IMG-LOGO

රත්තරන් මතුවූ කැලණි ගං ඉවුරෙන් මැණික් ඉල්ලමක් මතුවෙලා



කැලණි ගඟට අධිපති රංවල දෙවියන් යළිත් ජනතාවට වරමක් ලබාදී තිබේ. මීට පෙර දුන් රත්තරං වරම මෙවර කීපගුණයකින් වැඩිකර තිබේ. ඒ මැණික් වරමකි.

මෙම මැණික් ඉල්ලම මතුවී තිබෙන්නේ ද පූගොඩ තොටුපොළට ආසන්න කුමාරිමුල්ල ප‍්‍රදේශයෙනි. මීට මසකට පමණ පෙර ගංඉවුරට ගිය අයෙකුට වටිනා මැණිකක් ලැබී ඇති බව කියති. එම ආරංචිය නිසා දැන් දැන් පූගොඩ ගං ඉවුරට බොහෝ ප‍්‍රදේශ වලින් ජනතාව පැමිණෙති. මුළු දවස පුරා ගඟට බැස මැණික් ගරා වෙහෙස මහන්සි වෙන ඔවුහු හවස් වන විට සැලකිය යුතු ආදායමක් ලබති.

මීට වසරකට පමණ පෙර කැලණි ගෙඟ් රත‍්‍රං ඉල්ලම මතුවූයේ ද කුමාරිමුල්ල ප‍්‍රදේශයෙන්මය. රත‍්‍රං මතුවූ ස්ථානයට මීටර් 20 ක් 30 ක් පමණ ඉහළින් මෙම මැණික් ඉල්ලම මතුවී තිබේ. මේ සම්බන්ධව සොයා බලන්නට පූගොඩට ගිය අපට ජනතාවගෙන් එල්ල වූයේද විරෝධයකි.
”මහත්තයා පත්තරේට ලියන්න එපා. අපිට මේ වැඬේ නිදහසේ කරගෙන යන්න දෙන්න. මාධ්‍යයට මේවා ගියාම සිද්ධ වෙන්නේ අපට මේ දේ නැතිවෙන එක විතරයි” ජනතාව පවසන්නේ එහෙමය.

මෙම මැණික් ඉල්ලම පිළිබඳව විස්තර කීමට ඉදිරිපත් වූ ස්වල්පදෙනා ද ඉල්ලා සිටියේ තමන්ගේ අනන්‍යතාව හෙළි නොකරන ලෙසය.

මැණික් ඉල්ලම ආසන්නයේ සිටින සුළු ව්‍යාපාරිකයකු කීවේ මෙය රංවල දෙවියන් ජනතාවට දුන් අවුරුදු තෑග්ගක් බවය.

”මේ මැණික් ඉල්ලම කාලෙක සිටම මෙතන තියෙනවා. ගෙඟ් විතරක් නොවෙයි, ගොඩක් මැණික් තියෙනවා. මේ ප‍්‍රදේශය අයිති කනම්පැල්ල, පූගොඩ හා කුමාරිමුල්ල ගම්වලටයි. ඒත් ඒකෙන් ප‍්‍රයෝජන ගන්නේ පිටස්තර අයයි. පසුගිය දවස්වල පන්සීයකට වැඩි පිරිසක් ඇවිත් මෙතන මැණික් ගැරුවා. සමහර පාතාල සාමාජිකයින් ගෙන්වලා බලහත්කාරයෙන් මැණික් ගැරුවා. අපේ ගමේ කිසිම කෙනෙකුට ගඟට බහින්න ඉඩදුන්නේ නෑ. පසුව ගමේ පිරිස එකතුවෙලා ගඟට බැස්සා  ඕනෑ දෙයක් වුනාවේ කියලා. අර හිටිය පිරිස කොහේ ගියාද නැහැ.”

මේ ගම්වල ඉන්නේ දුප්පත් මිනිස්සු. මේ මැණික් ඉල්ලම පෑදුනාට පස්සෙ ගමේ හොරකම් පවා නතරවෙලා තියෙනවා. එදිනෙදාට අවශ්‍ය කීයක් හරි හොයාගන්නවා. ඒකට පොලිසියෙන් උනත් ලොකු බාධා කිරීම් නැහැ.

