කම්කරු පන්තියේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා දිගුකලක් තිස්සේ පවත්වාගෙන ගිය අරගල සමැරීම සඳහා මැයි දිනය යොදා ගැනේ. පසුගිය කාල පරිච්ඡේදයේ වැඩි වශයෙන්ම කම්කරු පන්තියේ වෘත්තීය සටන් කේන්ද්‍රගතව පැවතුණේ වැටුප් සහ දීමනා ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කරමින් ඒවා වැඩිකර ගැනීම සඳහාය.
මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ පැවති වෛද්‍ය විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩල, සෞඛ්‍ය සේවා, වතුකම්කරු, ගුරු සහ විදුහල්පති ආදී වෘත්තීය සටන් ව්‍යාපාර සෑම එකක්ම පාහේ යොමුවී තිබුණේ වැටුප් සහ දීමනා වැඩිකර ගැනීම සම්බන්ධයෙන් බව පෙනී යයි. මෙවන් පසුබිමක වැඩකරන ජනතාවගේ සුබසාධනය සහ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා විවිධ ආණ්ඩු විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග අනුව කම්කරු සුබසාධනය කෙරෙහි එම ආණ්ඩු ගනු ලබන පියවර පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
කෝවිඞ් වලින් පසු ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේය. මෙම පසුබිම තුළ රජයේ මූලික අවධානය යොමුවී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන ආර්ථික වර්ධනය අරමුණු කරගත් ස්ථාවර ආර්ථික පිළිවෙතකට ප්‍රවිෂ්ට වීමය. එසේ වුවද ආර්ථික අර්බුදයෙන් වැඩිම පීඩනයක් එල්ල වී ඇති කම්කරු පන්තිය ඇතුළු අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්වයට එල්ල වී ඇති පීඩනයෙන් ඔවුන් මුදා ගැනීම සඳහා ද රජය ප්‍රමුඛතාවක් ලබාදී කටයුතු කරන බව පෙනී යයි.
2023 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2024 වර්ෂයට අදාළ අයවැය ලේඛනය මගින් වැඩකරන ජනතාවගේත්, අඩු ආදායම් ලබන ජනතාවගේත් සුබසිද්ධිය සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවලින් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබේ. සියලුම රජයේ සේවකයන්ගේ වැටුප රු.10,000/- කින් වැඩි කිරීම වැඩකරන ජනතාවගේ සුබසිද්ධිය සඳහා රජය ක්‍රියාත්මක කරන ලද විශිෂ්ටතම පියවරක් ලෙස හැඳින්විය හැකිය. එය අඩු ආදායම් ලබන සමහර සේවක කාණ්ඩවල දළ වැටුප සියයට 30 ත් සියයට 50 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යෑමක් වූ අතර, ඉහළ වැටුප් ලබන වැඩි පිරිසකගේ දළ වැටුප සියයට 10 කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවීමකි. පසුගිය කාලයේදී සිදුවූ භාණ්ඩ හා සේවාවල මිල ඉහළයෑම හා සසඳන විට එය ප්‍රමාණවත් තරම් වැඩිවීමක් ලෙස සමහරු නොසලකන නමුදු, රටත් රජයත් මුහුණදී සිටි බරපතළ මූල්‍ය අර්බුදය හා සසඳන විට එය සැලකිය හැක්කේ වැඩ කරන ජනතාවගේ ජීවන මට්ටම සුරක්ෂිත කිරීම සඳහා රජය අනුගමනය කළ ඉතා ඵලදායී සහ කාලෝචිත පියවරක් ලෙසය.
රටේ සමහර වෘත්තීය සමිති නායකයන් සහ සමහර දේශපාලන නායකයන්ගේ ඇගයීමට හෝ සංවාදවලට ලක් නොවුණද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු පුංචි මිනිසාගේ, අඩු ආදායම්ලාභී සහ අඩු වරප්‍රසාද ලාභී පිරිසගේ ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග ඇගයීමට ලක්කළ යුතු මට්ටමක පවත්නා බව පෙන්වාදිය යුතුව ඇත. රජයේ සේවක වැටුප් රු.10,000/- කින් වැඩිකළද, පෞද්ගලික අංශයේ වැටුප් නියෝග මට්ටමින් වැඩි කිරීමේ හැකියාවක් රජයට නැත. අනෙක් අතට ඒ අකාරයට බලය යොදා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට යාමෙන් ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍රවීමට ද ඉඩ තිබේ. එසේ වුවද පෞද්ගලික අංශයේ අඩුම තරමින් අවම වැටුප හෝ වැඩිවිය යුතු බව රජය අදහස් කළේය. ඒ අනුව 2024 මාර්තු මස 25 වැනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රටේ පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 12,500/- සිට රු. 17,500/- දක්වා රු. 5,000/- කින් වැඩි කිරීමට තීරණය කළේය. එසේම අවම දෛනික වැටුප රු. 500/- සිට රු. 700/- දක්වා රු. 200/- කින් වැඩි කිරීමට ද තීරණය කළේය.
