IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


රට වට්ටපු අයට දඬුවම් ඕනෑමයි

ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුකළ හැකිද, විපක්‍ෂයේ භූමිකාව ශක්තිමත්ද යනාදී කරුණු පිළිබඳව මෙවර රජ වීදියෙන් අදහස් දක්වන්නේ ගම්පහ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාය. 


• රටේ යම් වෙනසක් සිදුවෙමින් තිබෙනවා. විපක්‍ෂය ඒ සත්‍යය පිළිගන්න සූදානම්ද? 

ඉතා පැහැදිලිවම පිළිගන්නවා. රටක් විදියට රටට හොඳ දේවල් වෙනවනම් අත්දෙකම ඔසවා ඊට එකඟතාව පළ කරන්න අපි සූදානම්. ඒ වගේම විපක්‍ෂය විදියට රටට අහිතකර යමක් වෙනවානම් කට පියාගෙන පැත්තකට වෙලා ඉන්නත් අපි සූදානම් නැහැ. ප්‍රතිත්‍රස්ත පනත ආපු වෙලාවේ එහි අහිතකර බව රටට කියලා ඊට විරුද්ධව අපි නැගී සිටියා. ඒ වගේම විකාශන අධිකාරි පනතටත් අපි විරුද්ධයි. හොඳ දේවල්වලට හොඳයි කියනවා වගේම නරක දේවල්වලට විරුද්ධ වෙන්නත් අපි පැකිලෙන්නේ නැහැ. 

• රටේ තිබුණු ගෑස් පෝළිම්, තෙල් පෝළිම් නැති වුණේ ජනපති රනිල්ගේ දක්‍ෂතාව නිසා කියලා විපක්‍ෂය විශ්වාස කරනවද? 

පැහැදිලිවම. අපි කුහක නැහැ. හරි දේවල්වලට හරි කියනවා. ඉන්ධන, ගෑස් පෝළිම් නැති කිරීම ඉතාම හොඳයි. රටේ ආර්ථික තත්ත්වය ඒ ආකාරයට ගොඩ නැගුවත් ජනපතිවරයාට අමතක වෙලා තිබෙන දේ තමයි මේ රට ආර්ථික වශයෙන් පහළට ඇද දැම්මේ කවුද කියන එක. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළි අරන් තිබෙනවා මෙරටේ ආර්ථික අපරාධ සිදුවී තිබෙන බව. අපි ඒ සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න කිවුවත් ඒ සම්බන්ධව කවුරුත් අවධානය යොමු කළේ නැහැ. අපි කියන්නේ ආර්ථික වශයෙන් මේ රට වට්ටපු අයට අවශ්‍ය දඬුවම් දෙන්න. 

• රනිල් ජනපති බවට පත්වූයේ පොහොට්ටුවේ උදව්වෙන් බව හැමෝම දන්නවා. එවැනි පසුබිමක පොහොට්ටුවට විරුද්ධව තීන්දු තීරණ ගැනීම ප්‍රායෝගිකද?

අපි කියන්නේ ජනපතිවරයා හරි දේ කරන්න කියලයි. වැරැදි දේට එකඟ වෙන්න එපා. පොහොට්ටුවේ උදවුවෙන් ආවත් මේ රට මේ තත්ත්වයට පත් වුණේ පොහොට්ටුව නිසා කියලා අමතක කරන්න එපා කියල තමයි අපි ජනපතිවරයාට කියන්නේ. 

• පොහොට්ටුවේ සමහරු ඇමැතිකම් ඉල්ලා අරගල කරන බවට මාධ්‍ය වාර්තා කර තිබුණා?

රටක් විදියට අපි බංකොළොත් වෙලානේ ඉන්නේ. ඒ නිසා ඇමැතිකම් සීමා සහිතව තමයි තිබිය යුත්තේ. මං කියන්නේ කැබිනට් ඇමැතිවරු 15–20 අතර සීමාවක තිබිය යුතුයි. රාජ්‍ය ඇමැතිවරු අපේ වගේ රටකට අවශ්‍ය නැහැ. මේ තත්ත්වයට අපි ගෙනාවොත් අනවශ්‍යව වියදම්වන විශාල මුදලක් ඉතිරි කරගත හැකියි. ඇමැතිවරුන්ට කාර්ය මණ්ඩල, ඉන්ධන විශාල ප්‍රමාණයක් යනවා. අපි මේ මොහොතේ රාජ්‍ය වියදම් සීමා කළ යුතුයි. ඇමැතිකම් ඉල්ලන පළියට කාටවත් දිය යුතු නැහැ. 

