාවකි. චීනය ආර්ථික සහ යුදමය වශයෙන් බලවත් වීමත් සමග සමහර රටවල් චීනය සමග විරසක වී චීනයේ නැගී ඒම වැළැක්වීම සඳහා සෑම උත්සාහයක් ම ගනිමින් සිටින බව පෙනේ.

ඉන්දියාව ද එම පැත්තේය. ජපානය ද එම පැත්තේය. යුරෝපයේ බොහෝ රටවල් ද එම පැත්තේය. ලංකාවේ සමහර අය දකින්නේ ජනතා විමුක්ති පෙරමුණ ද එම පැත්තේ බවය. චීනයෙන් ණය ගැනීම සහ චීනයට සමහර ආර්ථික ව්‍යාපෘති ලබාදීම පිළිබඳව ප්‍රධාන විවේචකයෙක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ය. ශ්‍රී ලංකාවට මේ දෙපැත්තම අවශ්‍යය. මේ දෙපාර්ශ්වයේම රටවල් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇත. එම රටවල් ශ්‍රී ලංකාවේ ණය හිමිකරුවන් ය. ඉතා තීක්ෂණ සහ සමතුලිත ක්‍රියාදාමයක් ඔස්සේ මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිදුව තිබේ.

දෙපාර්ශ්වය සමගම හොඳ සම්බන්ධතාවක් පවත්වා ගනිමින් තම ස්වාධීනතාව ද ආරක්ෂා වන අයුරින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යෑම ඔහුගේ බලාපොරොත්තුව වී ඇත. එසේ වුවද ඉතා සුළු සිදුවීමකින් පවා දෙපාර්ශ්වය විසින් ශ්‍රී ලංකාව සමග ප්‍රශ්න කරන තත්ත්වයකට පත්වීම නිසා එය අභියෝගයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවට පැමිණෙන චීන නැව සම්බන්ධ ප්‍රශ්නය එවැන්නකි. එය තම ආරක්ෂාවට බාධකයක් විය හැකි බව ඉන්දියාව සිතයි. චීනය ප්‍රකාශ කරන්නේ එය පර් යේෂණ නැවක් බවයි. මෙවැනි ප්‍රශ්න දෙපාර්ශ්වයම අමනාප කර නොගෙන විසඳා ගැනීමට ජනාධිපතිවරයාට සිදුව තිබේ.

මෙම තත්ත්වය පිළිබඳ අවබෝධයක් හෝ වැටහීමක් විපක්ෂ දේශපාලන පක්ෂවලට නොමැති බව පෙනේ. එසේ නොමැති නම් මෙම අභියෝගාත්මක අවස්ථාවේදී විදේශ සම්බන්ධතාවල ඇති වැදගත්කම අමතක කර ඒවා විවේචනය කිරීමට පමණක් එම පක්ෂ ඉදිරිපත් වී සිටින බව පෙනේ. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාගේ විදේශ සංචාර පිළිබඳව නිරන්තරයෙන් ම විවේචනය කිරීමට ඔවුහු ඉදිරිපත් වෙති. මෙම රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විදේශ රටවල සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහාය තීරණාත්මක ලෙස බල පවත්නා බව ඔවුන් හොඳින් දැන සිටින නමුත් ඒ බව අමතක කරමින් එම විදේශ සංචාර පිළිබඳව දේශපාලන වුවමනාව මත අවලාද නගමින් සිටින බව පෙනේ.

කොවිඩ් යුගයෙන් පසු විදේශ සම්බන්ධතාවලදී විශාල නියඟයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුව තිබුණි. එසේ වුවද එම තත්ත්වය දැන් ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. පසුගිය මාස කීපය තුළ විදේශ නායකයෝ රැසක් ශ්‍රී ලංකාවට පැමිණියහ. විදේශ සමුළු කිහිපයක්ම ශ්‍රී ලංකාවේ දී මුළු දුන්නේය. ජනාධිපතිවරයා ඉන්දියාවෙන් ආරම්භ කර දැන් චීනය දක්වා පැමිණ විදේශ සම්බන්ධතා සම්බන්ධ වසන්තයක් ඇති කර ගැනීමට කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික හා සමාජ අර්බුද විසඳා ගැනීමේදී එවැනි වසන්තයකින් ලැබෙන සහාය අපට අමතක කළ නොහැකිය.

 



අදහස් (0)

වි​දේශ සබදතා ආර්ථිකයට ගැම්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 270 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 595 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 950 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 628 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 489 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1863 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 831 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1255 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site