IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රටට වැඩකළ සෙන්පති මොන්ටේගු ජයවික්‍රම

හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත සෙන්පති මොන්ටේගු ජයවික්‍රම මහතාගේ 106 වැනි ජන්ම දිනය අද (15) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

දකුණේ මහා දානපති ඩී.එම්. සමරවීර මුදලිතුමාගේ සිරිමැදුර නිවසේදී ලිඩියා මාග්‍රට් මැතිණියටත් සුප්‍රකට නීතිඥ වෝල්ටන් ජයවික්‍රම මැතිතුමාටත්, පුත්‍ර රත්නයක් වී 1911 ජනවාරි 15 වැනිදා සෙන්පති මොන්ටේගු ජයවික්‍රම මහතා ජන්ම ලාභය ලැබීය. තම සීයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි වූ වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයෙන් අධ්‍යාපනය අත්පොත් තැබූ මෙතුමා නොබෝ දිනකින් ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයට ඇතුළත්ව සිප් සතර හැදෑරීය.

පවුලේ ඉල්ලීම මත පේරාදෙණිය කෘෂිකර්ම විද්‍යාලයේ වැවිලි කර්මාන්ත කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනය ලබමින් වැවිලි ක්ෂේත්‍රයට ඇතුළු විය. අධ්‍යාපනය හා ක්‍රීඩා ක්‍රියාකාරකම් නිසා යුද හමුදා සේවයට බැඳී මේජර් තනතුර දක්වා උසස්වීම් ලද්දේය.

උපතින්ම කීර්තිය, ධනය යන ඉසුරු හා ආරෝහ පරිනාහ, දේහ සම්පත්තියෙන් අනූන වූ මෙතුමා සමාජ මෙහෙවර සඳහා ජන සමාජයට එක් විය. එකල ප්‍රබල දේශපාලන ප්‍රභූවරුන්ගේ ඇසුරට පත් මොහු ජාති, ආගම් භේද නොතකා ජාතියේ විමුක්තිය උදෙසා අත්වැල් බැඳගත් ඩී.එස්. සේනානායක, සර්.ඩී.බී. ජයතිලක, ජේ.ආර්. ජයවර්ධන, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම්, ඩී.බී. ජයා, ඒ.ඊ. ගුණසිංහ, පිලිප් ගුණවර්ධන, එස්.ඩබ්ලිව්. අමරසූරිය ආදි ශ්‍රේෂ්ඨ ප්‍රභූවරුන් ඇසුරු කළේය.

වැලිගම නගර සභාවෙන් දේශපාලනයට ප්‍රවිශ්ඨ වූ මෙතුමා 1936දී එහි සභාපති වශයෙන් තේරී පත්විය. කලාකීර්ති රෝහණ ප්‍රදීප, එඞ්වින් ආරියදාස මහතා පවසන පරිදි, බෞද්ධ අධ්‍යාපන ප්‍රගතියේ පතාක යෝධයකු වූ හෙන්රි වුඞ්වඞ් අමරසූරිය මහතාගේ නැගණියක වන අමරසූරිය මෙනවිය මෙතුමාගේ ප්‍රියම්බිකාව විය.

1946 වැලිගම ආසනය දිනූ මෙතුමා දේශමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ රජයේ මංමාවත් හා ප්‍රසිද්ධ වැඩ පිළිබඳ නියෝජ්‍ය ඇමැති පදවියට පත්විය. 1977 දක්වා විවිධ අමාත්‍යාංශ හොබවමින් 1989 තෙක් වැලිගම ආසනය නියෝජනය කළේය. වැලිගම ජනතාව සමග ගහට පොත්තක් මෙන් සමීප සම්බන්ධයක් පැවැත්වූ මෙතුමාගේ දේශපාලන හා සමාජ ජීවිතය ආදර්ශමත් නොකැළැල් එකක් විය.

