IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


රජගෙදර ආදර කතාව

     11_PAGE_03_RASA

පැරණි  ඕලන්ද සිතියම් වල මේ භූමිය මුඩු බිමක් ව සටහන් වූ අතර 1785 දී  ඕලන්ද ඉංජිනේරු බළකායේ කපිතාන් ජොහැන්ඩර් විසින් පිළියෙල කරන ලද සිතියමක ගොඩනැගිල්ලක් සහිතව සටහන් කර තිබේ.


ගාලූ මුවදොර හරහා  ජනාධිපති මාවත ඔස්සේ රාජ මන්දිරය වෙත දිවයන මතකයන් සියල්ල දරාගෙන අහස උසට නැගි ගොඩනැගිල්ලද අදටත් නිසොල්මනේ බලා සිටියි.


අගමැතිගේ නිල නිවෙස වන අරලියගහ මන්දිරය ජනාධිපතිතුමාගේ නිල නිවෙස බවට පත් වන්නේ එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම මන්දිරයේ පදිංචියට පැමිණීමත් සමගය.

4
ආණ්ඩුකාරවරුන්, අග‍්‍රආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරුන් ස්වකීය වාස භවනක් කර ගත්තා වුද රාජ්‍ය පාලනය සඳහා ඔවුනට විවේක බුද්ධියත්, ආරක්ෂාවත් සැලසුවා වූද මෙම මහේශාක්‍ය මන්දිරයට ශතවර්ෂ දෙකකට ආසන්න ඉතිහාසයක් ද ඇත.


මේ ඒ ඉපැරණි ඉතිහාසය සොයා ගිය ගමනකි.
එකල ඉංග‍්‍රීසි පාලකයින්ට එංගලන්ත රජයෙන් පාලනමය කටයුතු සඳහා කිසිදු මුදලක් නොලැබුණි. සොයාගත යුතු වූයේ යටත්විජිතයෙන්මය.
එසේ සිටියදී 1797 දී ලංකාවේ මුහුදු බඩ පළාත් අල්ලාගැනීමෙන් පසු මෙහි ප‍්‍රථම ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයා වූ සර් ෆෙඞ්රික් නෝර්ත් මෙම මුදල් හිඟය නිසාම හැකි පමණින් රජයේ මුදල් අරපිරිමැස්මෙන් වියදම් කරන ලෙස සියලූම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.


ඉංග‍්‍රීසීන් හා ලන්දේසීන් සතු වූ මනහර ගොඩනැගිලි කිහිපයක් කොළඹ නගරයේ තිබුණද රජයේ පැවැති මුදල් හිඟය නිසා තම තනතුරට සරිලන අන්දමට නිල නිවෙසක් මිලට ගැනීමට ආණ්ඩුකාරවරයාට හැකියාවක් නොවීය. මේ නිසා සිංහල දිසාවක සතුවූ රජයට පවරාගත් සාන්ත බස්තියමේ තිබු තරමක් කුඩා නිවෙසක් ෆෙඞ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයාගේ රාජ මන්දිරය විය.