• දැන් විපක්‍ෂයට පළාත් පාලන ඡන්දය කල් දැම්මා කියන එක අමතක වෙලාද? 

අපි තමයි පුංචි ඡන්දය ඉල්ලලා අධිකරණයට ගියේ. පාර්ලිමේන්තුවේ ඒ ගැන කතා කළේ. අපි මැතිවරණය කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒක අමතක කළේ ආණ්ඩුව සහ ජනපති. මේ ආණ්ඩුව අධිකරණය කියපු දේ ඇහුවෙත් නැහැ. පළාත් පාලන ආයතන ගජ මිතුරන්ට දෙන්න සැලසුම් කරමින් සිටිනවා. පෞද්ගලිකව මමත් ඒ සම්බන්ධව අධිකරණයට ගියා. අපි කියන්නේ පළාත් පාලන මැතිවරණය ප්‍රමාද නොකර ඉක්මනින් පවත්වන්න. 

• දැන් විපක්‍ෂ නායකවරයා හදිස්සියේ ජනාධිපතිවරණයක් ඉල්ලන්නේ ඇයි?

ආණ්ඩු පක්‍ෂයෙන් තමයි මුලින්ම ඒ යෝජනාව ආවේ. එතනදි තමයි අපි පැවසුවේ ජනපතිවරණය කලින් පවත්වන්න ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නම් ඒ සඳහා අපේ සහයෝගය ලබා දෙනවා කියලා. අපි විශ්වාස කරන්නේ ජනවරමක් සහිත ආණ්ඩුවක් තමයි තිබිය යුත්තේ. ජනාධිපතිවරණයක් ආවොත් සජිත් ප්‍රේමදාස මහතා තමයි සජබෙ අපේක්‍ෂකයා වෙන්නේ. 

• ජනපතිවරයා කියන්නේ මුළු විපක්‍ෂයම එකතු වෙලා ආවත් කාටවත් බහුතරයක් ගන්න බැහැ කියලා. 

හොඳම දේ ජනාධිපතිවරණයක් පවත්වන එක. මම විශ්වාස කරනවා අපේ අපේක්‍ෂකයාට සියයට 50 පන්නලා ඡන්ද ගන්න පුළුවන්.

• මාලිමාවට දැන් රැල්ලක් නැද්ද? 

පැහැදිලිවම නැහැ. ජවිපෙ හැමදාම මැතිවරණයට කලින් දිනලා හිටියේ. ඒත් ප්‍රතිඵල ආවම ජවිපෙ පරාදයි. 

• විපක්ෂයෙන් ආණ්ඩුවට ගිය අයට විනය ක්‍රියාමාර්ග ගන්නවද? 

අපට පුද්ගලයෝ අදාළ නැහැ. කවුරු වුණත් පක්‍ෂ විනයට පටහැනිව ක්‍රියා කරනවා නම් ඊට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්නවා. 

• පාඨලී, රාජිත, වෙල්ගම විපක්‍ෂයේ ප්‍රධාන බලවේගයක් ගොඩනගන්න උත්සාහ කරනවා?

ඒ අයට තිබෙන එකම විකල්පය තමයි සමගි ජන බලවේගය බව කියන්න කැමැතියි. වෙන උත්තර ඒ අයට නැහැ.

• ඩොලරයේ අගය අඩු වුණාට බඩු මිල අඩු වෙලා ඒ ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවද?

