රට ආර්ථික හා මූල්‍ය අර්බුදයෙන් ගොඩ ගැනීමේ ප්‍රමුඛ කාර්ය භාරය රජයට පැවරී තිබියදී යෝජිත විකාශන අධිකාරි පනතේ මහිමය ගැන අමාත්‍යවරුන් ලවා මාධ්‍යවේදීන්ට දේශන පවත්වන්නට උත්සාහ ගැනීමෙන් රජය සැරසෙන්නේ කුමකටද යන්න පිළිබඳ පහළ වන්නේ සැකයකි. යෝජිත පනත් කෙටුම්පතේ අඩංගු කාරණා එකින් එක සැලකිල්ලට ගත් විට සිදු වන්නේ එකී සැකය දුරුව යාම නොව තවත් තහවුරු වීමකි.
ඉහළින් පහළට බලෙන් පටවන නියාමන අවශ්‍යතාව සහිත වාතාවරණයක රටේ මාධ්‍ය පසුවේද? රටේ මහජනයා එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කරමින් උද්ඝෝෂණය කරත් ද? මාධ්‍ය තුළ විශ්වාසවන්තභාවය, අව්‍යාජභාවය, සදාචාරය හා සත්‍යගරුකභාවය පැවතිය යුතු බව මාධ්‍ය කරුවෝ පිළිගනිති. ඒ උදෙසා පැවතිය යුතු ස්වයං නියාමනය ද මාධ්‍ය කරුවෝ කිසිවිට ප්‍රතික්ෂේප නොකළහ.
ඉදිරියටද නොකරති. එවැනි පරිසරයක් තුළ මාධ්‍ය නිදහස උදෙසාත් මහජනයාට යුක්තිය ඉටු වනු පිණිසත්, සකස් කරන ඕනෑම පනත් කෙටුම්පතකට සහාය දීමට හා ඒ සඳහා දායකවීමට මාධ්‍යකරුවන් මැළි වූයේ නැත.
මාධ්‍ය නිදහස පිරිනැමීමෙන් රජයේ ඵලදායි ආර්ථික ක්‍රියාකාරකම් ඉදිරියට ගෙනයාමට බාධාවක් වේ යැයි රජය සිතන්නේ නම්, එය අවිචාරශීලී අත්තනෝමතික හැඟීමකි. රට ආර්ථික අර්බුදයකින් මුදාගෙන ඉදිරියට ගෙන යාමට උත්සාහ දරන රජයකට මාධ්‍ය නිදහස වඩාත් ප්‍රයෝජනවත් වේ.
රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව මහජනයා දැනුවත් කිරීමත් ඒවා දෙස වඩා විචාරශීලීව දකින්නට මහජනයා දිරිමත් කිරීමත්, පෙළඹවීමත් කරන්නේ මාධ්‍ය ඔස්සේ ය. රාජ්‍ය ප්‍රතිපත්ති මහජනයා කෙසේ අවබෝධ කරගෙන ඇත්තේ ද යන සන්නිවේදනය රජයට ලැබෙන්නේ නිදහස් මාධ්‍ය ඔස්සේ ය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමේ වගකීම රජයට ඇත. මාධ්‍ය නිදහස විසින් නිරන්තරයෙන් විපරමට ලක් කරනු ලබන්නේ රජය ජනතාවගේ එම අයිතීන් ආරක්ෂා කොට දෙන්නේ ද යන්නයි.
මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකයේ ශ්‍රී ලංකාව පසු වන්නේ බලධාරීන්ට හෝ ජනතාවට සතුටු විය හැකි තැනක නොවේ. 2023 වසරේ රටවල් 180කින් ශ්‍රී ලංකාව පසු වෙන්නේ 135 වැනි ස්ථානයේය. බලධාරීන් කළ යුත්තේ රටේ පොදු මහ ජනයාගේ ජීවන මට්ටම හැකි උපරිම අන්දමින් නැංවීම විනා තවත් පහළට ඇද දැමීමට පියවර ගැනීම නොවේ.
මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වැටී ඉන්නා මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ ඒමට නම් ඉහළින් පහළට නියාමන නීති පැටවීම වහාම නවතා දැමිය යුතුය. නිදහස් මාධ්‍ය දර්ශකයේ පළමු ස්ථානයේ පසුවෙන නොර්වේ රට ගැන විපරම් කර බලනු වටී. මාධ්‍ය ගුණාත්මක මට්ටමක එරට රඳවා තබාගෙන ඇත්තේ ස්වයං නියාමනය තුළිනි.
මෙරට පැවැති සන්නද්ධ කැරලි, මහජන උද්ඝෝෂණවලදී පමණක් නොව, 2022 අවුරුද්දේ පැවති අරගලයේ දී පවා, මහජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරමින් මාධ්‍ය ආයතන පොදුවේ වගකීමෙන් වාර්තාකරණයේ යෙදෙනු පෙනෙන්නට තිබිණි.
ඉදිරි ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළේදී පොදුවේ මහජනයාට කෙටිකාලීනව යම් පීඩාවක් ගෙන දෙන තීරණවලට එළඹෙන්නට රජයට සිදුවෙනවා විය හැකිය. මහජන විරෝධය මතුවීමට බියේ සැබෑ තතු මහජනයාගෙන් සැඟවීමෙන් අත්වන ප්‍රතිඵල වඩාත් භයානක වේ.
රජයේ තීරණ විනිවිද පෙනෙන සුළු භාවයකින් ගත යුතුය. ඒවා වාර්තා කිරීමට මාධ්‍යයට නිදහස පැවතිය යුතුය. මාධ්‍යය වාරණ උදෙසා සෘජුව හෝ වක්‍රව ගන්නා උත්සාහයෙන් මහජනයාටත් රජයටත් වෙන සෙතක් නැත. මහජනයා යුක්ති සහගත බව වඩාත් උපේක්ෂාවෙන් ඉවසති. මාධ්‍ය මර්දනය උදෙසා ගෙනෙනා සියලු යෝජිත පනත් හකුළා ගන්නා ලෙස අපි රජයට බලකරමු.
(***)
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විකාශන අධිකාරී පනතට මේ හදිස්සියක් ඇයි?
surath Saturday, 17 June 2023 03:38 AM
නෑ ජනාධිපතිගේ දැක්මට අනුව රට බංකොළොත් බවෙන් මුදා ගැනීමට විකාශන අධිකාරි පනත, නව ත්‍රස්තවාදී පනත වැනි පනත් අවශ්‍යයි. බංකොළොත් භාවයට හේතුව ත්‍රස්තවාදය බවයි එතුමාගේ අදහස..