IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රට අදුරේ තබන්න එපා

 

රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහි වෙමු බැනරය යටතේ සංවිධානය වෙමින් සිටින ඛනිජ තෙල්, වරාය සහ විදුලිය සේවකයෝ ඊයේ (03) විරෝධතා මාලාවක් පැවැත්වූහ. විරෝධතා මාලාව ඇතුළු සෙසු ඉදිරි වැඩපිළිවෙළ සඳහා පිහිටුවාගෙන ඇති ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, විදුලි, වරාය ඒකාබද්ධ සංවිධානය ප්‍රකාශ කර තිබුණේ රට පුරා සේවය කරන තෙල්, විදුලි සහ වරාය සේවකයන් විශාල පිරිසක් එම විරෝධතාවලට එක්වන බවය.

මෙවැනි සේවක සංවිධාන වරින් වර බිහිවන අතර ඒවායින් අරමුණු කෙරෙන්නේ රජය මගින් ගනු ලබන තමන් අකැමැති තීන්දුවලට එරෙහි අරගලයක් දියත් කිරීමය. හදිසියේම රට පුරා පැන නැගී වත්මන් විරෝධතා මාලාවේ ප්‍රධානම අරමුණ යුගදනවි බලාගාරයේ අයිතියේ සියයට 40ක කොටස් අමෙරිකාවේ නිව්ෆෝට්‍රස් සමාගමට විකුණා දැමීමට තම විරෝධය ප්‍රකාශ කිරීමය.

සාමාන්‍යයෙන් රජය මගින් ගනු ලබන මෙවැනි තීන්දුවකට දැඩි ලෙස විරෝධය පළ කරන්නේ විපක්ෂයේ දේශපාලන නායකයන් වුවද මෙම විරෝධතා මාලාව රජය ඇතුළත සිටින ඇමැතිවරුන් කිහිපදෙනකුගේ ආශිර්වාදය සහ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වීම විශේෂයෙන් කැපී පෙනෙයි.

මේ අතර විදුලි බල ඇතුළු වෘත්තීය සමිති කිහිපයක විරෝධතා හේතුවෙන් මහජනතාවට පීඩාවක් ඇතිවන බැවින් එය නවතා දමන ආඥාවක් නිකුත් කරන්නැයි වැල්ලම්පිටිය පොලිසිය මගින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගියදා (2) ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව ඉදිරි දිනවලදී මෙම සේවක විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැකි වනු ඇත.

මෙහිදී වඩාත්ම රටේ මහජනතාව පීඩාවට පත්වනු ඇත්තේ විරෝධතා සහ උද්ඝෝෂණ හේතුවෙන් නොව විදුලිය බිඳ වැටීමක් සිදු වුවහොත් බවට කතා දෙකක් නැත. සේවක විරෝධතා පවතිද්දී විදුලිය පද්ධතියේ බිඳ වැටීමක් සිදු වුවහොත් එය ඉක්මනින් යථා තත්ත්වයට පත් නොවන බව අතීත අත්දැකීම්වලින් රටේ ජනතාව දැන සිටිති.

විදුලිය බලය නොමැතිව රටට එක විනාඩියක් හෝ පැවැත්මක් නැත. විදුලිය නොමැති විට සියලු‍ රජයේ සහ පෞද්ගලික කාර්යාලවල රාජකාරි කටයුතු අඩාල වෙයි. එවැනි අවස්ථාවකදී ජෙනරේටර්වලින් සපයාගනු ලබන විදුලියෙන් ලබාදිය හැක්කේ සීමිත ක්‍රියාකාරීත්වයක් පමණි. කොටින්ම රටම අඳුරටම පත්වීම වළක්වා ගත නොහැකි වනු ඇති බව පැහැදිලිය.

පැන නැගී ඇති සේවක විරෝධතා සාකච්ඡා මගින් විසඳා ගැනීමට රජය වහාම මැදිහත් විය යුත්තේ එබැවිනි. විදුලිය නොමැතිව ජීවත්වීමට සිදු වූ අතීත අත්දැකීම් ඇති සියලු‍ දෙනා එය කොතරම් කටුක අත්දැකීමක් දැයි සහසුද්දෙන් දැන සිටිති. විරෝධතා සහ උද්ඝෝෂණවලට නායකත්වය දෙන දේශපාලනඥයන්ගෙන් සහ වෘත්තීය සමිති නායකයන්ගෙන් අප දැඩි ලෙස ඉල්ලා සිටින්නේ මෙවැනි වෘත්තීය අරගල රටේ කොඳු නාරටිය බිඳ දැමීමේ පවිටු චේතනාවෙන් සිදු නොකරන ලෙසය. විදුලිය සෑහෙන කාලසීමාවකට බිඳ වැටී තිබීම යනු රටේම රෝගීන්ගේත් ජීවිත පවා බලවත් අනතුරකට ඇද දැමීමක් බව ද ඔවුන් සිහි තබාගත යුතුය.