මෙසේ කල්ගත වෙත්ම අනුන් සතු නිවෙසක් කෙරෙහි අධික තණ්හාවෙන් එම මන්දිරය දෙස ආණ්ඩුකාරවරයා තම බැල්ම හෙළා සිටියේය. මේ ඉඩම් පැටලැවිල්ල දිගින් දිගටම උත්සන්න විය. මේ අවධියේදී 1798 බි‍්‍රතාන්‍ය යටත් විජිත ඉන්දියාවේ මදුරාසි ප‍්‍රාන්තයේ සිවිල් සේවයේ නියුතුව සිටි ජොර්ජ් මෙල්විල් ලෙස්ලි ඉහළ පදවියකට තනතුර උසස් කරමින් ලංකාවට සේවය සඳහා පැමිණියේය. මොහු බි‍්‍රතාන්‍ය රජ පෙළපතට කිට්ටු ලේ නෑකම් තිබු අයෙකි. මොහු ලංකාවේ සේවයට ආ පළමු වසරේදීම එකල විසූ ප‍්‍රබල ප‍්‍රභූවරයෙකුගේ නිවෙසක සැඳෑ සාදයකට ඇරයුම් ලැබෙන්නේ තම ජීවිතයේ මනරම් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමටය. ඒ මෙල්විල්ගේ පේ‍්‍රම වෘතාන්තයේ මුණ ගැස්මය. මේ සැඳෑ සාදයේදී නොසිතූ මොහොතක එක්තරා රූමත් ලලනාවක් මෙල්විල්ගේ නෙත් වශීකරවූවාය. ඇය ලැකොමිනා නම් රූමත් තරුණියයි. ඇගේ ආදර වදන් හමුවේ පේ‍්‍රමය කෙමෙන් කෙමෙන් මල්ඵල ගැන්වුණේ කාටත් හොර රහසේය. නමුත් මේ රහස සඟවා සිටීමට තරම් මෙල්විල්ටත් ලැකොමිනාටත් නොහැකි විය. මේ පේ‍්‍රම වෘතාන්තයේ ගැටුම ඇතිවන්නේ මෙතැන් පටන්ය.

2


ලන්දේසීන්ගෙන් රට උදුරාගත් ඉංග‍්‍රීසීන් සමග ඔවුන් ප‍්‍රබල හතුරන් බවට පත්වූහ. මෙම හතුරුකමත් සමග මෙල්විල් එංගලන්ත රජ පවුලේ පුරුකක් වීම නිසාත් ලැකොමිනා ලන්දේසි ජාතික වීම නිසාත් නිරන්තරයෙන් මේ දෙපලගේ පේ‍්‍රමයට නැගුණු බාහිර බාධාවන් අනන්තය අප‍්‍රමාණය.


එනමුත් කොතරම් බාධක පැමිණියත් ආශ්වාදජනක බන්ධනයක් ලෙස මේ ආදරය බැඳුණි. මේ පේ‍්‍රම වෘතාන්තයේ මතකයන් අවදිවන විට අතීතයේ රෝමියෝ - ජුලියට් තම පවුල් දෙක අතර පැවැති විරසකය ආදරයට බාධාවක් කර නෙගෙන ඔවුහු පේ‍්‍රමයේ නාමයෙන් මරණින් ජීවිත පුජා කළෝය. එවැනි ඉතිහාසයකට පත්වු ආදර කථාවක් ලෙස මෙල්විගේ ආදරයද ඉතිහාසයට එක් නොවු එහෙත් එයට සුදුසු අපුරු වෘතාන්තයකි.

5
මේ සියලූ බාධාවන් හමුවේ තම උසස් තනතුරුද උසස් අභිමානවත් වංශාධිපති බි‍්‍රතාන්‍ය ජන්මයද අමතක කරමින් නෝර්ත් ආණ්ඩුකාරවරයා ඇතුළු ඉහළ පෙළේ සෙසු නිලධාරීන්ගේ ආසිරි පැතුම් මැද්දේ එම වර්ෂයේ නොවැම්බර් 27 වැනිදා ඇය සමග අතිනත ගන්නේ ලෝකයක් දිනු තවත් එක් රෝමියෝ කෙනෙකු ලෙසය.


ලැකොමිනා ලංකාවේ  ඕලන්ද ආණ්ඩුකාරධුරය දැරූ වොන් ඩි ග‍්‍රාප්ගේ එකම දියණිය වීමද විශේෂත්වයක් විය.
එසේම ඇය ලංකාවේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරවරයාව සිටි කි‍්‍රස්ටින් වොන් එන්ජල්බෙක්ගේ ලේලිය වූවාය. එදා මුළු කොළඹටම මේ මංගල්‍යය සුවිශේෂී විවාහ මංගල්‍යයක් විය. වසය අවුරුදු 15 දී භාර්යාවක් ලෙස ජීවිතය ඇරඹි ඇය අවුරුදු 16 දී උතුම් මව්පදවියද ලැබීමට වාසනාවන්ත වූවාය.


