(මුදිතා දයානන්ද)
“විෂය දැනුම සහිත විද්වතුන් හැදූ පළාත් පාලන මැතිවරණ ක්‍රමය ඇතැම් දේශපාලනඥයින්ගේ ඕනකමට චෙස් ඉත්තෝ එහාට මෙහාට කරනවා වගේ වෙනස් කරලා වත්මන් ආණ්ඩුව කරපු මහා විනාශය නිසා අද පළාත් පාලන ආයතන අර්බුදයකට පත්වෙලා” යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පෙරේදා (28) පැවසීය.
ලියනගේ මහතා මේ බව පැවසුවේ කෘතහස්ත දේශපාලඥයකු පිලිප් ගුණවර්ධන මහතාගේ 46 වන ගුණසමරු උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.
තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී මෙම උත්සවය පැවති අතර එහිදී පිලිප් ගුණවර්ධන මහතාගේ දියණිය වූ ලක්මලී ගුණවර්ධන මහත්මිය හා පුතුන් වන ගීතාංජන ගුණවර්ධන දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් විසින් පිලිප් ගුණවර්ධන මහතාගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දක්වනු ලැබිණ.
එහිදී දහස් දැක්වූ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා මෙසේද පැවසීය.
පිලිප් ගුණවර්ධන මහතාගේ දේශපාලන දර්ශනය මා අගය කරනවා. සමාජවාදී දර්ශනය අපේ රටේ ස්ථාපිත කරන්නට වෙර දැරුවත් ඒ සඳහා ඔහු බුලට් එකවෙනුවට බැලට් එක තෝරා ගත්තා.
ලෝකයේ මැතිවරණ ක්‍රම කීපයක් තිබෙනවා. හැත්තෑහත දක්වාම අපේ රටේ තිබුණ මැතිවරණ ක්‍රමය 77න් පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වෙනස් කළා. ඔහු තමයි අපේ රටට ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ. ඒවගේම හැත්තෑහතේ මැතිවරණ ප්‍රතිඵල දිහා බැලුවම එකල පැවති කේවල ඡන්ද ක්‍රමය නිසා විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුවත් කොට්ඨාසය ජයග්‍රහණය කළ පක්ෂවලට පාර්ලිමේන්තුවේ නියෝජනයක් ලැබෙන්නේ නැහැ.
ඒ නිසා එදා ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ලැබුණේ මන්ත්‍රී ධුර අටක් පමණයි. මෙය වෙනස් කිරීමේ අදහසින් එතුමා සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නා. එකල මන්ත්‍රීවරයෙක් තේරී පත්වීමට නම් එක් පක්ෂයක් 12.5% ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතු වුණා. මුලින්ම සමානුපාතික ක්‍රමය යටතේ ලැබෙන මන්ත්‍රී ධුර ප්‍රමාණයට අනුව පාර්ලිමේන්තුවට යවනු ලබන මන්ත්‍රීවරයා නම් කරනු ලැබුවේ පක්ෂ නායකත්වය විසින්. පසුව තමන්ගේ මන්ත්‍රී තමන්ටම තෝරගන්න මනාප ක්‍රමය හඳුන්වා දුන්නා. එයින් පත්වන මන්ත්‍රීවරු තමන් මනාප ගන්න කළ වියදම් හොයන්න යාම නිසා ඔවුන් හොරු බවට පත් වුණා.
ඒ වගේම මන්ත්‍රීවරයෙක් පත්වීමට පක්ෂයක් ලබාගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය 5% දක්වා අඩුකළා. මේ නිසා සමාජයේ ඉතා සුලු නියෝජනයක් සහිත සුලු ජාතික පක්ෂවලට තනිවම මැතිවරණවලට ඉදිරිපත් වෙන්න හැකියාව ලැබුණා. එයින් අපේ රටේ එතෙක් පැවති සහජීවනය බිඳ වැටුණා.
නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීමට දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් මණ්ඩලයක් පත්කළ අවස්ථාවේ මමත් එයට එක් වුණා. අපි පළාත් පාලන ආයතනවලට ආදේශ කිරීමට නවමැතිවරණ ක්‍රමයක් හැදුවා. ඒක 2012 සම්මත කළා. ඒක අපි තනිවම නෙවෙයි හැදුවේ. මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාත් එයට සහයෝගය දුන්නා. මගපෙන්වීම කළා.