ඩඞ්ලි සේනානායක, ජේ.ආර්. යුගවලදී නොයෙක් ඇමතිකම් දැරූ මෙතුමා රටේ උන්නතිය වෙනුවෙන් නොමැකෙන සේවයක් ඉටු කළේය. මහාමාර්ග තැනීම පිළිබඳව විශිෂ්ටයෙකු වූ මෙතුමා ඓතිහාසික ඇල්ල වැල්ලවාය නව මාර්ගය රටට දායාද කළේය. ගාලු නගරයට අලංකාරයක් එක් කරමින් නව ගාලු සමුද්‍ර මාර්ගය ද මෙතුමාගේ නිර්මාණයක් විය. නුවරඑළිය සිට ලෝකාන්තය දක්වා දිවෙන කෙටි මාර්ගය ද මෙතුමාගේ සංකල්පයකි. වැලිගම නව මහාර්ගය ද, සිතුල්පව්ව මාර්ගය ද මෙතුමාගේ නිර්මාණයක් විය. දුම්රිය සේවයේ ද නව නැම්මක් ඇති කළ මෙතුමා, “රුහුණු කුමාරි”, “උඩරට මැණිකේ” සහ “යාල්දේවි” දුම්රිය සේවාවද ආරම්භ කළේය. 1977 ජේ.ආර්. ජයවර්ධන යුගයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ධුරයෙන් ද, වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයෙන් ද, මෙතුමා පිදුම් ලැබුවේය. රාජ්‍ය නිලධාරීන් මෙතුමා සමග සේවය කිරීමට වඩාත් රුචිකත්වයක් දක්වන ලද්දේ මෙතුමාගේ දක්ෂතාව සහ කුළුපග බව ඔවුන් දැන සිටි නිසාය.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී මෙතුමා ලංකාව නියෝජනය කිරීමට නම් කරන ලද්දේ මෙතුමාගේ දක්ෂතාව සහ ගුණාංග නිසාය. වැඩබලන සභා නායක ලෙස කටයුතු කර ඇති මෙතුමා වැලිගම මුස්ලිම් ජනතාව ඉතා සමීපව ඇසුරු කරමින් ඔවුන්ගේ සේවාවන් ද ඉටු කළේය. ඓතිහාසික අග්‍රබෝධි රජමහා විහාරය, රාජකුලවඩන රජමහා විහාරය ඇතුළුව සියලු විහාරස්ථාන දියුණු කිරීමට මෙතුමාගෙන් ලැබුණේ විශාල මෙහෙයකි. රජයේ මැති ඇමැතිවරුන් වැලිගමට ගෙන්වා විශාල සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කළ අතර, පොල්අතු ගඟ ව්‍යාපෘතිය මෙතුමාගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයකි.

1987 පාර්ලිමේන්තු බෝම්බයෙන් අසනීප තත්ත්වයට පත්වූ මෙතුමාට රණසිංහ ප්‍රේමදාස මහතා වයඹ ආණ්ඩුකාර ධුරය ලබා දුන්නේය. 2001 නොවැම්බර් 17 වන දින මෙතුමා දැයෙන් සමුගත්ත ද, පරාර්ථකාරී උත්තුංග යුග පුරුෂයෙකු ලෙස රටේ ජනතාව තවමත් මෙතුමා සිහිපත් කරති.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
මදුරපාල එදිරිවීර



අදහස් (4)

රටට වැඩකළ සෙන්පති මොන්ටේගු ජයවික්‍රම

කුමාර් (ගල්ෆ්) Monday, 15 January 2018 11:05 AM

රිච්මන්ඩ් විදුහලේ කීර්තිමත් ආදි සිසුවෙක්...

:       343       21

wijaya Monday, 15 January 2018 12:59 PM

මෙතුමා හපුතලේ ආසනයේ මන්ත්‍රීතුමා වෙලා හිටිය වගෙත් මතකයි

:       0       2

ලුම්බිණි Wednesday, 17 January 2018 03:50 AM

වැලිගම සමුද්‍රාසන්න මාර්ගය මෙතුමා කල දෙයක්.

:       0       0

සරත් උළුවිටිකේ Saturday, 28 September 2019 05:21 PM

මොන්ටේගු ජයවික්‍රම මහතාට අයත්ව තිබූ සවුත් චාලි මවුන්ට් වතුයායේ මගේ පියා සේවය කළ අවධියේ අප පවුලේ සියලු දෙනා එහි පදිංචිව සිටියහ. එකල හයවන පන්තියේ ඉගෙනුම ලැබූ මම පාසල් සිසුවෙකු ලෙස බොහෝ අවස්ථාවල එතුමා සමග කතාබස් කර ඇත්තෙමි. පාසල් නිමවී පා ගමනින් නිවෙස කරා එන අපට බොහෝ අවස්ථාවල එතුමා හමුවන්නේ කොළඹ සිට වතුයාය බලා එතුමා පැමිණෙන අවස්ථාවල දීය. මෝටර් රථය නවතා මමත් මගේ සොහොයුරියන්ද නංවා ගන්නා එතුමා එතැන් සිට අපෙන් විවිධ ප්‍රශ්න අසයි. ඒ සියල්ල පාසල හා ඉගෙනුම් පිළිබඳවය. අනතුරුව ප්‍රකාශ කරන්නේ " හොඳට ඉගෙන ගන්න ඕන, මම හොඳ රස්සාවක් දෙනවා " යනුවෙනි. වත්තේ සේවකයින් හට සෑම මසකම 10 වෙනිදා පඩි ලබාදේ. පඩි දිනයට එතුමා සෑම විටම පාහේ පැමිණෙන අතර සේවකයින් හට තම අතින්ම මාසික පඩිය ලබා දෙන්නේ ලෙන්ගතුව යමක් පවසමිණි. වැවිලිකරුවෙකු ලෙස එතුමා ගහ කොළට දැඩිසේ ආදරය කළේය. සතා සිව්පාවාට ආදරය කළේය. ස්වභාව සෞන්දර්යට ඇලුම් කළේය. පොතුවිල් මුහුදු තීරයේ සංචාරක බංගලාවක් ඉදිකර එහි සුන්දරත්වය වින්දේය. අගමැති ඩඩ්ලි සේනානායක මහතා කැඳවා වත්තේ ඇති කුඹුරක ගොයම් පැළ සිටවු අයුරු මට මතකය.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site