හුදෙක්ම ෆෙඞ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා මේ විවාහයට ඊර්ෂ්‍යා බැල්මකින් කටයුතු කළේය. මන්ද විවාහයෙන් පසු කොළඹ නගරයේ තිබෙන විශාලම ගෘහය මෙල්විල් හා ලැකෝමිනා නව තරුණ යුවළට දෑවැද්ද වශයෙන් ලැබෙන නිසාවෙනි. සියලූ සැප පහසුකම් සපිරි ‘‘රජගෙදර’’ තිබියදිත් මෙම සරණ මංගල්‍යය පැවැත්වූයේ කොල්ලූපිටියේ ‘‘කි‍්‍රස්ටියස්’’ නම් ලැකෝමිනාගේ මාමාගේ නිවසේය. බිරිඳ මිය යාමෙන් තනිව හුදෙකලා වූ කි‍්‍රස්ටින්ගේ දැඩි කැමැත්ත මත මෙම විවාහ මංගල්‍යය ඔහුගේ මන්දිරයේ පැවැත්වූයේ යැයි අපට සිතිය හැක.


ඊළඟ වර්ෂයේදී එනම් 1799 දී අසන්නට ලැබුණේ සිහිනෙකින්වත් නොසිතු අසුබ ආරංචියකි. ඒ මෙල්විල් ලන්දේසි තරුණියක් විවාහ කර ගැනීමෙන් බි‍්‍රතාන්‍ය රාජ්‍යයට පක්ෂපාති අයකු නොවන බව ඒත්තු ගැන්වීමට නෝර්ත් සහ සෙසු පිරිස් හැකි සෑම අවස්ථාවකදීම මෙල්විල්ට විරුද්ධව එංගලන්තයට කේලම් කියමින් ඔහුව එම තනතුරෙන් පහ කරන ලෙසට ඉල්ලා සිටියහ.


එහෙත් එවකට එංගලන්ත රැුජින කියා සිටියේ ජෝර්ජ් ඉතා කාර්යක්ෂම උගත්, රජ පෙළපතකින් පැවත එන නිසා ඔහුගෙන් යම් සුළු වරදක් වූවේනම් එය අමතක කරන ලෙසයි.


නමුත් පහව නොගිය යටිසිතේ ඊර්ෂ්‍යාවත් සමග නෝර්ත් සහ සෙසු නිලධාරිහු පිරිස කළ හදිසි මුදල් පරීක්ෂණයකදී ලෙස්ලිගේ අතින් සිදු වූ සුළු වරදකින් ඔහු භාරයේ තිබූ රජයේ මුදල් රික්ස් ඩොලර් 100,000ක අඩුවක් අනාවරණය විමෙන් පසු ඔහු තම ධුරයෙන් ඉවත් කොට සුළු තනතුරකට පත්කර ඇත. මෙම හදිසි මුදල් වංචාව  නෝර්ත් විසින් යෙදවූ සේවකයන්ගේ වුවමනාවෙන්ම මෙල්විල් අමාරුවේ දැමීමට කළ වංචාවක් බව මෙල්විල් මිය යනතුරුම දැන සිටියේ නැත.

3


මෙල්විල් තමන් අතින් සිදු වූ වරද පිළිබඳ සිත් තැවුලෙන් කාලය ගත කරන අතරතුර පෙඞ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා සමග ලිපි කිහිපයක් හුවමාරු විය. නෝර්ත්ගේ සිත තුළ තිබූ කුමන්ත‍්‍රණය සාර්ථක කර ගැනීමට මේ ලියුම් හුවමාරුව උපකාරයක් විය.


‘‘දැන් ඉතින් තියෙන්නේ අඩුවුණ මුදල් පියවන්න මාමාගෙන් ලැබුණු ඉඩම රජයට විකුණන එක තමයි. මම එංගලන්තෙට ලියන්නම් මෙල්විල් ඔබ අතින්  එහාමෙහා වුණ රික්ස් ඩොලර් 100000 වැනි සුළු මුදල වෙනුවට ඒ වගේ හය ගුණයක් වටින මන්දරයක් රජයට රික්ස් ඩොලර් 35000ට තක්සේරු කර රජයට පවරා දෙනවා කියලා. මම ඔබ ගැන හිතලයි එවැනි තීරණයක් ගන්නේ. ෂ. ්ප ඩැරහ ිදරරහ නැත්නම් මට සිද්ධවෙනව ඔබට විරුද්ධව එංගලන්තයට දන්වන්න.’’


