IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රහස් පොලිසියෙන් නැවතුණු දෙරණ වාද පිටියේ වාග් හරඹය

 SLD_20141207_A026-1965 

හැමදාමත් උණුසුම් මුහුණුවරක් ගන්නා දෙරණ වාද පිටිය පසුගිය බදාදා (03) තවත් උණුසුම් විය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතීඥ අජිත් පී. පෙරේරා මහතා ද, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සුනිල් හඳුන්නෙත්ති මහතා ද සහභාගී වූහ. මාධ්‍යවේදී චතුර අල්විස් මහතා වැඩසටහන මෙහෙයවීය.

 


සංවාදයේ මාර්තෘකාව වූයේ ජනාධිපතිවරණයයි. ආරම්භයේ සිටි පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ විවිධ කරුණු කියමින් තර්ක විතර්ක කළහ. දෙවැනි වටයේ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ කතාව අවසානයේ දුරකතන ඇමතුමක් ලැබිණි.


දෙරණ චතුර අල්විස් - අපිට දුරකතන ඇමතුමක් ලැබෙනවා මාතරින්. ආයුබෝවන් මහත්මයා. ඉක්මණින් ප‍්‍රශ්නය යොමු කරන්න.


පේ‍්‍රක්ෂකයා - ආයුබෝවන් මහත්මයා. මං මේ වාදය බලාගෙන හිටියා. මං මේක අහන්නේ රිචඞ් පතිරණ මහත්මයාගේ පුත‍්‍රයාගෙන්. අපි දැක්කා පසුගිය දවස්වල අතිගරු ජනාධිපතිතුමා කිව්වා හොරුන්ගේ ෆයිල් තියනවා කියලා. ඔතන ඉන්න තුන්දෙනා එක්ක ලොකුම ෆයිල් තියෙන එක්කෙනෙක් ඇවිත් ඉන්නවා. එතුමා තමයි වැඩියෙන් කෑගහන්නේ.

SLD_20141207_A026-1966
මහින්දානන්ද අලූත්ගමගේ මහතා -- ඔබතුමාට පුළුවන්ද කියන්න කවුද ඒ කියලා?


විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් - - පුහුල් හොරා කරෙන් දැනේ.


මහින්දානන්ද අලූත්ගමගේ මහතා - ඔබතුමාට පුළුවන්ද කියන්න කවුද ඒ කියලා?


පේ‍්‍රක්ෂකයා --  එතුමාගේ ......... (පෞද්ගලික කාරණා කියයි)


දෙරණ චතුර අල්විස් -- එතුමා කවුද?


පේ‍්‍රක්ෂකයා -- (නොනවත්වා කියාගෙන යයි)


මහින්දානන්ද අලූත්මගේ මහතා -- ඉතින් තමුන්වන්සේට කියන්න පුළුවන්නේ කවුද කියලා? කවුද කියලා කියනවකො.


පේ‍්‍රක්ෂකයා -- ඒක ඉතින් ලංකාව දන්නවා.


අලූත්ගමගෙ මහතා -- ඉතින් කියන්නකො කවුද කියලා? ඔබතුමා කියන්නකො මොනවද පැමිණිලි ටික කියලා?


පේ‍්‍රක්ෂකයා - කියාගෙන යයි.


අලූත්ගමගේ මහතා -- චෝදනා දෙනවා නම් දුරකතන ඇමතුම දෙන්න  ඕන.


විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් -- ඇයි හොයාගෙන යන්නද?


දෙරණ චතුර -- ඔබතුමා කාටද චෝදනා එල්ල කරන්නේ?


අලූත්ගමගේ මහතා -- තමුන්නාන්සේ හරි තොරතුරු කියන්න.


(පේ‍්‍රක්ෂකයා නොනවත්වා කතා කරයි.)


දෙරණ චතුර -- නෑ ඔබතුමා එහෙම චෝදනා එල්ල කරනවා නම් කරන විදියක් තියෙන්න  ඕනෑ.


(පේ‍්‍රක්ෂකයා දිගටම කතා කරයි)


අලූත්ගමගේ මහතා -- කට වහගන්නකො නිකං පණ්ඩිතකම් කතා කරන්නේ නැතිව හිඟන්නෙක් වගේ. මේ සිද්ධිය මේ මටනේ එල්ල කළේ. මං මේ සිද්ධියට හෙට පොලිසි යනවා. අපි මේ නාලිකාවේ ඉන්නේ නෑ. අපි යං.


