අපේම චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීම මීට වසර දෙකක් යන තෙක්ම අප රට තුළ තිබූ සැබෑ නොවූ සිහිනයකි. නමුත් අද වන විට ඒ සිහිනය සැබෑවෙමින් පවතී. 2015 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවෙන් ප‍්‍රථම වරට චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශගත වන්නේ නූතන ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය රන් අකුරුන් ඉතිහාසයේ සටහන් තබමිනුයි යැයි චන්ද්‍රිකාව ගුවන්ගත කරන ශ්‍රී ලාංකීය සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා අප සමග කතාවට මුල පිරුවේ අභිමානවත් ආඩම්බරයක් මෙන්ම විස්තර කළ නොහැකි සතුටිනි. ගෑස් පිරවූ බැලූනයක් ගුවනට එක්කරන මෙන් සරළ නොවූ චන්ද්‍රිකා තාක්ෂණයෙන් චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමේ මාතෘකාව සරළ නොවූ නිසාම, බොහෝ කරුණු අපි ඔහුගෙන්ම දැනගන්නට උත්සාහ ගත්තෙමු. Supreme group සමාගමේ සභාපතිත්වය දරණ ආර්.එම් මනිවන්නන් තරුණ ව්‍යාවසායකයාට, අනාගතයේ කෙදිනක හෝ චන්ද්‍රිකාවක් ගුවන්ගත කළ යුතු බවට අදහස පහළ වී ඇත්තේ මීට වසර ගණනාවකට පෙරය. උසස් අධ්‍යාපනය හදාරණ කාලයේදී  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටි මාගේ මිතුරෙක් ලංකාවට පැමිණියේ ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා. ඔහු ලංකාවට එන්න කලින්, අපේ රට පිළිබඳ බොහෝ තොරතුරු සොයා තිබෙනවා. ලොව ප‍්‍රසිද්ධ තාරකා විදාඥයකු වූ ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා සිටින රට ලෙසටයි ඔහු ශ්‍රී ලංකාව විශේෂිකරණය කර තිබුණේ. ශ්‍රී ලංකාවට ආපු මාගේ මිතුරා මහත් ආඩම්බරයෙන් කතා කළේ ආතර් සී ක්ලාක් ශ්‍රීමතාණන් ගැන. භූගෝලීය කක්ෂගත චන්ද්‍රිකා තාක්ෂණය සොයා ගෙන තිබුණේ ඔහු. ක්ලාක් ශ්‍රීමතාණන් සොයා ගත් එය CLARKE ORBIT යන නමිනුයි නම් කර තිබුණේ. මේ කරුණු ඇහුව්වාම මටත් හිතුණා ඇයි අපිට අනාගතය වෙනුවෙන් යමක් කළ නොහැකි කියා. ශ්‍රී ලාංකිකයන් බොහෝ විට පුරුදු වී සිටින්නේ ලාබම දෙයක් පිටරටකින් වැඩි මුදලක් දී ගැනීමට හෝ මිල වැඩි දේවල් වලින් කොමිස් අරං, රට නඩත්තු කරන්න. ලෝකයේ දැනට චන්ද්‍රිකා තාක්ෂණය හිමි රටවල් තිබෙන්නේ හතළිස් හතරක් පමණයි. එම රටවල් ගොන්නට එකතුවන හතළිස් පස්වැනි රට ශ්‍රී ලංකාව. ‘‘සුප්රීන් සැට්’’ යන නමින් නම්කර තිබෙන මෙම චන්ද්‍රිකාව ගෝලීය කක්ෂගත චන්ද්‍රිකාවක් (GEO) ලෙසට අභ්‍යාවකාශ ගත කරන්නේ පොළොව මට්ටමේ සිට කිලෝ මීටර් තිස් හයදහසක් දුරින් සන්නිවේදන චන්ද්‍රිකාවක් ලෙසට. චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ ස්ථාන තුනක් පවතිනවා. ඒ, පහළ පෘථිවිගත චන්ද්‍රිකා (LEO) මධ්‍ය පෘථිවිගත චන්ද්‍රිකා (NEO) සහ භූගෝලීය කක්ෂගත චන්ද්‍රිකා (GEO) වශයෙනි. කිලෝ මීටර් 80-2000 අතර දුරින් පිහිටන පහළ පෘථිවිගත චන්ද්‍රිකා සියයට 48ක් පමණ ලොව පුරා තිබෙන අතර, මධ්‍ය පෘථිවිගත චන්ද්‍රිකා සියයට 10ක් පමණ පවතින්නේ කිලෝමීටර් 2000-36000ත් අතර දුරිනි. භූගෝලී්‍ය කක්ෂගත චන්ද්‍රිකාවක් පවතිනුයේ කිලෝමීටර් 36000ක් දුරිනි. දැනට ලොව පුරා ආසන්න වශයෙන් චන්ද්‍රිකා නවසියයක් (900) පමණ ක‍්‍රියාත්මක වේ යැයි අනුමාන කෙරෙන අතර ඉන් තුන්සීය අසූ එකක් (381) භූගෝලීය කක්ෂගත චන්ද්‍රිකා වේ. ප‍්‍රථම භූගෝලීය කක්ෂගත සන්නිවේදන චන්ද්‍රිකාව ‘‘සින්කෝන් 2’’ වන අතර එය 1964 දී ඇමෙරිකාව විසින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ විස්තර විකාශනය කිරීම සඳහා ඉදිකර තිබේ. ඔහු නැවත කතාවට මුලපිරුවේය. ලොව පුරා චන්ද්‍රිකා තාක්ෂණය ඇති රටවල් 44ක් තිබුණත්, ශ්‍රී ලංකාව වැනි ආසියානු රටකට චන්ද්‍රිකාවක් නිර්මාණය කරන්න දායක වන්න බොහෝ දියුණු රටවල් කැමති වුණේ නැහැ. අපට උදව්කරන්න කැමති වුණේ චීන රජයට අනුබද්ධව ක‍්‍රියාත්මක කෙරෙනා චීනයේ ගේ‍්‍රට් වෝල් ඉන්ඩ‍්‍රස්ටීස් ආයතනය පමණයි. පසුව ශ්‍රී ලංකාවේ සුප‍්‍රීම් සැටලයිට් පෞද්ගලික සමාගම සහ චීනයේ ගේ‍්‍රට් වෝල් ඉන්ඩස්ටී‍්‍රස් ආයතනයත් සමග ඇතිකරගත් එකාබද්ධ ගිවිසුමට අනුව චන්ද්‍රිකාව නිපදවීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ, චීන සමාගමත් සමග ඇතිකරගත් ගිවිසුමේ කොටසක් ලෙසට. දේශීය වශයෙන් අභ්‍යාවකාශගාමින් පුහුණු කිරීමේ ඇකඩමියක් නුදුරු දිනයකදීම අප රට තුළ ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. චන්ද්‍රිකා තාක්ෂණය රට තුළම භාවිත කිරීමෙන් ලැබෙන ප‍්‍රයෝජන බොහෝය. ඉන් ප‍්‍රධානම වනුයේ වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් විදේශයන්ට ගලා ගිය විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකිවීමය. මීට අමතරව ජාත්‍යන්තර සන්නිවේදන පහසුකම අවම මිලට ශ්‍රී ලාංකික ග‍්‍රාහකයන්ට ලබාගත හැකි වීමද විශේෂිත කරුණකි. මෙරටින් ගුවන් ගත කෙරෙනා චන්ද්‍රිකා තාක්ෂණයෙන් සියයට 15ක් පමණ මෙරට සන්නිවේදන අවශ්‍යතා සඳහා භාවිත කිරීමට නියමිතය. ඉතිරිය බංග්ලාදේශය, බුරුමය, ඇෆ්ගනිස්ථානය, නේපාලය වැනි රටවලට ලබාදී එම දකුණු ආසියානු රටවලින් සැලකිය යුතු විදේශ විනිමයක් රට තුළට ගෙන්වා ගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති. දේශීය සන්නිවේදන සමාගමකට දකුණු ආසියානු රටවලට පහසුකම් සැපයීමට ලැබීමත් ලැබූ ජයග‍්‍රහණයක් වෙනවා. ශ්‍රී ලංකාවෙන් ගුවන්ගත කෙරෙන චන්ද්‍රිකාවේ අට්ටාලය (ප්ලැට්ෆෝම්) දැනට කොග්ගල ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියම කර තිබේ. චන්ද්‍රිකාවක් නිපදවීමේදී අවශ්‍ය කෙරෙන ශ‍්‍රම ශක්තිය විශාල නිසාම හෝ නිර්මාණය වී ඇති රැකියා වර්ග ප‍්‍රමාණයද සිය ගණනකට හෝ වැඩිය. විද්‍යාඥයින්, අභ්‍යාවකාශ තාක්ෂණ ශිල්පීන්, අභ්‍යාවකාශ පිළිබඳ භෞතික විද්‍යායින්, ගුවන්යානා ශිල්පීන්, අජටාකාශ විද්‍යායින් ඇතුළු තාක්ෂණ හා විද්‍යාව විෂය පථය තුළ දිග හැරෙන රැකියා රාශියක් මේ තුළින් නිර්මාණය වී තිබේ. එමෙන්ම මේ වන විට මෙම භාරදූර කාර්යයන් සඳහා රැකියා ඉල්ලූම්පත් එක්දහස් දෙසියකට ආසන්න ප‍්‍රමාණයක් ලැබී ඇතැයිද සභාපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. ලොවපුරා භාවිත කෙරෙන සමස්ත චන්ද්‍රිකා වලින් සියයට 48ක් වාණිජ කටයුතු සඳහා භාවිත කෙරේ. එනම් චන්ද්‍රිකා රේඩියෝ,  චන්ද්‍රිකා රූපවාහිනි සහ අන්තර්ජාල පහසුකම් ලබාගැනීම සඳහා. ඉතිරි සියයට 25ක ප‍්‍රමාණයක් භාවිත කරනුයේ යුද්ධ කටයුතු සඳහාය. ඉතිරි සියලූ චන්ද්‍රිකා තාක්ෂණය සමස්තයක් ලෙසට ලොවපුරා භාවිත කරනුයේ රාජ්‍ය සහ සිවිල් ක‍්‍රියාකාරකම් සඳහාය. ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අභ්‍යාවකාශ තාක්ෂණ විද්‍යාලය ගොඩ නැගීමට  ඔයැ ිමචරුපැ ටරදමච  ආයතනය ඇමෙරිකානු ඩොලර් මිලියන විස්සක් පමණ වෙන්කර තිබෙන අතර, එයද නුදුරු දිනයකදී ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට නියමිතය. ඒකාබද්ධ ව්‍යාපෘතියේම කොටසක් ලෙසට එය ආරම්භ කෙරේ. චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම ඉතිහාස ගත කිරීමම නොවේ අපගේ මූලික පරමාර්ථය. එමගින් අප බලාපොරොත්තු වෙනවා අභ්‍යාවකාශ හා චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ වූ විද්‍යාව මෙරට තුළ ව්‍යාප්ත කිරීමට. ඊට අමතරව දහස් ගණනක් වූ තරුණ ජනතාව දිරි ගන්වන්නත්, අභ්‍යාවකාශ ගැන දැනුමෙන් ජනතාව පෝෂණය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ලොව ශීඝ‍්‍රයෙන් දියුණ වන රටවල් අතරට එක් වූ චීනයේ අභ්‍යාවකාශ විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම මෙන්ම ශ්‍රී ලංකාවේ විද්‍යාවේ සහ තාක්ෂණයේ දැනුමත් එකට එක් කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ නව ලොව තුළට ශක්තිමත් දොරටුවක් විවර කිරීම. මෙම ව්‍යාපෘතිය තුළින් පුහුණු ශ‍්‍රමිකයන් වඩ වඩාත් වැඩිකර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතුළු කර ගැනීමට ද බලාපොරොත්තු වේ. ලොව ප‍්‍රථම චන්ද්‍රිකාව වන ‘‘ස්පුට්නික්’’ ඉදිකර ගුවන්ගත කිරීමේ ගෞරවය හිමිවන්නේ රැුසියානු ජාතිකයන්ටය. අද වන විට සන්නිවේදන චන්ද්‍රිකා එකසිය පනහක් පමණ ලොව වටා ක්‍ෂකගතවී ඇති අතර, එයින් බහුතරයක හිමිකරුවන් වන්නේ ඇමෙරිකානු එක්සත් ජනපදය හෝ එහි සමාගම්ය. ලෝකයේ චන්ද්‍රිකා හිමිකාරත්වය හිමි ප‍්‍රධාන රට ලෙසට රුසියාව ප‍්‍රසිද්ධ වී ඇති අතර ඔවුන් සතු චන්ද්‍රිකා ප‍්‍රමාණය 95 කි. ලොව දෙවැනි ස්ථානයට පත්වෙන චීනය සතු චන්ද්‍රිකා ප‍්‍රමාණය 58 කි. ඔහු අවසානය සනිටුහන් තැබුවේ මෙසේය. ‘‘ශ්‍රී ලාකාවෙන් චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට බලාපොරොත්ු වන බව මීට වසරකට පෙරදී මම වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පැවසුවෙමි. ඔහු බොහෝ සෙයින් සතුටු වුණා. නමුත් ඒ වෙනුවෙන් රජයට මුදල් වෙන්කරන්න විදිහක් නැහැ. පෞද්ගලිකව මුදල් වියදම් කර චන්ද්‍රිකාවක් නිපදවනවානාම්, ඊට අදාළ සියලූ සහයෝගයන් ජනාධිපති වශයෙන්, ඔහුත් රජයත් ලබාදීමට සූදානම් බව ඔහු ප‍්‍රකාශ කළා. ඒ වගේම උපරිම සහයෝගයක් ලබා දී තිබෙනවා. ලංකා ආයෝජන මණ්ඩලයත් ලබාදුන් සහයෝගය උපරිමයි.
සටහන - අසුන්තා එදිරිසූරිය / ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය
ද සුපී‍්‍රම් ගෲප් සභාපති ආර්. එම්. මනිවානන්