වත්මන් විරෝධතා ව්‍යාපාරයට ආසන්නම හේතුව යුගදනවි කොටස් විකිණීම බව සඳහන්ය. එහිදී අපට පෙන්වාදීමට සිදුවන්නේ මේ තීන්දුව රජය මගින් ගනු ලැබූවක් බැවින් ඒ සඳහා විසඳුම ලබාදිය හැක්කේ ද රජයටම බවය. රජය සමඟ මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සාකච්ඡාවක නිරත වීදැයි අපි නොදනිමු. ඒ සඳහා සාකච්ඡාවක් ඉල්ලා රජයේ බලධාරීන්ට යොමු කළ ඉල්ලීම්වලට පිළිතුරක් නොලැබීම නිසා මෙවැනි විරෝධතාවකට ඔවුන් තල්ලු‍ වී සිටින්නේද යන්නද පැහැදිලි නැත.

අපට පැහැදිලිව පෙනෙන සත්‍යය නම් මේ අවස්ථාවේදී විරෝධතාවල ප්‍රතිඵලයක් වශයෙන් විදුලිය සැපයීම කඩා වැටුණහොත් එවන් පීඩා විඳින්නේ රජයේ බලධාරීන් නොව රටේ සාමාන්‍ය ජනතාව බවය. රජයේ බලධාරීන් නම් තමන්ගේ ජෙනරේටර් ක්‍රියාත්මක කොට විදුලිය සපයා ගන්නවා ඇත. එහෙත් සහල් කිලෝවක් මිලට ගැනීමත් ගැටලුවක් වී ඇති ආර්ථිකයක් තුළ සාමාන්‍ය ජනතාවට නම් ඉතිරි වන්නේ කබලෙන් ළිපට වැටීම පමණි.

යුගදනවි ප්‍රශ්නය පෙන්වා දෙන්නේ අපේ රට ආයෝජන සම්බන්ධයෙන් බරපතළ ගැටලු‍වකට මුහුණ දී සිටින බවය. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මගින් රටේ ආර්ථිකය දිගින් දිගටම පහතට ඇද දමද්දී ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම පහසු නැත. එසේම වෘත්තීය සමිති සහ ඔවුන්ට උඩගෙඩි දෙන දේශපාලනඥයන් ආයෝජන සහ රටේ සම්පත් විකිණීම අතර පවතින පැහැදිලි වෙනස අවබෝධ කර නොගැනීම ද රටට මහත් අවාසියක් වී තිබෙන බව ද පෙන්වා දිය යුතුය. මේ නිසා තමන්ට අවශ්‍ය වෙලාවට වෘත්තීය සමිති පාරට ගැනීමට දේශපාලනඥයන්ට අවස්ථාව උදා වී තිබේ.

විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව යනු මේ රටේ ජනතාව තමන්ගේ බදු මුදලින් නඩත්තු කරන සුදු අලින් බව යථාර්ථයයි. ඒවා පාඩු ලැබීමට තුඩු දුන් හේතු වෙන් වෙන් වශයෙන් පෙන්වා දීම අවශ්‍ය නැත. එහෙත් මේ රාජ්‍ය ආයතනවලින් රටේ ආර්ථිකයට එකතු වෙන බර ජනතාවගේ කරේ එල්ලීම හැම රජයකම පහසු විසඳුම බවට පත්ව තිබේ.

සැබැවින්ම විය යුත්තේ රටේ ආර්ථිකය වේගවත් කරන තීන්දු තීරණ නොපැකිළිව ගෙන ඒ සඳහා ආයෝජන ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රමවේදය විනිවිද පෙනෙන ආකාරයට සිදුකිරීම බව රජයේ බලධාරීන් ද දැන සිටිය යුතුය. ඒ වෙනුවට මෙවැනි විරෝධතා හට ගැනීමත් ඒවා ගණන් නොගෙන සිටීමත් හේතුවෙන් සිදුවන්නේ රාජ්‍ය ආයතන ණය බරට කර ගසා සිටින රටේ පොදු මහජනතාව අඳුරෙන් අඳුරට යාම පමණි.

(***)



අදහස් (0)

රට අදුරේ තබන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2222 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site