ශ්‍රී ලංකාවේ කම්කරු ජනතාව අතරින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන පිරිසක් ලෙස සැලකිල්ලට ලක්වන්නෝ වතුකම්කරුවෝය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2023 දෙසැම්බර් 08 වැනිදා ශ්‍රී ලංකාවේ වතු හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වුයේය. ඔහු එහිදී අවධාරණයෙන් කියා සිටියේ වතු හිමි සමාගම් විසින් වතු වෘත්තීය සමාගම් සමග පවත්නා ගිවිසුම් 2024 වර්ෂය ඉලක්ක කරගෙන සංශෝධනය කළයුතු බව හා වතු සමාගම් විසින් වතු කම්කරු අවම වැටුප රු1,700/- දක්වා ඉහළ දැමිය යුතු බවත්ය. මේ සඳහා වු සාකච්ඡාවට එළඹෙන ලෙසත් ඉතා ඉක්මනින් වතු කම්කරුවන් සඳහා එම වැටුප් ගෙවිය හැකි ආකාරයකට අවබෝධතා ගිවිසුම් අලුත් කළයුතු බවත්, වැඩිදුරටත් අවධාරණය කළේය. ජනාධිපතිවරයාට අවශ්‍ය වුයේ රටේ ආර්ථිකය වෙනුවෙන් දහඩිය හෙළන එහෙත් අවම ජීවන මට්ටමවත් සහතික වී නැති වතු කම්කරුවන්ට මේ අවස්ථාවේදී ලබාදිය හැකි උපරිම සහනයක් ලබාදීම බව පෙනේ.
ජනාධිපතිවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් වතු සමාගම් විසින් මේ දක්වාම සම්පූර්ණ එකඟතාවකට පැමිණ නැති බව පෙනේ. ඒ හේතුව නිසාම සිංහල අලුත් අවුරුද්ද ආසන්නයේ වතු කම්කරුවන් විසින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවක් ද දක්නට ලැබුණි. කෙසේ වුවද ජනාධිපතිවරයාගේ වතුකම්කරුවන් සඳහා වු රු.1700/- ක අවම වැටුප් යෝජනාව ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ජනාධිපතිවරයා එම අවම වැටුප් යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ වෘත්තීය සමිති ව්‍යාපාරයක හෝ වෙනත් අංශයකින් එල්ල වු බලපෑමක් නිසා නොවේ. ජනාධිපතිවරයා විසින්ම රටේ අඩුම ආදායම් ලබන අඩුම ජීවන පහසුකම් භුක්ති විඳින වතුකම්කරු ජනතාව වෙනුවෙන් එසේ සෘජුව පෙනී සිටීම රාජ්‍ය නායකයෙක් කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි මුල්ම අවස්ථාව ලෙසද හැඳින්විය හැකිය.
වතු හිමි සමාගම් සමග පැවැත්වු සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කමිටු 02 ක් පිහිටුවන ලෙස යෝජනා කළේය. එකක් වතු කම්කරුවන් සහ වතු හිමිකරුවන් සමග දිගුකාලීන සම්බන්ධතා ගොඩනැගීම සඳහාය. අනෙක වතු කම්කරුවන්ගේ නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් ලබාදීමට පියවර ගැනීම සඳහාය. 2024 අයවැය ලේඛනය මගින් ඉදිරිපත් කරන ලද මෙරට විශාල ජන කොටසකගේ ජීවිත පිළිබඳ සුවිශේෂි වෙනසක් ඇති කරන තවත් යෝජනාවක් වන්නේ උරුමය වැඩසටහනයි. ඒ යටතේ රටේ සමස්ත ජනතාවගෙන් විසි ලක්ෂයකට අධික පිරිසකට රටේ ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනු ඇත. ඒ යටතේ වැවිලි කර්මාන්තයේ යෙදී සිටින කම්කරු පිරිස්වලටද නිවාස සාදාගැනීම සඳහා ඉඩම් ලබාදීමට කටයුතු කරන අතර, වතුකම්කරුවන්ද උරුමය වැඩසටහනේ ප්‍රතිලාභීන් බවට පත්කර තිබේ.
