IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලංකා යුද්ධයෙන් බේරී සිරියා යුද්ධයෙන් මියගිය බි‍්‍රතාන්‍ය මාධ්‍යවේදිනිය

බි‍්‍රතාන්‍යයේ ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මාධ්‍යවේදිනියක වන මාරී කොල්වින් ඉකුත් බදාදා (22) සිරියාවේ හොම්ස් නුවරදී ෂෙල් වෙඩි ප‍්‍රහාරයට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්වූවාය. ඇය මරණයට බිය නොවූ, යුද පුවත් වාර්තාකාරිනියක යැයි බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන පුවත්පත් සියල්ල අද ඇයට ගෞරව දක්වයි. ඇය ශ්‍රී ලංකීක අපට ද අමුත්තියක නොවේ. සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට කටයුතු කළේත්, අන්තර්ජාතික වශයෙන් අපට එරෙහිව මාධ්‍ය සංග‍්‍රාමයක් දියත් කළේත් ඇයයි. ශ්‍රී ලංකා හමුදාව අපකීර්තියට පත් කිරීමට ඇය, බි‍්‍රතාන්‍යයේ ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත හරහා මහත් පරිශ‍්‍රමයක් දැරුවාය. ඇය ශ්‍රී ලංකා රජයටත් හමුදාවටත් නොයෙක් නොයෙක් චෝදනා එල්ල කළ තැනැත්තියක් වූවාය. හමුදාවත් කොටි ත‍්‍රස්තවාදීනුත් අතර වෙඩි හුවමාරුවකට මැදි වූ ඇයට එක් ඇසක් ද අහිමි විය. එනමුත් යුද පුවත් වාර්තාකාරිනියක ලෙස ඇය කිසිම අවස්ථාවක පසු බැස නොගියාය. ඇය සිරියාවට ගියේ ද ඒ බව සනාථ කරමිනි. ෂෙල් වෙඩි ප‍්‍රහාරයට හසුවෙද්දී මාරී සිටියේ හොම්ස් නගරයේ විපක්ෂ කි‍්‍රයාකාරීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේය. හොම්ස් නගරය සිරියා විරෝධතාකරුවන්ගේ මූලස්ථානය ලෙස ද සැලකෙයි. සිරියා රජයේ හමුදා නිරන්තරයෙන් හොම්ස් නුවරට බෝම්බ හෙළයි. වෙඩි තබයි. යුද ටැංකි ද යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කරයි. ෂෙල් වෙඩි ප‍්‍රහාරයට හසුවී මිය යද්දී ඇය සිටියේ තනිවම නොවේ. ඇය සමඟ තවත් විදෙස් යුද පුවත් වාර්තාකරුවෝ සහ කැමරා ශිල්පීහු ද සිටියහ. ප‍්‍රහාරයෙන් ඇයත් ප‍්‍රංශ ජාතික ඡායාරූප මාධ්‍යවේදියෙක් ද ජීවිතක්ෂයට පත්විය. ඔහු රෙමී ඔච්ලික් නමැති නිදහස් මාධ්‍යවේදියාය. සිරියාවේ අර්බුදකාරී තත්ත්වයක් හටගත්තේ මැදපෙරදිග ‘අරාබි වසන්තය’ ආරම්භ වූ අවස්ථාවේදීය. බටහිර රටවල් ‘අරාබි වසන්තය’ යනුවෙන් හැඳින් වූ එම රාජ්‍ය විරෝධී ජනතා උද්ඝෝෂණ ඉකුත් වසරේ පෙබරවාරියේ මුලින්ම ආරම්භ වූයේ ටියුනීසියාවෙන් සහ ඊජිප්තුවෙනි. පසුව එය ලිබියාවට ළඟා වූ අතර එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ ලිබියාව මුළුමනින්ම අස්ථාවර වීමත් ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි සතකු සේ අමු අමුවේ ඝාතනය වීමත්ය. විපක්ෂ කි‍්‍රයාකාරීහු එක්වී ලිබියාවේ සිදුවූවාක් මෙන් මේ වනවිට බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහිව වීදි බැස විරෝධතා පවත්වති. ඔවුහු අවි අතට ගෙන සිරියා හමුදාව සමඟ සටන් වදිති. සිරියා රජය එම විරෝධතාකරුවන් නිර්දය ලෙස මර්දනය කරන බවට චෝදනා එල්ල වෙයි. මාරි කොල්වින් මෙයට පෙර ලිබියානු කැරලි සමයේ එම කැරලිකරුවන්ගේ පර්ශ්වය හමුවී තොරතුරු වාර්තා කළාය. කෙසේ නමුත් ඉරානය, රුසියාව, චීනය වැනි රටවල් චෝදනා කරන්නේ, සිරියාවේ පවතින අර්බුදය තී‍්‍රවකර ජාත්‍යන්තරය හමුවේ තැබීමටත් පවතින තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් සිරියාවේ ඇතැයි මවා පෑමට මාරී කොල්වින් වැනි බටහිර රටවලට ගැති ඇතැම් මාධ්‍යවේදීන් කටයුතු කරන බවය. ලිබියාවේ දී සිදුවූවාක් මෙන් සිරියා ජනාධිපති බලයෙන් ඉවත් කිරීමට යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සම්මත කර ගැනීමට උත්සාහ කළ ද රුසියාවේ සහ චීනයේ නිෂේධ බලය හමුවේ එය අසාර්ථක විය. රුසියාව සහ චීනය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන අතර ඔවුන් එක සේ කියා සිටියේ සිරියාව තවත් ලිබියාවක් කිරීමට ඔවුන් සහාය නොදෙන බවය.

ලූසිත ජයමාන්න
ශ්‍රී ලංකාවේදී කොටි ප‍්‍රහාරයෙන් තුවාල ලබා මාරි කොල්වින් ලිබියා කැරලිකරුවන් සමග



අදහස් (0)

ලංකා යුද්ධයෙන් බේරී සිරියා යුද්ධයෙන් මියගිය බි‍්‍රතාන්‍ය මාධ්‍යවේදිනිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 56 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site