මන්ත‍්‍රීවරයෙක් -- ඔයාගේ නම කිව්වේ නෑ


අලූත්ගමගේ මහතා -- තමුන්නාසේලා මීට වඩා හොඳයිනේ යූ.ඇන්.පී. එකේ අලියා ගහ ගත්තානම් මෙතන. තමුන්නාන්සේලා මේ ආණ්ඩුවෙන් මේ ලයිසන් අරගෙන. එක්සත් ජාතික පක්ෂයේ අලියා ගහගන්නකෝ මෙතන. වෙන ඇමතුමකට මෙච්චර වෙලා දුන්නද?


දෙරණ චතුර -- ඔබතුමාගේ නම කිව්වේ නැහැනේ.


(අලූත්ගමගේ මහතා දිගටම කතා කරයි)


දෙරණ චතුර -- අපේ දුරකතන අංකය හරහා ඒ ඇමතුම ආවේ. එතුමා මේ ප‍්‍රශ්නෙදී කිසිම කෙනකුගේ නමක් කිව්වේ නෑ.


අලූත්ගමගේ මහතා -- තමුන්නාන්සේලා අපේ එක ඇමතුමක්වත් දානවද මේකද?


දෙරණ චතුර -- ඉතින් ඇමැතිතුමා අපේ ලයින් එකට එන එකනේ දාන්නේ. ඔබතුමා අපහසුතාවට පත්වුණා නම් අපි කනගාටු වෙනවා.


ටික වේලාවකින් අලූත්ගමගේ මහතා වෛද්‍ය රමේෂ් මහතා ද සමග වාද පිටියෙන් නැගිට යන්නට ගියේය. ඒ දෙරණ නාලිකාවට චෝදනා කරමිනි. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කීවේ ඇමතුමෙන් කිසිවකුගේ නමක් නොකියවුණු බවයි. නිවේදක චතුර අල්විස් සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති අපහසුතාවට පත්වී නම් කනගාටුවට පත්වන බව කීවේය. වැඩ සටහන තෙවැනි වටයට නොගොස් අතරමැද නවතා දැමිණි.


සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පොලිසියට පැමිණිල්ලක් කළේය.


පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා --
-ඇමැති අලූත්ගමගේ මහතා එදින රාත‍්‍රී 12ට පමණ මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කළා. තමාට අපහාස වෙන ආකාරයට දෙරණ රූපවාහිනී නාලිකාවට ඇමතුමක් දෙමින් කතා කළ පුද්ගලයකු ගෙන විමර්ශන කරන ලෙස ඉල්ලූවා. ඔහුට එරෙහිව නඩු පැවරීමට බලාපොරොත්තු වන බවත් පැමිණිල්ලේ තිබුණා. අපි ඒ සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යනවා.” අජිත් රෝහණ මහතා කීවේය.

කාගෙවත් නම කීවෙ නැතුව කේන්ති ගත්තේ මොකටද?

SLD_20141207_A026-1967

මේ දුරකතන ඇමතුම ලබා දුන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා බවට පැතිර යන කතා සත්‍ය දැයි අපි ඔහුගෙන් විමසීමු.


මමත් ඒ වීඩියෝ ක්ලිප් එක බැලූවා. ඒකේ කාගෙවත් නමක් කියවුණේ නැහැනේ. ඒ කතා කළ කෙනා කාගෙවත් නමක් නිව්වේ නැහැනේද. ඉතින් කවුරුත් කේන්ති ගන්න දෙයක් නැහැනේ. අපි විවාදවලට අපුවාමත් ඔහොම  ඕන තරම් කියලා තියෙනවා. අපි ඒවට උත්තරේ දීලා නිකං ඉන්නවා.  ඕවා ගණන් ගන්න යන්නේ නෑ. ලංකාවේ සාපරාධී අපහාස නීතියත් අයින් කරලයි තියෙන්නේ.‘


මේ ගැන විමසීමට දෙරණ රූපවාහිනී නාලිකාවේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.

 

 


m



අදහස් (0)

රහස් පොලිසියෙන් නැවතුණු දෙරණ වාද පිටියේ වාග් හරඹය

කුමාරි Tuesday, 09 December 2014 06:40 AM

කොහොමත් ඔපමන වාග් ප්‍රහාර යද්දී දුරකථනය විසන්දි නොකිරීම වරදක්. මාද්‍ය පක්ෂ බේදයකින් තොරව ක්‍රියා කල යුතුමයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site