නෝර්ත් අගක් මුලක් නොදත් මෙල්විල්ව මුලා කළේ ඒ ආකාරයටය.
නොර්ත්ගේ තුරුම්පුවෙන් මන්දිරය 1804 ජනවාරි 14 දින රජයට පවරාදීමේ ඔප්පුව අත්සන් තැබූ අතර එම මන්දිරය ‘‘කිංග්ස් හවුස්’’ වී ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවෙස බවට පත්විය. නොසිතූ අයුරින් පෙර අකුසල කර්මයක් හිසේ කඩා වැටුණු මෙල්විල් සියලූ දේ අතහැර තම බිරිඳ සහ එකම දියණිය ද කැටුව නැවත එංගලන්තයට පා තැබුවේය. එරටට ගොස් 1812 හදිසියේම මෙල්විල් තම ජීවිතයෙන් සමුගත්තා යැයිද ඉතිහාසයේ සඳහන් වේ.

1


මේ පේ‍්‍රමය එදා කාලයේ වැලි තලාවට යටවී නොගියානම් රෝමියෝ - ජුලියට් යුවළ සහජාන්-මුම්ටාස් යුවල මෙන් සදාදරණීය මතකයක් පේ‍්‍රම ඉතිහාසයට එක්වන්නට ඉඩ තිබුණි. ඒ පේ‍්‍රමයේ මතකයන් සමග රජ ගෙදර ප‍්‍රථම මංගල සීනුව නාද වූයේ 1919 සීතල මාසයේ නත්තල් අසිරිය සමගිනි. මෙම විවාහ මංගල්‍යයේ මනමාලයා වූයේ ශ්‍රීමත් විලියම් මැනිං ආණ්ඩුකාරවරයාය. ලංකාවේ විවාහපත්වූ එකම ආණ්ඩුකාරවරයා වෙමින් රජගෙදර ඉතිහාසයට එක්විය.
රජගෙදර සිදු වූ පළමු අවමංගල්‍යය හැටියට සැලකෙන්නේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර්ජෝන් ඇන්ඩ‍්‍රසන් ගේ අභාවයයි.


ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයින්ගේ පාලන සමය නිමා කරමින් රජ ගෙදර පදිංචියට ගිය ප‍්‍රථම සිංහල අග‍්‍ර ආණ්ඩුකාරවරයා වශයෙන් ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාද පළමු සිංහල බෞද්ධ අග‍්‍ර ආණ්ඩුකාරවරයා හැටියට ශ්‍රීමත් විලියම් ගොපල්ලව මහතාද ඉතිහාසයට එක් වෙමින් ක්වින් හවුස් රජ ගෙදර පදිංචි විය. විධායක ජනාධිපතිධුරය ස්ථාපිත වීමත් සමගම ජනාධිපති මන්දිරය යනුවෙන් ව්‍යවහාරයට පත්වූ අතර ශ්‍රීමත් විලියම් ගොපල්ලව මහතාගේ බෞද්ධ ලක්ෂණ ආධිපත්‍යයෙන් ආණ්ඩුකාර උතුමන් යන යෙදුම වෙනුවට ‘‘ලකිසුරු’’ යන නම භාවිත විය.


1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප‍්‍රථම විධායක ජනාධිපති ධුරයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතා මෙහි පදිංචියට පැමිණි අතර ඉන්පසු ආර්. පේ‍්‍රමදාස සහ ඞී.බී විජේතුංග යන ජනාධිපතිවරුන්ගේ ද නිල මන්දිරය බවට රජ ගෙදර පත්විය.