ඒ මැතිවරණ ක්‍රමයෙන් අපි කේවල ක්‍රමය අනුව මන්ත්‍රීවරු 70% ක් හා පරාජිත මන්ත්‍රීවරුන්ට හා පරාජිත පක්ෂවල මන්ත්‍රීවරුන්ට පත්වීම ලැබීම සඳහා 30% ක සමානුපාතික ක්‍රමයකුත් හඳුනා දුන්නා. ඒ වගේම අපි අවම ඡන්ද ප්‍රතිශතය 5% සීමාවේම තියා ගත්තා. නමුත් යහපාලන ආණ්ඩුව ඒක එක එක දේශපාලඥයින්ගේ ඕනකමට වෙනස් කරලා විනාශ කළා.
විද්වතුන්ගේ මැදිහත්වීමකට වඩා මේක දේශපාලඥයින් කීප දෙනෙක් එකතුවෙලා චෙස් බෝඞ් එකක ඉත්තෝ එහා මෙහා කරනවා වගේ කරන්න ගිහින් විනාශයක් කර ගත්තා. අමතර මන්ත්‍රීවරු ප්‍රමාණයක් එකතුවීම නිසා සමහර ආයතනවල නිශ්චිත මන්ත්‍රීවරු ප්‍රමාණයක් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා.
සමස්ත කොට්ඨාස ප්‍රමාණයම දිනා ගත්තත් සියයට පනහට වඩා දිනාගත් පක්ෂයට පමණක් බලය පිහිටුවන්න හැකිලෙස දැමූ කොන්දේසියත් මන්ත්‍රීවරු පක්ෂ අතර බෙදී ගිය ආකාරයත්, දිනූ පක්ෂයට කිසිදු බෝනස් ආසනයක් නොලැබීමත් වැනි කරුණු නිසා දිනූ අය පැරදුණා, පැරදුණ අය දිනූ මැතිවරණයක් බවට මෙවර මැතිවරණය පත්වුණා. මේවා ගණිත දෝෂ. එය වෙනස් කිරීමට නම් අවම ඡන්ද ප්‍රතිශතය ලෙස අඩුම තරමින් 3%ක් වත් තියන්න.
සමස්ත ඡන්ද ප්‍රමාණයම ගෙන සමානුපාතිකව ගණන් බැලීමේ ක්‍රමය වෙනස් කරන්න. කාන්තා නියෝජනය ලැයිස්තුවෙන් ලබා දීමටත්, ඒ වගේම දිනූ පක්ෂයට බෝනස් ආසන කීපයක් ලබා දීමටත් කටයුතු කළහොත් මේ අඩුපාඩු හදාගන්න පුළුවන්කම තිබෙනවා.
මේ අඩුපාඩු නොවන්නට තිබූ මැතිවරණ ක්‍රමය වඩා නව මැතිවරණ ක්‍රමයෙන් විශාල ලාබයක්ද ලැබී තිබෙනවා. බැලට් පේපර් එක කුඩා වීම නිසා එයට යන වියදම අඩුවුණා වගේම ඡන්ද දායකයාට වරදින්න තිබුණ ඉඩ අඩුවුණා. ඒ නිසා නරක් වූ ඡන්ද ප්‍රමාණය අඩුවුණා.
අපේක්ෂකයින්ට මනාප පොරයක් නොතිබුණ නිසා වැය කරන්න වුණේ ඉතා සුලු මුදලක් පමණයි. ඒ නිසා හොරකම් කර හෝ ගියපු වියදම හොයන්න තිබුණ වුවමනාව නැති වුණා. ඒ කියන්නේ මේ ක්‍රමයෙන් මන්ත්‍රී හොරු බිහිවීම නැතිකර තිබෙනවා. ගැටුම් අඩුවුණා. ඒ නිසා අපි දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටිනවා තව අවුරුදු හතරකින් පසුව එන මැතිවරණයේදීවත් අඩුපාඩු හදා ගන්න මැදිහත්වෙන්න කියලා.
නීතිඥ ජයතිස්ස කොස්තා මහතාද මෙහිදී අදහස් දැක්වීය.
