IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රටට කීර්තියක් ගෙනා කොරියාවේ ශ්‍රී ලාංකිකයා

නිවෙසක හුදකලාව විසූ 91 හැවිරිදි කොරියානු ජාතික කාන්තාවකගේ ජීවිතය තම දිවි පරදුවට තබා බේරාගත් ශ්‍රී ලාංකිකයකු වන නිමල් බණ්ඩාර මහතාට ​ඒ වීර ක්‍රියාව අගයා එරටේ පුරවැසිභාවය පිරි නැමීමේ පුවතක් අප පුවත් පත් ඉකුත් දා වාර්තා කළේය.

මවුබිමට ගෞරවය දිනා දී මවුබිමට අපමණ අගයක් නිර්මාණය කළ නිර්භය ශ්‍රී ලාංකික වීර පුත්‍රයාට ලංකාදීපයේ ශූභාශිංසන පළමුව පිරිනමමු. 

හසලක මිනිපේ පාරේ පදිංචි නිමල් බණ්ඩාර මහතා 39 හැවිරිදිය. දෙදරු පියෙකි. මෙයට වසර හයකට පමණ පෙර දකුණු කොරියාව බලා ඔහු පිටත් වන්නේ තම අනාගත ජීවිතය යහපත් කර ගැනීමටය. කොරියාවේ ගුස්වි ප්‍රදේශයේ රැකියාව කරන නිමල් බණ්ඩාර මහතා ගින්නට මැදිව ජීවිතය හා මරණය අතර සටනක යෙදෙමින් සිටි 91 හැවිරිදි වියපත් මාතාවගේ ජීවිතය බේරා ගැනීමට මැදිහත් වන්නේ තම ජීවිත ආශාව අත්හරිමිණි. ඒ වියපත් මාතාව දැන් සිය පුතණුවන්ගේ සහ ලේලියගේ ඇසුරේ ජීවත්වන බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. එම වියපත් මාතාව බේරා ගැනීමට යාමේ දී ඇති වූ පිළිස්සුම් තුවාල නිසා හා දුමාරය ආඝ්‍රාණය වීම නිසා පෙනහලු ආසාදනයකට ලක්වීම නිසා දැඩි ලෙස රෝගාතුර වූ නිමල් බණ්ඩාර මහතාට කොරියාවේ බෝගන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 6ක පමණ කාලයක් ද සාමාන්‍ය වාට්ටුවක දින 23ක පමණ කාලයක්ද ප්‍රතිකාර ලබා ගැනීමට සිදු විය. 

අන් ජීවිතයක් බේරා ගැනීම සඳහා තම ජීවිතය පරදුවට තැබූ නිමල් බණ්ඩාර මහතාට ජනාධිපති සම්මානයක් ද පිරිනැමිණි. කොරියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති වර්ණවත් උත්සවයක දී කොරියානු පුරවැසිභාවය නිමල් බණ්ඩාර මහතාට පිරිනැමෙන්නේ ඔහු පෑ වීරත්වය උත්කර්ෂයට නංවනු පිණිසයි.

මෙම මොහොත ශ්‍රී ලංකිකයකු වීම කොතරම් අසිරිමත් භාග්‍යයක් දැයි සෑම ශ්‍රී ලංකිකයකුගේම හදවතට දැනිය යුතුය. තම උපන් බිමට සේවය කිරීම යනු සැබැවින්ම ඒ බිමට ගෞරවය, කීර්තිය, අභිමානය රැගෙන ඒමය. සැබෑ ලංකා පුත්‍රයකු විය හැක්කේ එමගිනි.

විශේෂයෙන්ම සියල්ලටම ඉහළින් අන් සියල්ලෙහිම අවසන් ඉලක්කය වන තම ජීවිතය අන් අයකු වෙනුවෙන් පූජා කිරීමට ඉදිරිපත් වීම ඒ මනසෙහි ගැඹුර විදාහා පාන්නකි. විශේෂයෙන්ම එය රැකියාවකට ගිය රටක පුරවැසියකු වෙනුවෙන් සිදු කිරීම යනු ශ්‍රී ලාංකේය අභිමානයේ අසිරිමත් බව ප්‍රදර්ශනය කිරීමකි. 

අවධාරණය කළ යුතු කාරණාවක් ද තිබේ. රැකියාවට හෝ වෙනයම් කාරණාවලට විදේශගතවන ඇතැම් ශ්‍රී ලංකිකයන්ට අදාළ පුවත් සිත් පාරවන්නකි. ඇතැම් විට වාර්තා වන්නේ හොරකම් කළ ශ්‍රී ලාංකිකයන් ගැනය. විවිධ වංචා දූෂණ මෙන්ම ස්ත්‍රී දූෂණ ළමා අපචාරවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ පුවත්ය. අැතැම් විට ශ්‍රී ලාංකික නාමයට නින්දා සහගත කැළල් එකතු කරන ගැටුම්ය. කසයෙන් තලා පිටමන් කළ යුතු තරමේ අවර ගණයේ ක්‍රියාවල නියැලෙන ශ්‍රී ලංකිකයෝය.