ඒත් අපට තිබෙන විශාල කරදරය තමයි පිටස්තර ප‍්‍රදේශ වලින් ඇවිත් අපේ ගමේ මැණික් ටික අරගෙන යන එක. ඒකට සම්බන්ධවෙලා තියෙන්නේ ලොකු ලොකු ව්‍යාපාරිකයින්. ඒ අයගේ කට්ටිය ගෙනත් මැණික් ගරවනවා. ඒ අය මේක කරන්නේ ව්‍යාපාරයක් හා ජාවාරමක් හැටියට. ඒකට ඉඩදෙන්න බැහැ” ඔහු කියා සිිටියේය.

නම හෙළි නොකළ තවත් අයෙකු ප‍්‍රකාශ කළේ පසුගිය දින 30 ක 40 ක කාලය තුළ රුපියල් කෝටි 10 ක් පමණ වටිනා මැණික් ගල් මෙම ප‍්‍රදේශයෙන් හමුවී ඇති බවය. ඒ මැණික් මිලදී ගන්නට දිවයිනේ නන්දෙසින් පැමිණි මැණික් ව්‍යාපාරිකයින් හැන්දෑවරුවේ කනම්පැල්ල ප‍්‍රදේශයේ රැුඳී සිටි බවද ඔහු කීය. ඉතා වටිනා මැණික් වර්ග අඩුවෙන් හමුවූ බවත් ”ඔට්ටු” ”දළං” වැනි මැණික් වර්ග සුලභව තිබූ බවත් ඔහු ප‍්‍රකාශ කළේය.

මීට වසරකට පමණ පෙර මේ ප‍්‍රදේශයෙන්ම රත‍්‍රං හමුවූ අතර මේ වනවිට ද රත‍්‍රං සුළු වශයෙන් මතුවී තිබේ. මේ නිසා මැණික් ගැරීමට අමතරව රත‍්‍රං ගරන්නෝ ද මෙහි සිටිති. එක ගලකින් කුරුල්ලන් දෙදෙනකු බාගන්නාක් මෙන් රත‍්‍රං හෝ මැණික් ඔවුන් සතුවීමට බොහෝ ඉඩකඩ තිබේ.

සිංහල හා මුස්ලිම් ජනතාව වෙසෙන මේ ප‍්‍රදේශය තුළ රත‍්‍රං සෙවීම ඉතා සහයෝගයෙන් සිදුවුව ද මැණික් ගැරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවී ඇති බවද කියති. මැණික් සොයන්නන්ට එරෙහිව පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මක වුවද පොලිසිය පැමිණ ආපසු යන්නටද පෙර යළිත් ඔවුහු ගඟට බැස තම රාජකාරිවල නිරතව සිටිති.

අප මේ පිළිබඳව පූගොඩ පොලිස් ස්ථානාධිපති එම්.ඞී.ඞී. නිලංග මහතාගෙන් විමසීමක් කළෙමු. ඒ මහතා ප‍්‍රකාශ කළේ මැණික් ලැබෙනවා යැයි කියන කතාව සම්පූර්ණයෙන්ම බොරුවක් බවයි. ඉඳහිට මැණික් හමුවීම අද ඊයේ සිදුවූ දෙයක් නොවන බවද එය අතීතයේ පටන් පැවැති සාමාන්‍ය තත්ත්වයක් බවද ඒ මහතා කීය.

කෙසේ නමුත් ගංගාවට හා ගංගා ඉවුරට හානි සිදුකිරීමට ඉඩ නොදෙන බවත්, ඒ සඳහා වැටලීම් කරන බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කීය. කැලණි ගෙඟ් කැණීම් කටයුතු කිරීමට ඉඩනොදෙන බවද ඒ මහතා කියා සිටියේය.

මැණික් ගැරීමේ නිරතව සිටි මුස්ලිම් ජාතික ප‍්‍රදේශවාසියෙකු ද මේ ගැන අපට කීවේ මෙවැන්නකි.