එහිදී බඞ්ලියු. ඒ. අබේසිංහ මහතා විසින් ලියන ලද පිලිප් ගුණවර්ධන මහතාගේ චරිත කතාව ඇතුළත් සූරිය මලක කතාව කෘතියේ නව මුද්‍රණයේ පිටපත් ගිතාංජන ගුණවර්ධන මහතා විසින් මහාචාර්ය සුදන්ත ලියනගේ, ආචාර්ය ජයතිස්ස කොස්තා, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන්ට පිරිනමනු ලැබීය.
ස්තුති කතාව කොළඹ නාගරික මන්ත්‍රීනි මනෝරි වික්‍රමසිංහ මහත්මිය විසින් පවත්වන ලද අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, වාසුදේව නානායක්කාර, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඇතුළත් වන පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණය පැවැත්වීමට මේ වන විට නාම යෝජනා කැදවමින් තිබේ. රටේ මධ්‍යම ආණ්ඩුව ට ඍජුවම ඉ
කුඩා කල සිටම මගේ ප්‍රියතම සිංහල චිත්‍රපට නළුවා වූයේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණී මගේ ජීවිතයට පිවිසියේ මට වයස අවුරුදු අටේදී පමණය. ඒ මරදානේ ඔහුගේම නම රැගත් “
බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන යෑම පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කරන ලද කොමිසම සිය වාර්තාව නිකුත් කර වසර විසිහතක් ගතවූ පසු එම වාර්තාව නැවත පාර්ලිමේන්ත
මෙරට සාහිත්‍ය විචාරකයන් ගේ විග්‍රහය අනුව සිංහල පද්‍යයෙහි නූතන අවධිය කොළඹ කවිය, හෙළ හවුල් කවිය, නිසැඳැස් කවිය ආදී වශයෙන් බෙදේ. මේ ඉතා දළ, රළු බෙදුමක් සේ ප
මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ චරිතාපදානය මවිසින් සම්පාදනය කරන ලද්දේ 2012 වසරේදීය. සිරිගුනසිංහ මහතා මට ප්‍රථම කොට මුණ ගැහුණේ 1965 වසරෙදී එතුමා මගේ “ඉරට උඩින්
මේ දිනවල රටපුරා පාස්පෝට් කන්තෝරුවල මහ පාන්දර ‘‘රැකෙම්වා මියෙම්වා” න්‍යායෙන් රටින් පැන ගන්නට පොර බදන තරුණ පිරිස දකින විට රටේ ජනතාවට ඇතිවන්නේ කම්පනයකි
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
විද්වතුන් හැදූ ඡන්ද ක්‍රමය වෙනස් කර ආණ්ඩුව විනාශයක් කළා
Perakum Friday, 30 March 2018 05:43 AM
අපි එදා ඉඳලම කිව්වා මේක දුෂිත දේශපාලුවන්ට ඕන විධියට වෙනස් කරන්න දෙන්න එපා කියල. ඒත් මොනවා කරන්නද? අපි නේ එයාලට බලය දුන්නේ...!
maheshika Friday, 30 March 2018 10:57 AM
මේවා මේ යහපාලනයේම තීරණ නොවේ. මේවා මෙහෙම සිද්දකරන්නේ මුහුදෙන් එපිට සිට එන උපදෙස් මතයි. මොකද මේ අයට බලයට එන්න මුක්කු ගැහුවේ කොන්දේසි මතයි. එම කොන්දේසිවලින් පිට කිසිම දෙයක් කරන්න බැහැ. පොරොන්දු ඉෂ්ට කරන්න කියලා මිනිස්සු මොනතරම් කෑ ගැහුවත් එතෙරින් අණක් ලැබෙනතුරු කිසිවක් කරන්න බැහැ. ජනාදිපති නමැති පුද්ගලයා ඔහුගේ කඩුව වනන්න ගිහින් කුමක් හෝ දෙයක් කපාගෙන. එය බොහොම පැහැදිලිව පෙනෙනවා ඔහු කතාකරන විට...
kanthi - london Wednesday, 04 April 2018 03:34 PM
උගත් බුද්ධිමතුන්ගේ මොලය හිසේ පිහිටා ඇත. දේශපාලුවන් හිදගන්නේ තමන්ගේ මොලය උඩයි. ඉතින් කොහොමද මොලය වැඩ කරන්නේ.