රජ ගෙදර සිට නිල දැරූ සියලූම ආණ්ඩුකාරවරු, අග‍්‍ර ආණ්ඩුකාරවරු ජනාධිපතිවරු මෙම නිවසට බොහෝ සෙයින් ඇලූම් කළහ. එකල කොළඹ නගරයේ පිහිටි විශාලම ගෘහයද මෙම මන්දිරය විය.


මෙල්වින්ගේ ආදර කථාවත් සමග වැළලී ගිය ඒ අපූරු රජ ගෙදර අදටත් නාමිකව ජනාධිපති නිල නිවෙස ලෙස හඳුන්වනු ලබයි.
එදා මෝගල් පරපුරේ සාජහාන් අධිරාජ්‍යයා ස්වකීය ප‍්‍රියාදරිය වූ මුම්ටාස් මහල් දේවිය සිහිපත් වීමට අග‍්‍රාහි යමුනා ගංතෙර ටජ්මහල් සදාකාලික ආදර සිහිවටනයක් ලෙස නිර්මාණය කළේ තම උත්තුංග පේ‍්‍රමයේ නාමයෙන් බව අපි දනිමු. එනමුත් එවැනි ආයාසයක් මේ මන්දිරය තුළ නොවුණත් ඊට එක්විය යුතු තරමේ තවත් එක් පේ‍්‍රම වෘතාන්තයක් මෙල්විල්ගේ පේ‍්‍රමය මගින් මේ මන්දිරය තුළ සාක්ෂි දරනු ඇත.


යුගයක සතුට, දුක, බාධක අතර දිව ගිය හුදෙක් ජීවිත වලට සෙවණ දුන් රජ ගෙදර මතකයන් හිස දරාගෙන ගාලූමෝදර වෙරළ ඔබ්බෙන් ස්වභාවික ආදර සිහිවටනය ලෙස අදටත් ප්‍රෞඪ ඉතිහාසයක් සහිතව ආඩම්බරයකින් බලා සිටිනු ඇත. මේ ඒ ආදර ඉතිහාසයයි.


m



අදහස් (0)

රජගෙදර ආදර කතාව

ගාමිණී සිරිවර්දන Tuesday, 14 October 2014 05:00 PM

ලන්දේසීන් විසින් ගෘහ නිර්මාණය සඳහා මෙම භුමිය තෝරාගැනීමට හේතුව නම් මුළු කොටුවම පෙනෙන උසම ස්ථානය මෙයවීමයි.ගොඩනැගිලි ඉදිනොවූ බැවින් ශ්‍රීපාද ස්ථානය , ඉරසේවය හා මහා සයුර පෙනෙන දර්ශනීය ස්ථානයක්. ගෙවත්ත උද්‍යානයක් ලෙස විවේකී සුවයෙන් නැරඹීමට මහජනයාට 70 දශකය දක්වා පමණ ඉඩහැර තිබුනා.මෙහි ඇති උස ගලක සිහිවටන ලෙස පෘතුගීසි හෝ ලන්දේසී ලාංඡන කොටා ඇත.සොර සතුරු ආක්‍රමණයකදී හදිසියේ නැවකට ගොඩවීමට හැකිවන පරිදි සාදා ඇති උමගේ පිටවීමේ දොරටුව වරායේ අදටද දක්නට ඇති අතර එය තාවකාලිකව වසා ඇත. (නි)

:       0       0

අනුර Tuesday, 14 October 2014 09:49 AM

ලස්සන කතාව ..... අපි නොදන්නා දෙයක් ලිව්වාට ස්තූතියි.(හේ)

:       0       0

ශාන්ත කුමාර Thursday, 16 October 2014 06:54 AM

මේ වගේ රසවත් ලිපි පල කරලා අපි නොදන්නා කරුණු කියාදෙන ලංකාදීපයට මගේ ගෞරව ප්‍රණාමය. තව තවත් මෙවැනි ලිපි මගින් අතීතයේ සිදුවුන දේ ගැන අපිව දැනුවත් කරන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 56 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 108 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 110 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 744 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 232 2

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1116 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1284 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 330 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1347 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site