”ලොකු ලොකු මැණික් මෙතන හම්බවෙන්නේ නෑ. ගඟ උඩහට වෙන්නට තමා ලොකු මැණික් තියෙන්නේ. ගංඟාවේ වැලි විශාල වශයෙන් මේ ප‍්‍රදේශවල ඉවත් කරනවා. පූගොඩ තොටුපොළ තමා කැලණි ගෙඟ් වැඩිම වැලි ඉවත්කරන ස්ථානය. අලූත් පාලම හැදුවාට පසුව තමයි වැලි හෑරීම නැවතුනේ. දැන් වැලි නැති නිසා මැණික්, රත‍්‍රං වගේ දේවල් මතුවෙනවා. පිටතින් පැමිණි පිරිස් මේ කාර්යය මහා පරිමාණයෙන් කළා. ඒ අයට වෛරෝඩි වගේ විශාල වටිනා මැණික් හමුවුන බවද කියනවා. ඔවුන් මෙහාට ඇවිත් කරන්නේ ගමේ පොඩි මිනිහාට අයිති දේ පැහැරගෙන යාමක්.”

මැණික් ගරන්නන් අසළට ගියද කිසිම අයෙකු අප වෙත තමන් ලද මැණික් ප‍්‍රදර්ශනය කිරීමට අකමැති වූහ. ඔවුහු කීවේ කිසිම දෙයක් නොලද බවය. ඒ බව මාධ්‍ය ඉදිරියේ සැඟවීමට ඔවුන් ගිවිසගත් ආකාරයක් පෙනී යයි.

කෙසේ නමුත් මැණික් ගැරීමේ යෙදී සිටින පිරිස දෙස බලන විට ඔවුන් ආර්ථික මට්ටමින් දුප්පතුන් බව පෙනී යයි. බොහෝ අය දිනය පුරාම එම කාර්යයේ යෙදී සිටිය ද දවසටම හසුවූ දෙයක් නොමැති තරම්ය.

කෙසේ වෙතත් පූගොඩ ජනතාවට රංවල දෙවියන් දුන් මැණික් වරම කොල්ලකන්නට පාතාලය පවා මෙම ස්ථාන ආක‍්‍රමණය කර ඇති බවද කියැවේ. බස්නාහිර පළාත් ඡන්දය පැවැත්වෙන නිසා ඍජුවම දේශපාලකයින් මෙයට සම්බන්ධ නොවුවද වක‍්‍රානුකූලව මෙම සිද්ධි සමග දේශපාලන සබඳකම් ඇති බවද ජනතාව විශ්වාස කරයි.

 



අදහස් (0)

රත්තරන් මතුවූ කැලණි ගං ඉවුරෙන් මැණික් ඉල්ලමක් මතුවෙලා

රුවන් Thursday, 20 March 2014 03:17 PM

කාට කාටත් හරියනවනම් අපි කැමති... (ත)

:       0       0

සාරංග Thursday, 20 March 2014 08:57 AM

වනිග ඔයා ඉරිසියා කාරය (අ)

:       0       0

වනිග Wednesday, 19 March 2014 06:54 PM

අනේ හොදයි තව මොනවා හරි දෙයක් තියෙනවා නම් එකත් අරගෙන කන එකයි ඇත්තේ (දී)

:       0       0

කසුන් කවුශල්‍ය Thursday, 20 March 2014 08:54 PM

ඇත්තෙන්ම.... සාමාන්‍ය මනුස්සයෙක්ට ඔළුව උස්සගන්න හම්බුවෙන මේවගේ අවස්ථාවලට සහයෝගයක් දෙන්න ඕනේ.... මෙව්වා මුර කරලා කෝටිපතියන්ටම වෙන්දේසි නොකර.... හැමෝම කැමති තමන් ඉන්නා තැනට වඩා පියවරක් හරි ඉහලට යන්න උත්සාහ කරන්නයි... මේ අයට අවස්ථාවක් දෙන්න ඕනේ.... (ත)

:       0       0

නලින් Friday, 21 March 2014 08:41 PM

අනේ හොදයි අපේ මිනිස්සුන්ට හරියනවා නම්.(නදී)

:       0       0

ෂිරාස් Friday, 21 March 2014 12:42 AM

ගමේ මිනිසුන්ට පමණක් මේක සිමා කරානම් තවත් ලොකු දෙයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 332 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 808 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site