හසලක මිනිපේ නිමල් බණ්ඩාර මහතාගේ වීර ක්‍රියාව වෙසෙසින් කැපී පෙනෙන්නේ එහෙයිනි. ඒ වීර ක්‍රියාව හේතුවෙන් කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් නිමල් බණ්ඩාර මහතා හඳුන්වනු ලබන්නේ ‘‘මිනිපේ සිංහයා’’ යනුවෙන් බව අප ප්‍රවත්තියෙහි සඳහන්ය. එය කොතරම් සාඩම්බර අත්දැකීමක්ද යන්න අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැත. 

දකුණු කොරියාවේ රැකියාවක නියුතු විදේශිකයකුට සුවිශේෂි හේතුවක් මත මෙසේ පුරවැසි භාවය පිරි නමනු ලබන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවද අප ප්‍රවත්තියෙහි සඳහන්ය. යම් විදේශිකයකු කොරියානු ජාතික කාන්තාවක හා විවාහ වීමෙන් පසුව විභාගයකට පෙනී සිට ඉන් සමත් වීමෙන්  පසුව පමණක් පුරවැසිභාවය ලබාගත හැකිය. එබඳු පරිසරයක පුරවැසිභාවය පිරිනැමුණු එකම විදේශිකයා තමන් පමණක් වන හෙයින් එය ශ්‍රී ලංකාවට අපමණ ගෞරවයක් බවත් කොරියාවේ සිට ලංකාදීපය අමතමින් නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ. 

මෙබඳු වීර ලාංකික දූ පුතුන්  වැඩි වැඩියෙන් අප රටට ඇවැසි වී තිබේ. කලක් අප ජාත්‍යන්තරයට ගියේ තරුණ කැරැලි නිසාය. යුද්ධය නිසාය, සුනාමිය නිසාය. දැන් අප රට ජාත්‍යන්තරයට යන්නේ දේශපාලන කැලැඹිලි නිසාය. මේ රටට යහපත් නැත. නිමල් බණ්ඩාර ඒ අඳුරු වලාවට පෑයු ඉරක් බවට පත් වන්නේ එහෙයිනි. මේ වීර පුත්‍රයාට මුළු මහත් ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුය.

 



අදහස් (3)

රටට කීර්තියක් ගෙනා කොරියාවේ ශ්‍රී ලාංකිකයා

Prof. Dr. Edward Perera Germany Wednesday, 19 December 2018 11:35 AM

අප ශ්‍රී ලාංකික වීම නිසා මෙසේ කියනවා නොවේ. අන් ජාතීන් සමග සසඳන විට හෙළ ජාන වලද සුවිශේෂ තත්වයක් තිබෙන බව ලක් ඉතිහාසයේ ප්‍රාග් එතිහාසික මෙන්ම අදටත් ජාත්‍යන්තරයේ හපන් කම් දක්වන ශුරයන් සිටි බව හා සිටින බව සත්‍යයක්. සමාජානුයෝගී ක්‍රියාවලියක් වසර දහස් ගණනක් තිස්සේ භාවිතයේ යෙදුන විට එය ජාන වලට එක්වී මතු පරම්පරාවට උරුම කෙරෙනවා. මේ නිසා අප සමාජයක් හැටියට අපට උරුමයෙන් ලැබුණ ජාන විකෘති වීමට ඉඩ නොතබා තව තවත් ධනාත්මකව වැඩි දියුණු කර ගැනීම අප ජාතියක් වශයෙන් උත්සුක විය යුතුයි. මේ කතාවේ සඳහන් "මිනිපේ සිංහයාද" එවන් නොකැළැල් ජාන පරම්පරාවකින් එන ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකු බවට සැකයක් නැත.

:       267       283

KumarWednesday, 19 December 2018 05:02 PM

ජාතිය ගැන හොඳ පවසන මහාචාර්යතුමා පිටරටක සිටින්නේ ලංකාව හොඳ මදි නිසාද? මම ජීවත්වෙන ඇමෙරිකාවෙත් ඔබතුමා වැනි අය සිටිනවා. ඒ අයත් ලංකාව ගැන හොඳ කියකියා ඇමරිකාවේ ඉන්නවා. මම මේ රටට පැමිණියේ සංක්‍රමිකයෙක් වශයෙන් බව කියන්න ඕනේ...

:       189       166

amila Thursday, 20 December 2018 05:21 AM

50, 50, ගේමක්, අපිත් ඒ ළඟ ඉන්නේ අපි දන්නවා.

:       277       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site