විසිලක්ෂයකට අධික පිරිසක් උරුමය වැඩසටහන යටතේ රටේ භූමි පුත්‍රයන් බවට පත්කර ඔවුන්ගේ ජීවිත ඉහළ මට්ටමකට පත්කිරීමට අපේක්ෂා කෙරේ. එය අංශ කිපයකින් යුතු වැඩ පිළිවෙළකි. රජයේ විවිධ බලපත්‍ර යටතේ ඉඩම් ලබාදී ඇති නමුදු ඒ කිසිවකුට ඒවායේ ස්ථිර හිමිකමක් ලැබී තිබුණේ නැත. 1930 දශකයේදී ආරම්භ කරන ලද ගොවිජනපද ව්‍යාපාරයත්, 1977 දී ආරම්භ කරන ලද මහවැලි ව්‍යාපාරය ඇතුළු නව වාරිමාර්ග ක්‍රමවලත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඉඩම් ලබාදුන් නමුත් ඒවායේ ස්ථිර හිමිකමක් එම පුද්ගලයන්ට කිසිදාක ලැබුණේ නැත. මුළු ජීවිත කාලයේම එම ඉඩම් සංවර්ධනය කිරීමට මුල් ඉඩම් හිමියා සහ ඔවුන්ගේ පරම්පරාවම කැප වුවද, ඔවුන් රජයේ ඉඩම් බලපත්‍රයක් යටතේ භාවිතා කරන්නන් පමණක් විය. එසේ වුවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උරුමය වැඩසටහන යටතේ ඔවුන් සියල්ලෝම ඉඩම් හිමි භුමි පුත්‍රයන් බවට පත්වෙති.
ඒ අතරම රජයේ මුල් කාලීන නිවාස යෝජනා ක්‍රමවල නිවාස ලබාදී ඒවා වෙනුවෙන් පොලී ගෙවන පදිංචිකරුවන්ට ද, රජයේ වතු නිවාස ලෙස හැඳින්වෙන නාගරික ප්‍රදේශවල රජයට අයත් කුලී නිවාසද ඒවායේ පදිංචි පුද්ගලයන්ට හිමිකර දීමද උරුමය වැඩසටහනේ තවත් අංශයකි. ඒ යටතේ පනස් දහසක් පමණ පිරිසක් නිවාස හිමිකරුවන් බවටද පත්වේ.
උරුමය වැඩසටහන රටේ අතිවිශාල පිරිසකට ඉඩම් සහ නිවාස උරුමය හිමිකර දී ඔවුන් රටේ භූමි පුත්‍රයන් බවට පත්කරන වැඩසටහනක් වුවද, එහි ප්‍රතිලාභ භුක්ති විඳින පිරිසගෙන් බහුතරයක් මේ රටේ සංවර්ධනය වෙනුවෙන් උරදෙන ගොවි කම්කරු ජනතාව බව පෙනී යයි.
අදට යෙදී ඇති මැයි දිනය මෙරට වැඩකරන ජනතාවට සුවිශේෂි දිනයකි. රජය විසින් මේ වසරේදී පමණක් රටේ වැඩකරන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා අනුගමනය කර ඇති පියවර පිළිබඳව අවාධානය යොමු කිරීමද කාලෝචිත වූවකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය සඳහා ද විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙකි. එක්සත් ජාතික පක්ෂය යටතේ ක්‍රියාත්මක වන ජාතික සේවක සංගමය, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සහ ජාතික වතු කම්කරු සංගමය වැනි වෘත්තිය සමිති සංවර්ධනය කිරීම සඳහා විශාල මෙහෙවරක් ඉටු කළේය. එසේ වුවද ඔහු සැලකෙන්නේ රටේ ධනවාදය නියෝජනය කරන දේශපාලන නායකයකු වශයෙනි. එවැනි නායකයකු විසින් කිසිදු බාහිර බලපෑමකින් තොරව කම්කරු ජනතාව වෙනුවෙන් රට ඉතා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී සිටියදී පවා විශාල මෙහෙවරක් ඉටුකර ඇති බව පෙනී යයි.
කම්කරු ජනතාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙවරක් ඉටුකළ පළමු අවස්ථාවද මෙය නොවනු ඇත. රාජ්‍ය සේවයේ සිටින සියලු දෙනාම අද ලබන වැටුපෙන් වැඩි කොටසක් හිමිව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් 2016 සිට ලබාදුන් වැටුප් වැඩිවීම නිසා බව පැහැදිලිය. 2015 පත්වු යහපාලන ආණ්ඩුව යටතේ සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප රු. 10,000/- කින් වැඩිකළ අතර, 2016 සිට එම වැටුප් දීමනාව රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට එකතු කරන ලදි. ඒ අනුව සෑම රාජ්‍ය සේවකයකුම 2015 දී ලබමින් සිටි වැටුප 2020 වනවිට දෙගුණයකට වඩා වැඩිවිය. මේ වසරේ ලබාදුන් රු. 10,000/- ක වැටුප් වැඩිවීමත් සමග අද රාජ්‍ය සේවකයා භුක්තිවිඳින වැටුප ඒ අයුරින්ම ලබාගැනීම සඳහා වැඩි වශයෙන්ම දායක වී ඇත්තේ වත්මන් ජනාධිපති ධූරය හොබවන රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවද පැහැදිලිය.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැඩකරන ජනතා උරුමය
wedage Wednesday, 08 May 2024 02:05 PM
වැටුප තුන්ගුණයකින් වැඩිකළත් මදි මහාචාර්යතුමා.. දැන් බඩුමිල වැඩිකරලා තියෙන තරමට මෙයාලා තමයි රට කෑවේ. මතකද කොටින්ට ටෙලිෆෝන් සම්බන්ධකම දුන්නා..?