පැහැදිලිවම ඩොලර් අඩුවීමේ ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතුයි. ආණ්ඩුවට තිබෙන්නේ ඩොලර් පහළ හෙළීමේ ලාභය ජනතාවට ඉක්මනින් ලබා දීමයි. ආණ්ඩුවට මේ කිසිවකින් අත හෝදගෙන නිකන් ඉන්න බැහැ. මේ සඳහා රජයේ ආයතන මැදිහත් වෙලා ඉක්මනින් පියවර ගත යුතුයි. 

• රනිල් ඊළඟ ජනපති අපේක්‍ෂකයා වුණොත් විපක්‍ෂයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට යන්න ඉන්නවද? 

එහි කිසිම ඇත්තක් නැහැ. විපක්‍ෂයෙන් 03 – 04 දෙනෙක් ආණ්ඩුවට ගියාට ආණ්ඩුවෙන් විපක්‍ෂයට 40 දෙනෙක් පැමිණීම කවුරුවත් කතා කරන්නේ නැහැ. පොහොට්ටුව අද කැඩිලා තියෙනවා. පොහොට්ටුවෙන් තමයි වැඩිම පිරිසක් ආණ්ඩුවට ආවේ. 

• විකාශන අධිකාරි පනතට විපක්‍ෂය විරුද්ධ ඇයි? 

ප්‍රජාතන්ත්‍රවාදයට මාධ්‍යයට විරුද්ධ පනතක්. ඊට විරුද්ධව අපි පෙළගැහෙනවා. මේක අපි පරාජය කරනවා. ප්‍රතිත්‍රස්ත පනතත් පාර්ලිමේන්තුවට ගේන්න අපි ඉඩ දුන්නේ නැහැ. මේකත් පාර්ලිමේන්තුවේදී අපි පරාජය කරනවා.

• ජවිපෙ මහපාරේ සටන් පටන් ගන්න ලෑස්තියි. විපක්‍ෂය නැද්ද ඒවට?

අපි දැනටමත් පාරේ සටන් පටන් අරගෙන ඉන්නේ. ආණ්ඩුවට රටට අහිතකර ඕනෑම තැනකදී අපි ඊට විරුද්ධතාව ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුව, මහ පාර ඔය ඕන තැනක විරෝධතාවට අපි ඔට්ටුයි. 


ගම්පහ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

සටහන - අමිල් චින්තක ගමගේ



අදහස් (5)

රට වට්ටපු අයට දඬුවම් ඕනෑමයි

Senarath Thursday, 08 June 2023 12:30 PM

රට වැටෙන්න පටන් ගත්තේ තමනුත් හිතපු 2015-2019 කාලෙදී, ගනිපු ණය කන්ද සහ රටේ සංවර්ධන වේගය හොඳින් බලන්න. එදා රටේ යුද්ධ හෝ කොවිඩ් වගේ වසංගතත් තිබුණේ නැහැ. 2021, 2022 දී පාලකයෝ 100% කාබනික පොහොර හඳුන්වා දීමෙන්, තෙල් සහ ගෑස් නොමැති වීමෙන් තමයි රටේ ජනතාවට අමාරුව දැනුනේ... එහෙම නැතිව ඔයාලා සුදනලා නෙවෙයි...

:       2       9

SENA Thursday, 08 June 2023 02:16 PM

පාරේ සටන් පටන් අරගත්තාට ගමට නම් එන්න එපා කියලා ගම්මු කියන්නේ...

:       0       7

fairoos Thursday, 08 June 2023 02:41 PM

අනිවාර්යෙන්ම... රට මේ තත්වයට පත්කරපු අයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ..

:       0       5

Senarath Friday, 09 June 2023 12:18 PM

එතකොට ඔයාලාටත් දඬුවම් දෙන්න වෙනවා. ඔයාලා බලයේ හිටපු 2015 සිට 2019 දක්වා තම වැඩිම ණය අරගෙන මදිවට රටේ සංවර්ධන වේගය 6% සිට... 2.3% දක්වා ක්‍රමයෙන් පහළට දැම්මේ. සුදනලා වගේ කතාව...

:       4       8

විජේ Tuesday, 13 June 2023 04:39 PM

තම තමුනුත් ඇතුළුවිය යුතුයි ඒ ගොඩට...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 250 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 400 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 229 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 631 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 746 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2843 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site